Chinese students to follow the Master of Finance in Economics (MFE) of the University of Colombo soon

Chinese students to follow the Master of Finance in Economics (MFE) of the University of Colombo soon

The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme (MFE) – 2022 at the University of Colombo on 29 July 2022. The first batch comprises of 30 Chinese students. This followed after extensive efforts made by the Embassy to encourage Chinese students to study in Sri Lanka. These students will pay the full course fees.

The Embassy of Sri Lanka in Beijing, China-Asia Economic Development Association of the University of Colombo, Beautiful China Investment Co, and the Tomorrow Technology Education Services Center, collaboratively organized this event.

Speaking at the event, Ambassador Dr. Palitha Kohona, who is an alumnus of the University of Colombo, congratulated the students for selecting the MFE Programme of the University and said that Sri Lanka warmly welcomes international students. He said that the Country’s mission is to "delight" the students, industry, employees, and other stakeholders with the country's higher education system and that Sri Lanka will offer Degree programmes to fee paying foreign students.

Sri Lanka has produced a large number of outstanding luminaries, who have contributed to the world in variety of fields such as science, law, ICT, biology, etc, and now work in institutions such as the NASA, the United Nations, the Boeing, Google, etc.

The Ambassador encouraged more and more Chinese students to study in Sri Lanka. At the same time, he invited the family members of the students to visit Sri Lanka as tourists, and enjoy the beauty and the hospitality of Sri Lanka.

President of the International Academic Exchange Committee of China-Asian economic development Association (CADEA) Wang Kejian requested the students to take full advantage of this opportunity to acquire knowledge, act as a bridge and as cultural messengers between China and Sri Lanka, and write a new chapter in the friendship between the two countries. He further said that the Beautiful China Investment Co, together with the Tomorrow Technology Education Services Center, will send more Chinese students to study in Sri Lanka. The event was attended by more than 80 participants including media, and concluded with a reception serving Ceylon Tea and Thambili (King coconut) water.

Embassy of Sri Lanka

Beijing

08 August, 2022

...............................

මාධ්‍ය නිවේදනය

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MFE) උපාධිය

හැදෑරීමට අවස්ථාව හිමි වේ

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ජූලි 29 වැනි දින පවත්වන ලදි. මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විතවේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල් ප්‍රයත්නවල ඵලයක් ලෙස මෙම වැඩසටහන පවත්වන ලදි. උපාධිය සඳහා වන සම්පූර්ණ පාඨමාලා ගාස්තු මෙම සිසුන් විසින් ගෙවනු ලැබේ.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමය, බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Beautiful China Investment Co) සහ ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධයෙන් සිසුන්ට සුභාශිංසන පළ කළ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය. උසස් අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුන්, කර්මාන්ත, සේවකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් 'සතුටට පත් කිරීම' ශ්‍රී ලංකාවේ මෙහෙවර වන බව සඳහන් කළ එතුමා, පාඨමාලා ගාස්තු ගෙවන විදේශීය සිසුන්ට ශ්‍රී ලංකාව උපාධි පාඨමාලා පිරිනමන බව ප්‍රකාශ කළේ ය.

විද්‍යාව, නීතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ටයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ලොවට දායාද කොට ඇති බවත්, ඔවුහු මේ වන විට නාසා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෝයිං සහ ගූගල් වැනි ආයතනවල සේවය කරන බවත් එතුමා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ලෙස චීන සිසුන් බොහෝ පිරිසක් තානාපතිවරයා විසින් දිරිමත් කරන ලදී. එමෙන්ම, සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර භුක්ති විඳින ලෙස මෙම සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කළේ ය.

දැනුම ලබා ගැනීම, චීනය සහ ශ්‍රී ලංකාව යන දෙරට අතර සංස්කෘතික හුවමාරුව සිදු කරන පණිවිඩකරුවන් ලෙස ක්‍රියා කිරීම සහ දෙරට අතර පවත්නා මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීම යනාදිය සඳහා මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමයේ (CADEA) ජාත්‍යන්තර ශාස්ත්‍රීය හුවමාරු කමිටුවේ (CADEA) සභාපති වැංග් කෙජියාන් මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම (Beautiful China Investment Co), ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) සමඟ එක්ව තවත් චීන සිසුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා යොමු කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් ඇතුළු 80 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන්ට ලංකා තේ සහ තැඹිලිවලින් සංග්‍රහ කිරීමෙන් අනතුරුව වැඩසටහන අවසන් කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අගෝස්තු 08 වැනි දින

.............................................

ஊடக வெளியீடு

 கொழும்பு பல்கலைக்கழகத்தின் பொருளாதாரத்தில் நிதி முதுமாணிப் பட்டப் படிப்பை சீன மாணவர்கள் விரைவில் பின்பற்றவுள்ளனர்

2022 ஜூலை 29ஆந் திகதி கொழும்பு பல்கலைக்கழகத்தில் பொருளாதாரத்தில் நிதி முதுமாணிப்  பட்டப் படிப்பு - 2022 இல் இணைந்த சீன மாணவர்களின் ஒரு தொகுதிக்கான தொடக்க விழாவை இலங்கைத் தூதரகம் நடாத்தியது. முதல் குழுவில் 30 சீன மாணவர்கள் உள்ளனர். சீன மாணவர்களை இலங்கையில் கல்வி கற்க ஊக்குவிப்பதற்காக தூதரகம் மேற்கொண்ட விரிவான முயற்சிகளின் விளைவாக இவர்கள் இணைக்கப்பட்டனர். இந்த மாணவர்கள் முழுமையான பாடக் கட்டணத்தையும் செலுத்தவுள்ளனர்.

பெய்ஜிங்கில் உள்ள இலங்கைத் தூதரகம், கொழும்பு பல்கலைக்கழகத்தின் சீனா-ஆசியா பொருளாதார அபிவிருத்தி சங்கம், பியூட்டிஃபுல் சைனா இன்வெஸ்ட்மென்ட் கோ மற்றும் டுமாரோ டெக்னொலஜி கல்வி சேவைகள் நிலையம் ஆகியவை இணைந்து இந்த நிகழ்வை ஏற்பாடு செய்தன.

நிகழ்வில் உரையாற்றிய கொழும்புப் பல்கலைக்கழகத்தின் பழைய மாணவரான தூதுவர் கலாநிதி பாலித கொஹொன, பல்கலைக்கழகத்தின் பொருளாதாரத் திட்டத்தில் முதுமாணி நிதிப் பட்டத்திற்கு தெரிவான மாணவர்களை வாழ்த்தியதோடு, சர்வதேச மாணவர்களை இலங்கை அன்புடன் வரவேற்பதாகத் தெரிவித்தார். நாட்டின் உயர் கல்வி முறையில் மாணவர்கள், தொழில்துறையினர், ஊழியர்கள் மற்றும் ஏனைய பங்குதாரர்களை 'மகிழ்விப்பதே' நாட்டின் நோக்கம் என்றும், கட்டணம் செலுத்தும் வெளிநாட்டு மாணவர்களுக்கு இலங்கை பட்டப்படிப்புத் திட்டங்களை வழங்கும்  என்றும் அவர் மேலும் குறிப்பிட்டார்.

விஞ்ஞானம், சட்டம், தகவல் தொடர்பு தொழில்நுட்பம், உயிரியல் போன்ற பல்வேறு துறைகளில் உலகிற்குப் பங்களித்த பெருமளவிலான தலைசிறந்த பிரமுகர்களை இலங்கை உருவாக்கியுள்ளதுடன், இப்போது நாசா, ஐக்கிய நாடுகள் சபை, போயிங், கூகுள் போன்ற நிறுவனங்களில் அவர்கள் பணிபுரிகின்றனர்.

மேலும் அதிகமான சீன மாணவர்களை இலங்கையில் கல்வி கற்பதற்காக தூதுவர் ஊக்குவித்தார். அதேநேரம், மாணவர்களின் குடும்ப உறுப்பினர்களை சுற்றுலாப் பயணிகளாக இலங்கைக்கு  வருமாறும், இலங்கையின் அழகையும் விருந்தோம்பலையும் அனுபவிக்குமாறும் அவர் அழைப்பு விடுத்தார்.

இந்த வாய்ப்பை முழுமையாகப் பயன்படுத்திக் கொண்டு அறிவைப் பெறவும், சீனாவுக்கும் இலங்கைக்கும் இடையே பாலமாகவும், கலாசார தூதுவராகவும் செயற்பட்டு புதிய அத்தியாயத்தை எழுதுமாறு சீன -ஆசிய பொருளாதார அபிவிருத்தி சங்கத்தின் சர்வதேச கல்விப் பரிமாற்றக் குழுவின் தலைவர் வாங் கெஜியன் கேட்டுக் கொண்டார். டுமாரோ தொழில்நுட்ப கல்வி சேவைகள் நிலையத்துடன் இணைந்து அழகான சீனா முதலீட்டு நிறுவனம் அதிகளவான சீன மாணவர்களை இலங்கையில் கல்வி கற்க அனுப்பவுள்ளதாக அவர் மேலும் தெரிவித்தார். இந்நிகழ்வில் ஊடகவியலாளர்கள் உட்பட 80க்கும் மேற்பட்ட பங்கேற்பாளர்கள் கலந்துகொண்டதுடன், சிலோன் தேநீர் மற்றும் தெம்பிலி (செவ்விளநீர்) வழங்கும் வரவேற்பு நிகழ்ச்சியுடன் நிறைவுற்றது.

இலங்கைத் தூதரகம்

பெய்ஜிங்

2022 ஆகஸ்ட் 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close