Foreign Minister Peiris meets Foreign Minister of Bangladesh

Foreign Minister Peiris meets Foreign Minister of Bangladesh

Foreign Minister Prof. G.L. Peiris today (15/11) met the Foreign Minister of Bangladesh Dr. A.K. Abdul Momen at the State Guest House Padma in Dhaka.

Foreign Minister Peiris recalled the visit of Prime Minister Mahinda Rajapaksa who visited Bangladesh in March 2021 for the joint celebration of the 100 Birth Anniversary of Bangabandhu and the Golden Jubilee of the Independence Celebration of Bangladesh and that the discussions were very fruitful and the Prime Minister appreciated all aspects of his visit.

The Foreign Minister expressed warm appreciation for the consistent support which Sri Lanka received from Bangladesh in international fora especially the Human Rights Council and the CMAG (Commonwealth Ministerial Action Group) of which the previous Foreign Minister who is the current Education Minister of Bangladesh was the Chair.

The two Ministers also discussed the active commercial relationship between the two countries with Sri Lankan investment into Bangladesh being in the region of approximately 2.5bn USD. About 110 Sri Lankan companies are operating here and are excelling especially in the services sector such as insurance, banking and power sectors. However, there is scope for improvement of the volume of trade which is presently at the level of 200 mn USD annually.

Sri Lanka is keen on a Preferential Trading Agreement with Bangladesh and is happy that Technical negotiations have commenced and are proceeding.

There is particular interest in cooperation in the field of shipping because of Sri Lanka’s focus as a shipping hub and would like to strengthen the cooperation between the ports of Chittagong in Bangladesh and the ports of Colombo and Hambantota.

Emphasis was made in particular on the feeder services and coastal shipping arrangements. Cooperation between Bangladesh and Sri Lanka regarding a transshipment hub would be beneficial to Bangladesh because of the reduction of time and nautical miles.

The Foreign Minister said that a substantial number of Sri Lankan students are receiving their education in Bangladesh with Chittagong being popular among medical students.

Sri Lanka has reciprocally offered to assist with the training of nurses of Bangladesh in educational institutions in our country.

In regard to tourism, direct connectivity between Colombo and Dhaka is helpful and the Bangladesh Minister intimated the interest of a private Bangladesh airline in operating flights to Colombo.

The two Ministers discussed in detail cooperation between the two countries, within the framework of the IORA with particular reference to conservation of marine resources and security dimensions.

Foreign Ministry

Colombo

15 November, 2021

 ..........................................

මාධ්‍ය නිවේදනය

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා හමු වෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අද (15) දින ඩකා හි පිහිටි පද්මා රාජ්‍ය නිවාඩු නිකේතනයේ දී බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මැතිතුමා හමුවිය.

දිවංගත බංගබන්ධු මැතිතුමාගේ 100 වැනි ජන්ම දින අනුස්මරණ සැමරුම සහ බංග්ලාදේශයේ නිදහස් සැමරුම් උත්සවයේ ස්වර්ණ ජයන්තිය ඒකාබද්ධව සැමරීම සඳහා 2021 වර්ෂයේ මාර්තු මාසයේ දී බංග්ලාදේශයට සපැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංචාරය පිළිබඳව සිහිපත් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා එහිදී පවත්වන ලද සාකච්ඡා ඉතා ඵලදායී වූ බවත් අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේ සියලුම අංග අගය කළ බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර සංසදවලදී  විශේෂයෙන්ම මානව හිමිකම් කවුන්සිලය තුළ සහ බංග්ලාදේශයේ වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා වන හිටපු විදේශ අමාත්‍යවරයා සභාපතිත්වය දැරූ පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය ක්‍රියාකාරී කණ්ඩායම (CMAG) තුළ දී ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය.

වාණිජ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර පවත්නා ක්‍රියාකාරී සබඳතාව පිළිබඳව මෙන්ම කලාපය තුළ බංග්ලාදේශයට ශ්‍රී ලංකාව වෙතින් ලැබෙන ආයෝජනය ඇ.ඩො. බිලියන 2.5ක් පමණ වන බව අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ. ශ්‍රී ලාංකික සමාගම් 110ක් පමණ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වන අතර විශේෂයෙන්ම රක්ෂණ, බැංකු සහ බලශක්ති ක්ෂේත්‍ර වැනි සේවා අංශවල විශිෂ්ටත්වය එතුළින් පෙන්නුම් කෙරේ. කෙසේ වුවද දැනට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මට්ටමේ පවතින වෙළඳ පරිමාව වැඩි දියුණු කර ගැනීම සඳහා වන අවස්ථා ද පවතී.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ වරණීය වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට උනන්දු වන අතර ඒ සම්බන්ධයෙන් වන තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඉදිරියට යාම පිළිබඳව සිය සතුට පළ කළේය.

ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් වන බැවින් නාවික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා විශේෂ උනන්දුවක් මෙහිදී පළ වූ අතර බංග්ලාදේශයේ චිතගොං හි පිහිටි වරායන් සහ ශ්‍රී ලංකාවේ කොළඹ සහ හම්බන්තොට පිහිටි වරායන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අමාත්‍යවරු සිය කැමැත්ත පළ කළහ.

ශ්‍රී ලංකාව විශේෂයෙන්ම පෝෂක සේවා සහ වෙරළබඩ නැව්ගත කිරීමේ කටයුතු පිළිබඳව අවධාරණය කරයි. කාලය ඉතුරු වීම සහ නාවික සැතපුම් ප්‍රමාණය අවම වීම හේතුවෙන් ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීම බංග්ලාදේශයට ප්‍රයෝජනවත් වනු ඇත.

චිතගොං නගරය වෛද්‍ය සිසුන් අතර ජනප්‍රිය වීමත් සමඟම ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් බංග්ලාදේශයේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බව විදේශ අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල බංග්ලාදේශයේ හෙද හෙදියන් පුහුණු කිරීම සඳහා සහය වීමට ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ඉදිරිපත් වී ඇත.

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් කල කොළඹ සහ ඩකා අතර පවත්නා සෘජු සම්බන්ධතාවය වාසිදායක වේ. කොළඹ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික බංග්ලාදේශ ගුවන් සමාගමක් පිහිටුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ අමාත්‍යවරයා සිය උනන්දුව දන්වා සිටියේ ය.

සමුද්‍ර සම්පත් සංරක්ෂණය සහ ආරක්ෂක මානයන් පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමින්, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) රාමුව තුළ දෙරට අතර පවත්නා සහයෝගීතාව සම්බන්ධයෙන් අමාත්‍යවරු දෙදෙනා සවිස්තරාත්මකව සාකච්ඡා කළහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 නොවැම්බර් 15 වැනි දින

..........................................

ஊடக வெளியீடு

 வெளிநாட்டு அமைச்சர் பீரிஸ் பங்களாதேஷ் வெளிநாட்டு அமைச்சருடன் சந்திப்பு

டாக்காவில் உள்ள அரச விருந்தினர் மாளிகை பத்மாவில் இன்று (15/11) வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ்  பங்களாதேஷ் வெளிநாட்டு அமைச்சர் கலாநிதி. ஏ.கே. அப்துல் மொமனை சந்தித்தார்.

பங்கபந்துவின் 100வது பிறந்தநாள் மற்றும் பங்களாதேஷின் சுதந்திரக் கொண்டாட்டத்தின் பொன்விழா ஆகியவற்றின் கூட்டுக்  கொண்டாட்டத்திற்காக 2021 மார்ச் மாதம் பங்களாதேஷிற்கு விஜயம் செய்த பிரதமர் மஹிந்த ராஜபக்ஷவின் விஜயத்தையும், அதன் போதான கலந்துரையாடல்கள் மிகவும் பயனுள்ளதாக இருந்தமையையும், தனது விஜயத்தின் அனைத்து அம்சங்களையும் பிரதமர் பாராட்டியதாகவும் வெளிநாட்டு அமைச்சர் பீரிஸ் நினைவு கூர்ந்தார்.

சர்வதேச அரங்கில் குறிப்பாக மனித உரிமைகள் பேரவை மற்றும் பங்களாதேஷின் தற்போதைய கல்வி அமைச்சராக இருக்கும் முன்னைய வெளிநாட்டு அமைச்சர் தலைமை வகித்த பொதுநலவாய அமைச்சு நடவடிக்கைக் குழு ஆகியவற்றில் பங்களாதேஷிடம் இருந்து இலங்கை பெறும் நிலையான ஆதரவிற்கு வெளிநாட்டு அமைச்சர் தனது அன்பான பாராட்டுக்களைத் தெரிவித்தார்.

இலங்கை பங்களாதேஷில் மேற்கொண்டுள்ள முதலீடான சுமார் 2.5 பில்லியன் அமெரிக்க டொலர்கள் சார்ந்த  இரு நாடுகளுக்குமிடையிலான செயலூக்கமான வர்த்தக உறவுகள் குறித்தும் இரு அமைச்சர்களும் கலந்துரையாடினர். சுமார் 110 இலங்கை நிறுவனங்கள் இங்கு  இயங்கி வருவதுடன் குறிப்பாக காப்புறுதி, வங்கி மற்றும் மின்சாரம் போன்ற சேவைத் துறைகளில் சிறந்து விளங்குகின்றன. இருப்பினும், தற்போது ஆண்டுக்கு 200 மில்லியன் அமெரிக்க டொலர் அளவில் வர்த்தகத்தின் அளவை மேம்படுத்துவதற்கான வாய்ப்பு உள்ளது.

பங்களாதேஷூடனான முன்னுரிமை வர்த்தக உடன்படிக்கையில் இலங்கை ஆர்வமாக உள்ளதுடன், தொழில்நுட்பப் பேச்சுவார்த்தைகள் ஆரம்பிக்கப்பட்டு தொடர்வதில் மகிழ்ச்சி அடைகின்றது.

கப்பல் போக்குவரத்து மையமாக இலங்கை கவனம் செலுத்துவதால் கப்பல் துறையிலான ஒத்துழைப்பில் குறிப்பாக ஆர்வம் உள்ள அதே வேளை, பங்களாதேஷில் உள்ள சிட்டகொங் துறைமுகம் மற்றும் எமது நாட்டின் கொழும்பு மற்றும் ஹம்பாந்தோட்டை துறைமுகங்கள்  ஆகியவற்றுக்கு இடையிலான ஒத்துழைப்பை வலுப்படுத்த விரும்புகின்றது.

நாம் குறிப்பாக தீவன சேவைகள் மற்றும் கடலோர கப்பல் ஏற்பாடுகளை வலியுறுத்துகின்றோம். நேரம் மற்றும் கடல் மைல்கள்  குறைவதால், பங்களாதேஷுக்கும் இலங்கைக்கும் இடையிலான போக்குவரத்துப் பரிமாற்ற மையம் தொடர்பான ஒத்துழைப்பு பங்களாதேஷுக்கு நன்மை பயக்கும்.

மருத்துவ மாணவர்கள் மத்தியில் சிட்டகொங் பிரபலமாக இருப்பதால் கணிசமான எண்ணிக்கையிலான இலங்கை மாணவர்கள்  பங்களாதேஷில் கல்வி கற்று வருவதாக வெளிநாட்டு அமைச்சர் தெரிவித்தார்.

எமது நாட்டில் உள்ள கல்வி நிறுவனங்களில் பங்களாதேஷின் தாதியர்களுக்கு பயிற்சி அளிப்பதில் இலங்கை பரஸ்பரம் உதவ முன்வந்துள்ளது.

சுற்றுலாவைப் பொறுத்தமட்டில், கொழும்புக்கும் டாக்காவிற்கும் இடையிலான நேரடி இணைப்பு உதவிகரமாக உள்ளதுடன், கொழும்புக்கு விமானங்களை இயக்குவதற்கான தனியார் பங்களாதேஷ் விமான சேவையின் ஆர்வத்தை பங்களாதேஷ் அமைச்சர் தெரிவித்தார்.

இரண்டு அமைச்சர்களும், குறிப்பாக ஐயோராவின் கட்டமைப்பிற்குள் கடல் வளங்களை பாதுகாத்தல் மற்றும் பாதுகாப்பு பரிமாணங்கள் குறித்த இரு நாடுகளுக்குமிடையேயான ஒத்துழைப்பு குறித்து விரிவாகக் கலந்துரையாடினர்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 நவம்பர் 15

Print Friendly, PDF & Email
Please follow and like us:

Close