Acting High Commissioner Chamari Rodrigo paid a courtesy call on the Speaker of the House of Representatives Milton Dick at the Federal Parliament recently. While thanking the Australian government for their invaluable assistance to Sri Lanka to meet urgent food and healthcare needs, the Actg. High Commissioner apprised the Speaker on the progress made and the steps being taken by the government to address the economic challenges in the country.
The particular focus of discussion was the proposed re-launching of Australia – Sri Lanka Parliamentary Friendship Group (ASPFG). The Speaker who was a member of the previous Australia – Sri Lanka Parliamentary Friendship Group (ASPFG) supported this idea which would enhance relations between Sri Lanka and the Australian Parliament and was keen to have the re-launching event in the Federal Parliament.
Following the meeting with the Speaker, the Actg. High Commissioner paid a separate call on the Deputy Speaker of Australian Parliament Sharon Claydon, Labour MP who became the third woman to occupy the role of Deputy Speaker of the Australian Parliament. The proposed re-launching event of the Friendship Group was also discussed in detail with the Deputy Speaker who encouraged for more female representation in the new friendship group.
The new friends of Sri Lanka Group consist of 45 MPs from the Labour and Liberal Party of the Australian Federal Parliament which includes Deputy Speaker Claydon. The new Chairperson of the group is a Sri Lankan origin Labour MP from Victoria Cassandra Fernando and the Vice-Chair is Senator Wendy Askew, Liberal MP from Tasmania.
The re-launching of the Friendship Group is scheduled during the next Parliamentary sittings in Canberra.
Sri Lanka High Commission
Canberra
24 February 2023
..........................
මාධ්‍ය නිවේදනය
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කෙරේ
වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් චමරි රුද්‍රිගෝ මහත්මිය මෑතක දී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මිල්ටන් ඩික් මැතිතුමා හමුවිය. අත්‍යවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නොමසුරු සයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ එතුමිය, රටේ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවර සහ ලැබූ ප්‍රගතිය පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කළා ය.
ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම (ASPFG) යළි ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව කෙරෙහි මෙම සාකච්ඡාවේ විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අතර පවත්නා සබඳතා වැඩිදියුණු කිරීමට ඉවහල් වන මෙම යෝජනාවට කථානායකවරයා සිය සහය ලබා දුන්නේ ය. එතුමා මීට පෙර ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ (ASPFG) සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇත. තවද, මෙම කණ්ඩායම යළි පිහිටුවීමේ උත්සවය ෆෙඩරල් පාර්ලිමේන්තුව තුළ පැවැත්වීම සඳහා එතුමා සිය උනන්දුව පළ කළේ ය.
කථානායකවරයා හමු වූ වැඩ බලන මහ කොමසාරිස්වරිය, ඉන් අනතුරුව, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයට පත් වූ තෙවැනි කාන්තාව වන කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂැරන් ක්ලේඩන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූවා ය. මෙහිදී යෝජිත මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කිරීම පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පවත්වන ලදී. නව මිත්‍රත්ව කණ්ඩායම තුළ පුළුල් කාන්තා නියෝජනයක් ඇතුළත් කරන ලෙස නියෝජ්‍ය කථානායකවරිය මෙහිදී වැඩ බලන මහ කොමසාරිස්වරිය උනන්දු කළා ය.
නව ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායම, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ කම්කරු සහ ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගෙන් සමන්විත වේ. නියෝජ්‍ය කථානායක ක්ලේඩන් මැතිතුමා ද ඊට ඇතුළත් වේ. එහි නව සභාපතිනිය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරියක් වන, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය යි. ටස්මේනියාවේ ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙනෙට් සභික වෙන්ඩි අස්කෙව් මහත්මිය එහි උපසභාපතිනිය වේ.
කැන්බරා හි පැවැත්වෙන මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර මිත්‍රත්ව කණ්ඩායම යළි ආරම්භ කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
කැන්බරා
2023 පෙබරවාරි 24 වැනි දින
........................................
ஊடக வெளியீடு
அவுஸ்திரேலியா - இலங்கை நாடாளுமன்ற நட்புறவுக் குழு மீண்டும் ஆரம்பிக்கப்படவுள்ளது
பதில் உயர்ஸ்தானிகர் சாமரி ரொட்ரிகோ அண்மையில் மத்திய பாராளுமன்றத்தில் பிரதிநிதிகள் சபையின் சபாநாயகர் மில்டன் டிக் அவர்களை மரியாதை நிமித்தமாக சந்தித்தார். அவசர உணவு மற்றும் சுகாதாரத் தேவைகளைப் பூர்த்தி செய்வதற்கு அவுஸ்திரேலிய அரசாங்கம் இலங்கைக்கு வழங்கிய விலைமதிப்பற்ற உதவிகளுக்கு நன்றி தெரிவித்த பதில் உயர்ஸ்தானிகர், நாட்டில் ஏற்பட்டுள்ள பொருளாதார சவால்களை எதிர்கொள்வதற்கு அரசாங்கம் மேற்கொண்டுள்ள முன்னேற்றம் மற்றும் நடவடிக்கைகள் குறித்து சபாநாயகரிடம் தெரிவித்தார்.
அவுஸ்திரேலியா - இலங்கை நாடாளுமன்ற நட்புறவுக் குழுவை மீள ஆரம்பிப்பதற்காக முன்மொழியப்பட்ட விடயம் குறித்து கலந்துரையாடலின் குறிப்பாக கவனம் செலுத்தப்பட்டது. இலங்கைக்கும் அவுஸ்திரேலிய பாராளுமன்றத்திற்கும் இடையிலான உறவுகளை மேம்படுத்தும் இந்த யோசனைக்கு முந்தைய அவுஸ்திரேலியா - இலங்கை பாராளுமன்ற நட்புறவுக் குழுவில் அங்கம் வகித்த சபாநாயகர் ஆதரவளித்ததுடன் மீளத் தொடங்கி வைக்கும் நிகழ்வை கூட்டரசுப் பாராளுமன்றத்தில் நடாத்துவதற்கு ஆர்வம் வெளியிட்டார்.
சபாநாயகருடனான சந்திப்பைத் தொடர்ந்து, அவுஸ்திரேலிய பாராளுமன்றத்தின் பிரதி சபாநாயகர் பதவியை வகிக்கும் மூன்றாவது பெண்மணியான தொழிற்கட்சி நாடாளுமன்ற உறுப்பினரான ஷரோன் கிளேடனை, பதில் உயர்ஸ்தானிகர் சந்தித்தார். புதிய நட்புக் குழுவில் அதிக பெண் பிரதிநிதித்துவத்தை ஊக்குவித்த பிரதி சபாநாயகருடன், நட்புக் குழுவின் முன்மொழியப்பட்ட மீள் தொடங்கும் நிகழ்வு குறித்து விரிவாகக் கலந்துரையாடப்பட்டது.
இலங்கைக் குழுவின் புதிய நண்பர்கள், துணை சபாநாயகர் கிளேடனை உள்ளடக்கிய அவுஸ்திரேலிய கூட்டாட்சி பாராளுமன்றத்தின் தொழிலாளர் மற்றும் லிபரல் கட்சியைச் சேர்ந்த 45 நாடாளுமன்ற உறுப்பினர்களைக் கொண்டுள்ளனர். குழுவின் புதிய தலைவர் விக்டோரியா கசாண்ட்ரா பெர்னாண்டோவைச் சேர்ந்த இலங்கை வம்சாவளியான தொழிலாளர் நாடாளுமன்ற உறுப்பினர் ஆவதுடன், துணைத் தலைவராக டாஸ்மேனியாவைச் சேர்ந்த லிபரல் நாடாளுமன்ற உறுப்பினர் செனட்டர் வென்டி அஸ்க்யூ உள்ளார்.
கான்பெராவில் அடுத்த பாராளுமன்ற அமர்வுகளின் போது நட்புறவுக் குழுவை மீண்டும் தொடங்குவதற்குத் திட்டமிடப்பட்டுள்ளது.
இலங்கை உயர்ஸ்தானிகராலயம்,
கான்பெரா
2023 பிப்ரவரி 24