​Ambassador of Sri Lanka presents credentials to the President of the Republic of Indonesia

​Ambassador of Sri Lanka presents credentials to the President of the Republic of Indonesia

Ambassador of Sri Lanka to Indonesia Admiral Professor Jayanath Colombage presented credentials to President of the Republic of Indonesia Joko Widodo on 20 February 2023 at the Istana Merdeka, the Presidential Palace in Jakarta.

During the brief media interaction, prior to the presentation of credentials, Ambassador Jayanath Colombage highlighted the longstanding bilateral relationship between Sri Lanka and Indonesia in the political, economic and defence spheres since the establishment of diplomatic relations between the two countries in 1952. The Ambassador recalled the Bandung Conference, the first large-scale Afro- Asian Conference which Indonesia and Sri Lanka jointly organized in 1955, and resulted in the formation of the Non Aligned Movement. He also mentioned that the people of the two countries share civilizational, cultural and religious links which dates back several centuries.

Ambassador Jayanath Colombage highlighted that Sri Lanka and Indonesia are strategically important in maritime trade in the modern era. He stressed the importance of developing more connectivity between the two countries not only for the well-being of Indonesia and Sri Lanka but also for the whole world.

Ambassador Jayanath Colombage was previously Secretary to the Ministry of Foreign Affairs and Director General of the Institute of National Security Studies in Sri Lanka. He has served in the Sri Lanka Navy for a period of 36 years and was a former Commander of the Sri Lanka Navy.

Embassy of Sri Lanka

Jakarta

21 February 2023

....................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා තානාපතිවරයා ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා 2023 පෙබරවාරි 20 වැනි දින ජකර්තා හි ජනාධිපති මන්දිරය වන ඉස්තානා මර්දෙකාහි දී ඉන්දුනීසියානු ජනරජයේ ජනාධිපති ජොකෝ විඩෝඩෝ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

අක්තපත්‍ර ප්‍රදානය කිරීමට පෙර පැවති කෙටි මාධ්‍ය සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා, 1952 වසරේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ සමයේ පටන් දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට විදහා දක්වන දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අවධාරණය කළේ ය. තවද, 1955 වසරේ දී ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව එක්ව පුළුල් අයුරින් සංවිධානය කරන ලද ප්‍රථම අප්‍රිකානු-ආසියානු සමුළුව වන බන්ඩුන්ග් සමුළුව පිළිබඳව ද එතුමා සිහිපත් කළේ ය. එය නොබැඳි ව්‍යාපාරය බිහි වීමට ඉවහල් විය. එමෙන්ම, සියවස් ගණනාවක මුළුල්ලේ පටන් පැවත එන ශිෂ්ටාචාර, සංස්කෘතික සහ ආගමික සබඳතා දෙරටේ ජනතාව බෙදාහදා ගන්නා බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

නූතන යුගයේ සමුද්‍ර වෙළඳාම ගත් කල ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන බව තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා විසින්  අවධාරණය කරන ලදී. ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ යහපත සඳහා පමණක් නොව මුළු ලෝකයේම යහපැවැත්ම සඳහා දෙරට අතර පවතින සබඳතා ඉහළ නැංවීමේ වැදගත්කම ද එතුමා විසින් අවධාරණය කරන ලදී.

තානාපති ජයනාත් කොළඹගේ මැතිතුමා මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ය. එතුමා වසර 36ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපතිවරයකු ද වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 පෙබරවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close