Repatriation Process “People Centric and Transparent” - Foreign Ministry sets the record straight

Repatriation Process “People Centric and Transparent” – Foreign Ministry sets the record straight

The Foreign Ministry will continue facilitating repatriations without any financial burden on Sri Lankans, the Foreign Secretary asserted responding to misinformation in the public domain. Secretary Jayanath Colombage made it clear that the role of the Missions is strictly confined to organizing repatriation flights for returnees who are tested on arrival, offered all logistical support and are quarantined at Government facilities free of charge.

The returnees are drawn from the list of overseas Sri Lankans registered in the Missions and Posts and repatriated depending on their vulnerability levels and on a  “first come first serve basis“. Foreign Employment Bureau and their representatives are working with our missions on the safe return of the expatriate working community on the same basis in relation to availability of flights and clearance by Airport Authorities in the relevant countries. The number of passengers who are permitted to travel per day, however, is determined by the Task Force chiefly based on a periodical appraisal and inputs provided by the Army in charge of quarantine centres and the Ministry of Health which is entrusted with the task of implementing health guidelines.

In circumstances where the local quarantine and medical care facilities are fully stretched, repatriation on payment basis becomes an option for those returnees who could afford such facilities.

Charter flights for overseas Sri Lankans are approved and organized through Sri Lanka Missions on the request of Sri Lankan community groups who prefer paid quarantine, testing and other logistical arrangements involved in the repatriation process.

Cargo flights and a few selected commercial flights are also approved by the Ministry for repatriation, a third type of facilitation offered to relatively small groups of passengers who could afford to pay for quarantine and other requirements involved and a maximum of 75 passengers per flight are permitted as per the latest directive of the Covid Task force.

The General Sales Agents (GSA) of respective Air Lines have been authorized to  deal with the passengers on charges of Air tickets, PCR tests and quarantining and the Diplomatic Missions have not been mandated to handle payments whatsoever concerning the travel requirements except for extremely special cases of requests for such facilitation.

As the pandemic situation remains fluid and unpredictable a regular re-appraisal is undertaken, based on which the process of repatriation is periodically reviewed.

Foreign Ministry

Colombo

08 January 2021

.......................................

මාධ්‍ය නිවේදනය

නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ජනතා කේන්ද්‍රීය හා විනිවිද පෙනෙන කටයුත්තකි - විදේශ අමාත්‍යාංශය යලි අවධාරණය කරයි

කිසිදු මූල්‍යමය බරක් නොමැතිව නැවත ශ්‍රී ලාංකිකයන්  මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කරයි. සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටී. විදේශයන් හි පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති අතර, ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ලේකම් ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

දූත මණ්ඩල හා දූත කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ආපසු ගෙන්වා ගනු ලැබේ.  විදේශගත ශ්‍රමික ප්‍රජාව ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද අපගේ දූත මණ්ඩල සමඟ එක්ව කටයුතු කරයි. කෙසේ වෙතත්, නිරෝධායන මධ්‍යස්ථාන භාරව සිටින යුද හමුදාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යය භාරව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වරින් වර සිදුකෙරෙන තක්සේරු කිරීම් සහ තොරතුරු මත, කාර්යය සාධක බලකාය විසින් දිනකට ගමන් කිරීමට අවසර ලබා දෙනු ලබන මගීන් සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

 දේශීය නිරෝධායන හා වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන්ම භාවිත වී ඇති අවස්ථාවල දී, එවැනි පහසුකම් මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් ඇති අය සඳහා, ගෙවීමේ පදනමක් මත නැවත මෙරටට ගෙන්වා ගැනීම විකල්පයක් බවට පත්වේ.

 නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියේදී මුදල් ගෙවා නිරෝධායන, පරීක්ෂණ සහ වෙනත් සැපයුම් සේවා සඳහා වැඩි කැමැත්තක් දක්වන විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජා කණ්ඩායම්වලට ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා කුලී ගුවන් ගමන් අනුමත කර සංවිධානය කරනු ලැබේ.

නිරෝධායනය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා මුදල් ගෙවිය හැකි, සාපේක්ෂව කුඩා මගීන් පිරිසක් සඳහා ලබා දෙන තුන්වැනි ආකාරයේ පහසුකමක් ලෙස, භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සහ තෝරාගත් වාණිජ ගුවන් ගමන් කිහිපයක් ද නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් අනුමත කරනු ලබන අතර, කොවිඩ් කාර්යය සාධක බලකායේ නවතම නියෝගයට අනුව එක් ගුවන් ගමනකට උපරිම මගීන් 75 ක සංඛ්‍යාවක් සඳහා අවසර දෙනු ලැබේ.

ගුවන් ටිකට්පත්, පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන ගාස්තු පිළිබඳව මගීන් සමඟ ගනුදෙනු කිරීම සඳහා අදාළ ගුවන් සමාගම්වල සාමාන්‍ය විකුණුම් නියෝජිතයින්ට (GSA) බලය පවරා ඇති අතර, අතිශය විශේෂිත අවස්ථාවල දී එවැනි පහසුකම් සඳහා කෙරෙන ඉල්ලීම් සඳහා හැර, සංචාරක අවශ්‍යතා සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ගෙවීම් හැසිරවීම සඳහා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට බලය පවරා නොමැත.

මෙම වසංගත තත්ත්වය අස්ථිර හා අනපේක්ෂිත ලෙස පවතින බැවින්, නිතිපතා නැවත ඇගයීමක් සිදු කරනු ලබන අතර, ඒ අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වරින් වර සමාලෝචනය කරනු ලැබේ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජනවාරි 08 වැනි දින

.......................................

ஊடக வெளியீடு

மக்களை மையமாகக் கொண்ட மற்றும் வெளிப்படையான’ நாட்டிற்கு திருப்பி அனுப்பும் செயன்முறையில் வெளிநாட்டு அமைச்சு சாதனையை நிலைநாட்டியுள்ளது

பொதுக் களத்தில் வெளியிடப்பட்ட தவறான தகவல்களுக்கு பதிலளிக்கும் முகமாக, இலங்கையர்களுக்கு எந்தவிதமான நிதிச்சுமையும் இன்றி நாட்டிற்கு திருப்பி அனுப்பப்படுவதற்கு வெளிநாட்டு அமைச்சு தொடர்ந்தும் வசதிகளை வழங்கும் என வெளியுறவுச் செயலாளர் தெரிவித்தார். நாட்டிற்கு மீளத் திரும்பி வருபவர்களை நாட்டை வந்தடைந்தவுடன் பரிசோதனைகளுக்கு உட்படுத்தும் அனைத்து ஏற்பாட்டியல் ஆதரவுகளையும் வழங்கி, அரசாங்க வசதிகளில் கட்டணமின்றி தனிமைப்படுத்தப்படுபவர்களுக்கு நாட்டிற்கு மீளத் திருப்பி அனுப்பும் விமானங்களை ஏற்பாடு செய்யும் வகையில் தூதரகங்களின் வகிபாகம் கட்டாயமாக வரையறுக்கப்பட்டுள்ளதாக செயலாளர் ஜயநாத் கொலம்பகே தெளிவுபடுத்தினார்.

தூதரகங்கள் மற்றும் பணிமனைகளில் பதிவுசெய்யப்பட்ட வெளிநாட்டிலுள்ள இலங்கையர்களின் பட்டியலிலிருந்து நாட்டிற்கு மீளத் திரும்பி வருபவர்கள் தெரிவு செய்யப்படுவதுடன், அவர்களின் பாதிப்பு நிலைகளைப் பொறுத்து 'முதலில் வருபவர்களுக்கு முதல் சேவை என்ற அடிப்படையில்' திருப்பி அனுப்பப்படுகின்றார்கள். வெளிநாடுகளில் பணிபுரியும் சமூகத்தைப் பாதுகாப்பாக திரும்பப் பெற்றுக்கொள்வது தொடர்பான விமானங்கள் கிடைத்தல் மற்றும் சம்பந்தப்பட்ட நாடுகளில் உள்ள விமான நிலைய அதிகாரிகளின் அனுமதி தொடர்பாக வெளிநாட்டு வேலைவாய்ப்புப் பணியகமும் அவற்றின் பிரதிநிதிகளும் எமது தூதரகங்களுடன் இணைந்து பணியாற்றி வருகின்றனர். முக்கியமாக தனிமைப்படுத்தல் மையங்களுக்குப் பொறுப்பான இராணுவத் தளபதிகளால் வழங்கப்படும் குறிப்பிட்ட காலாந்தர மதிப்பீடு மற்றும் உள்ளீடுகளின் அடிப்படையில் இராணுவ செயலணியினாலும், சுகாதார வழிகாட்டுதல்களை செயற்படுத்தும் பணி ஒப்படைக்கப்பட்டுள்ள சுகாதார அமைச்சினாலும் ஒரு நாளைக்கு பயணிக்க அனுமதிக்கப்பட்ட பயணிகளின் எண்ணிக்கை தீர்மானிக்கப்படுகின்றது.

உள்நாட்டு தனிமைப்படுத்தல் மற்றும் மருத்துவ வசதிகள் முழுமையாக வழங்கப்பட்டுள்ள சூழ்நிலைகளில், கட்டண அடிப்படையில் நாட்டிற்கு மீளத் திருப்பி அனுப்புவதானது, அத்தகைய வசதிகளை கொள்வனவு செய்யக்கூடியதொரு விருப்பத் தெரிவாக திரும்பி வருபவர்களுக்கு அமையும்.

கட்டண அடிப்படையிலான தனிமைப்படுத்தல், பரிசோதனை மற்றும் ஏனைய ஏற்பாட்டியல் வசதிகளை விரும்பும் இலங்கைச் சமூகக் குழுக்களின் வேண்டுகோளின் பேரில் வெளிநாட்டிலுள்ள இலங்கையர்களுக்கான பட்டய விமானங்கள் இலங்கைத் தூதரகங்களினுடாக அங்கீகரிக்கப்பட்டு ஏற்பாடு செய்யப்பட்டுள்ளன.

சரக்கு விமானங்கள் மற்றும் தேர்ந்தெடுக்கப்பட்ட சில வணிக விமானங்களும் திருப்பி அனுப்பும் செயற்பாட்டிற்காக அமைச்சினால் அங்கீகரிக்கப்பட்டுள்ளதுடன், இது தனிமைப்படுத்தல் மற்றும் ஏனைய தேவைகளுக்கு கட்டணம் செலுத்தக்கூடிய, கோவிட் செயலணியின் அண்மைய உத்தரவுக்கு அமைய ஒரு விமானத்திற்கு அதிகபட்சம் 75 பயணிகள் மட்டுமே அனுமதிக்கப்படும் சிறிய விமானப் பயணிகளுக்கு வழங்கப்படும் மூன்றாவது வகை வசதியாக அமைகின்றது.

விமான டிக்கெட்டுகள், பி.சி.ஆர். பரிசோதனைகள் மற்றும் தனிமைப்படுத்தல் வசதிகள் ஆகியவற்றின் அடிப்படையில் பயணிகளை கையாளுவதற்கு அந்தந்த விமான நிலையங்களின் பொது விற்பனை முகவர்களுக்கு அதிகாரம் வழங்கப்பட்டுள்ளதுடன், குறித்த வசதிகளுக்கான விஷேடமான கோரிக்கைகள் மேற்கொள்ளப்படும் சந்தர்ப்பங்கள் தவிர, பயணத் தேவைகள் தொடர்பான எந்தவொரு கட்டணத்தையும் கையாளுவதற்கான அதிகாரம் இராஜதந்திரத் தூதரகங்களுக்கு வழங்கப்படவில்லை.

தொற்றுநோய் நிலைமையானது திரவ ரீதியானதாகவும், கணிக்க முடியாததாகவும் இருப்பதால், வழக்கமான மீள் மதிப்பீடு மேற்கொள்ளப்படுவதுடன், அதன் அடிப்படையில் திருப்பி அனுப்பும் செயன்முறை அவ்வப்போது மதிப்பாய்வு செய்யப்படுகின்றது.

வெளிநாட்டு அமைச்சு

கொழும்பு

 

2021 ஜனவரி 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close