High Commissioner Moragoda meets with the Governor of Maharashtra

High Commissioner Moragoda meets with the Governor of Maharashtra

Sri Lanka’s High Commissioner to India Milinda Moragoda who is on an official visit to the State of Maharashtra met with the Governor of the State Shri Ramesh Bais   on 30 in Mumbai. The meeting was held at the Raj Bhavan, the official residence of the Governor.

Governor Bais extended a warm welcome to High Commissioner Moragoda. The discussion that followed included a range of issues pertaining to Indo-Lanka relations, in particular the ways and means to enhance cooperation between Sri Lanka and the State of Maharashtra.

 High Commissioner Moragoda apprised the Governor of the current developments in Sri Lanka. They also discussed the opportunities for the expansion of trade and investment relations as well as cultural ties between Sri Lanka and Maharashtra. The Sri Lankan High Commissioner highlighted the key role that tourist arrivals from India, including from Maharashtra, could play in the economic revival in Sri Lanka, tourism being a major pillar of economic recovery along with investments from India. In this context, developing and promoting the Buddhist trail and the Ramayana trail between Sri Lanka and the State of Maharashtra were discussed.

Sri Lanka’s Consul General in Mumbai Dr. Valsan Vethody was also present at the meeting.

A member of the Bhartiya Janata Party and a former Union Minister, Shri Ramesh Bais had previously served as the Governor of the States of Jharkhand and Tripura.

High Commissioner Moragoda’s official visit to Maharashtra comes as part of his continuing efforts to reach out to the states of India with a view to expanding Sri Lanka’s footprint at state level and promoting greater interactions between Sri Lanka and the states of the Indian Union.

 High Commission of Sri Lanka

New Delhi

 31 March 2023

......................

මාධ්‍ය නිවේදනය

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

 මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023  මාර්තු  30 වැනි වැනි දින මුම්බායිහි දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන ශ්‍රී රමේෂ් බායිස් මැතිතුමා හමුවිය. ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වන රාජ් භවන්හි දී මෙම හමුව පැවැත්විණි.

ආණ්ඩුකාර බායිස් මැතිතුමා විසින් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව පැවති සාකච්ඡාවට, ඉන්දු-ලංකා සබඳතාවලට අදාළ කරුණු රැසක් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රම සහ විධි යනාදිය ඇතුළත් විය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මෙම හමුව අතරතුර ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන් පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය අතර වෙළඳ හා ආයෝජන සබඳතා මෙන්ම සංස්කෘතික සබඳතා පුළුල් කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සිදු කරන ආයෝජනවලට සමගාමීව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉවහල් වන ක්ෂේත්‍රයක් වන බැවින්,  ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුබුදුවාළීම සඳහා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඇතුළුව ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් හරහා ඉටු කළ හැකි ප්‍රධාන කාර්යභාරය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් අවධාරණය කරන ලදී. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය අතර බෞද්ධ මංපෙත සහ රාමායණ මංපෙත සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා ද මෙම හමුව සඳහා සහභාගි විය.

භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම රජයේ අමාත්‍යවරයෙකු වශයෙන් සේවය කළ ශ්‍රී රමේෂ් බායිස් මැතිතුමා මීට පෙර ජාර්කන්ද් සහ ත්‍රිපුර යන ප්‍රාන්තවල ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව ඉන්දියාව තුළ ප්‍රාන්ත මට්ටමෙන් ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දීය රජයේ ප්‍රාන්ත අතර ඉහළ අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේ අදහසින් ඉන්දියාවේ ප්‍රාන්ත වෙත ප්‍රවේශ වීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා දරන අඛණ්ඩ ප්‍රයත්නවල ප්‍රතිඵලයක් වශයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ මෙම නිල සංචාරය සිදු කරන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

 

2023 මාර්තු 31වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close