Foreign Secretary Aruni Wijewardane assumes duties

Foreign Secretary Aruni Wijewardane assumes duties

 

Secretary to the Ministry of Foreign Affairs, Aruni Wijewardane following her appointment by President Anura Kumara Dissanayake assumed duties at the Ministry on 25 September 2024.

Previously, she has served as Secretary of the Ministry of Foreign Affairs since 20 May 2022.

 A career foreign service officer, Secretary Wijewardane counts 36 years of service in the Foreign Ministry. She has held many positions in the Ministry of Foreign Affairs in Colombo, at Sri Lanka Missions overseas and in international organizations.

Foreign Secretary Wijewardane has an MPhil degree from the University of Cambridge, UK, where she was a British Chevening Scholar, a Master’s degree from the University of Colombo and a Bachelor’s degree from the University of Western Australia.

Ministry of Foreign Affairs

Colombo

 25 September 2024

 

..........................

මාධ්‍ය නිවේදනය

 විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිය ධුරයේ වැඩ භාර ගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් පත් කරනු ලැබීමෙන් අනතුරුව අරුණි විජේවර්ධන මහත්මිය 2024 සැප්තැම්බර් මස 25 වැනි දින එම අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.

මීට පෙර, 2022 මැයි මස 20 වැනි දින සිට ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය වශයෙන් සේවය කොට තිබිණි.

වෘත්තීය විදේශ සේවා නිලධාරිනියක වන විජේවර්ධන මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වසර 36 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබේ. මෙම කාලය තුළ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් ඇය විවිධ තනතුරු රැසක් හොබවා තිබේ.

විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය, බ්‍රිතාන්‍ය ෂෙවෙනිං විද්‍යාර්ථියකු වශයෙන් එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක්ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හා බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමිකර ගෙන ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 සැප්තැම්බර් 25 වැනිදා

.................................

ஊடக வெளியீடு

 வெளியுறவு செயலாளர் அருணி விஜேவர்தன தனது கடமைகளை பொறுப்பேற்றார்

ஜனாதிபதி அனுரகுமார திஸாநாயக்கவினால், வெளிநாட்டலுவல்கள் அமைச்சின் செயலாளராக அருணி விஜேவர்தன நியமிக்கப்பட்டதைத் தொடர்ந்து 2024 செப்டெம்பர் 25 அன்று அமைச்சில் தனது கடமைகளைப் பொறுப்பேற்றார்.

இவர், 2022 மே 20 ஆம் திகதி முதல் வெளிநாட்டலுவல்கள் அமைச்சின் செயலாளராக கடமையாற்றியுள்ளமை குறிப்பிடத்தக்கது.

வெளியுறவுச் சேவை அதிகாரியான செயலாளர் விஜேவர்தன, வெளிநாட்டலுவல்கள் அமைச்சில்    36 வருடங்கள் சேவை செய்துள்ளார். அவர் கொழும்பில் உள்ள வெளிநாட்டலுவல்கள்  அமைச்சு, வெளிநாடுகளில் உள்ள இலங்கை தூதரகங்கள் மற்றும் சர்வதேச அமைப்புகளில் பல பதவிகளை வகித்துள்ளார்.

பிரிட்டிஷ் செவ்னிங் புலமையாளரான, வெளியுறவு செயலாளர் விஜேவர்தன இங்கிலாந்தின் கேம்பிரிட்ஜ் பல்கலைக்கழகத்தில் முதுத்தத்துவமானி பட்டம் பெற்றுள்ளதுடன், கொழும்பு பல்கலைக்கழகத்தில் முதுகலைப் பட்டம், மற்றும் மேற்கு ஆஸ்திரேலியா பல்கலைக்கழகத்தில் இளங்கலைப் பட்டமும் பெற்றுள்ளார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு

கொழும்பு

 2024 செப்டம்பர் 25

Print Friendly, PDF & Email
Please follow and like us:

Close