The Director-General of the United Nations Educational, Scientific and Cultural Organization (UNESCO) Audrey Azoulay will visit Sri Lanka from 16 – 19 July 2024 at the invitation of the Government of Sri Lanka.
During the visit, Director-General Azoulay will call on President Ranil Wickremesinghe and will have meetings with Minister of Education Susil Premajayantha and Actg. Minister of Foreign Affairs Tharaka Balasuriya. She will take part at the celebration of the 75th Anniversary of Sri Lanka’s Membership of UNESCO at the Nelum Pokuna Theatre and travel to UNESCO World Heritage Sites.
Ministry of Foreign Affairs
Colombo
12 July 2024
......................
මාධ්‍ය නිවේදනය
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
ඇය, ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමටද නියමිතය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ