The Embassy of Sri Lanka in Japan with the assistance of two award-winning Sri Lankan chefs organized a Sri Lankan cuisine competition for people in Japan. The competition received over 140 applications with a live video showing the preparation of their favorite Sri Lankan dish of which 45 contestants were chosen for the semifinals. The semifinals, consisting of 5 rounds of 9 contestants in each round, were conducted at a professional cooking studio. The judges picked two contestants from each round for the finals, which the Embassy hopes to air live in the future. The five semifinal rounds will be broadcasted at three to four week intervals through the Embassy’s Facebook account and other Japanese YouTube food channels. Competitors had one hour to prepare their favorite Sri Lankan dishes which included curries, short eats and desserts that were cooked and presented with creativity and exceptional quality. The Embassy hopes to fly down an internationally-acclaimed chef for the finals with the sponsorship of Sri Lankan Airlines and broadcast it through a popular local television station.
Embassy of Sri Lanka in Japan
Tokyo
02 February 2022
.......................................
මාධ්‍ය නිවේදනය
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපන් ජාතිකයින් සඳහා සජීවී ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරඟාවලියක් සංවිධානය කරයි
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්මානලාභී ශ්‍රී ලාංකීය සූපවේදීන් දෙදෙනෙකුගේ සහාය ඇතිව ජපන් ජාතිකයින් සඳහා ශ්‍රී ලාංකීය ආහාර පිසීමේ තරගාවලියක් සංවිධානය කළේය. ජපන් ජාතිකයින් විසින් සිය ප්‍රියතම ශ්‍රී ලාංකීය ආහාරපාන පිළියෙළ කරනු ලබන ආකාරය පෙන්වන සජීවී වීඩියෝවක් සමඟ 140කට අධික අයදුම්පත් සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා ලැබී තිබූ අතර ඉන් තරඟකරුවන් 45 දෙනෙකු අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. එක් වටයකට තරඟකරුවන් 9 දෙනෙකු බැගින් තරඟ වට 5කින් සමන්විත අර්ධ අවසන් පූර්ව වටය වෘත්තීය මට්ටමේ ඉවුම් පිහුම් මැදිරියක් තුළ පැවැත්විණි. එක් එක් තරඟ වටයේදී විනිසුරුවන් විසින් තරඟකරුවන් දෙදෙනෙක් බැගින් අවසාන මහා තරඟය සඳහා තෝරාගනු ලැබූ අතර එය ඉදිරියේ දී සජීවීව විකාශය කිරීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි. වට 5කින් සමන්විත වූ අර්ධ අවසන් පූර්ව වටය සති තුන හතරක කාලයක් තුළදී තානාපති කාර්යාලයේ ෆේස්බුක් ගිණුම සහ අනෙකුත් ආහාර පිසීමේ ජපාන යූ ටියුබ් නාලිකා හරහා විකාශය කෙරෙනු ඇත. මෙහිදී තරඟකරුවන්ට ව්‍යංජන, කෙටි කෑම සහ අතුරුපස ආදිය ඇතුළත් සිය ප්‍රියතම ශ්‍රී ලාංකීය කෑම වට්ටෝරුව නිර්මාණශීලීව සහ සුවිශේෂී ගුණාත්මක බවින් යුතුව පිළියෙළ කිරීමට පැයක කාලයක් හිමිව තිබිණි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනුග්‍රහය ඇතිව ජාත්‍යන්තරව පිළිගත් සූපවේදියෙකු අවසන් මහා තරගය සඳහා කැඳවීමට නියමිත අතර එය ජනප්‍රිය දේශීය රූපවාහිනී මධ්‍යස්ථානයක් හරහා ප්‍රචාරය කිරීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෝකියෝ
2022 පෙබරවාරි 02 වැනි දින
...........................................
ஊடக வெளியீடு
ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகம் ஜப்பானிய மக்களுக்கான நேரடி இலங்கை உணவுப் போட்டியை ஏற்பாடு
ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகம் இரண்டு விருது பெற்ற இலங்கை சமையல் கலைஞர்களின் உதவியுடன் ஜப்பானில் உள்ள மக்களுக்காக இலங்கை உணவு வகைப் போட்டியை ஏற்பாடு செய்தது. போட்டிக்கு 140க்கும் மேற்பட்ட விண்ணப்பங்கள் கிடைத்ததுடன், அதில் தமக்கு விருப்பமான இலங்கை உணவைத் தயாரிப்பதைக் காட்டும் நேரடி வீடியோவில் 45 போட்டியாளர்கள் அரையிறுதிக்குத் தேர்ந்தெடுக்கப்பட்டனர். ஒவ்வொரு சுற்றிலும் 9 போட்டியாளர்களையுடைய 5 சுற்றுக்கள் கொண்ட அரையிறுதிப்போட்டி தொழில்முறை சார்ந்த சமையல் ஸ்டுடியோவொன்றில் நடாத்தப்பட்டது. இறுதிப் போட்டிக்கு ஒவ்வொரு சுற்றிலிருந்தும் இரண்டு போட்டியாளர்களை நடுவர்கள் தேர்ந்தெடுத்ததுடன், எதிர்காலத்தில் நேரடியாக இதனை ஒளிபரப்பப்புவதற்கு தூதரகம் எதிர்பார்க்கின்றது. ஐந்து அரையிறுதிச் சுற்றுக்கள் தூதரகத்தின் பேஸ்புக் கணக்கு மற்றும் ஏனைய ஜப்பானிய யூடியூப் உணவுச் சேனல்கள் மூலம் மூன்று முதல் நான்கு வார இடைவெளியில் ஒளிபரப்பப்படும். போட்டியாளர்கள் தமக்கு விருப்பமான இலங்கை உணவுகளை தயார் செய்வதற்கு ஒரு மணிநேரம் வழங்கப்பட்டதுடன், அதில் கறிகள், குறுகிய உணவுகள் மற்றும் இனிப்பு வகைகள் சமைத்து படைப்பாற்றல் மற்றும் விதிவிலக்கான தரத்துடன் வழங்கப்பட்டன. ஸ்ரீலங்கன் எயார்லைன்ஸின் அனுசரணையுடன் சர்வதேச அளவில் புகழ்பெற்ற சமையல்கார்களை இறுதிப் போட்டிக்கு அழைத்து, பிரபல உள்ளூர் தொலைக்காட்சி நிலையத்தினூடாக ஒளிபரப்புவதற்கு தூதரகம் எதிர்பார்க்கின்றது.
ஜப்பானில் உள்ள இலங்கைத் தூதரகம்,
டோக்கியோ
2022 பிப்ரவரி 02