​Pirith Ceremony to Commemorate the 65th of Anniversary of Diplomatic Relations between Sri Lanka and China

​Pirith Ceremony to Commemorate the 65th of Anniversary of Diplomatic Relations between Sri Lanka and China

On the occasion of the 65th anniversary of the diplomatic relations between Sri Lanka and China, the Sri Lanka-China Buddhist Friendship Association in collaboration with the Buddhist Association of China conducted a Pirith Ceremony at the Abhayagiriya Temple in Anuradhapura and Sri Lanka Vidyalaya Maradana on 26 February 2022.

Ven. Fa’Xian thero spent two years at Abhayagiri Temple early in fifth century AD collecting and translating Sinhalese language Buddhist texts.

The Buddhist Association of China made arrangements for Venerable theros from the Lingguang Temple in Beijing and Putuao Temple in Guangdong to join online the ceremony. The pirith ceremony by the Chinese Buddhist monks was led by Most Ven. Chang Zhang thero and Most Ven. Ming Sheng thero.

Despite the COVID-19 restrictions in China, the Ambassador, Dr. Palitha Kohona and officials from the Embassy, also attended the event online from the Lingguang Temple, a historic temple, where the Buddha’s Tooth Relic is kept in China.

After the formal ceremony, the Ambassador and the Embassy Officials had the opportunity to worship the sacred tooth relic of Lord Buddha.

The Lingguang temple was originally built in Tang Dynasty (618–907). and was designated as a National Key Buddhist Temple in Han Chinese Area by the State Council of China in 1983.

Embassy of Sri Lanka

Beijing

04 March  2022

.......................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 65 වසරක් සපිරීමේ සංවත්සරය නිමිත්තෙන් පවත්වන ලද පිරිත් සජ්ඣායනය

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය චීන බෞද්ධ සංගමය සමඟ එක්ව, 2022 පෙබරවාරි 26 වැනි දින අනුරාධපුර අභයගිරි විහාරයේ දී සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ දී පිරිත් සජ්ඣායනයක් පැවැත්වී ය. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේ මුල් භාගයේ දී ෆාෂියන් හිමි අභයගිරි විහාරයේ වසර දෙකක් ගත කළ අතර, එහිදී උන්වහන්සේ සිංහල භාෂාවෙන් රචිත බෞද්ධ ග්‍රන්ථ එකතු කොට පරිවර්තනය කළහ. චීන බෞද්ධ සංගමය බීජිං හි ලිංගුවාන්ග් විහාරයේ සහ ගුවන්ඩොංග් හි පුටුවාඕ විහාරයේ සිටින ස්වාමීන් වහන්සේලාට අන්තර්ජාලය හරහා මෙම උත්සවයට සම්බන්ධ වීමට අවැසි කටයුතු සම්පාදනය කළේ ය.

චීන බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් පැවැත්වූ මෙම පිරිත් සජ්ඣායනය, අතිපූජ්‍ය චං ෂං නාහිමිපාණන් සහ අතිපූජ්‍ය මිංග් ෂෙන්ග් නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු, චීනයේ පවතින කොවිඩ්-19 ආශ්‍රිත සීමා හමුවේ වුවද, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කොට ඇති චීනයේ පිහිටි ඓතිහාසික විහාරයක් වන ලිංගුවාන්ග් විහාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම නිල උත්සවයෙන් අනතුරුව, බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට තානාපතිවරයාට සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්ට අවස්ථාව හිමි විය.

ලිංගුවාන්ග් විහාරය පළමුව ඉදිකරන ලද්දේ ටැංග් රාජවංශය (618-907) පාලනය කළ අවධියේ දී ය.1983 වසරේ දී චීන රාජ්‍ය කවුන්සිලය මෙම විහාරය චීනයේ හන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාතික බෞද්ධ විහාරයක් ලෙස නම් කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 මාර්තු 07 වැනි දින

 ............................................

ஊடக வெளியீடு

 இலங்கைக்கும் சீனாவுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 65ஆவது ஆண்டு  நிறைவை நினைவுகூரும் பிரித் வைபவம்

 இலங்கைக்கும் சீனாவுக்கும் இடையிலான இராஜதந்திர உறவின் 65வது ஆண்டு நிறைவை  முன்னிட்டு, இலங்கை சீன பௌத்த நட்புறவு சங்கம், சீன பௌத்த சங்கத்துடன் இணைந்து அனுராதபுரம் அபயகிரிய விகாரையிலும், இலங்கை வித்தியாலய மருதானையிலும் கடந்த 2022 பெப்ரவரி 26ஆம் திகதி பிரித் வைபவம் ஒன்றை நடாத்தியது.

ஐந்தாம் நூற்றாண்டின் தொடக்கத்தில் அபயகிரி விகாரையில் வணக்கத்திற்குரிய ஃபா'சியான்  தேரோ இரண்டு வருடங்கள் சிங்கள மொழி பௌத்த நூல்களை சேகரித்து மொழிபெயர்த்தார்.

பெய்ஜிங்கில் உள்ள லிங்குவாங் விகாரை மற்றும் குவாங்டாங்கில் உள்ள புட்டுவாவ் விகாரையில் இருந்து வணக்கத்திற்குரிய தேரர்கள் விழாவில் இணைய வழியில் இணைவதற்கான ஏற்பாடுகளை சீனாவின் புத்த சங்கம் மேற்கொண்டிருந்தது. சீன பௌத்த துறவிகளின் பிரித் வைபவம் அதி வணக்கத்திற்குரிய சாங் சாங் தேரோ மற்றும் வணக்கத்திற்குரிய மிங் ஷெங் தேரோ ஆகியோரின்  தலைமையில் நடைபெற்றது.

சீனாவில் கோவிட்-19 தொடர்பான கட்டுப்பாடுகள் இருந்தபோதிலும், தூதுவர் கலாநிதி. பாலித  கொஹொன மற்றும் தூதரகத்தின் சில அதிகாரிகளும் சீனாவில் புத்தரின் பல்லக்கு வைக்கப்பட்டுள்ள வரலாற்று சிறப்புமிக்க லிங்குவாங் விகாரையில் இருந்து நிகழ்வில் கலந்து கொண்டனர்.

சம்பிரதாய விழாவின் பின்னர், தூதுவர் மற்றும் தூதரக அதிகாரிகளுக்கு புத்தபெருமானின்  புனிதப் பல்லக்கை போர்க்கப்பலில் செலுத்தும் வாய்ப்பு வழங்கப்பட்டது.

லிங்குவாங் விகாரை முதலில் டாங் வம்சத்தில் (618-907) கட்டப்பட்டது. 1983ஆம் ஆண்டு சீனாவின் அரச சபையால் ஹான் சீனப் பகுதியில் உள்ள தேசிய முக்கிய பௌத்த விகாரையாக  இந்த விகதரை நியமிக்கப்பட்டது.

இலங்கைத் தூதரகம்

பெய்ஜிங்

2022 மார்ச் 07

Print Friendly, PDF & Email
Please follow and like us:

Close