Ambassador Majintha Jayesinghe presents Letters of Credence in Hungary

Ambassador Majintha Jayesinghe presents Letters of Credence in Hungary

Ambassador Majintha Jayesinghe presented the Letters of Credence to the President of the Republic of Hungary János Áder at the Sándor Palace in Budapest, accrediting as the Ambassador Extraordinary and Plenipotentiary of Sri Lanka to Hungary on 17 February, 2022.

The credential ceremony entailed a Guard of Honour by the Hungarian Armed Forces and presentation of the Letters of Credence to the President of the Republic of Hungary János Áder. The Hungarian President was assisted by senior officials. Three other Ambassadors,from New Zealand, United Arab Emirates and Kosovo, also presented Letters of Credence to the President of Hungary on the same day.

Ambassador Majintha Jayesinghe conveyed greetings from the President of Sri Lanka Gotabaya Rajapaksa, the Prime Minister of Sri Lanka Mahinda Rajapaksa and the people of Sri Lanka to the President of the Republic of Hungary and the people of Hungary.

After the ceremony, a meeting was held with the Hungarian President in the Blue Salon at the Sándor Palace.

The Ambassador mentioned that Sri Lanka-Hungary special relations have exponentially covered a multitude of areas with mutual benefits. It was further stated that Sri Lanka hopes to further strengthen and expand the friendly relations to economic, trade, investments, and tourism sectors in the years ahead.

Following the presentation of the Letter of Credence, Ambassador Majintha Jayesinghe visited the Heroes’ Square where a wreath was laid on the Monument of Hungarian Heroes.

 

Embassy and Permanent Mission of Sri Lanka

Vienna

24 February 2022

.............................

මාධ්‍ය නිවේදනය

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා හංගේරියාවේදී සිය අක්තපත්‍ර පිළිගන්වයි

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2022 පෙබරවාරි මස 17 වැනි දින හංගේරියානු ජනරජයේ ජනාධිපති ජැනෝස් ආඩේර් මැතිතුමා වෙත බුඩාපෙස්ට්හි පිහිටි සැන්ඩෝර් මාලිගයේ දී සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වූ අතර එහි දී එතුමා හංගේරියාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අක්ත ගන්වන ලදි.

අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේදී හංගේරියානු සන්නද්ධ හමුදාවන් විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනැමීම සහ හංගේරියානු ජනරජයේ ජනාධිපති ජැනෝස් ආඩේර් මැතිතුමා වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම සිදු විය. මෙම අවස්ථාවේ දී හංගේරියානු ජනාධිපතිවරයාට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහය ලැබිණි. නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කොසෝවෝ යන රටවල තානාපතිවරුන් තිදෙනෙක් ද එදිනම හංගේරියාවේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර ප්‍රදානය කළහ.

තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබ පැතුම් හංගේරියානු ජනරජයේ ජනාධිපතිවරයා සහ හංගේරියානු ජනතාව වෙත පළ කළේය.

මෙම උත්සවයෙන් අනතුරුව, තානාපතිවරයා සහ හංගේරියානු ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සැන්ඩෝර් මාලිගයේ 'බ්ලූ සැලෝන්' මන්දිරයේ දී හමුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා-හංගේරියානු විශේෂ සබඳතාවන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර රාශියක් පුළුල් වශයෙන් ආවරණය කර ඇති බව තානාපතිවරයා සඳහන් කළේය. ඉදිරි වසරවලදී ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා වන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කර පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් අනතුරුව තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා හංගේරියානු විරු චතුරශ්‍රයේ සංචාරය කළ අතර එතුමන් විසින් හංගේරියානු  විරු ස්මාරක වෙත පුෂ්පෝපහාර පිරිනැමීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 පෙබරවාරි 24 වැනි දින

......................................

ஊடக வெளியீடு

தூதுவர் மஜிந்த ஜயசிங்க ஹங்கேரியில் நற்சான்றிதழ்களைக் கையளிப்பு

ஹங்கேரிக்கான இலங்கையின் முழுமையான அதிகாரமுடைய மற்றும் அதிவிசேட தூதுவராக அங்கீகாரம் அளித்துள்ள நற்சான்றிதழ் கடிதங்களை தூதுவர் மஜிந்த ஜயசிங்க ஹங்கேரி ஜனாதிபதியான ஜனோசிடர் அவர்களிடம் புடாபெஸ்டில் உள்ள சாண்டோர் மாளிகையில் வைத்து 2022 பிப்ரவரி 17ஆந் திகதி கையளித்தார்.

நற்சான்றிதழ்களைக் கையளிக்கும் விழாவில் ஹங்கேரிய ஆயுதப் படைகளின் மரியாதை அணிவகுப்பைத் தொடர்ந்து, ஹங்கேரி ஜனாதிபதியிடம் நற்சான்றிதழ் கடிதங்கள் கையளிக்கப்படன. ஹங்கேரி அஜனாதிபதிக்கு சிரேஷ்ட அதிகாரிகள் உதவினர். நியூசிலாந்து, ஐக்கிய அரபு இராச்சியம் மற்றும் கொசோவோ ஆகிய நாடுகளைச் சேர்ந்த ஏனைய மூன்று தூதுவர்களும் அதே நாளில் ஹங்கேரி ஜனாதிபதியிடம் தமது நற்சான்றிதழ் கடிதங்களைக் கையளித்தனர்.

இலங்கை ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ, இலங்கை பிரதமர் மஹிந்த ராஜபக்ஷ மற்றும் இலங்கை மக்களின் வாழ்த்துக்களை ஹங்கேரி ஜனாதிபதி மற்றும் ஹங்கேரி நாட்டு மக்களுக்கு தூதுவர் மஜிந்த ஜயசிங்க தெரிவித்தார்.

விழா நிறைவுற்றதும், ஹங்கேரி ஜனாதிபதியுடன் சான்டர் அரண்மனையில் உள்ள ப்ளூ சலோனில் சந்திப்பு நடைபெற்றது.

இலங்கை - ஹங்கேரி விஷேட உறவுகள் பரஸ்பர நன்மைகளுடன் கூடிய பல பகுதிகளை அதிவேகமாக உள்ளடக்கியதாக தூதுவர் குறிப்பிட்டார். எதிர்வரும் ஆண்டுகளில் பொருளாதாரம், வர்த்தகம், முதலீடுகள் மற்றும் சுற்றுலாத் துறைகளுக்கான நட்புறவுகளை மேலும் வலுப்படுத்தவும் விரிவுபடுத்தவும் இலங்கை நம்புகின்றது என மேலும் தெரிவிக்கப்பட்டுள்ளது.

நற்சான்றிதழ் சமர்ப்பிக்கப்பட்டதைத் தொடர்ந்து, தூதுவர் மஜிந்த ஜயசிங்க அவர்கள் மாவீரர் சதுக்கத்திற்குச் சென்று அங்கு ஹங்கேரிய மாவீரர்களின் நினைவுத்தூபிக்கு மலர்மாலை அணிவித்தார்.

இலங்கைத் தூதரகம் மற்றும் நிரந்தரப் பணிமனை,

வியன்னா

2022 பிப்ரவரி 24

Print Friendly, PDF & Email
Please follow and like us:

Close