Beauty of Sri Lankan Batiks admired in Ankara

Beauty of Sri Lankan Batiks admired in Ankara

Ambassador of Sri Lanka in Turkey M.R. Hassen hosted an event to promote Batiks of Sri Lanka, “Discover the Beauty of Sri Lankan Batiks” on 7 July 2022 at the Ambassador’s residence. The guests were treated to a fashion show and a virtual presentation on Sri Lankan batik and fashion industry.

Turkish models did three rounds in the show dressed in Sri Lankan Batiks sarees, dresses, beach wears, wrap arounds, shawls and headscarves. The colourful evening received much praise from the invited guests which included Turkish media representatives.

This is the first time the Embassy of Sri Lanka in Ankara organized a fashion show which provided a glimpse of Sri Lankan Batik and the strength of the batik industry to Turkish media and other invitees.

After watching the mesmerizing show, enthusiastic guests requested the Mission staff to dress them in the sarees to experience the uniqueness of Sri Lankan batik for themselves.

The event concluded with the guests served Sri Lankan delicacies and Ceylon tea.

Embassy of Sri Lanka

Ankara

11 July, 2022

 

.............................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය අන්කාරා හි දී ඇගයීමට ලක් වේ

ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් 2022 ජූලි මස 07 වන දින තානාපති නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්වීය. ශ්‍රී ලංකාවේ බතික් සහ විලාසිතා කර්මාන්තය නිරූපණය කෙරෙන විලාසිතා දැක්මක් සහ අතථ්‍ය ඉදිරිපත් කිරීමක් මෙම අවස්ථාවේදී නරඹන්නන් වෙත ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලාංකේය බතික් සාරි, ඇඳුම් පැළඳුම්, වෙරළ ඇඳුම් ආයිත්තම්, එතුම් රෙදිපිළි, සාළු සහ හිස් ආවරණවලින් සැරසුණු තුර්කි නිරූපිකාවෝ වට තුනකින් විලාසිතා දැක්ම ඉදිරිපත් කළහ. එම වර්ණවත් සන්ධ්‍යාව තුර්කි මාධ්‍ය නියෝජිතයන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ නොමඳ පැසසුමට ලක් විය.

තුර්කි මාධ්‍ය සහ අනෙකුත් ආරාධිතයින් හට ශ්‍රී ලාංකීය බතික් පිළිබඳ මනරම් සමීප දසුනක් ලබා දීමට සහ ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තයේ ශක්‍යතාව ප්‍රදර්ශනය කිරීමට අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් විලාසිතා දැක්මක් සංවිධානය කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

සිත්ගන්නා සුළු විලාසිතා දැක්ම නැරඹීමෙන් උද්දාමයට පත් වූ ආරාධිත පිරිස ශ්‍රී ලාංකීය සාරිවල අපූර්වත්වය අත්විඳීම සඳහා ශ්‍රී ලාංකීය බතික් ඇඳුමින් සැරසෙන ලෙස දූත කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ.

විලාසිතා දැක්මෙන් අනතුරුව ආරාධිතයින් හට ශ්‍රී ලංකීය ප්‍රණීත ආහාර සහ ලංකා තේ පිරිනැමීමෙන් උත්සවය අවසන් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 ජූලි 11 වැනි දින

..............................

ஊடக வெளியீடு

 இலங்கை பட்டிக்களின் அழகு அங்காராவில் போற்றப்பட்டது

 

துருக்கிக்கான இலங்கைத் தூதுவர் எம்.ஆர். ஹசன், இலங்கையின் பட்டிக்கை ஊக்குவிக்கும் நிகழ்வான 'இலங்கை படிக்கின் அழகைக் கண்டறியவும்' என்ற நிகழ்வை 2022 ஜூலை 07ஆந் திகதி தூதுவரின் இல்லத்தில் தொகுத்து வழங்கினார். விருந்தினர்களுக்கு ஆடை அலங்கார அணிவகுப்பு மற்றும் இலங்கை பட்டிக் மற்றும் ஆடை அலங்காரத் துறை பற்றிய மெய்நிகர் விளக்கக்காட்சியும் வழங்கப்பட்டது.

இலங்கையின் பட்டிக் புடவைகள், ஆடைகள், கடற்கரை ஆடைகள், போர்வைகள், சால்வைகள் மற்றும் தலை முக்காடுகள் ஆகியவற்றை அணிந்து, துருக்கிய மொடல் அழகிகள் இந்த நிகழ்ச்சியில் மூன்று சுற்றுக்களில் பங்கேற்றனர். வண்ணமயமான மாலை நிகழ்வு, துருக்கிய ஊடகப் பிரதிநிதிகள் உட்பட அழைக்கப்பட்ட விருந்தினர்களிடமிருந்து பல பாராட்டுக்களைப் பெற்றது.

அங்காராவில் உள்ள இலங்கைத் தூதரகம் ஒரு ஆடை அலங்கார அணிவகுப்பு நிகழ்வை ஏற்பாடு செய்தது இதுவே முதல் முறையாவதுடன், இது இலங்கையின் பட்டிக் மற்றும் பட்டிக் துறையின் வலிமையை துருக்கிய ஊடகங்கள் மற்றும் ஏனைய அழைப்பாளர்களுக்கு ஒரு பார்வையை வழங்கியது.

மெய்சிலிர்க்கவைக்கும் நிகழ்ச்சியைப் பார்த்த பின்னர், இலங்கைப் பட்டிக்கின் தனித்துவத்தை தாங்களாகவே அனுபவிக்கும் முகமாக, சாரிகளை உடுத்திக் கொள்ளுமாறு தூதரக ஊழியர்கள் உற்சாகமான விருந்தினர்களிடம் கோரிக்கை விடுத்தனர்.

விருந்தினர்களுக்கு இலங்கை உணவு வகைகள் மற்றும் சிலோன் தேநீர் வழங்கப்பட்டதுடன் நிகழ்வு நிறைவுற்றது.

இலங்கைத் தூதரகம்,

அங்காரா

2022 ஜூலை 11

Print Friendly, PDF & Email
Please follow and like us:

Close