Sri Lanka Foreign Policy and Economic Diplomacy Dialogue 2018 Concludes Successfully

Sri Lanka Foreign Policy and Economic Diplomacy Dialogue 2018 Concludes Successfully

Head Table

The Valedictory Session of the Sri Lanka Foreign Policy and Economic Diplomacy Dialogue, organized by the Ministry of Foreign Affairs was held at the Ministry on Friday (26 October). The participating diplomats from 23 countries received their certificates from Foreign Secretary Prasad Kariyawasam following the conclusion of the programme.

Organized as part of the Economic Diplomacy Programme (EDP) of the Foreign Ministry, and conducted in collaboration with the Bandaranaike International Diplomatic Training Institute (BIDTI) and the Lakshman Kadirgamar Institute (LKI), the two-week Dialogue was attended by diplomats from Afghanistan, Australia, Bangladesh, Bhutan, Brazil, China, Cuba, Egypt, India, Kenya, Malaysia, Maldives, Mongolia, Myanmar, Nepal, Pakistan, Palestine, Senegal, Singapore, South Africa, Thailand, United Arab Emirates and Vietnam.

Earlier on Friday, the diplomats visited the Parliament and called on the Speaker of the Parliament Karu Jayasuriya.

Addressing the Valedictory Session, Foreign Secretary Prasad Kariyawasam said the Sri Lanka Foreign Policy and Economic Diplomacy Dialogue 2018, organized by the Economic Affairs and Trade Division, was a high quality product of the Ministry and it showcased Sri Lanka’s potential and ability to interact with the rest of the world. Referring to UN Secretary-General António Guterres’s emphasis during the UN General Assembly on the relevance of multilateralism in today’s polarised world, he said the Dialogue was Sri Lanka’s contribution to the promotion of multilateralism and friendship among countries. He also hoped that the friendships established and experiences that were shared through initiatives of this nature would contribute to economically growing together.

Additional Secretary, Economic Affairs and Trade of the Ministry of Foreign Affairs Ravinatha Aryasinha said the Dialogue had advanced the understanding among the participating diplomats about Sri Lanka, as well as the challenges and opportunities relating to each other’s countries. It had also provided valuable insights to the Foreign Ministry’s Economic Diplomacy Programme, in promoting Sri Lanka through its Missions abroad. He added that the Ministry would work towards ensuring that all participants remain networked in the future as well.

The Director General of the BIDTI Ambassador Pamela J. Deen while pointing out the importance of conducting the annual Dialogue, thanked the 23 participants for the commitment they showed throughout the programme. Dr. Ganeshan Wignaraja, the Executive Director of the LKI highlighted the remarkable camaraderie that emanated through the Dialogue and the frankness of the participants in sharing their knowledge during the sessions.

Delivering the closing remarks on behalf of the visiting diplomats, Ms. Peta Helen Donald of Australia said, they had the opportunity to understand first-hand about the development in Sri Lanka and that they go back to their 23 countries as Ambassadors for Sri Lanka. On behalf of all participants, she appreciated the excellent arrangements made for the programme and commended that the Dialogue was well directed towards its goals.

The two-week long programme included discussions with Sri Lanka’s key government officials, academics, scientists, and captains of the private sector. It primarily focused on Sri Lanka’s Economy. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) supported the programme through organizing a 3- day field visit showcasing the country’s historical, cultural, economic and touristic sites, including Kandy, Dambulla, Sigiriya, Polonnaruwa, the Minneriya Nature Reserve and Passikudah. The diplomats also visited theSri Lanka Institute of Nanotechnology and the University of Moratuwa, and were also the guests of the Export Development Board (EDB) at the ‘Boat Show and Boating Festival of Sri Lanka 2018’ at the Galle Yacht Marina.

Ministry of Foreign Affairs
Colombo

 

28 October 2018

 

Parliament

Secretary

DSC_5839

DSC_5843

DSC_5871

Audience

Audience 2

 

--------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය- 2018 සාර්ථකව නිමාවට පත්වේ

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදයේ සමාප්ති සැසිය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 26) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම වැඩසටහනට සහභාගී වූ රටවල් විසිතුනක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ වැඩසටහන අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා අතින් සිය සහතිකපත්‍ර ලබා ගත්හ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලැබ,  බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය  සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සමඟ සහයෝගයෙන් සති දෙකක් පුරා පවත්වනු ලැබූ මෙම සංවාද වැඩසටහනට ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, භූතානය, බ්‍රසීලය, චීනය, කියුබාව, ඊජිප්තුව, ඉන්දියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පලස්තීනය, සෙනෙගාලය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව,තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ සහභාගී වූහ.

ඉකුත් සිකුරාදා උදෑසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට ගිය මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ කතානායක කරු ජයසූරිය මහතා බැහැදුටුවහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳ අංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය-2018 ඉතා අනර්ඝ තත්ත්වයේ පැවැති බවත් ලෝකයේ සෙසු රටවල් සමඟ ගනුදෙනු කිරීමට         ශ්‍රී ලංකාව සතු ශක්තිය හා හැකියාව ඉන් ප්‍රදර්ශනය වූ බවත් සමාප්ති සැසිය අමතමින් කතා කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවැසීය. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ධ්‍රැවිකරණයට ලක් වූ අද්‍යතන ලෝකය තුළ බහුපාර්ශ්විකත්වයේ අදාළබව අවධාරණය කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙර්රෙස් මහතාගේ කතාව උපුටා දැක්වූ කාරියවසම් මහතා, මෙම සංවාදය වනාහී බහුපාර්ශ්විකතාව සහ ජාතීන් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන දායකත්වය බව ප්‍රකාශ කළේය. මෙවැනි වැඩසටහන් ඔස්සේ ගොඩනැඟෙන මිත්‍රත්ව සහ බෙදාහදා ගැනෙන අත්දැකීම්, සියලු දෙනාටම එක්ව ආර්ථීක වශයෙන් වර්ධනය වීම සඳහා දායක වනු ඇතැයිද ඒ මහතා බලාපොරොත්තු පළ කළේය.

මෙම සංවාදය මඟින් ඊට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳවද සිය රටවල් මුහුණදෙන අභියෝග හා ඒවා සතු අවස්ථා පිළිබඳවද අවබෝධය ඉහළ නැංවුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය. විදේශයන්හි පිහිටි දූතමණ්ඩල හරහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමෙහිලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනට ඉන් ඉතා ප්‍රයෝජනවත් දැනුමක් ලැබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වැඩසටහනට සහභාගී වූ සියලු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අනාගතයේදී එකිනෙකා හා සම්බන්ධ වී සිටීම සහතික වනු වස් අමාත්‍යාංශය ක්‍රියා කරන බවද ඔහු තවදුරටත් පැවැසීය.

මෙම වාර්ෂික සංවාදය පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පැමලා ජේ. ඩීන් මහත්මිය වැඩසටහන පුරා ඔවුන් ප්‍රදර්ශනය කළ කැපවීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනාට සිය ස්තූතිය පළ කළාය . සංවාදය ඔස්සේ ගොඩනැඟුණු විශිෂ්ට මිත්‍රත්වයද වැඩසටහනේ සැසිවාර අතරතුරදී සිය දැනුම බෙදාහදාගැනීමෙහිලා ඊට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තුළ වූ  අවංකභාවයද  ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ඉස්මතු කොට පෙන්වීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව සියැසින් දැකබලා අවබෝධ කරගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බවත්, තමන් 23 දෙනා පෙරළා සිය රටවල් බලා යන්නේ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වශයෙන් බවත් සංචාරක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් සමාප්ති කතාව කළ ඕස්ට්‍රේලියාවේ පීටා හෙලන් ඩොනල්ඩ් මහත්මිය පැවසුවාය. වැඩසටහන සංවිධානය කොට තිබූ අනර්ඝ ආකාරය පිළිබඳව සියලු දෙනා වෙනුවෙන් ස්තූතිය පළ කළ ඩොනල්ඩ් මහත්මිය, මෙම සංවාදය එහි අභිමතාර්ථ කරා සාර්ථකව මෙහෙයවුණු බව ප්‍රශංසාපූර්වකව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, විද්‍යාඥයන් සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් සමඟ කළ සාකච්ඡා සති දෙකක් පුරා පැවැති මෙම වැඩසටහනට ඇතුළත් විය. එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත අවධානය යොමු කළේය. මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, මින්නේරිය ස්වභාවික රක්ෂිතය සහ පාසිකුඩා ආදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික, සංස්කෘතික, ආර්ථික හා සංචාරක වශයෙන් වැදගත් ස්ථාන අන්තර්ගත තෙදින ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන්නේය.  ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලය නැරඹීමට ගිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ  ගාලු වරාය යාත්‍රා නිකේතනයේ පැවැති ‘2018 ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රදර්ශනය හා බෝට්ටු සැණකෙළිය’ට අපනයන සංවර්ධන මණ්ඩලයේ අමුත්තන් වශයෙන්ද සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2018 ඔක්තෝබර් 28 වැනිදා

 ------------------------------------------------------------------------------------------------------

இலங்கை வெளியுறவு கொள்கை மற்றும் பொருளாதார இராஜதந்திர பேச்சுவார்த்தை 2018 வெற்றிகரமாக முடிவடைந்தது.

வெளிவிவகார அமைச்சு ஏற்பாடு செய்திருந்த இலங்கை வெளியுறவு கொள்கை மற்றும் பொருளாதார இராஜதந்திர பேச்சுவார்த்தையின் பிரியாவிடை வைபவம்  வெள்ளிக்கிழமை (அக்டோபர் 26) அமைச்சில் நடைபெற்றது. இத்திட்டத்தின் முடிவில் 23 நாடுகளிலிருந்து பங்கேற்ற இராஜதந்திரிகள் தங்களதுசான்றிதழ்களை வெளியுறவு செயலாளர் பிரசாத் காரியவசம் அவர்களிடமிருந்து பெற்றனர்.

வெளியுறவு அமைச்சின் பொருளாதார இராஜதந்திர நிகழ்ச்சியின்(EDP) ஒரு பகுதியாக பண்டாரநாயக்க சர்வதேச இராஜதந்திர பயிற்சி நிறுவனம் (பி.ஐ.டி.ரி.ஐ) மற்றும் லக்ஷ்மன் கதிர்காமர் நிறுவனம் (எல்.கே.ஐ) ஆகியவற்றுடன் இணைந்து இரண்டு வார காலத்திற்கு ஏற்பாடு செய்யப்பட்ட இந்நிகழ்ச்சியில் ஆப்கானிஸ்தான், அவுஸ்திரேலியா, பங்களாதேஷ், பூட்டான், பிரேஸில், சீனா, கியூபா, எகிப்து, இந்தியா, கென்யா, மலேசியா, மாலைதீவுகள், மங்கோலியா, மியன்மார், நேபாளம், பாகிஸ்தான், பாலஸ்தீனம், செனகல், சிங்கப்பூர், தென்னாபிரிக்கா, தாய்லாந்து, ஐக்கிய அறபு இராச்சியம் மற்றும் வியட்நாம் ஆகியநாடுகளிலிருந்து இராஜதந்திரிகள் கலந்து கொண்டனர்.

வெள்ளிக்கிழமைஆரம்பத்தில், இராஜதந்திரிகள் பாராளுமன்றத்தினையும் பாராளுமன்ற சபாநாயகர் கரு ஜயசூரியவையும் சந்தித்தனர்.

வெளிநாட்டு செயலாளர் பிரசாத் காரியவசம், பொருளாதார விவகாரங்கள் மற்றும் வர்த்தக பிரிவினால் ஏற்பாடு செய்யப்பட்ட இலங்கை வெளியுறவு கொள்கை மற்றும் பொருளாதார இராஜதந்திர உரையாடல் 2018, அமைச்சின் உயர்தர உற்பத்தியாகும் எனவும், ஏனைய உலக நாடுகளுடன் இணைந்து செயற்படுவதற்கானஇலங்கையின் சாத்தியமான திறனையும் எடுத்துக்காட்டுகிறது என்றும் ஐ.நா. பொதுச் செயலர் ஜெனரல் அன்டோனியோ கெடரெஸ்ஐ.நா. பொதுச்சபையின்போது வலியுறுத்திய இன்றைய துருவமுனை உலகில் பன்முகத்தன்மையின் தொடர்புபற்றி குறிப்பிட்டு விட்டு நாடுகளுக்கிடையே பன்முகத்தன்மை மற்றும் நட்பை மேம்படுத்துவதில் இலங்கையின் வகிபங்கு தொடர்பாகவே உரையாடல் அமைந்திருந்தது என்றும்அவர்குறிப்பிட்டார். இந்த இயற்கையின் முயற்சிகளால் பகிர்ந்து கொள்ளப்பட்ட அனுபவங்கள் மற்றும்உண்டான நட்புகள் ஆகியவை பொருளாதார ரீதியாக ஒருமித்த வளர்ச்சிக்கு வழிவகுக்கும் எனவும்அவர் கருத்துதெரிவித்தார்.

வெளிவிவகார அமைச்சின் பொருளாதார மற்றும் வர்த்தக விவகாரங்களுக்கான மேலதிக செயலாளர் ரவிநாத ஆரியசின்ஹ பங்கேற்பு இராஜதந்திரிகளுக்கிடையிலான இலங்கை பற்றிய புரிதலையும்நாடுகளுக்கிடையிலான சவால்கள் மற்றும் வாய்ப்புக்களையும் இக்கலந்துரையாடல்முன்னெடுத்ததாக தெரிவித்தார். மேலும் இது வெளியுறவு அமைச்சின் பொருளாதார இராஜதந்திர திட்டத்திற்கான மதிப்பைவளர்த்ததுடன் வெளிநாடுகளில் இலங்கை தூதரகங்கள் மூலம் இலங்கையை ஊக்குவிப்பதற்கும் இதுஉதவியது என்றும் எதிர்காலத்திலும் அனைத்து பங்கேற்பாளர்களும் தொடர்புடன்இருப்பதை உறுதி செய்வதற்காக அமைச்சு வேலை செய்யும் என்றும் அவர் கூறினார்.

பமீலா ஜே. டீன் BIDTI பணிப்பாளர் நாயகம் வருடாந்த உரையாடல் நிகழ்வின் முக்கியத்துவத்தை சுட்டிக்காட்டி, நிகழ்ச்சித்திட்டத்தின் போது அவர்கள் காட்டிய அர்ப்பணிப்புக்காக 23 பங்கேற்பாளர்களுக்கும் நன்றி தெரிவித்தார். எல்.கே.ஐ.யின் நிறைவேற்றுபணிப்பாளரான டாக்டர் கணேசன் விக்னராஜா உரையாடல்களின்போது பங்கேற்பாளர்களின் வெளிப்படையான தன்மை மற்றும் அவர்களதுஅறிவுப்பரிமாறல்களை சுட்டிக்காட்டினார்.

இலங்கையின் அபிவிருத்தியைப் பற்றி முதலில் தெரிந்து கொள்ளும் வாய்ப்பும், அவர்கள் 23 பேரும் இலங்கையின் தூதர்களாக திரும்பி வருவதாகவும் கலந்து கொண்ட இராஜதந்திரிகளின் சார்பில் இறுதி உரையை வழங்கிய அவுஸ்திரேலியாவைச் சார்ந்த செல்விபீட்டா ஹெலன் டொனால்ட் தெரிவித்தார். அனைத்து பங்கேற்பாளர்களின் சார்பாக, நிகழ்ச்சிக்காக செய்யப்பட்ட சிறந்த ஏற்பாடுகளை அவர் பாராட்டினார்.மற்றும் உரையாடல் அதன் இலக்குகளை நோக்கி நகர்த்தப்பட்டிருந்ததாகவும்குறிப்பிட்டார்.

இரண்டு வாரகாலத்தைக் கொண்ட இவ்வேலைத்திட்டம் இலங்கையின் பிரதான அரசாங்க அதிகாரிகள், கல்வியாளர்கள், விஞ்ஞானிகள் மற்றும் தனியார் துறையின் தலைவர்களுடனான கலந்துரையாடல்களை கொண்டிருந்தது. இது இலங்கையின் பொருளாதாரம் மீது கவனம் செலுத்தியது. கண்டி, தம்புள்ள, சீகிரியா, பொலன்னறுவை, மின்னேரியா இயற்கை நீர்த்தேக்கம் மற்றும் பாசிக்குடா உட்பட நாட்டின் வரலாற்று, பண்பாட்டு, பொருளாதார மற்றும் சுற்றுலாத் தளங்களைக் காண்பிக்கும் மூன்றுநாள் கள விஜயத்தை ஏற்பாடு செய்ததன் மூலம் இலங்கை சுற்றுலா ஊக்குவிப்புப் பணியகம் (SLTPB) இந்த திட்டத்திற்கு உதவியது. இராஜதந்திரிகள் இலங்கையின் நனோ தொழில்நுட்பக் கழகம் மற்றும் மொறட்டுவ பல்கலைக்கழகம் ஆகியவற்றையும் பார்வையிட்டதுடன், காலி யாச் மெரினாவில் '2018 ஆம் ஆண்டின் படகுக்காட்சிமற்றும் படகு விழாவில்' ஏற்றுமதி அபிவிருத்தி வாரியத்தின் (EDB) விருந்தினர்களாகவும் இருந்தார்கள்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு
கொழும்பு

 

28 அக்டோபர் 2018
Print Friendly, PDF & Email
Please follow and like us:

Close