On 29 May 2024 Foreign Minister Ali Sabry held a follow up discussion with Russian Ambassador Levan S Dzhagaryan relating to the urgent situation regarding the Sri Lankans engaged in the Russia – Ukraine conflict. This meeting was subsequent to the previous meeting held with the Russian Ambassador on 07 May 2024.
The Minister of Foreign Affairs informed the Russian Ambassador of the decision taken by H E President, Ranil Wickremesinghe to nominate a high-level delegation led by State Minister of Foreign Affairs, Hon Tharaka Balasuriya to visit the Russian Federation to engage in discussions with the Russian authorities. The Minister of Foreign Affairs also informed Ambassador Dzhagaryan of the action taken by the Sri Lanka Embassy in the Russian Federation seeking the relevant appointments for the Sri Lanka delegation. The Russian Ambassador shared the concerns of the Sri Lanka side regarding the welfare of its nationals and assured the Minister that all efforts will be made to facilitate the visiting delegation.
The Minister of Foreign Affairs also informed the Russian Ambassador that a senior Foreign Service officer Ambassador P M Amza will assume duties with immediate effect as Charge d’Affaires of the Sri Lanka Embassy in Moscow.
In view of the urgency of the situation, Ambassador Dzhagaryan expressed his support to work closely with Sri Lanka to resolve this matter. As an immediate step, Ambassador Dzhagaryan informed that henceforth Russia will do more thorough visa interviews before the issuance of visit visas for ex-servicemen as it is observed that many of those who left for Russia have travelled on visit visas. Minister Sabry also reiterated that Sri Lankan authorities have repeated their appeal to the public not to fall victim to human traffickers and to refrain from engaging with illegal channels of employment.
Prior to meeting the Russian Ambassador, the Foreign Minister also held a discussion with the families of Sri Lankans engaged as combatants in the Russia – Ukraine conflict in the presence of parliamentarians Dayasiri Jayasekara and Gamini Waleboda at the Ministry of Foreign Affairs on 28th May 2024 and expressed the Government’s commitment to ensuring their well-being and safe return.
In parallel, the Ministry of Foreign Affairs has reached out to the Ukraine authorities in discussing assistance, release and safe return of the Sri Lankans allegedly deployed in the Ukraine army.
Ministry of Foreign Affairs
Colombo
29 May 2024
.............................
මාධ්‍ය නිවේදනය
රුසියානු - යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍ය සබ්රි රුසියානු සමූහාණ්ඩුවේ තානාපතිවරයා හමුවෙයි
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ රුසියානු තානාපති ලෙවන් එස්. ෂගරියන් යන මහත්වරුන් අතර රුසියානු - යුක්රේන ගැටුමට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණපා ඇති හදිසි තත්ත්වය පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් 2024 මැයි 29 වැනි දින පැවැත්විණි. මෙම හමුව, 2024 මැයි 07 වැනි දින අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා සමඟ මීට පෙර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස සිදු විය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා ප්රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව වෙත පිටත් කරවාහැරීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති තීරණය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයාට මෙහිදී දන්වා සිටියේය. ශ්‍රී ලංකා දූත පිරිස සඳහා අදාළ රැස්වීම් සූදානම් කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා තානාපති ෂගරියන් මහතා වෙත දැනුම් දුන්නේය. ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශ්වය දක්වන අවධානය සැලකිල්ලට ගත් රුසියානු තානාපතිවරයා සංචාරය අතරතුරදී නියෝජිත පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට සියලු ප්රයත්න දරන බවට අමාත්‍යවරයාට සහතික විය.
ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන තානාපති පී.එම්.අම්සා මහතා මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරතුර තානාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ භාරගැනීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු තානාපතිවරයා වෙත දැනුම් දුන්නේය.
පවතින හදිසි තත්ත්වය සැලැකිල්ලට ගනිමින්, මෙම ගැටලුව විසැඳීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට තානාපති ෂගරියන් මහතා සිය සහය පළ කළේය. රුසියාව බලා පිටත්ව ගිය බොහෝ දෙනා සංචාරක වීසා මත ගමන් කර ඇති බව නිරීක්ෂණය වන බැවින් කඩිනම් පියවරක් ලෙස රුසියාව මින් ඉදිරියට විශ්‍රාමික හමුදා සෙබළුන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීමට පෙර වඩාත් සවිස්තරාත්මක වීසා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බව තානාපති ෂගරියන් මහතා මෙහිදී දන්වා සිටියේය. මිනිස් ජාවාරම්කරුවන්ට ගොදුරු නොවන ලෙසත් රැකියා සොයා ගැනීම සඳහා නීතිවිරෝධී මාර්ග අනුගමනය කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා බලධාරීන් මහජනතාව වෙත සිදුකර ඇති නිරන්තර සිහිකැඳවීම්ද අමාත්‍ය සබ්රි මහතා යළි අවධාරණය කළේය.
රුසියානු තානාපතිවරයා සමඟ පැවැති රැස්වීමට පෙරාතුව, විදේශ කටයුතු අමාත්‍යවරයා 2024 මැයි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන් සමඟ රුසියානු - යුක්රේන ගැටුමට සටන්කාමීන් ලෙස සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සාකච්ඡාවක්ද පැවැත්වූ අතර එහිදී එම ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය සහ ඔවුන් ආරක්ෂිතව ආපසු සියරට ගෙන්වාගැනීමට සඳහා රජය දක්වන කැපවීම ප්‍රකාශ කළේය.
මීට සමගාමීව, යුක්රේන හමුදා සේවයේ යොදවා ඇතැයි කියන ශ්‍රී ලාංකිකයින් සඳහා අවශ්‍ය සහය, ඔවුන් මුදා හැරීම සහ ආරක්ෂිතව ආපසු සියරට ගෙන්වාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය යුක්රේන බලධාරීන් සමඟ සම්බන්ධ වී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2024 මැයි 29 වැනි දින
.............................
ஊடக வெளியீடு
ரஷ்யா - உக்ரைன் மோதலில் சிக்கிக்கொண்டுள்ள இலங்கையர்கள் தொடர்பாக ரஷ்ய கூட்டமைப்பின் தூதுவருடனான அமைச்சர் சப்ரியின் சந்திப்பு
2024 மே 29, அன்று வெளிவிவகார அமைச்சர் அலிசப்ரி, ரஷ்யா - உக்ரைன் மோதலில் இடைநிறுத்தப்பட்டுள்ள இலங்கையர்களின் அவசரநிலைமை தொடர்பாக ரஷ்ய தூதுவர் லெவன் எஸ் ஜகார்யனுடன் தொடர் கலந்துரையாடலொன்றில் ஈடுபட்டார். 2024 மே 07, அன்று ரஷ்ய தூதுவருடன் நிகழ்ந்த முந்தைய சந்திப்பைத் தொடர்ந்து இச்சந்திப்பு நடைபெற்றது.
வெளிநாட்டு அலுவல்களுக்கான இராஜாங்க அமைச்சர் கௌரவ தாரகபாலசூரிய தலைமையிலான உயர்மட்ட தூதுக்குழுவொன்று ரஷ்யாவிற்கு விஜயம் மேற்கொண்டு, கலந்துரையாடல்களை மேற்கொள்ள ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க எடுத்த தீர்மானத்தை வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் ரஷ்ய தூதுவருக்கு அறிவித்தார். ரஷ்ய கூட்டமைப்பில் உள்ள இலங்கை தூதுவராலயத்தினால், இலங்கை தூதுக்குழுவின் உரிய சந்திப்புக்களுக்காக, முன்னெடுக்கப்பட்ட நடவடிக்கை குறித்தும் வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், தூதுவர் ஜகார்யனுக்கு தெரிவித்தார். ரஷ்யத்தூதுவர், இலங்கைப் பிரஜைகளின் நலன் தொடர்பான தனது அக்கறையைப்பகிர்ந்து கொண்டதுடன், விஜயம் செய்யும் தூதுக்குழுவிற்கு அனைத்து வசதிகளையும் வழங்குவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்படும் என அமைச்சரிடம் உறுதியளித்தார்.
மாஸ்கோவில் உள்ள இலங்கைத் தூதரகத்தின் பொறுப்பாளராக, மூத்த வெளிநாட்டுச் சேவை அதிகாரியான தூதுவர் பி எம் அம்சா, உடனடியாக அமுலுக்கு வரும் வகையில் கடமைகளைப் பொறுப்பேற்பார் என்றும் வெளிவிவகார அமைச்சர் ரஷ்ய தூதுவரிடம் தெரிவித்தார்.
சூழ்நிலையின் அவசர நிலையைக்கருத்தில் கொண்டு, இவ்விவகாரத்தினை தீர்த்து வைப்பதற்காக, இலங்கையுடன் நெருக்கமாக பணியாற்றுவதற்கு தூதுவர் ஜகார்யன் தனது ஆதரவை தெரிவித்தார். அண்மையில் ரஷ்யாவுக்குச் சென்றவர்களில் பலர் சுற்றுலா வீசாவில் பயணம் செய்திருப்பதை அவதானிக்கும்போது, உடனடி நடவடிக்கையாக, இனிமேல், ரஷ்யா, முழுமையான வீசா நேர்முகத்தேர்வொன்றின் பின்னரே முன்னாள் ராணுவ வீரர்களுக்கு சுற்றுலா வீசா வழங்கும், என்று தூதுவர் ஜகார்யன் தெரிவித்தார். மனித கடத்தல்காரர்களுக்கு பலியாக வேண்டாம் என்றும், ரஷ்யகூட்டமைப்பில் சட்டவிரோத வேலைவாய்ப்புகளில் ஈடுபட வேண்டாம் என்றும் இலங்கை அதிகாரிகள் பொதுமக்களிடம் கோரிக்கை விடுத்துள்ளனர் என்பதை அமைச்சர் சப்ரி மீண்டும் வலியுறுத்தினார்.
ரஷ்ய தூதுவரை சந்திப்பதற்கு முன்னர், வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், 2024, மே 28 அன்று வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் பாராளுமன்ற உறுப்பினர்களான தயாசிறி ஜயசேகர மற்றும் காமினி வலேபொட முன்னிலையில் ரஷ்யா - உக்ரைன் மோதலில் ஈடுபட்டுள்ள இலங்கையர்களின் குடும்பங்களுடன் கலந்துரையாடியமை, அவர்களின் நல்வாழ்வு மற்றும் பாதுகாப்பான நாடு திரும்புதலை உறுதி செய்வதற்கான அரசாங்கத்தின் உறுதிப்பாட்டை வெளிப்படுத்தியது.
அதேவேளை, வெளிநாட்டு அலுவல்கள் அமைச்சு உக்ரைன் அதிகாரிகளை அணுகி, உக்ரைன் இராணுவத்தில் இடைநிறுத்தப்பட்டதாகக் கூறப்படும் இலங்கையர்களுக்கான உதவி, விடுதலை மற்றும் பாதுகாப்பாக நாடு திரும்புதல் குறித்து கலந்துரையாடியுள்ளது.
வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு
2024, மே 29