Sri Lanka hosts the First Meeting of the Mangrove Ecosystems and Livelihood Action Group under the Commonwealth Blue Charter

Sri Lanka hosts the First Meeting of the Mangrove Ecosystems and Livelihood Action Group under the Commonwealth Blue Charter

26
Group Photo at the Inaugural Event

 

The First Meeting of the Mangrove Ecosystems and Livelihood Action Group (MELAG) Under the Commonwealth Blue Charter, was held from 7 to 9 October 2019 in Negombo, Sri Lanka.

During the Commonwealth Heads of Government meeting 2018 held in London, realizing the importance of mangroves, at a time when Sri Lanka is ranked as No. 2 in the Global Climate Risk Index, Sri Lanka committed to champion the Mangrove Ecosystems and Livelihoods Action Group (MELAG) of the Commonwealth Blue Charter. Sri Lanka is one of 12 countries that stepped forward to lead nine ‘Action Groups’ under the Blue Charter – a commitment made by the 53 Commonwealth member states to work together to solve ocean-related problems. ‘Champion’ countries of the Commonwealth Blue Charter are laying the groundwork for joint action and robust, innovative strategies to tackle the world’s most pressing ocean issues.

As of August 2019, Sri Lanka has been joined by eight other Commonwealth countries, namely Australia, Bangladesh, Vanuatu, Bahamas, Nigeria, Jamaica, Trinidad and Tobago and United Kingdom. MELAG aims to share best practice and expand mutual cooperation in the conservation and sustainable utilization of mangroves and aims to develop a basic database of mangrove ecosystems in the Commonwealth including categories of ownership and species diversity, share technical know-how and best practice on the restoration of mangroves and the value of mangrove ecosystems to coastal livelihoods, strengthen community partnerships relating to mangrove ecosystems and develop strategies to strengthen legal frameworks for the conservation of mangroves.

Mangroves are among the most rare and threatened ecosystems today. More than a third of the world’s mangrove forests have disappeared in the last two decades. Mangroves provide multiple benefits that are important to mankind. This includes the absorption and sequestration of carbon dioxide from the atmosphere, provides a habitat for many species of plants and animals, nursery grounds for many fauna, including species important for fisheries and it prevents coastal erosion and mitigates adverse impacts of climate change. Further, most significantly, the carbon sequestration ability of mangrove ecosystems is, on average, 3 to 4 times higher than tropical upland forests. It is therefore, amply evident that mangroves make an immense contribution to our planet’s sustenance, livelihood enhancement, carbon sinks and climate change impact and disaster mitigation.
Inaugurating the Meeting, Mr. Ahmed A Jawad, Actg. Secretary of Foreign Affairs emphasized that “We are entering an era where the very survival of humanity depends on our action. Planet earth depends upon us to make the right choices now. By taking steps to uphold the spirit of the Commonwealth Blue Charter, by ensuring that the Commonwealth takes a fair, equitable, inclusive and sustainable approach to ocean economic development and protection, we can derive greater benefits for the welfare of our people and future generations”. Given these circumstances, he further emphasized that a coordinated approach and a well concerted effort to achieve the full potential is essential and that we have the unique opportunity to contribute to a process, towards a sustainable future, for our future generations.
Speaking at the opening ceremony, Mr. Mapa Pathirana, Actg. Secretary of the Ministry of Mahaweli Development and Environment highlighted efforts already taken by Sri Lanka to preserve and restore mangrove habitats. Mr. Pathirana further emphasized the various steps the Ministry has initiated in that direction, including designing and implementation of a robust mangrove restoration program in collaboration with stakeholders, especially after Sri Lanka took the responsibility to champion the initiative on mangroves. Among key achievements are establishment of a Special Task Force for Mangrove Restoration, drafting a dedicated National Policy and Guidelines on conservation and sustainable utilization of mangrove ecosystems, and pursuing a special cabinet decision aiming at preventing conversion of mangrove areas to other land uses.
The three day event was mainly focused on identifying current status, best practices and failures, gaps in achieving sustainable mangrove ecosystems that supports livelihoods of coastal communities in the participating countries, while comparing the strengths and weaknesses across the different regions of the world. Giving due recognition for stakeholder engagement at all levels, some of the Sri Lankan private sector and community based organizations involved in mangrove restoration activities were invited to make presentations to share their expertise and experiences. Further, the Terms of Reference was finalized and interactive sessions contributed to synthesis information needed to draft the Action Plan.
Sessions were facilitated by Adviser for Commonwealth Blue Charter of the Commonwealth Secretariat Heidi Prislan, Principal Research Scientist of Commonwealth Scientific and Industrial Research Organization (CSIRO) of Australia Dr. Mat Vanderklift and Director General, Ocean Affairs, Environment and Climate Change of the Ministry of Foreign Affairs Ms. Hasanthi Urugodawatte Dissanayake. The Sri Lankan participants included officials responsible for mangrove conservation and restoration activities from the Ministry of Mahaweli Development and Environment and academic experts on mangroves.
Deliberations were limited to two days with a one-day field visit to Seacology - Sudeesa Mangrove Museum, world’s first mangrove museum, mangrove nurseries and mangrove replanted sites under the care of the Forest Department. Further, visits were made to degraded mangrove sites (abandoned shrimp farms) and pristine mangrove sites. The delegates also joined in re-planting of saplings of a mangrove species in Kalpitiya.
This meeting also was a unique opportunity for Sri Lanka’s engagement with a few Caribbean nations, beyond the connections made through cricket.
The Ministry of Foreign Affairs in collaboration with the Ministry of Mahaweli Development and Environment organized the First Meeting of the Mangrove Ecosystems and Livelihood Action Group (MELAG) Under the Commonwealth Blue Charter. The Meeting was also supported by the Commonwealth Secretariat and Commonwealth Scientific and Industrial Research Organization (CSIRO) of Australia.

 

Ministry of Foreign Affairs
Colombo
11 October 2019

11

Welcome Address by Actg. Secretary Foreign Affairs, Ahamed A Jawad

Pic3

Mangrove Replanting by a participant during the Field Visit

All-focus

Group Discussion during the Meeting led by Director General, Ocean Affairs, Environment and Climate Change of the Ministry of Foreign Affairs Ms. Hasanthi Urugodawatte Dissanayake

Pic5

Presentation by the Kenyan Delegate

-----------------------------------------

 

මාධ්‍ය නිවේදනය

පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ පළමු රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම, 2019 ඔක්තෝබර් 7 සිට 9 දක්වා දිනවලදී ශ්‍රී ලංකාවේ මීගමුවේ දී පවත්වන ලදී.

2018 වසරේ දී ලන්ඩනයේ දී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමේ දී, ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණික අවධානම් දර්ශකයේ 2 වැනි ස්ථානය හිමිකර ගන්නා අවධියක, කඩොලානවල වැදගත්කම අවබෝධකර ගනිමින්, ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට සහය පළ කිරීම සඳහා ඇප කැපවන බව ප්‍රකාශ කළාය. සාගර ආශ්‍රිත ගැටලු විසඳීමට සාමූහිකව කටයුතු කිරීම සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53නේ ප්‍රතිඥාව වන නිල් ප්‍රඥප්තිය යටතේ වූ “ක්‍රියාකාරී කණ්ඩායම්“ නමය මෙහෙයවීම සඳහා ඉදිරියට පැමිණ ඇති රටවල් 12 අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ පෙරමුණ ගන්නා රටවල්, ලෝකයේ දැඩි පීඩනයක් එල්ල කරන සාගර ගැටලු පිළිබඳව කටයුතු කිරීමේ ඒකාබද්ධ කටයුතු හා ශක්තිමත්, නවෝත්පාදන උපාය මාර්ග සඳහා පදනම දමමින් සිටියි.

2019 අගෝස්තු මාසය වන විට, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, වනවාටු, බහමාස්, නයිජීරියාව, ජැමෙයිකාව, ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටු බැගෝ හා එක්සත් රජධානිය යන අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අට සමඟ ශ්‍රී ලංකාව ද එක් වී හමාරය. කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ විශිෂ්ට පරිචයන් බෙදා හදා ගැනීමට සහ අන්‍යොන්‍ය සහයෝගීතාව පුළුල් කිරීමට ද, හිමිකාරත්වය හා විශේෂ විවිධත්වය, කඩොලාන ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ තාක්ෂණික දැනුම හා විශිෂ්ට පරිචය බොදා හදා ගැනීම සහ වෙරළබඩ ජීවනෝපාය සඳහා කඩොලාන පරිසර පද්ධතියේ ඇති වටිනාකම, කඩොලාන පරිසර පද්ධතිවලට අදාළව ප්‍රජා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම හා කඩොලාන සංරක්ෂණය හා නෛතික රාමු ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග සැකසීම යන ප්‍රවර්ග ඇතුළත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල කඩොලාන පරිසර පද්ධතිවල මූලික දත්ත පාදකයක් සැකසීමට ද මෙම කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ, අරමුණ වෙයි.

කඩොලාන අද පවත්නා ඉතාමත් ම විරල හා තර්ජනයට ලක්ව ඇති පරිසර පද්ධතියක් වෙයි. ලෝකයේ කඩොලාන වනාන්තරවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් පසුගිය දශක දෙක මුළුල්ලේ දී විනාශ වී ගොස් තිබේ. එම කඩොලානවලින් මනුෂ්‍ය වර්ගයාට වැදගත් වන බහුවිධ වූ වාසි අත් කර දෙයි. පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම හා අවශෝෂණය, ශාක සහ සත්ත්ව විශේෂ බොහෝමයකට වාසස්ථානයක් සැපයීම, ධීවර කටයුතු සඳහා වැදගත්වන මත්ස්‍ය විශේෂ ඇතුළුව සත්ත්ව විශේෂ බොහෝමයගේ බෝවීමට යෝග්‍ය ස්ථාන සැපයීම සහ වෙරළබඩ ඛාදනය වැළැක්වීම සහ දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම අඩු කිරීම මේ අතර වෙයි. තවද, කඩොලාන මඟින් පරිසරයේ ඇති කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව නිවර්තන කඳුකර වනාන්තරවලින් කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව මෙන් තුන් හතර ගුණයකින් වැඩිය. එහෙයින්, එය, පෘථිවියේ තිරසර පැවැත්ම, ජීවනෝපාය නගා සිටවීම, කාබන් ප්‍රමාණය අඩු කිරීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම සහ ඉන් ඇති වන විනාශයේ ප්‍රමාණය අඩු කිරීම සඳහා කඩොලාන මඟින් අති විශාල දායකත්වයක් ලබා දෙන බවට කදිම නිදසුනක් වෙයි.

“මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම අපගේ ක්‍රියාකාරකම් මත රදාපවතින යුගයකට අපි පිවිසෙමින් සිටිමු. අපි නිවැරදි තෝරා ගැනීම් සිදු කරනු ඇතැයි පෘථිවිතලය අපේක්ෂා කරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ හරය සුරැකීම සඳහා පියවර ගනිමින්, සාගර ආර්ථික සංවර්ධනය සහ ආරක්ෂාව උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලය සාධාරණ, යුක්ති සහගත, සියල්ල ඇතුළත් හා තිරසර ප්‍රවේශයක් ලබා ගන්නා  බව තහවුරු කරමින් අපගේ ජනතාව හා අනාගත පරම්පරාවන්ගේ සුභ සිද්ධිය උදෙසා මහත් වූ ප්‍රතිලාභ අපට ලබා ගත හැකිය.“ යනුවෙන් මෙම රැස්වීම සමාරම්භණය කරමින් වැඩ බලන විදේශ කටයුතු ලේකම් අහ්මඩ් ඒ ජවාඩ් මහතා අවධාරණය කළේය. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මේ යටතේ ලබා ගත හැකි සියල්ල ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් හා හොඳින් පෙළගස්වන ලද ප්‍රයත්නයක් යෙදීම අත්‍යවශ්‍ය වන බවත් අපගේ අනාගත පරම්පරාව සඳහා, තිරසර අනාගතයක් උදෙසා දායකවීමට සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවක් අපට උදා වී ඇති බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

මෙහි ආරම්භක උත්සවය අමතමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් මාපා පතිරණ මහතා, කඩොලාන වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් දැනටමත් ගනු ලැබ ඇති ප්‍රයත්න පිළිබඳව අවධාරණය කළේය. විශේෂයෙන්, ශ්‍රී ලංකාවට කඩොලාන පිළිබඳ වැඩසටහන මෙහෙයවීමට වගකීම ලැබීමෙන් පසුව, ශක්තිමත් කඩොලාන ප්‍රතිෂ්ඨාපන වැඩසටහනක් පාර්ශ්වකරුවන් සමඟ සාමූහිකව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ පියවර රැසක් අමාත්‍යාංශය ගෙන ඇති බව පතිරණ මහතා තවදුරටත් අවධාරණය කළේය. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම, කඩොලාන පරිසර පද්ධතිවල සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා කැප වූ ජාතික ප්‍රතිපත්තියක් හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සහ කඩොලාන පවතින ප්‍රදේශ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීම අරමුණු කරගනිමින් විශේෂ කැබිනට් තීරණයක් ගැනීමේ කටයුතු සිදු කිරීම මේ සම්බන්ධයෙන් ලබා ගෙන ඇති ජයග්‍රහණ අතර වේ. ලෝකයේ විවිධ කළාපවල පවත්නා ශක්තීන් හා දුර්වලතා සංසන්දනය කරමින්,

වර්තමාන තත්ත්වය, විශිෂ්ට පරිචය හා අසාර්ථකවීම්, මේ සඳහා සහභාගීවන රටවල වෙරළාසන්න ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සඳහා රුකුලක් වන තිරසර කඩොලාන පරිසර පද්ධති ඇති කරලීමේ දී ඇති වන හිඩැස් හදුනා ගැනීම කෙරෙහි මෙම තෙදින රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු කරන ලදී. සියලු මට්ටම්වලදී හවුල්කාරීත්ව කටයුතු සඳහා නිසි පිළිගැනීම ලබා දෙමින්, කඩොලාන ප්‍රතිෂ්ඨාපන කටයුතුවල නියැලී සිටින ශ්‍රී ලාංකික පෞද්ගලික අංශ හා ප්‍රජාවන් පාදක කොටගත් සංවිධානවලට ඔවුන්ගේ විශේෂඥභාවය හා අත්දැකීම් බෙදා හදා ගැනීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන ලදී. තවද, අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ සකසන ලද අතර අන්තර් ක්‍රියාකාරීත්ව සැසිවාර මඟින් ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍යවන තොරතුරු සංස්ලේෂණය සඳහා දායකත්වය ලබා දුණි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය සඳහා උපදේශක හෙයිඩි ප්‍රිස්ලාන්, ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය මැට් වැන්ඩර්ක්ලිප්ට් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති ඔරුගොඩවත්ත දිසානායක යන මහත්ම මහත්මීන් විසින් මෙම සැසිවාර සඳහා පහසුකම් සලසන ලදි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ  කඩොලාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ වගකීම දරන නිලධාරීහු සහ කඩොලාන පිළිබඳ අධ්‍යයන විශේෂඥයෝ මීට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස අතර වූහ.

මෙහිදී සාකච්ඡා දෙදිනකට සීමා වූ අතර වන ජීවි දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ ඇති ලොව පළමු කඩොලාන කෞතුකාගාරය වන සීකොලොජි - සූධීස කඩොලාන කෞතුකාගාරය, කඩොලාන පැළ තවාන හා කඩොලාන නැවත සිටුවන ලද බිම් නැරඹීමට එක් දින විශේෂ චාරිකාවක නියැලිණි. තවද, විනාශ මුඛයට ඇද වැටී ඇති කඩොලාන බිම් (අත්හරින ලද ඉස්සෝ වගාවන්) සහ මුල් තත්ත්වයේ ම පැවතෙන කඩොලාන බිම් නැරඹීමට ද යන ලදී. කල්පිටියේ, කඩොලාන විශේෂවල අංකුර නැවත සිටුවීමේ ක්‍රියාවලියට ද එම නියෝජිතයෝ එක් වූහ.

මෙම රැස්වීම, ක්‍රිකට් ක්‍රීඩාව හරහා පවන්වන ලද සම්බන්ධතාවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවට, කැරිබියානු රටවල් කීපයක් සමඟ කටයුතු කිරීමට ලැබුණු  සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවක් විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව, පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම සංවිධානය කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය විද්‍යාත්මක හා කර්මාන්ත පර්යේෂණ සංවිධානය (CSIRO) විසින් ද මෙම රැස්වීම සඳහා සහය ලබා දෙන ලදි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝබර් 11 වැනි දින
-----------------------------------------

 

ஊடக வெளியீடு

 

பொதுநலவாய நீல சாசனத்தின் கீழ் சதுப்புநில சூழலமைப்புகள் மற்றும் வாழ்வாதார நடவடிக்கைக் குழுவின் முதலாவது கூட்டத்தை இலங்கை நடாத்தியது

 

பொதுநலவாய நீல சாசனத்தின் கீழ் சதுப்புநில சூழலமைப்புகள் மற்றும் வாழ்வாதார நடவடிக்கைக் குழுவின் (MELAG) முதலாவது கூட்டம், இலங்கையின் நீர்கொழும்பில் 2019 அக்டோபர் 7 முதல் 9 வரை நடைபெற்றது.

உலகளாவிய காலநிலை இடர் குறியீட்டில் இலங்கை 2 வது இடத்தைப் பிடித்திருக்கும் நேரத்தில், சதுப்பு நிலங்களின் முக்கியத்துவத்தை உணர்ந்து, லண்டனில் நடைபெற்ற 2018 பொதுநலவாய தலைவர்கள் கூட்டத்தின் போது,  பொதுநலவாய நீல சாசனத்தின் சதுப்புநில சூழலமைப்புகள் மற்றும் வாழ்வாதார நடவடிக்கைக் குழுவிற்காக (MELAG) இலங்கை முனைப்புடன் செயற்பட்டது. கடல் தொடர்பான பிரச்சினைகளை தீர்ப்பதற்காக 53 பொதுநலவாய உறுப்பு நாடுகள் ஒன்றிணைந்து செயற்பட வேண்டும் என்ற உறுதிப்பாடான நீல சாசனத்தின் கீழ் ஒன்பது 'செயற்குழுக்களை' வழிநடத்த முன்வந்த 12 நாடுகளில் இலங்கையும் ஒன்றாகும். பொதுநலவாய நீல சாசனத்தின் 'சாம்பியன்' நாடுகள், உலகின் மிக முக்கியமான கடல் பிரச்சினைகளை எதிர்கொள்வதற்கான கூட்டு நடவடிக்கை மற்றும் வலுவான, புது உத்திகளுக்கு அடித்தளத்தை அமைத்து வருகின்றன.

ஆகஸ்ட் 2019 நிலவரப்படி, அவுஸ்திரேலியா, பங்களாதேஷ், வனவாடு, பஹாமாஸ், நைஜீரியா, ஜமைக்கா, டிரினிடாட் மற்றும் டொபாகோ மற்றும் ஐக்கிய இராச்சியம் ஆகிய எட்டு பொதுநலவாய நாடுகளுடன் இலங்கை இணைந்துள்ளது. உரிமைத்துவம் மற்றும் இனங்களின் பன்முகத்தன்மை, சதுப்பு நிலங்களை மீட்டெடுப்பது மற்றும் சதுப்புநில சூழலமைப்புகளின் கடலோர வாழ்வாதாரங்களுக்கு தொழில்நுட்ப அறிவு மற்றும் சிறந்த நடைமுறையைப் பகிர்ந்து கொள்ளுதல், சதுப்புநில சுற்றுச்சூழல் அமைப்புகள் தொடர்பான சமூக கூட்டாண்மைகளை வலுப்படுத்துதல் மற்றும் சதுப்பு நிலங்களை பாதுகாப்பதற்கான சட்டக் கட்டமைப்பை வலுப்படுத்த உத்திகளை உருவாக்குதல் போன்றன உள்ளடங்கலாக, சிறந்த நடைமுறையைப் பகிர்ந்து கொள்வதையும், சதுப்பு நிலங்களின் பாதுகாப்பு மற்றும் நிலையான பயன்பாட்டில் பரஸ்பர ஒத்துழைப்பை விரிவுபடுத்துவதையும், பொதுநலவாய நகரில் சதுப்புநில சூழலமைப்புகளின் அடிப்படைத் தரவுத்தளத்தை உருவாக்குவதையும் MELAG நோக்கமாகக் கொண்டுள்ளது.

சதுப்புநிலங்கள் இன்று மிகவும் அரிதான மற்றும் அச்சுறுத்தப்பட்ட சுற்றுச்சூழல் அமைப்புகளில் ஒன்றாகும். உலகின் சதுப்புநில காடுகளில் மூன்றில் ஒரு பங்கு கடந்த இரண்டு தசாப்தங்களில் மறைந்துவிட்டது. சதுப்புநிலங்கள் மனிதகுலத்திற்கு முக்கியமான பல நன்மைகளை வழங்குகின்றன. வளிமண்டலத்திலிருந்து கார்பன் டையொக்சைட்டை உறுஞ்சுதல் மற்றும் பிரித்தெடுத்தல், பல வகையான தாவரங்கள் மற்றும் விலங்குகளுக்கு ஒரு வாழ்விடத்தை வழங்குதல், மீன்வளத்திற்கு முக்கியமான இனங்கள் உட்பட பல விலங்கினங்களுக்கு நாற்றங்கால் மைதானமாக அமைதல் மற்றும் கடலோர அரிப்பைத் தடுத்து, காலநிலை மாற்றத்தின் பாதகமான தாக்கங்களைத் தணித்தல் ஆகியவற்றை உள்ளடக்குகின்றது. மேலும், மிக முக்கியமாக, சதுப்புநில சூழலமைப்புகளின் கார்பன் பிரித்தெடுத்தல் திறனானது, வெப்பமண்டல நிலப்பரப்பு காடுகளை விட சராசரியாக 3 முதல் 4 மடங்கு அதிகமாகும். ஆகவே, எமது கிரகத்தின் வாழ்வாதாரம், வாழ்வாதார மேம்பாடு, கார்பன் தணிப்பு மற்றும் காலநிலை மாற்றத்தின் தாக்கம் மற்றும் பேரழிவைத் தணித்தல் போன்றவற்றில் சதுப்பு நிலங்கள் மகத்தான பங்களிப்பைச் செய்கின்றன என்பது தெளிவாகின்றது.

கூட்டத்தை ஆரம்பித்து வைக்கையில், 'மனிதகுலத்தின் உயிர்வாழ்வு எமது செயலைப் பொறுத்தது. இப்போது சரியான தேர்வுகளை மேற்கொள்வதற்கு பூமி நம்மை சார்ந்துள்ளது. பொதுநலவாய நீல சாசனத்தின் உணர்வை நிலைநிறுத்துவதற்கான நடவடிக்கைகளை மேற்கொள்வதன் மூலம், பொதுநலவாய கடல் பொருளாதார வளர்ச்சி மற்றும் பாதுகாப்பிற்கு நியாயமான, சமமான, அனைத்தையும் உள்ளடக்கிய மற்றும் நிலையான அணுகுமுறையை எடுப்பதை உறுதி செய்வதன் மூலம், எமது மக்கள் மற்றும் எதிர்கால தலைமுறையினரின் நலனுக்காக அதிக நன்மைகளைப் பெற முடியும்' என பதில் வெளிவிவகார செயலாளர் திரு. அகமத் ஏ. ஜவாத் வலியுறுத்தினார். இந்த சூழ்நிலைகளின் அடிப்படையில், ஒரு ஒருங்கிணைந்த அணுகுமுறையும், முழுமையான திறனை அடைவதற்கான நன்கு ஒருங்கிணைந்த முயற்சியும் அவசியம் என்றும், எமது எதிர்கால சந்ததியினருக்காக ஒரு நிலையான எதிர்காலத்தை நோக்கிய செயல்முறையொன்றுக்கு பங்களிப்பதற்கான தனித்துவமான வாய்ப்பு எமக்கு உள்ளது என்றும் அவர் மேலும் வலியுறுத்தினார்.

தொடக்க விழாவில் உரையாற்றிய மகாவலி அபிவிருத்தி மற்றும் சுற்றுச்சூழல் அமைச்சின் பதில் செயலாளர் திரு. மாபா பத்திரன, சதுப்புநில வாழ்விடங்களை பாதுகாக்கவும் மீட்டெடுக்கவும் இலங்கை ஏற்கனவே மேற்கொண்ட முயற்சிகள் குறித்து எடுத்துரைத்தார். குறிப்பாக இலங்கை சதுப்புநிலங்கள் மீதான முயற்சியை முன்னெடுக்கும் பொறுப்பை ஏற்றுக்கொண்டதன் பின்னர், பங்குதாரர்களுடன் இணைந்து ஒரு வலுவான சதுப்புநில மறுசீரமைப்புத் திட்டத்தை வடிவமைத்தல் மற்றும் செயற்படுத்துதல் ஆகியன உள்ளங்கலாக, அந்த விடயத்தில் அமைச்சு ஆரம்பித்துள்ள பல்வேறு நடவடிக்கைகளை திரு. பத்திரன மேலும் வலியுறுத்தினார். முக்கியமான சாதனைகளில், சதுப்புநில மறுசீரமைப்பிற்கான ஒரு சிறப்புப் பணிக்குழுவை நிறுவுதல், சதுப்புநில சூழலமைப்புகள் அமைப்புகளின் பாதுகாப்பு மற்றும் நிலையான பயன்பாடு குறித்த பிரத்யேக தேசிய கொள்கை மற்றும் வழிகாட்டுதல்களை உருவாக்குதல் மற்றும் சதுப்புநிலப் பகுதிகளை மற்ற நிலப் பயன்பாடுகளுக்கு மாற்றுவதைத் தடுக்கும் நோக்கில் ஒரு சிறப்பு அமைச்சரவைத் தீர்மானத்தைப் பெறுதல் போன்றன உள்ளடங்கும்.

உலகின் பல்வேறு பிராந்தியங்களில் உள்ள பலம் மற்றும் பலவீனங்களையும் ஒப்பிட்ட அதே வேளையில், பங்கேற்கும் நாடுகளில் கடலோர சமூகங்களின் வாழ்வாதாரத்தை ஆதரிக்கும் நிலையான சதுப்புநில சூழலமைப்புகளை அடைவதற்கான தற்போதைய நிலை, சிறந்த நடைமுறைகள், தோல்விகள் மற்றும் இடைவெளிகளை அடையாளம் காண்பதில் இந்த மூன்று நாள் நிகழ்வு முக்கியமாக கவனம் செலுத்தியது. அனைத்து மட்டங்களிலும் பங்குதாரர்களின் ஈடுபாட்டிற்கு உரிய அங்கீகாரத்தை வழங்கி, இந்தப் பணிகளில் ஈடுபட்டுள்ள சமூக அடிப்படையிலான நிறுவனங்கள் தமது நிபுணத்துவம் மற்றும் அனுபவங்களைப் பகிர்ந்து கொள்வதற்காக விளக்கக்காட்சிகளை வழங்குவதற்கு அழைக்கப்பட்டன. மேலும், குறிப்பு விதிமுறைகள் இறுதி செய்யப்பட்டு, செயற்றிட்டத்தை உருவாக்கத் தேவையான தொகுக்கப்பட்ட தகவல்களுக்கு, ஊடாடும் அமர்வுகள் பங்களித்தன.

பொதுநலவாய செயலகத்தின் பொதுநலவாய நீல சாசனத்திற்கான ஆலோசகர் ஹெய்டி பிரிஸ்லன், அவுஸ்திரேலியாவின் பொதுநலவாய அறிவியல் மற்றும் தொழில்துறை ஆராய்ச்சி அமைப்பின் (CSIRO) முதன்மை ஆராய்ச்சி விஞ்ஞானி கலாநிதி மெட் வண்டர்க்லிஃப்ட் மற்றும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் கடல் விவகாரங்கள், சுற்றுச்சூழல் மற்றும் காலநிலை மாற்றப் பிரிவின் பணிப்பாளர் நாயகம் ஹசந்தி உருகொடவத்த திசாநாயக்க ஆகியோர் இந்த அமர்வுகளின் போது கலந்து கொண்டனர். இலங்கையிலிருந்து பங்கேற்றவர்களில், மஹாவலி அபிவிருத்தி மற்றும் சுற்றுச்சூழல் அமைச்சின் சதுப்புநில பாதுகாப்பு மற்றும் மறுசீரமைப்பு நடவடிக்கைகளுக்குப் பொறுப்பான அதிகாரிகள் மற்றும் சதுப்புநிலங்கள் பற்றிய கல்வி வல்லுநர்கள் இடம்பெற்றிருந்தனர்.

உலகின் முதல் சதுப்புநில அருங்காட்சியகமான கடலியல் - சுதீசா சதுப்பு அருங்காட்சியகம், வனவள திணைக்களத்தின் பராமரிப்பில் உள்ள சதுப்புநில நாற்றங்கால்கள் மற்றும் சதுப்பு நிலங்களை மீண்டும் நடுகை செய்த இடங்கள் ஆகியவற்றுக்கான ஒரு நாள் கள விஜயத்துடன், கருத்துரையாடல்கள் இரண்டு நாட்களுக்கு மட்டுப்படுத்தப்பட்டது. மேலும், சிதைந்துள்ள சதுப்புநில தளங்கள் (கைவிடப்பட்ட இறால் பண்ணைகள்) மற்றும் அழகிய சதுப்புநில தளங்களுக்கு விஜயங்கள் மேற்கொள்ளப்பட்டன. கற்பிட்டியில் நடைபெற்ற சதுப்புநில இன வகையொன்றின் மரக்கன்றுகளை மீள் நடுகை செய்யும் நிகழ்விலும் பிரதிநிதிகள் இணைந்திருந்தனர்.

இந்த சந்திப்பானது, கிரிக்கெட் மூலம் செய்யப்பட்ட தொடர்புகளுக்கு அப்பால், ஒரு சில கரிபியன் நாடுகளுடனான இலங்கையின் ஈடுபாட்டிற்கான ஒரு தனித்துவமான வாய்ப்பாகும்.

பொதுநலவாய நீல சாசனத்தின் கீழ், மகாவலி அபிவிருத்தி மற்றும் சுற்றுச்சூழல் அமைச்சுடன் இணைந்து சதுப்புநில சூழலமைப்புகள் மற்றும் வாழ்வாதார நடவடிக்கைக் குழுவின் (MELAG) முதலாவது கூட்டத்தை வெளிநாட்டு அலுவல்கள் அமைச்சு ஏற்பாடு செய்தது. இந்த கூட்டத்திற்கு அவுஸ்திரேலியாவின் பொதுநலவாய செயலகம் மற்றும் பொதுநலவாய அறிவியல் மற்றும் தொழில்துறை ஆராய்ச்சி அமைப்பு (CSIRO) தமது ஆதரவை நல்கின.

 

 

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு
11 அக்டோபர் 2019

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close