Sri Lankan Food Product Companies Participate in the SAITEX Trade Show 2022 South Africa

Sri Lankan Food Product Companies Participate in the SAITEX Trade Show 2022 South Africa

Two leading Sri Lankan food product companies participated in the South African multi-sector trade-show (SAITEX), held at the Gallagher Convention Centre in Johannesburg, South Africa from 19 – 21 June 2022. SAITEX has, over the past 27 years, brought local and international importers and exporters to take advantage of inbound and outbound trade opportunities within the African Region and facilitates international and local trade relationships, whilst providing a platform for the private sector to demonstrate the innovations, solutions and services they have to offer Africa. This year, 150+ exhibitors from 25 countries participated at SAITX attended by 4900 attendees representing importers, wholesalers, retailers, product manufacturers, distributors, agents, government bodies, and entrepreneurs.The Sri Lanka High Commission in Pretoria, South Africa facilitated the participation of the Sri Lankan companies at SAITEX.

Ceylon Biscuits Limited (CBL) promoted a wide range of confectioneries including biscuits and crackers, chocolates, coconut products, soy products, organic fruits and spices, nutri foods and cereals. These included CBL name brands Munchee, Ritzbury, Revello, Sera, Samaposha, and Lankasoy. CBL currently exports their products to 60 countries including South Africa, Ghana and Angola. CBL is now exploring expanding to South Africa, Zambia, Zimbabwe, Malawi and Mozambique in East Africa.

Silk Foods Ceylon (Pvt) Ltd exhibited their state-of-the-art vegan products, sustainable products from natural Nutraceuticals, spices, tea, and coconut related products. Novel products that attracted many visitors were Ceylon Tea Kombucha (adrink made using tea and yeast with added coconut sugar), vegan burger patty, dairy free yoghurt, plant based cheese, and oat & rice milk. The vegan food market is fairly niche in South Africa, but it has a wide prospect in next 10 -15 years acquiring a considerable share of the market.

At a reception for officials of these companies hosted by the High Commissioner, Prof. Gamini Gunawardane, both companies reported success at the trade show, particularly CBL which reported trade inquiries and offers from six African countries and one Latin American country. The High Commissioner expressed appreciation of the country for the entrepreneurship of the two companies and their efforts, at their cost, to expand exports and earn much needed foreign exchange for Sri Lanka.

High Commission of Sri Lanka

Pretoria

06 July, 2022

...................................................

 මාධ්‍ය නිවේදනය

 ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන සමාගම්  දකුණු අප්‍රිකාවේ පැවති 2022 SAITEX වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වේ

2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගම් දෙකක් සහභාගී විය.SAITEX ප්‍රදර්ශනය පසුගිය වසර 27 මුළුල්ලේ දේශීය හා ජාත්‍යන්තර ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට අප්‍රිකානු කලාපය තුළ අභ්‍යන්තර සහ බාහිර වෙළඳ අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථා සලසා ඇත. තවද එය ජාත්‍යන්තර සහ දේශීය වෙළඳ සබඳතා සඳහා පහසුකම් සපයන අතර, පුද්ගලික අංශයට අප්‍රිකාව උදෙසා පිරිනැමීමට ඇති නවෝත්පාදන නිපැයුම්, විසඳුම් සහ සේවා ප්‍රදර්ශනය කිරීම සඳහා වේදිකාවක් සපයයි. මෙම වසරේ පැවති SAITEX ප්‍රදර්ශනය සඳහා රටවල් 25ක ප්‍රදර්ශකයන් 150 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර ආනයනකරුවන්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන්  නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, නියෝජිතයන්, රාජ්‍ය ආයතන සහ ව්‍යවසායකයන් නියෝජනය කළ 4900ක පිරිසක් ද ඊට සහභාගී විය. දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය SAITEX ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලාංකික සමාගම්වලට පහසුකම් සැලසීය.

සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) විසින් බිස්කට් සහ ක්‍රැකර්ස්, චොක්ලට්, පොල් නිෂ්පාදන, සෝයා නිෂ්පාදන, කාබනික පලතුරු සහ කුළුබඩු, පෝෂණීය ආහාර සහ ධාන්‍ය වර්ග ඇතුළු පුළුල් පරාසයක රසකැවිලි නිෂ්පාදන රැසක් ප්‍රවර්ධනය කරන ලදි. CBL සමාගමේ සන්නාම වන මන්චී, රිට්ස්බරි, රොවෙල්ලෝ, සේරා, සමපෝෂ සහ ලංකාසෝයි යන සන්නාම මීට ඇතුළත් විය. CBL සමාගම මේ වන විට දකුණු අප්‍රිකාව, ඝානාව සහ ඇන්ගෝලාව ඇතුළු රටවල් 60කට සිය නිෂ්පාදන අපනයනය කරයි. තවද මෙම සමාගම මේ වන විට සිය නිෂ්පාදන දකුණු අප්‍රිකාව, සැම්බියාව, සිම්බාබ්වේ, මලාවි සහ නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික් දක්වා ව්‍යාප්ත කිරීම පිළිබඳව ගවේෂණය කරමින් සිටියි.

සිල්ක් ෆුඩ්ස් සිලෝන් (පුද්ගලික) සමාගම සිය අති නවීන නිර්මාංශ නිෂ්පාදන, ස්වභාවික පෝෂක ද්‍රව්‍යවලින් සකස් කළ තිරසාර නිෂ්පාදන, කුළුබඩු, තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනය කළේය. නරඹන්නන් රැසකගේ  ආකර්ෂණයට පාත්‍ර වූ නව නිෂ්පාදන වූයේ සිලෝන් ටී කොම්බුචා (පොල් සීනි එකතු කොට තේ සහ යීස්ට් යොදා සැකසූ පානයක්), නිර්මාංශ බර්ගර් පැටිස්, කිරි රහිත යෝගට්, ශාක පදනම් වූ චීස්, සහ ඕට් සහ සහල් කිරි යනාදිය යි. නිර්මාංශ ආහාර වෙළඳපොළ දකුණු අප්‍රිකාව තුළ තරමක් දුරට ව්‍යාප්ත වී ඇත. එනමුදු, ඉදිරි වසර 10 -15 දක්වා කාලය තුළ වෙළඳපොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්පත් කර ගැනීමේ පුළුල් ශක්‍යතාවක් එය සතුව පවතී.

මහ කොමසාරිස් මහාචාර්ය ගාමිණී ගුණවර්ධන මැතිතුමා මෙම සමාගම්වල නිලධාරීන් සඳහා පවත්වන ලද උත්සවයකදී, මෙම සමාගම් දෙකම වෙළඳ ප්‍රදර්ශනය තුළින් ලබාගත් සාර්ථකත්වය පිළිබඳව වාර්තා කළ අතර, විශේෂයෙන්ම අප්‍රිකානු රටවල් හයක් සහ එක් ලතින් ඇමරිකානු රටක් තම සමාගම වෙත වෙළඳ විමසීම් සහ යෝජනා යොමු කළ බව CBL ආයතනය සඳහන් කළේය. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන විදේශ විනිමය ඉපැයීම සඳහා තම නිෂ්පාදන ව්‍යාප්ත කරමින්, තම වියදමින් දරන්නා වූමෙම උත්සාහය සහ ව්‍යවසායකත්වය වෙනුවෙන්මහ කොමසාරිස්වරයා මෙම සමාගම් දෙක වෙත ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පිරිනැමී ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 ජූලි 06 වැනි දින

.......................................................

ஊடக வெளியீடு

தென்னாபிரிக்காவின் பல துறை வர்த்தகக் கண்காட்சி 2022 இல் இலங்கை உணவுத் தயாரிப்பு நிறுவனங்கள் பங்கேற்பு

2022 ஜூன் 19 முதல் 21 வரை தென்னாபிரிக்காவின் ஜொஹான்னஸ்பேர்க்கில் உள்ள கல்லகர் மாநாட்டு மையத்தில் நடைபெற்ற தென்னாபிரிக்க பல்துறை வர்த்தகக் கண்காட்சியில் இரண்டு முன்னணி இலங்கை உணவுத் தயாரிப்பு நிறுவனங்கள் பங்கேற்றன. கடந்த காலங்களில் 27 ஆண்டுகள் நடைபெற்றுள்ள தென்னாபிரிக்க பல்துறை வர்த்தகக் கண்காட்சி, உள்ளூர் மற்றும் சர்வதேச இறக்குமதியாளர்கள் மற்றும் ஏற்றுமதியாளர்கள் ஆபிரிக்கப் பிராந்தியத்திற்குள் உள்வரும் மற்றும் வெளிச்செல்லும் வர்த்தக வாய்ப்புகளைப் பயன்படுத்தி, சர்வதேச மற்றும் உள்ளூர் வர்த்தக உறவுகளை எளிதாக்கும் அதே நேரத்தில் தனியார் துறைக்கு அவர்கள் செய்ய வேண்டிய கண்டுபிடிப்புக்கள், தீர்வுகள் மற்றும் சேவைகளை நிரூபிப்பதற்கான ஒரு தளத்தை வழங்குகின்றது. இந்த ஆண்டு, 25 நாடுகளைச் சேர்ந்த 150 க்கும் மேற்பட்ட கண்காட்சியாளர்களும், 4900 பங்கேற்பாளர்களும் மற்றும் இறக்குமதியாளர்கள், மொத்த விற்பனையாளர்கள், சில்லறை விற்பனையாளர்கள், தயாரிப்பு உற்பத்தியாளர்கள், விநியோகஸ்தர்கள், முகவர்கள், அரச அமைப்புக்கள் மற்றும் தொழில்முனைவோர் ஆகியோர் தென்னாபிரிக்காவின் பல்துறை வர்த்தகக் கண்காட்சியில் கலந்துகொண்டனர். தென்னாபிரிக்காவின் பிரிட்டோரியாவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயம் தென்னாபிரிக்க பல்துறை வர்த்தக கண்காட்சியில் இலங்கை நிறுவனங்களின் பங்கேற்பை எளிதாக்கியது.

சிலோன் பிஸ்கட்ஸ் லிமிடெட் நிறுவனம் பிஸ்கட் மற்றும் க்ரெக்கர்கள், சொக்லேட்டுகள், தேங்காய்ப் பொருட்கள், சோயாப் பொருட்கள், இயற்கைப் பழங்கள் மற்றும் சுவையூட்டிப் பொருட்கள், ஊட்டச்சத்து உணவுகள் மற்றும் தானியங்கள் உட்பட பலவிதமான தின்பண்டங்களை விளம்பரப்படுத்தியது. இதில் சிலோன் பிஸ்கட்ஸ் லிமிடெட் நிறுவனத்தின் வர்த்தக நாமங்களான மஞ்சி, ரிட்ஸ்பரி, ரெவெல்லோ, சேரா, சமபோஷ மற்றும் லங்காசோய் ஆகியவை அடங்கும். சிலோன் பிஸ்கட் லிமிடெட் தற்போது தென்னாபிரிக்கா, கானா மற்றும் அங்கோலா உள்ளிட்ட 60 நாடுகளுக்கு தமது தயாரிப்புக்களை ஏற்றுமதி செய்கின்றது. சிலோன் பிஸ்கட் லிமிடெட் இப்போது தென்னாபிரிக்கா, சாம்பியா, சிம்பாப்வே, மலாவி மற்றும் கிழக்கு ஆபிரிக்காவில் மொசாம்பிக் ஆகிய நாடுகளுக்கும் விரிவடைந்து வருகின்றது.

சில்க் ஃபுட்ஸ் சிலோன் (பிரைவேட்) லிமிடெட் தமது அதிநவீன சைவ தயாரிப்புக்கள், இயற்கையான ஊட்டச்சத்து மருந்துகள், சுவையூட்டிப் பொருட்கள், தேநீர் மற்றும் தேங்காய் தொடர்பான தயாரிப்புக்களிலிருந்து நிலையான தயாரிப்புக்களை காட்சிப்படுத்தியது. சிலோன் டீ கொம்புச்சா (தேங்காய் மற்றும் ஈஸ்ட் சேர்த்து தயாரிக்கப்படும் பானம்), சைவ பர்கர் பாட்டி, பால் இல்லாத தயிர், தாவர அடிப்படையிலான பாலாடைக்கட்டி, ஓட்ஸ் மற்றும் அரிசிப் பால் ஆகியவை பல பார்வையாளர்களைக் கவர்ந்த சிறந்த தயாரிப்புக்களாகும். சைவ உணவு சந்தை தென்னாபிரிக்காவில் மிகவும் முக்கிய இடத்தைப் பிடித்துள்ளது, எனினும் அடுத்த 10 - 15 ஆண்டுகளில் சந்தையில் கணிசமான பங்கைப் பெறுவதற்கான பரந்த வாய்ப்பு உள்ளது.

உயர்ஸ்தானிகர் பேராசிரியர் காமினி குணவர்தனவினால் நடாத்தப்பட்ட இந்த நிறுவனங்களின் அதிகாரிகளுக்கான வரவேற்பு நிகழ்வில், இரு நிறுவனங்களும் வர்த்தகக் கண்காட்சியில் வெற்றியைப் பதிவு செய்தன, குறிப்பாக சிலோன் பிஸ்கட்ஸ் லிமிடெட் ஆறு ஆபிரிக்க நாடுகள் மற்றும் ஒரு லத்தீன் அமெரிக்க நாட்டிலிருந்து வர்த்தக விசாரணைகள் மற்றும் சலுகைகளை அறிவித்தது. உயர்ஸ்தானிகர், இரண்டு நிறுவனங்களின் தொழில் முனைவோர் மற்றும் அவற்றின் செலவில், ஏற்றுமதியை விரிவுபடுத்துவதற்கும், இலங்கைக்குத் தேவையான அந்நிய செலாவணியைப் பெறுவதற்கும் மேற்கொண்ட முயற்சிகளுக்கு நாட்டின் பாராட்டுக்களைத் தெரிவித்தார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

பிரிட்டோரியா

2022 ஜூலை 06

Please follow and like us:

Close