Foreign Minister Ali Sabry addressed the High-level Meeting on Pandemic Prevention, Preparedness and Response yesterday (20/9), on the sidelines of the 78th session of the United Nations General Assembly in New York, under the theme "Making the world safer: Creating and maintaining political momentum and solidarity for Pandemic Prevention, Preparedness and Response"
The Foreign Minister stated that in order to enhance early detection, information sharing, evidence-based projections, and response evaluation must be enhanced by introducing modern technologies and IT capabilities that increase their capacity.
Minister Sabry also stated that the developing countries require increased health financing to support their capacities through investments in R&D, which could enable an equitable and robust response to future pandemics. He called on the countries already equipped both financially and with the technical know-how to commit to share their expertise and technology, increase technical assistance, and support the creation of environments conducive to securing financing for this purpose.
The high-level meeting was convened in recognition that the COVID-19 pandemic demonstrated “serious shortcomings at the country, regional and global levels in preparedness for, timely and effective prevention and detection of, and response to potential health emergencies, including in the capacity and resilience of health systems, indicating the need to better prepare for future health emergencies”.
Senior officials of the Foreign Ministry and the Permanent Mission of Sri Lanka to the UN in New York participated in the meeting.
Ministry of Foreign Affairs
Colombo
21 September 2023
............................................
මාධ්‍ය නිවේදනය
විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා වසංගත වැළැක්වීම, සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පැවති ඉහළ මට්ටමේ රැස්වීම අමතයි
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව, "ලොව සුරක්ෂිත කිරීම: වසංගත වැළැක්වීම, සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා දේශපාලන මැදිහත්වීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම සහ එය පවත්වාගෙන යාම" නමැති තේමාව යටතේ 2023 සැප්තැම්බර් 20 වැනි දින පැවති ඉහළ මට්ටමේ රැස්වීම අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී.
වසංගත කල්තියා හඳුනා ගැනීම, ඒ පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම, සාක්ෂි පදනම් කරගත් සැලසුම් සහ ප්‍රතිචාර ඇගයීම යනාදී කටයුතු, නවීන තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් හඳුන්වා දීම ඔස්සේ සවිබල ගැන්විය යුතු බවත්, ඒ හරහා ධාරිතා ඉහළ නැංවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ඉහළ මට්ටමේ සෞඛ්‍ය මූල්‍යකරණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් වන බවත්, එමඟින් අනාගතයේ දී සිදු විය හැකි වසංගත තත්ත්වයන්ට ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ඔවුන්ට හිමි වන බවත් අමාත්‍ය සබ්රි මැතිතුමා සඳහන් කළේ ය. සිය විශේෂඥ දැනුම සහ තාක්ෂණය ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට කැපවන ලෙසත්, අවශ්‍යතා ඇති රටවලට තාක්ෂණික සහය ලබා දීමට කැපවන ලෙසත්, මෙම කාර්යය සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා දායකත්වය සපයන ලෙසත් ශක්‍යතා සහිත රටවලින් එතුමා ඉල්ලා සිටියේ ය.
“වසංගත සඳහා සූදානම් වීම, ඒවා කාලෝචිතව හඳුනාගැනීම සහ වැළැක්වීම, සෞඛ්‍ය පද්ධතියේ ධාරිතා සහ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළුව හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමට අදාළව රාජ්‍ය, කලාපීය සහ ගෝලීය මට්ටමෙන් හටගත් බරපතල අඩුපාඩු කොවිඩ්-19 වසංගතය හරහා පැහැදිලි ලෙස හඳුනාගැනීමට හැකි වූ හෙයින් සහ අනාගතයේ දී මතු විය හැකි සෞඛ්‍ය ආපදා තතත්වයන්ට මනා ලෙස සූදානම් වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම” සඳහා මෙම රැස්වීම පවත්වන ලදී.
විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.
විදේශ කටයුතු අමාත්‍යංශය
කොළඹ
2023 සැප්තැම්බර් 21 වැනි දින
............................................
ஊடக வெளியீடு
தொற்றுநோய் தடுப்பு, தயார்நிலை மற்றும் பதிலளிப்பு தொடர்பான உயர்மட்டக் கூட்டத்தில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் சப்ரி உரை
நியூயோர்க்கில் நடைபெறும் ஐக்கிய நாடுகளின் பொதுச் சபையின் 78வது கூட்டத்தொடரின் பக்க அம்சமாக, 'உலகைப் பாதுகாப்பானதாக்குதல்: தொற்றுநோய் தடுப்பு, தயார்நிலை மற்றும் பதிலளிப்புக்கான அரசியல் வேகம் மற்றும் ஒற்றுமையை உருவாக்குதல் மற்றும் பராமரித்தல்' என்ற கருப்பொருளின் கீழ் தொற்றுநோய் தடுப்பு, தயார்நிலை மற்றும் பதிலளிப்பு தொடர்பான உயர்மட்டக் கூட்டத்தில் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி நேற்று (20/9) உரையாற்றினார்.
முன்கூட்டியே கண்டறிதல், தகவல் பகிர்வு, சான்றுகள் அடிப்படையிலான கணிப்புக்கள் மற்றும் பதில் மதிப்பீடு ஆகியவற்றை மேம்படுத்துவதற்காக நவீன தொழில்நுட்பங்கள் மற்றும் தகவல் தொழில்நுட்பத் திறன்களை அறிமுகப்படுத்துவதன் மூலம் அவற்றின் திறனை அதிகரிக்க வேண்டும் என வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் குறிப்பிட்டார்.
அபிவிருத்தியடைந்துவரும் நாடுகளுக்கு ஆராய்ச்சி மற்றும் மேம்பாட்டில் முதலீடுகளின் வாயிலாக அவற்றின் திறன்களை ஆதரிப்பதற்கு அதிகமான சுகாதார நிதி தேவைப்படுவதுடன், இது எதிர்கால தொற்றுநோய்களுக்கு சமமான மற்றும் வலுவான பதிலை செயற்படுத்த உதவும் என அமைச்சர் சப்ரி தெரிவித்தார். ஏற்கனவே நிதி மற்றும் தொழில்நுட்ப அறிவு பெற்ற நாடுகளுக்கு அவர்களின் நிபுணத்துவம் மற்றும் தொழில்நுட்பத்தை பகிர்ந்து கொள்ளவும், தொழில்நுட்ப உதவிகளை அதிகரிக்கவும், இந்த நோக்கத்திற்காக நிதியுதவியைப் பெறுவதற்கு ஏற்ற சூழலை உருவாக்குவதற்கு ஆதரவளிக்கவும் அவர் அழைப்பு விடுத்தார்.
'எதிர்கால சுகாதார அவசரநிலைகளுக்கு சிறப்பாக தயாராக வேண்டியதன் அவசியத்தை சுட்டிக்காட்டும் சுகாதார அமைப்புகளின் திறன் மற்றும் பின்னடைவு உட்பட, சாத்தியமான சுகாதார அவசரநிலைகளுக்கான தயார்நிலை, சரியான நேரத்தில் மற்றும் பயனுள்ள தடுப்பு மற்றும் கண்டறிதல் மற்றும் பதிலளிப்பதில் நாடு, பிராந்திய மற்றும் உலக அளவில் கடுமையான குறைபாடுகளை' கோவிட்-19 தொற்றுநோய் நிரூபித்ததை அங்கீகரிக்கும் வகையில் உயர்மட்டக் கூட்டம் கூட்டப்பட்டது.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் சிரேஷ்ட அதிகாரிகள் மற்றும் நியூயோர்க்கில் உள்ள ஐ.நா. வுக்கான இலங்கையின் நிரந்தரத் தூதரக அதிகாரிகள் இந்த சந்திப்பில் கலந்துகொண்டனர்.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,
கொழும்பு
2023 செப்டம்பர் 21
............................................
High Level Meeting on Pandemic Prevention, Preparedness and Response
20 September 2023
Statement for Hon. Ali Sabry, Minister of Foreign Affairs of Sri Lanka
Mr. President,
Excellencies,
Distinguished Delegates,
The COVID-19 pandemic struck the world when it was least expected, wreaking havoc and causing widespread devastation across the globe. Existing problems were exacerbated, which is still vivid in our minds. Countless lives were lost and economies were severely damaged.
It is not an exaggeration to state that the COVID pandemic was a wake-up call. Globally, the necessity of integrating health security into the public health system was recognized. The significance of pandemic prevention, preparedness, and response was brought up for discussion. I am grateful to the President of the General Assembly for convening this crucial meeting.
Excellencies,
In light of growing global threats, it is crucial to reinforce existing national systems. In order to enhance early detection, information sharing, evidence-based projections, and response evaluation, for instance, disease surveillance systems must be bolstered by introducing modern technologies and IT capabilities that increase their capacity. Mr. President, for this, global international cooperation is essential. Developing countries require increased health financing to support their capacities through investments in R&D, which thus enable their equitable and robust response to future pandemic.
In accordance with the principles of equity, solidarity, common but differentiated responsibilities, international cooperation, and complementarity with the International Health Regulations, Sri Lanka calls on the capable countries to commit to sharing their expertise and technology, increasing technical assistance to those in need, and enabling environments to secure financing for this purpose.
Excellencies,
Sri Lanka also emphasizes the need for a comprehensive pandemic-specific contingency plan for essential services. Such plans require periodic evaluation and revision.
In addition, it is essential to redesign public healthcare systems for more effective and efficient management of emerging infectious disease outbreaks, bolstering preparedness and response capabilities to ensure a more robust and resilient healthcare infrastructure to effectively address such challenges. It is also important to observe that increased public health education, literacy, and awareness are required to increase trust in public health systems and authorities.
Excellencies,
To be more responsive in our multilateral pandemic response:
Firstly, it is essential that the World Health Organization coordinates a centralized platform to ensure equitable allocation and expansion of global capacities to produce and promptly deliver affordable pandemic-related products. It would ensure adequate, prompt, and effective pandemic prevention, preparedness, response, and recovery capacities and their operationalization.
Secondly, a global R&D ecosystem that is conducive to cooperation, including open approaches, and which facilitates the participation of developing nations. Hopefully, the inequities that we witnessed during the COVID pandemic, notably relating to R&D will not be repeated in a future pandemic.
Sri Lanka hopes that this meeting will generate the political will for international and multi-sectoral cooperation and commitment to achieving a more equitable response to future pandemics, as well as concrete outcomes for the Geneva discussions.
Thank you.
............................................
වසංගත වැළැක්වීම, සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳව පැවති ඉහළ මට්ටමේ රැස්වීම
2023 සැප්තැම්බර් 20 වැනි දින
ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සිදු කළ ප්‍රකාශය
සභාපතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
සම්භාවනීය අමුත්තනි,
කිසිවකු අපේක්ෂා නොකළ මොහොතක ව්‍යාප්ත වූ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් හටගත්තේ ය. පැවති ගැටලු උග්‍ර තත්ත්වයට හැරුණු අතර එහි බලපෑම තවමත් පහව ගොස් නොමැත. ජීවිත හානි රැසක් සිදු වූ අතර ආර්ථිකයට ද බරපතල හානි එල්ල විය.
එක්තරා ආකාරයකින් අප අවදි කිරීමට සමත් වූ සිදුවීමක් වශයෙන් කොවිඩ් වසංගතය හැඳින්වීම අතිශයෝක්තියක් නොවනු ඇත. සෞඛ්‍ය ආරක්ෂාව මහජන සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීමේ ගෝලීය අවශ්‍යතාව මෙම වසංගත ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ලදී. තවද, වසංගත වැළැක්වීමේ වැදගත්කම, සූදානම වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සාකච්ඡා පවත්වන ලදී. මෙම සුවිශේෂී රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් මහා සභා රැස්වීමේ සභාපතිතුමා වෙත මාගේ ස්තුතිය පළ කරමි.
ගරු අමාත්‍යවරුනි, මේ වන විට පවතින ජාතික පද්ධති, වර්ධනය වෙමින් පවතින ගෝලීය අභියෝග හමුවේ ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. වසංගත කල්තියා හඳුනා ගැනීම, ඒ පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම, සාක්ෂි පදනම් කරගත් සැලසුම් සහ ප්‍රතිචාර ඇගයීම වැඩිදියුණු කිරීම යනාදී ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතු ය. නිදසුනක් ලෙස, රෝග නිරීක්ෂණ පද්ධතිවල ධාරිතාව ඉහළ නංවන නවීන තාක්ෂණයන් සහ තොරතුරු තාක්ෂණ හැකියාවන් හඳුන්වා දීම මගින් ඒවා සවිබල ගැන්විය යුතු ය. සභාපතිතුමනි, මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය වේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ඉහළ මට්ටමේ සෞඛ්‍ය මූල්‍යකරණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් වේ. එමඟින් අනාගතයේ දී සිදු විය හැකි වසංගත තත්ත්වයන්ට ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනු ඇත.
සමානාත්මතාව, සහයෝගීතාව, පොදු නමුදු වෙනස් වූ වගකීම් දැරීම, ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වීම යන මූලධර්මවලට අනුකූලව, සිය විශේෂඥ දැනුම සහ තාක්ෂණය ශ්‍රී ලංකාව සමඟ බෙදාහදා ගැනීමට කැපවන ලෙසත්, අවශ්‍යතා ඇති රටවලට තාක්ෂණික සහය ලබා දීමට කැපවන ලෙසත්, මෙම කාර්යය සඳහා අවශ්‍ය මූල්‍ය අවශ්‍යතා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා දායකත්වය සපයන ලෙසත් ශක්‍යතා සහිත රටවලින් ශ්‍රී ලංකාව ඉල්ලා සිටියි.
ගරු අමාත්‍යවරුනි,
වසංගත සඳහා විශේෂිත වූ පුළුල් හදිසි සැලැස්මක අවශ්‍යතාව ද ශ්‍රී ලංකාව විසින් අවධාරණය කරනු ලැබේ. එැවනි සැලසුම් අත්‍යවශ්‍ය සේවා සඳහා උපකාරි වනු ඇත. තවද, එවැනි සැලසුම් වරින් වර ඇගයීම සහ සංශෝධනය කිරීම සිදු කළ යුතු වේ.
මීට අමතරව, බෝවන රෝග ව්‍යාප්තිය වඩාත් ඵලදායි හා කාර්යක්ෂම අයුරින් කළමනාකරණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවා පද්ධති ප්‍රතිනිර්මාණය කිරීම, එවැනි අභියෝගවලට ඵලදායි ලෙස මුහුණ දීම සඳහා වඩාත් ශක්තිමත් සහ ඔරොත්තු දෙන සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහතික කිරීම සඳහා සූදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. මහජන සෞඛ්‍ය පද්ධති සහ බලධාරීන් පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා මහජන සෞඛ්‍ය අධ්‍යාපනය, සාක්ෂරතාව සහ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අවශ්‍ය බවද හඳුනාගත යුතු ය.
ගරු අමාතත්යවරුනි, වසංගත සම්බන්ධයෙන් අප දක්වන බහුපාර්ශ්වික ප්‍රතිචාර වඩාත් තීව්ර කිරීම සඳහා පහත යෝජනා ඉදිරිපත් කරනු ලැබේ:
පළමුව, වසංගත ආශ්රිත සෞඛ්‍ය නිෂ්පාදන දැරිය හැකි මිලකට නිෂ්පාදනය කිරීමට සහ කඩිනමින් බෙදා හැරීම සඳහා ගෝලීය වශයෙන් සාධාරණ වූත් පුළුල් වූත් මධ්‍යගත වේදිකාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රමාණවත්, කඩිනම් සහ ඵලදායි ලෙස වසංගතය වැළැක්වීමටත්, ඊට සූදානම් වීම, ප්‍රතිචාර දැක්වීම සහ යථා තත්ත්වයට පත් වීමේ හැකියාව සහ ඒවායේ ක්‍රියාකාරීත්වය මේ හරහා සහතික කෙරෙනු ඇත.
දෙවනුව, විවෘත ප්රවේශයන් ඇතුළුව සහයෝගීතාව සඳහා හිතකර සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සහභාගීත්වය සඳහා පහසුකම් සලසන ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන පද්ධතියක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය පැවති වකවානුවේ දී අප දුටු අසමානතා නැවත සිදු නොවනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. විශේෂයෙන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ආශ්රිත අසමානතා අනාගත වසංගත තත්ත්වයන් හමුවේ සිදු නොවනු ඇත.
ජාත්‍යන්තර සහ බහුආංශික සහයෝගීතාව වර්ධනය කිරීම, අනාගතයේ දී සිදු විය හැකි වසංගතවලට වඩාත් සාධාරණ ලෙස ප්‍රතිචාර දැක්වීම සහ ජිනීවා හි පැවැත්වෙන සාකච්ඡා සඳහා නිශ්චිත ප්‍රතිඵල ගෙන දෙන දේශපාලන ස්ථාවරය ජනනය කිරීම සඳහා මෙම රැස්වීම ඉවහල් වන බව ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වේ.
ස්තුතියි
............................................
தொற்றுநோய் தடுப்பு, தயார்நிலை மற்றும் பதிலளிப்பு குறித்த உயர்மட்டக் கூட்டம்
2023 செப்டம்பர் 20
இலங்கையின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் மாண்புமிகு அலி சப்ரியின் அறிக்கை
தலைவர் அவர்களே,
மேன்மை தங்கியவர்களே,
மரியாதைக்குரிய பிரதிநிதிகளே,
மிகக் குறைவாக எதிர்பார்க்கப்பட்ட நேரத்தில் கோவிட்-19 தொற்றுநோய் உலகைத் தாக்கி, சிதைத்து, உலகம் முழுவதும் பரவலான பேரழிவை ஏற்படுத்தியது. அப்போதிருந்த பிரச்சனைகள் தீவிரமடைந்ததுடன், அது இன்னும் நம் மனதில் தெளிவாக உள்ளது. எண்ணிலடங்கா உயிர்கள் பலியாகின, பொருளாதாரம் கடுமையாகப் பாதிக்கப்பட்டது.
கோவிட் தொற்றுநோய் ஒரு எச்சரிக்கை மணி என்று கூறுவது மிகையாகாது. உலகளவில், பொது சுகாதார அமைப்பில் சுகாதாரப் பாதுகாப்பை ஒருங்கிணைப்பதன் அவசியம் அங்கீகரிக்கப்பட்டது. தொற்றுநோய் தடுப்பு, தயார்நிலை மற்றும் பதிலளிப்பு ஆகியவற்றின் முக்கியத்துவம் விவாதத்திற்கு கொண்டு வரப்பட்டது. இந்த முக்கியமான கூட்டத்தை கூட்டியதற்காக பொதுக்குழுவின் தலைவருக்கு நான் நன்றிகளைத் தெரிவித்துக் கொள்கின்றேன்.
மேன்மை தங்கியவர்களே,
வளர்ந்து வரும் உலகளாவிய அச்சுறுத்தல்களின் அடிப்படையில், தற்போதுள்ள தேசிய அமைப்புக்களை வலுப்படுத்துவது முக்கியமானது. முன்கூட்டியே கண்டறிதல், தகவல் பகிர்வு, சான்றுகள் அடிப்படையிலான கணிப்புக்கள் மற்றும் பதில் மதிப்பீடு ஆகியவற்றை மேம்படுத்துவதற்காக, நவீன தொழில்நுட்பங்கள் மற்றும் தகவல் தொழில்நுட்பத் திறன்களை அறிமுகப்படுத்துவதன் மூலம் நோய் கண்காணிப்பு அமைப்புக்களின் திறனை அதிகரிக்கலாம். தலைவர் அவர்களே, இதற்கு உலகளாவிய சர்வதேச ஒத்துழைப்பு அவசியம். அபிவிருத்தியடைந்து வரும் நாடுகளுக்கு ஆராய்ச்சி மற்றும் மேம்பாட்டிற்கான முதலீடுகளை வழங்குவதன் மூலம் அவற்றின் திறன்களை ஆதரிப்பதற்கு அதிக சுகாதார நிதி தேவைப்படுவதுடன், இது எதிர்கால தொற்றுநோய்க்கான அந்த நாடுகளின் சமமான மற்றும் வலுவான பதிலை செயற்படுத்துகின்றது.
சமத்துவம், ஒற்றுமை, பொதுவான ஆனால் வேறுபட்ட பொறுப்புக்கள், சர்வதேச ஒத்துழைப்பு மற்றும் சர்வதேச சுகாதார விதிமுறைகளுடன் அனைத்தையும் பூர்த்தி செய்தல் ஆகிய கொள்கைகளுக்கு இணங்க, திறமையான நாடுகள் தமது நிபுணத்துவம் மற்றும் தொழில்நுட்பத்தைப் பகிர்ந்துகொள்வதற்கும், தேவைப்படுபவர்களுக்கு தொழில்நுட்ப உதவிகளை அதிகரிப்பதற்கும், இந்த நோக்கத்திற்காக நிதியைப் பாதுகாப்பதற்கான சூழலை ஏற்படுத்துவதற்கும் உறுதியளிக்குமாறு இலங்கை அழைப்பு விடுக்கின்றது.
மேன்மை தங்கியவர்களே,
அத்தியாவசிய சேவைகளுக்கான விரிவான தொற்றுநோய் சார்ந்த தற்செயலான திட்டத்தின் அவசியத்தையும் இலங்கை வலியுறுத்துகின்றது. இத்தகைய திட்டங்களுக்கு அவ்வப்போது மதிப்பீடு மற்றும் திருத்தம் அவசியமாகின்றது.
மேலும், அபிவிருத்தியடைந்து வரும் தொற்று நோய் நிலைமைகளை மிகவும் திறம்பட மற்றும் திறமையாக முகாமைத்துவம் செய்வதற்காக பொது சுகாதார அமைப்புக்களை மீள்வடிவமைப்பு செய்வது அவசியமாவதுடன், அத்தகைய சவால்களை திறம்பட எதிர்கொள்வதற்காக மிகவும் வலுவான மற்றும் நெகிழ்வான சுகாதார உட்கட்டமைப்பை உறுதிசெய்வதற்கான தயார்நிலை மற்றும் பதிலளிப்புத் திறன்களை மேம்படுத்துகின்றது. பொது சுகாதார அமைப்புக்கள் மற்றும் அதிகாரிகள் மீது நம்பிக்கையை அதிகரிப்பதற்காக, பொது சுகாதாரக் கல்வி, அறிவு மற்றும் விழிப்புணர்வு ஆகியவை தேவை என்பதை அவதானிக்க வேண்டியது அவசியமானதாகும்.
மேன்மை தங்கியவர்களே,
எமது பலதரப்பு தொற்றுநோய் பதிலளிப்பில் மிகவும் பிரதிபலிக்கக்கூடி யதாக இருப்பதற்கு:
முதலாவதாக, மலிவு விலையில் தொற்றுநோய் தொடர்பான தயாரிப்புக்களை உற்பத்தி செய்வதற்கும், உடனடியாக வழங்குவதற்கும் உலகளாவிய திறன்களின் சமமான ஒதுக்கீடு மற்றும் விரிவாக்கத்தை உறுதிப்படுத்த உலக சுகாதார அமைப்பு ஒரு மையப்படுத்தப்பட்ட தளத்தை ஒருங்கிணைக்க வேண்டியது அவசியம். இது போதுமான, உடனடி மற்றும் பயனுள்ள தொற்றுநோய் தடுப்பு, தயார்நிலை, பதிலளிப்பு மற்றும் மீட்புத் திறன்கள் மற்றும் அவற்றின் செயற்பாட்டை உறுதி செய்யும்.
இரண்டாவதாக, திறந்த அணுகுமுறைகள் உட்பட, அபிவிருத்தியடைந்து வரும் நாடுகளின் பங்கேற்பை எளிதாக்கும் ஒத்துழைப்புக்கு உகந்த உலகளாவிய ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி சுற்றுச்சூழல் அமைப்பு அவசியமாகும். கோவிட் தொற்றுநோய் நிலையின் போது நாம் கண்ட சமத்துவமின்மை, குறிப்பாக ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி ஆராய்ச்சி தொடர்பான விடயங்கள் எதிர்காலத் தொற்றுநோய் நிலைகளின் போது மீண்டும் நடக்காது என நம்புகின்றோம்.
இந்த சந்திப்பு சர்வதேச மற்றும் பல்துறை ஒத்துழைப்புக்கான அரசியல் விருப்பத்தையும் எதிர்கால தொற்றுநோய் நிலைகளுக்கு மிகவும் சமமான பதிலை அடைவதற்கான அர்ப்பணிப்பையும் ஜெனீவா கலந்துரையாடல்ளுக்கான உறுதியான விளைவுகளையும் உருவாக்கும் என இலங்கை நம்புகின்றது.
நன்றி.