Secretary of Foreign Affairs Aruni Wijewardane met her counterpart State Secretary Thomas Bagger of the Federal Foreign Office of Germany at the Federal Foreign Office in Berlin on 27 September 2023. Also present at the meeting were Ambassador of Sri Lanka to Germany Varuni Muthukumarana and senior officials of the Ministry of Foreign Affairs. The meeting took place during an important point in Sri Lanka-German bilateral relations where the two countries are celebrating 70 years of diplomatic ties.
At the outset, State Secretary Bagger welcomed the meeting with Foreign Secretary Wijewardane and stressed that this meeting would pave the way for new avenues for future cooperation.
Referring to the excellent relations that exist between Sri Lanka and Germany, Foreign Secretary Wijewardane appreciated the German assistance in enabling Sri Lankan businesses, particularly SMEs to gain better access to international markets. She stressed that Sri Lanka is looking for more prospects in the German market for healthcare workers and export of ICT services on a sustainable basis. The two sides also discussed furthering of vocational training education in Sri Lanka.
Foreign Secretary Wijewardane expressed appreciation for Germany’s longstanding development cooperation partnership with Sri Lanka, and requested continuation of direct development aid, taking note of the present economic situation in the country. She also appreciated the assistance extended to Sri Lanka in diverse fields by German Foundations, including Frederick Naumann Foundation.
Foreign Secretary Wijewardane apprised State Secretary Bagger of Sri Lanka’s recent progress in stabilizing the economy and reconciliation, and emphasized the ongoing efforts to achieve reconciliation through domestic mechanisms. She appreciated the significant role played by the Paris Club, including Germany, in Sri Lanka’s debt restructuring process.
The two sides also discussed the significance of the Indo-Pacific region, and future collaboration, specifically under the framework of the Indian Ocean Rim Association (IORA), which will be chaired by Sri Lanka for two years from October 2023.
Noting Germany’s increased pledges to international climate financing, Foreign Secretary Wijewardane encouraged German assistance for Sri Lanka’s initiatives on the Climate Prosperity Plan, International Climate Change University, and the strategy for green growth centered on renewable energy generation.
Both sides agreed on the importance of convening the bilateral political consultations at the Foreign Secretary level in a regular manner and to identify priority areas for future cooperation.
Foreign Secretary Wijewardane was a member of the official delegation accompanying President Ranil Wickremesinghe during his working visit to Germany from 27-30 September 2023. During his visit, President Wickremesinghe held discussions with Federal Chancellor Olaf Scholz and addressed the inaugural Berlin Global Dialogue.
Ministry of Foreign Affairs
Colombo
04 October 2023
.................................................
මාධ්‍ය නිවේදනය
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවෙයි
විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය 2023 සැප්තැම්බර් 27 වැනි දින, බර්ලිනයේ පිහිටි ෆෙඩරල් විදේශ කාර්යාලයේ දී, ජර්මනියේ ෆෙඩරල් විදේශ කාර්යාලයේ රාජ්‍ය ලේකම් තෝමස් බැගර් මහතා හමුවූවා ය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම හමුවට සහභාගී වූහ. ශ්‍රී ලංකා - ජර්මානු ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සංධිස්ථානයක් වන, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරෙන පසුබිමක් මධ්‍යයේ මෙම හමුව පැවැත්විණි.
හමුව ආරම්භයේ දී විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය පිළිගත් රාජ්‍ය ලේකම් බැගර් මහතා, මෙම හමුව අනාගත සහයෝගීතාවය සඳහා නවමු මංපෙත් විවර කරනු ඇතැයි අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින විශිෂ්ට සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළඳපොළ වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීම සඳහා ජර්මනිය ලබා දෙන සහයෝගය අගය කළා ය. සෞඛ්‍ය සේවකයින් සඳහා ජර්මානු වෙළඳපොළ තුළ පවතින ඉහළ අවස්ථා සහ තිරසාර පදනමක් මත මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ජර්මනිය තුළ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද එතුමිය අවධාරණය කළා ය. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය පුහුණු අධ්‍යාපනය තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.
ශ්‍රී ලංකාව සමඟ ජර්මනිය පවත්නා දිගුකාලීන සංවර්ධන සහයෝගීතා හවුල්කාරිත්වය අගය කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, මෙරට වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ජර්මනිය පිරිනමන සෘජු සංවර්ධන ආධාර අඛණ්ඩව ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ෆ්රෙඩ්රික් නවුමන් පදනම ඇතුළු ජර්මානු පදනම් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ද එතුමියගේ පැසසුමට ලක්විය.
ආර්ථිකය ස්ථාවර කිරීම සහ ප්රතිසන්ධානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑතකාලීනව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය ලේකම් බැගර් මහතා දැනුම්වත් කළ විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, දේශීය යාන්ත්‍රණ ඔස්සේ ප්රතිසන්ධානය සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන අඛණ්ඩ ප්රයත්න පිළිබඳව ද අවධාරණය කළා ය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ජර්මනිය ඇතුළු පැරිස් සමාජය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය ද එතුමිය මෙහිදී අගය කළා ය.
ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත්කම සහ විශේෂයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) රාමුව යටතේ පැවැත්විය හැකි අනාගත සහයෝගීතාව පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාව 2023 වසරේ ඔක්තෝබර් මස සිට වසර දෙකක් දක්වා මෙම සංගමයේ සභාපතිත්වය දැරීමට නියමිත ය.
ජාත්‍යන්තර දේශගුණික මූල්‍යකරණය සඳහා ජර්මනිය දක්වන ඉහළ කැපවීම සැලකිල්ලට ගත් විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, දේශගුණික සෞභාග්‍ය සැලැස්ම, ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කේන්ද්‍ර කරගත් හරිත වර්ධනය සඳහා වූ උපායමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්රාරම්භන සඳහා ජර්මානු සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය.
විදේශ ලේකම් මට්ටමෙන් ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන නිතිපතා පැවැත්වීමේ වැදගත්කම සහ අනාගත සහයෝගීතාවය සඳහා ඉවහල් වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර හඳුනාගැනීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී සිය අදහස් හුවමාරු කරගත් හ.
විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2023 සැප්තැම්බර් 27-30 දින දක්වා ජර්මනියේ නිරත වූ ක්‍රියාකාරී සංචාරය සඳහා සහභාගී වූ නිල දූත පිරිසේ සාමාජිකයෙකු වූවා ය. ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා සිය සංචාරය අතරතුර ෆෙඩරල් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය. තවද, එතුමා සමාරම්භක බර්ලින් ග්ලෝබල් ඩයලොග් සමුළුව ද ඇමතී ය.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2023 ඔක්තෝබර් 04 වැනි දින
...........................................
ஊடக வெளியீடு
வெளிவிவகார செயலாளர் அருணி விஜேவர்தன ஜேர்மன் கூட்டாட்சி வெளிவிவகார அலுவலகத்தின் இராஜாங்க செயலாளர் தோமஸ் பாக்கருடன் சந்திப்பு
வெளிவிவகார செயலாளர் அருணி விஜேவர்தன 2023 செப்டம்பர் 27ஆந் திகதி பேர்லினில் உள்ள ஜேர்மன் கூட்டாட்சி வெளிவிவகார அலுவலகத்தின் இராஜாங்க செயலாளர் தோமஸ் பாக்கரை சந்தித்தார். ஜேர்மனிக்கான இலங்கைத் தூதுவர் வருணி முத்துக்குமாரன மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் சிரேஷ்ட அதிகாரிகளும் இந்த சந்திப்பில் கலந்துகொண்டனர். இலங்கையும், ஜேர்மனியும் 70 வருட இராஜதந்திர உறவுகளைக் கொண்டாடும் இருதரப்பு உறவுகளின் முக்கியமான தருணத்தின் போது இந்த சந்திப்பு இடம்பெற்றுள்ளது.
ஆரம்பத்தில், வெளிவிவகார செயலாளர் விஜேவர்தனவுடனான சந்திப்பை இராஜாங்க செயலாளர் பாக்கர் வரவேற்றதுடன், எதிர்கால ஒத்துழைப்புக்கான புதிய வழிகளுக்கு இந்த சந்திப்பு வழி வகுக்கும் என வலியுறுத்தினார்.
இலங்கைக்கும் ஜேர்மனிக்கும் இடையில் நிலவும் சிறந்த உறவுகள் குறித்து குறிப்பிடுகையில், வெளிவிவகார செயலாளர் விஜேவர்தன, இலங்கை வர்த்தகங்கள், குறிப்பாக சிறிய மற்றும் நடுத்தர நிறுவனங்கள் சர்வதேச சந்தைகளை அணுகுவதற்கு ஜேர்மன் நல்கும் உதவியைப் பாராட்டினார். ஜேர்மன் சந்தையில் சுகாதாரப் பணியாளர்கள் மற்றும் தகவல் மற்றும் தொடர்பாடல் சேவைகளை நிலையான அடிப்படையில் ஏற்றுமதி செய்வதற்கு இலங்கை அதிக வாய்ப்புக்களை எதிர்பார்ப்பதாக அவர் வலியுறுத்தினார். இலங்கையில் தொழிற்பயிற்சி கல்வியை மேலும் மேம்படுத்துவது குறித்தும் இரு தரப்பினரும் கலந்துரையாடினர்.
வெளிவிவகார செயலாளர் விஜேவர்தன, இலங்கையுடனான ஜேர்மனியின் நீண்டகால அபிவிருத்தி ஒத்துழைப்பு பங்காளித்துவத்திற்கு பாராட்டுக்களைத் தெரிவித்ததுடன், நாட்டின் தற்போதைய பொருளாதார நிலைமையை கவனத்தில் கொண்டு நேரடி அபிவிருத்தி உதவிகளை தொடருமாறு கோரினார். ஃபிரடெரிக் நௌமன் பவுன்டேஷன் உட்பட ஜேர்மன் அறக்கட்டளைகள் இலங்கைக்கு பல்வேறு துறைகளில் வழங்கிய உதவிகளையும் அவர் பாராட்டினார்.
வெளிவிவகார செயலாளர் விஜேவர்தன, இலங்கையின் பொருளாதாரம் மற்றும் நல்லிணக்கத்தை ஸ்திரப்படுத்துவதில் அண்மைக்காலமாக இலங்கையின் முன்னேற்றம் குறித்து இராஜாங்க செயலாளர் பாக்கருக்கு எடுத்துரைத்தார். இலங்கையின் கடன் மறுசீரமைப்புச் செயன்முறையில் ஜேர்மனி உட்பட பரிஸ் கிளப் ஆற்றிய குறிப்பிடத்தக்க பங்கை அவர் பாராட்டினார்.
இந்தோ-பசிபிக் பிராந்தியத்தின் முக்கியத்துவம் மற்றும் எதிர்கால ஒத்துழைப்பு, குறிப்பாக 2023 அக்டோபரில் இருந்து இரண்டு ஆண்டுகளுக்கு இலங்கையின் தலைமையில் இருக்கும் இந்து சமுத்திர விளிம்பு சங்கத்தின் கட்டமைப்பின் கீழ் இரு தரப்பினரும் கலந்துரையாடினர்.
சர்வதேச காலநிலை நிதியுதவிக்கான ஜேர்மனியின் உறுதிமொழிகளைக் குறிப்பிட்ட வெளிவிவகார செயலாளர் விஜேவர்தன, காலநிலை செழிப்புத் திட்டம், சர்வதேச காலநிலை மாற்ற பல்கலைக்கழகம் மற்றும் புதுப்பிக்கத்தக்க எரிசக்தி உற்பத்தியை மையமாகக் கொண்ட பசுமை வளர்ச்சிக்கான மூலோபாயம் தொடர்பான இலங்கையின் முன்முயற்சிகளுக்கான ஜேர்மனின் உதவியை ஊக்குவித்தார்.
வெளியுறவுச் செயலாளர்கள் மட்டத்தில் இருதரப்பு அரசியல் ஆலோசனைகளை வழக்கமான முறையில் கூட்டுவதன் முக்கியத்துவம் மற்றும் எதிர்கால ஒத்துழைப்புக்கான முன்னுரிமைப் பகுதிகளை அடையாளம் காணுதல் குறித்து இரு தரப்பினரும் ஒப்புக்கொண்டனர்.
2023 செப்டெம்பர் 27 - 30 வரை ஜேர்மனிக்கு ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க மேற்கொண்டிருந்த பணிப்பயண விஜயத்தின் போது, வெளிவிவகார செயலாளர் விஜேவர்தன உத்தியோகபூர்வ தூதுக்குழுவில் அங்கத்தவராக இருந்தார்.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,
கொழும்பு
04 அக்டோபர் 2023