Dhana in memory of late Minister Lakshman Kadirgamar

Dhana in memory of late Minister Lakshman Kadirgamar

The Embassy and Permanent Mission of Sri Lanka organized an alms giving (Dhana) on 14 May 2023 at the Embassy premises.

The Dhana was held in memory of the late Lakshman Kadirgamar, former Foreign Minister of Sri Lanka. Late Minister Kadirgamar brought a proposal to the United Nations General Assembly to give international recognition for the day of Vesak. Consequently, Vesak was declared a Day of Observance by the General Assembly Resolution in 1999.

The ceremony was attended by 40 Buddhist monks from Sri Lanka, Austria, Malaysia, Germany, Greece, Switzerland, Cyprus, Denmark, France, Norway, Sweden and Italy who were in Vienna for the inaugural assembly of Sri Lankan Bhikkhu Association in Europe.

Maha Sanga conducted religious observances and invoked blessings on war heroes and the people of Sri Lanka.

The Diplomatic Corps, delegates of Austrian Buddhist Union and dignitaries attended the event.

Embassy and Permanent Mission of Sri Lanka

Vienna

16 May 2023

 

.........................

මාධ්‍ය නිවේදනය

දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා වෙනුවෙන් පවත්වන ලද දානමය පිංකම

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2023 මැයි 14 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී දානමය පිංකමක් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයකු වන, දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා සිහිකිරීම පිණිස මෙම දානමය පිංකම සංවිධානය කරන ලදී. වෙසක් දිනය සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීම සඳහා වූ යෝජනාවක් දිවංගත අමාත්‍ය කදිරගාමර් මැතිතුමා විසින් එවකට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත යොමු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, 1999 වසරේ දී ඉදිරිපත් කළ මහා සභා යෝජනාව හරහා වෙසක් දිනය සැමරුම් දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ සමාරම්භක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව, ඔස්ට්‍රියාව, මැලේසියාව, ජර්මනිය, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය, සයිප්‍රසය, ඩෙන්මාර්කය, ප්‍රංශය, නෝර්වේ, ස්වීඩනය සහ ඉතාලිය යන රටවල සිට වියානා නුවරට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 40 දෙනෙකු මෙම දානමය පිංකම සඳහා සහභාගී වූහ.

මෙහිදී ආගමික වතාවත්වල නිරත වූ මහා සංඝරත්නය, රණවිරුවන් සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙත සෙත් පැතූ හ.

රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, ඔස්ට්‍රියානු බෞද්ධ සංගමයේ නියෝජිතයින් සහ සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 මැයි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close