Sri Lanka-Netherlands Air Services Agreement to provide stronger platform for connectivity, tourism and business

Sri Lanka-Netherlands Air Services Agreement to provide stronger platform for connectivity, tourism and business

The bilateral Air Services Agreement signed between the Netherlands and Sri Lanka on Wednesday, 22 February 2023 in The Hague will provide a stronger platform to intensify connectivity both between the countries as well as the European and Asian regions.

The instrument inked at the Dutch Ministry of Foreign Affairs provides, inter alia, for the designated airlines of both countries to fly between Amsterdam and Katunayake and beyond their respective territories.

While the agreement broadens avenues for leisure and business travel and enhances business interaction, it will also provide a speedier conduit for transfer of cargo. Sri Lanka has been a popular destination among Dutch travellers. 11,987 Dutch tourists have travelled to Sri Lanka in 2022, despite the travel restrictions which prevailed during certain periods in the year.

Sri Lanka’s envoy to the Netherlands Ambassador Aruni Ranaraja and Actg. Director General for Civil Aviation at the Dutch Ministry of Infrastructure and Water Management H. van Faassen signed the instrument.

The signature of the agreement reflects the mutual desire to further deepen the bilateral relationship. The two countries celebrated 70 years of formal diplomatic relations in 2021.

The agreement signed on 22 February 2023 comes into effect on the first day of the second month following the date of the latter written notification through diplomatic channels, replacing a 1953 instrument.

Embassy of Sri Lanka

Hague

23 February 2023

........................................

මාධ්‍ය නිවේදනය

ගුවන් සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමට ඉවහල්  වන ශ්‍රී ලංකා-නෙදර්ලන්ත ගුවන් සේවා ගිවිසුම

2023 පෙබරවාරි 22 වැනි බදාදා දින හේග් නුවර දී නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම හරහා දෙරට අතර පවතින සබඳතා මෙන්ම යුරෝපා සහ ආසියානු කලාප අතර පවතින සබඳතා ද තීව්‍ර කිරීම සඳහා ඉවහල් වන ශක්තිමත් වේදිකාවක් නිර්මාණය වනු ඇත.

නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ දී මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. දෙරටට අයත් නම් කළ ගුවන් සමාගම්වලට ඇම්ස්ටර්ඩෑම් සහ කටුනායක අතර පියාසර කිරීමටත්, සිය අදාළ ප්‍රදේශවලින් ඔබ්බට පියාසර කිරීමටත් මෙමඟින් අවස්ථාව සැලසේ.

විශ්‍රාන්ති කටයුතු සහ ව්‍යාපාරික සංචාර සඳහා පවතින මාර්ග මෙම ගිවිසුම මගින් පුළුල් කෙරේ. තවද එමඟින් ව්‍යාපාරික අන්තර්ක්‍රියා වැඩි දියුණුවන අතර, භාණ්ඩ ප්‍රවාහනය සඳහා වේගවත් ක්‍රමවේදයක් ද නිර්මාණය වනු ඇත. ශ්‍රී ලංකාව යනු ඕලන්ද සංචාරකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති ගමනාන්තයකි. 2022 වසරේ ඇතැම් කාලසීමාවන් තුළ පනවන ලද සංචරණ සීමා මධ්‍යයේ වුවද නෙදර්ලන්ත සංචාරකයන් 11,987දෙනෙකු මෙරට සංචාරයේ නිරත වී ඇත.

නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති අරුණි රණරාජා මැතිනිය සහ නෙදර්ලන්ත යටිතල පහසුකම් හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ වැඩ බලන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්. වෑන් ෆාසන් මැතිතුමා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පවත්නා අන්‍යෝන්‍ය රුචිකත්වය මෙම ගිවිසුම මඟින් පිළිබිඹු වේ. දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් සපිරීමේ සංවත්සරය 2021 වසරේ දී සමරන ලදී.

2023 පෙබරවාරි 22 වැනි දින අත්සන් තබන ලද මෙම ගිවිසුම 1953 වසරේ ස්ථාපිත ගිවිසුම වෙනුවට ක්‍රියාත්මක වන අතර, ගිවිසුම පිළිබඳව ලිඛිතව දැනුම්දීමේ දිනයෙන් පසුව දෙවැනි මාසයේ පළමු දින සිට රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා එය බලාත්මක වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

හේග්

2023 පෙබරවාරි 23 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close