High Commissioner of Sri Lanka to India, Milinda Moragoda met with the Finance and Corporate Affairs Minister of India Smt. Nirmala Sitharaman on 14 February 2023 at the Ministry of Finance in New Delhi, as the latest of a series of meetings he has had with her since November 2021.
The meeting between the Finance Minister of India and the High Commissioner of Sri Lanka took place just ahead of the first meeting of the G20 Finance Ministers scheduled to be held on 24-25 February 2023 in Bengaluru, chaired by Minister Sitharaman.
During the discussion, High Commissioner Moragoda once again thanked Minister Sitharaman for the unprecedented emergency assistance that India has extended to Sri Lanka and for the timely issuance of India’s financial assurances to the International Monetary Fund, concerning the country’s debt restructuring process.
The High Commissioner also thanked India and Minister Sitharaman for the assistance being provided to Sri Lanka in the present economic recovery phase, in particular for the necessary regulations and approvals that are being set in place to facilitate rupee trade between the two countries. The discussion also focused on the ways and means to utilize the available resources in the 1 billion USD Indian line of credit to import urgently required essential pharmaceuticals, which are in short supply in Sri Lanka.
High Commissioner Moragoda briefed Minister Sitharaman on Sri Lanka’s ongoing discussions with the International Monetary Fund to obtain the Extended Fund Facility and the present status of the country’s debt restructuring process. Whileapprising the Minister of the drastic impact the present economic contraction is having on the population of Sri Lanka, High Commissioner Moragoda expressed his appreciation to Minister Sitharaman for her efforts in garnering international support for Sri Lanka’s case including at the G20 forum.
High Commission of Sri Lanka
New Delhi
15 February 2023
......................................
මාධ්‍ය නිවේදනය
මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා G20 මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 පෙබරවාරි 14 වැනි දින, නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යංශයේ දී, ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතී නිර්මලා සීතාරාමන් මැතිනිය හමුවිය. එතුමා 2021 වසරේ නොවැම්බර් මස සිට එතුමිය සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ නවතම සාකච්ඡාව වන්නේ මෙය යි.
2023 පෙබරවාරි 24-25 යන දිනවල අමාත්‍ය සීතාරාමන් මැතිනියගේ ප්‍රධානත්වයෙන් බැංගලෝර්හි දී පැවැත්වීමට නියමිත G20 මුදල් අමාත්‍යවරුන්ගේ පළමු රැස්වීමට පෙර ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර මෙම හමුව පවත්වන ලදී.
සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති විශිෂ්ට කඩිනම් ආධාර සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත කාලෝචිත ලෙස මූල්‍ය සහතිකයක් ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තූතිය පුද කළේ ය.
වත්මන් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන මෙම අවධියේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව සහ විශේෂයෙන් දෙරට අතර රුපියල පදනම් කරගත් වෙළඳාම පහසු කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ අනුමත කිරීම් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා ඉන්දියාවට සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය වෙත සිය ස්තූතිය පුද කළේ ය. ශ්‍රී ලංකාව තුළ හිඟයක්ව පවතින අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකමට අදාළ වන සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම සහ විධි පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා සහ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් අමාත්‍ය සීතාරාමන් මැතිනිය හමුවේ කරුණු දක්වන ලදී. වත්මන් ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනය මත එල්ල කරන දැඩි බලපෑම පිළිබඳව අමාත්‍යවරිය දැනුම්වත් කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාවේ ගැටළු සඳහා G20 සංසදය ද ඇතුළුව ජාත්‍යන්තර සහය ලබා ගැනීම සම්බන්ධයෙන් එතුමිය දරන උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේ ය.
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නවදිල්ලිය
2023 පෙබරවාරි 15 වැනි දින