Foreign Minister Prof. G.L Peiris at an event held at the Foreign Ministry today (15), handed over a financial grant to the family of late Priyantha Kumara who was brutally killed by a mob in Sialkot area, Pakistan recently.
Minister Peiris, while expressing his deepest condolences to the family on the tragic death of Priyantha Kumara said that the prime concern at this moment is the future of the two children and the financial security of the family. In this regard, the Minister stated that he was in discussions with the Sri Lanka Insurance Corporation to obtain assistance for the family of the deceased. He further stated that he had requested the Pakistan Government to ensure timely receipt of financial benefits from the employer and the Government of Pakistan.
Minister Peiris mentioned that the Acting High Commissioner of Pakistan in Colombo informed that appropriate arrangements have been made in Pakistan to hear the case. The business community in Sialkot area has agreed to provide US$ 100,000 to the family of Priyantha Kumara.
The Foreign Minister further mentioned that Sri Lanka is closely monitoring the developments of the investigation and expecting that those responsible for the death would be speedily penalized by the law and justice will be served.
Foreign Secretary Admiral Prof. Jayanath Colombage and officials of the Foreign Ministry were present at the event.
Foreign Ministry
Colombo
15 December 2021
....................................
මාධ්‍ය නිවේදනය
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත මූල්‍ය ප්‍රදානයක් පිරිනමයි
මෑතකදී පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත අද දින (15) විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් මූල්‍ය ප්‍රදානයක් පිරිනමන ලදී.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඛේදනීය වියෝව සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත සිය බලවත් ශෝකය පළ කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මේ මොහොතේ දී ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ නැසීගිය ප්‍රියන්ත මහතාගේ දරුවන් දෙදෙනාගේ අනාගතය සහ පවුලේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම කෙරෙහි බව සඳහන් කළේ ය. මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, නැසීගිය ප්‍රියන්ත මහතාගේ පවුල වෙත උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ප්‍රකාශ කළේ ය. නැසීගිය ප්‍රියන්ත මහතාගේ සේවායෝජකයාගෙන් මෙන්ම පාකිස්තාන රජයෙන් හිමිවන වන්දි මුදල් සහ අනෙකුත් මූල්‍ය ප්රතිලාභ නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන ලෙස තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා පාකිස්තානය තුළ නිසි වැඩපිළිවෙලක් ස්ථාපනය කොට ඇති බව කොළඹ කේන්ද්‍ර කොටගත් පාකිස්තානයේ වැඩබලන මහ කොමසාරිස්වරයා දැනුම් දී ඇති බව අමාත්‍ය පීරිස් මැතිතුමා සඳහන් කළේ ය. ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත ඇමරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එකඟ වී ඇත.
ශ්‍රී ලංකාව මෙම විමර්ශනයේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන බවත්, මෙම මරණයට වගකිවයුත්තන්ට නීතිප්‍රකාරව කඩිනමින් දඬුවම් ලබා දීමෙන් අනතුරුව ඊට අදාළ යුක්තිය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 දෙසැම්බර් 15 වැනි දින
......................
ஊடக வெளியீடு
மறைந்த பிரியந்த குமாரவின் குடும்பத்திற்கான நிதியுதவியை வெளிநாட்டு அமைச்சர் பீரிஸ் கையளிப்பு
அண்மையில் பாகிஸ்தானின் சியால்கோட் பகுதியில் கலகக் கும்பலால் கொடூரமாகக் கொல்லப்பட்ட பிரியந்த குமாரவின் குடும்பத்திற்கான நிதியுதவியொன்றை வெளிநாட்டு அமைச்சில் இன்று (15) இடம்பெற்ற நிகழ்வில் வைத்து வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் கையளித்தார்.
பிரியந்த குமாரவின் மரணம் தொடர்பில் குடும்பத்தாருக்கு ஆழ்ந்த அனுதாபங்களைத் தெரிவித்த அமைச்சர் பீரிஸ், இந்த தருணத்தில் இரு பிள்ளைகளினதும் எதிர்காலம் மற்றும் குடும்பத்தினரின் நிதிப் பாதுகாப்பே கரிசனைக்குரிய பிரதான விடயமாகும் எனத் தெரிவித்தார். இதனடிப்படையில், உயிரிழந்தவரின் குடும்பத்திற்கான உதவிகளைப் பெற்றுக்கொள்வது தொடர்பில் இலங்கை காப்புறுதிக் கூட்டுத்தாபனத்துடன் கலந்துரையாடி வருவதாக அமைச்சர் குறிப்பிட்டார். தொழில்தருனர் மற்றும் பாகிஸ்தான் அரசாங்கத்திடமிருந்து நிதிப் பலன்கள் உரிய நேரத்தில் கிடைப்பதை உறுதி செய்யுமாறு பாகிஸ்தான் அரசாங்கத்திடம் கேட்டுக் கொண்டதாக அவர் மேலும் தெரிவித்தார்.
வழக்கை விசாரணை செய்வதற்காக பாகிஸ்தானில் உரிய ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளதாக கொழும்பிலுள்ள பாகிஸ்தான் பதில் உயர்ஸ்தானிகர் தெரிவித்ததாக அமைச்சர் பீரிஸ் குறிப்பிட்டார். பிரியந்த குமாரவின் குடும்பத்திற்கு 100,000 அமெரிக்க டொலர்களை வழங்குவதற்கு சியால்கோட் பிரதேச வர்த்தக சமூகம் இணக்கம் தெரிவித்துள்ளது.
விசாரணையின் முன்னேற்றங்களை இலங்கை உன்னிப்பாக அவதானித்து வருவதாகவும், மரணத்திற்குக் காரணமானவர்கள் விரைவாக சட்டத்தின் மூலம் தண்டிக்கப்பட்டு, நீதி நிலைநாட்டப்படும் என நம்புவதாகவும் வெளிநாட்டு அமைச்சர் மேலும் குறிப்பிட்டார்.
வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொலம்பகே மற்றும் வெளிநாட்டு அமைச்சின் அதிகாரிகள் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.
வெளிநாட்டு அமைச்சு,
கொழும்பு
2021 டிசம்பர் 15