Donation of Medicine to Sri Lanka

Donation of Medicine to Sri Lanka

Responding to appeals for medicine, several Buddhist and religious organisations in Malaysia donated urgent medicine and medical items to Sri Lanka.

Karine Gheong representing Chi Hui Tang – Kuala Lumpur, Siew Nyoke Chow representing Yayasan Sin Chew & Best Wishes Foundation, Malaysia and Ven Jue Cheng, Chief Abbess of the BLIA & Fo Guang Shan Malaysia handed over a consignment of medicine worth  US $ 54046.26 to High Commissioner of Sri Lanka to Malaysia  Air Chief Marshall (Retd) Sumangala Dias at the Chancery premises on 14 June, 2022. The consignment was sent by Sri Lankan Airlines from Kuala Lumpur to Colomb on 20 June, 2022.

Deputy High Commissioner Dilani Weerakoon and Second Secretary (Commerce) Mekhala Abeykoon were also present at the handing over event.

High Commission of Sri Lanka

Kuala Lumpur

29 June, 2022

......................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කිරීම

ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මැලේසියාවේ බෞද්ධාගමික හා ආගමික සංවිධාන කිහිපයක්, ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කළහ.

ක්වාලාලම්පූර් හි චි හුයි ටැංග් ආයතනය නියෝජනය කළ කෙරීන් ගියොන්ග් මහත්මිය, මැලේසියාවේ යයාසාන් සින් චූ ඇන්ඩ් බෙස්ට් විශස් පදනම නියෝජනය කළ සිව් න්යෝක් චෝ මහත්මිය සහ BLIA සහ ෆෝ ගුවැන්ග් ශාන් මැලේසියා ආශ්‍රමයේ ආශ්‍රමාධිපති  ජූ චෙන්ග් තෙරණිය, ඇ.ඩො. 54046.26 ක වටිනාකමින් යුත් මෙම ඖෂධ තොගය මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුමංගල ඩයස් මැතිතුමා වෙත 2022 ජූනි 14 වැනි දින චාන්සරි පරිශ්‍රයේ දී භාර දුන්හ. මෙම ඖෂධ තොගය 2022 ජූනි 20 වැනි දින, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් ක්වාලාලම්පූර් සිට කොළඹ වෙත එවන ලදි.

මෙම ඖෂධ තොගය භාරදීමේ අවස්ථාව සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ඩිලානි වීරකෝන් මහත්මිය සහ දෙවැනි ලේකම් (වාණිජ්‍ය) මේඛලා අබේකෝන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලාම්පූර්

2022 ජූනි 29 වැනි දින

....................................................

ஊடக வெளியீடு

 இலங்கைக்கு மருந்துப்பொருட்கள் நன்கொடை

மருந்துப்பொருட்களுக்கான வேண்டுகோளுக்கு பிரதிபலிக்கும் முகமாக, மலேசியாவில் உள்ள பல பௌத்த மற்றும் மத அமைப்புக்கள் இலங்கைக்கு அவசர மருந்து மற்றும் மருத்துவப் பொருட்களை நன்கொடையாக வழங்கின.

சி ஹூய் டாங் - கோலாலம்பூரைப் பிரதிநிதித்துவப்படுத்தும் கரீன் கியோங் அம்மணி, மலேசியாவின் யயாசன் சின் செவ் மற்றும் பெஸ்ட் விஷ்ஸ் அறக்கட்டளையைப் பிரதிநிதித்துவப்படுத்தும் திருமதி. சிவ் நியோக் செவ் மற்றும் ப்லியா மற்றும் போ குவாங் ஷான் மலேசியாவின் தலைமை மடாதிபதியான வென் ஜூ செங்க் ஆகியோர் 54046.26 அமெரிக்க டொலர் பெறுமதியான மருந்துப் பொருட்களை மலேசியாவுக்கான இலங்கை உயர்ஸ்தானிகரிடம் எயார் சீஃப் மார்ஷல் (ஓய்வு பெற்ற) சுமங்கல டயஸ் அவர்களிடம் 2022 ஜூன் 14ஆந் திகதி சான்சரி வளாகத்தில் வைத்து கையளித்தார். இந்த சரக்கு 2022 ஜூன் 20ஆந் திகதி கோலாலம்பூரில் இருந்து கொழும்புக்கு ஸ்ரீலங்கன் எயார்லைன்ஸால் அனுப்பப்பட்டது.

கையளிக்கும் நிகழ்வில் பிரதி உயர்ஸ்தானிகர் திருமதி. டிலானி வீரகோன் மற்றும் இரண்டாம் செயலாளர் (வர்த்தகம்) செல்வி. மேகலா அபேகோன் ஆகியோரும் கலந்துகொண்டனர்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

கோலாலம்பூர்

2022 ஜூன் 29

Print Friendly, PDF & Email
Please follow and like us:

Close