The Sri Lanka Embassy in Kuwait, in coordination with Kuwaiti authorities, facilitated the return of 33 migrant workers to Sri Lanka from Kuwait on 23 December 2019. The Embassy arranged issuance of travel documents, and also obtained clearance from concerned Kuwaiti authorities for the workers to return to Sri Lanka.
Many of these migrant workers who faced difficulties at their workplaces were accommodated at the Safe House maintained by the Embassy, while some stayed at other places of their choice, until the required formalities were completed.
As per available statistics, there are approximately 100,000 Sri Lankan migrant workers in Kuwait and majority of them are female domestic workers.
මාධ්‍ය නිවේදනය
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු මෙරටට ආපසු එවීම සඳහා පහසුකම් සලසයි.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කුවේට් බලධාරීන් සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන්, සංක්‍රමණික සේවකයන් 33 දෙනෙකු, 2019 දෙසැම්බර් 23 දින කුවේට් හි සිට ආපසු ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පහසුකම් සැලසීය. මෙම සේවකයන් ආපසු ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍ය ගමන් ලියකියවිලි සම්පාදනය කිරීම හා අදාළ කුවේට් බලධාරීන්ගෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම තානාපති කාර්යාලය මඟින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවට ආපසු එවීමට අවශ්‍ය විධිමත් ක්‍රියාපටිපාටි අවසන් වන තෙක් තම සේවා ස්ථානවලදී දුෂ්කරතාවයන් විඳි මෙම සංක්‍රමණික සේවකයින්ගෙන් වැඩි පිරිසක් සඳහා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක නිවස්නයෙහි නවාතැන් පහසුකම් සලසන ලද අතර මෙම සේවකයන්ගෙ ඉතිරි පිරිස තම කැමැත්ත මත වෙනත් ස්ථානවල නවාතැන් ගෙන සිටියහ.
පවතින සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 100,000 ක් පමණ කුවේට් හි සේවය කරන අතර ඔවුන් ගෙන් බහුතරයක් ගෘහ සේවිකාවන් වේ.
33 புலம்பெயர்ந்த தொழிலாளர்கள் 2019 டிசம்பர் 23ஆந் திகதி குவைத்திலிருந்து இலங்கைக்கு நாடு திரும்புவதற்கான வசதிகளை குவைத்திலுள்ள இலங்கைத் தூதரகம் குவைத் அதிகாரிகளுடன் ஒருங்கிணைந்து மேற்கொண்டது. பயண ஆவணங்களை வழங்குவதற்கும், தொழிலாளர்கள் இலங்கைக்கு நாடு திரும்புவதற்காக சம்பந்தப்பட்ட குவைத் அதிகாரிகளிடமிருந்து அனுமதியைப் பெற்றுக் கொள்வதற்கும் தூதரகம் ஏற்பாடுகளை மேற்கொண்டது.
தங்களது பணியிடங்களில் சிரமங்களை எதிர்கொண்ட இந்த புலம்பெயர்ந்த தொழிலாளர்களில் பலர் தேவையான நடைமுறைகள் நிறைவடையும் வரை, தூதரகத்தால் பராமரிக்கப்படும் பாதுகாப்பு இல்லங்களில் தங்க வைக்கப்பட்ட அதே வேளை, சிலர் தங்களுக்கு விருப்பமான பிற இடங்களில் தங்கியிருந்தனர்.
கிடைக்கக்கூடிய புள்ளிவிபரங்களின் பிரகாரம், குவைத்தில் சுமார் 100,000 புலம்பெயர்ந்த இலங்கைத் தொழிலாளர்கள் காணப்படுவதுடன், அவர்களில் பெரும்பாலானோர் வீட்டுப் பணிப்பெண்கள் ஆவர்.