Foreign Minister Ali Sabry will pay an official visit to Egypt from 07 – 09 August 2024 on the invitation of Egyptian Foreign Minister Badr Abdelatty.
During the visit, he will hold bilateral discussions with his counterpart at the Ministry of Foreign Affairs in Cairo and also meet with Minister of Investment and Foreign Trade of Egypt. Minister Sabry is also expected to have discussions at the Federation of Egyptian Chambers of Commerce and meet with several other dignitaries, with a view to strengthening the multifaceted relations between the two countries.
The bilateral visit is expected to further consolidate the longstanding ties between Sri Lanka and Egypt.
Ministry of Foreign Affairs
Colombo
07 August 2024
.............................
මාධ්‍ය නිවේදනය
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ සංචාරයක
ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2024 අගෝස්තු 07 සිට 09 වැනි දින දක්වා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත වෙයි.
මෙම සංචාරය අතරතුරදී ඒ මහතා කයිරෝ නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා හමුවීමටද නියමිතය. දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනයේදී සාකච්ඡා පැවැත්වීමටත් තවත් සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකු බැහැදැකීමටත් අපේක්ෂිතය.
මෙම ද්විපාර්ශ්වික සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 අගෝස්තු 07 වැනි දින