Sri Lankan Batik promoted in Melbourne coinciding with International Women’s Day 2022

Sri Lankan Batik promoted in Melbourne coinciding with International Women’s Day 2022

The Consulate General of Sri Lanka in Melbourne in collaboration with the Committee for Sri Lanka (CFSL), the South Asian Australia Alliance and the Australia Sri Lanka Business Council organised a photo shoot of Sri Lankan Batiks coinciding with International Women’s Day on 08 March 2022. The objective of this first of its kind event was to promote Sri Lankan Batiks among Australians through second generation Sri Lankans and South Asians born in Australia, with a view to reach out to the younger Australians who are keen on new fashion trends.

This photo shoot featured winners of Miss & Mrs South Asia Australia and Miss & Mrs Sri Lanka Australia pageants 2019 & 2020, who wore Sri Lankan Batik sarees. Fabulous modern Sri Lankan Batik outfits created by the young entrepreneur “Mrs. South Asia Australia runner up 2020” Thara Dias were also featured in the photo shoot. The designer later met Consul General Kapila Fonseka to discuss the promotion of Sri Lankan Batiks in the Australian market.

The photographs were widely circulated in social media by the Consulate General, organizers as well as the models who have a large following in media. They were also circulated through the Sri Lankan and South Asian community media in Australia.

Melbourne being a multicultural city, is one of the best places to showcase Sri Lanka’s cultural identity and its unique products such as Sri Lankan Batiks. Home to a large Sri Lankan and South Asian communities, Melbourne has the potential to become an important market for Sri Lankan Batiks.

Consul of the Consulate General of Sri Lanka in Melbourne Diana Perera, President CFSL Mimi Leonard, pageant director &the President of the Australia Sri Lanka Business Council Dilkie Perera and executive member of the CFSL Savindhi Perera Jainudeen coordinated the event.

 

Consulate General of Sri Lanka

Melbourne

09 March 2022

 .......................................

මාධ්‍ය නිවේදනය

 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලාංකික බතික් කලාව

මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

 මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව,2022 මාර්තු 08 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය. නව විලාසිතා ප්‍රවණතා කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ඕස්ට්‍රේලියානුවන් වෙත ළඟා වීමේ අදහසින්, ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙවැනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකයන් සහ ඕස්ට්‍රේලියාවේ උපන් දකුණු ආසියාතිකයන් හරහා ශ්‍රී ලාංකික බතික් කලාව ඕස්ට්‍රේලියානුවන් අතර ප්‍රචලිත කිරීම, ප්‍රථම වරට පවත්වන ලද මෙම වැඩසටහනේ අරමුණ විය.

2019 සහ 2020 යන වසරවල දී, විවාහක හා අවිවාහක දකුණු ආසියා සහ ඕස්ට්‍රේලියා රූ රැජින සහ විවාහක හා අවිවාහක ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා රූ රැජින යන තරගවලින් ජය ලැබූ ජයග්‍රාහිකාවන් මෙම ඡායාරූප රූගත කිරීම සඳහා සහභාගී වූ අතර ඔවුහු ශ්‍රී ලංකාවේ බතික් සාරිවලින් සැරසී සිටිය හ. තරුණ ව්‍යවසායිකාවක් වන “විවාහක දකුණු ආසියා ඕස්ට්‍රේලියා රූ රැජින තරගයේ 2020 අනුශූරතාව” දිනාගත් තාරා ඩයස් මහත්මිය නිර්මාණය කළ නවතම බතික් ඇඳුම් ද මෙම රූගත කිරීම්වලට ඇතුළත් විය. ඉන් අනතුරුව මෙම නිර්මාණ ශිල්පිනිය,ශ්‍රී ලංකා බතික් ඕස්ට්‍රේලියානු වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතාහමු වූවා ය.

මෙම ඡායාරූප කොන්සල් ජනරාල්වරයා, සංවිධායකයන් මෙන්ම මාධ්‍ය තුළ විශාල අනුගාමිකත්වයක් ඇති නිරූපිකාවන් විසින් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස බෙදා හරින ලදී. තවද, මෙම ඡායාරූප ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු ප්‍රජා මාධ්‍ය හරහා ද බෙදා හරින ලදි.

මෙල්බර්න් නගරය බහු සංස්කෘතික නගරයක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය සහ ශ්‍රී ලාංකික බතික් කලාව ආශ්‍රිත නිමැවුම් වැනි අද්විතීය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා වඩාත් යෝග්‍ය තෝතැන්නකි. විශාල ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු ප්‍රජාවකගේ නිවහන වන මෙල්බර්න් නගරය, ශ්‍රී ලාංකික බතික් කලාව සඳහා වැදගත් වන වෙළඳපොලක් බවට පත්වීමේ හැකියාවක් පවතී.

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩයනා පෙරේරා මහත්මිය, CFSL හි සභාපති මිමී ලෙනාඩ් මහතා, තරඟ අධ්‍යක්ෂ සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති ඩිල්කි පෙරේරා මහත්මිය සහ CFSL හි විධායක සාමාජික සවින්දි පෙරේරා ජෛනුදීන් මහත්මිය යනාදීහු මෙම උත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කළහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2022 මාර්තු 09 වැනි දින

...................................................

ஊடக வெளியீடு

2022 சர்வதேச மகளிர் தினத்தையொட்டி மெல்பேர்னில் இலங்கையின் பட்டிக் ஊக்குவிப்பு

இலங்கைக்கான குழு, தெற்காசிய அவுஸ்திரேலியா கூட்டமைப்பு மற்றும் அவுஸ்திரேலியா இலங்கை வர்த்தக சபை ஆகியவற்றுடன் இணைந்து மெல்பேர்னில் உள்ள இலங்கையின் துணைத் தூதரகம் 2022 மார்ச் 08ஆந் திகதி சர்வதேச மகளிர்  தினத்தையொட்டி   இலங்கை பட்டிக் புகைப்படப்பிடிப்பை ஏற்பாடு செய்தது. முதலாவதாக மேற்கொள்ளப்படும் இந்த நிகழ்வின் நோக்கம் புதிய நாகரீகப் போக்குகளில் ஆர்வமுள்ள இளைய அவுஸ்திரேலியர்களை சென்றடையும் நோக்கில், அவுஸ்திரேலியாவில் பிறந்த இரண்டாம் தலைமுறை இலங்கையர்கள் மற்றும் தெற்காசியர்களின் மூலம் அவுஸ்திரேலியர்களிடையே இலங்கை பட்டிக்களை விளம்பரப்படுத்துவதாகும்.

இந்த புகைப்படப்பிடிப்பில் செல்வி மற்றும் திருமதி தெற்காசியா அவுஸ்திரேலியா, மற்றும் செல்வி மற்றும் திருமதி இலங்கை அவுஸ்திரேலியா போட்டிகளின் 2019 மற்றும் 2020ஆம் ஆண்டிற்கான வெற்றியாளர்கள், இலங்கை பட்டிக் புடவைகளை அணிந்தனர். இளம் தொழில்முனைவோரால் உருவாக்கப்பட்ட அற்புதமான நவீன இலங்கை பட்டிக் ஆடைகள் கொண்ட புகைப்படப்பிடிப்பில் 'திருமதி தெற்காசியா அவுஸ்திரேலிய ரன்னர் அப் 2020' தாரா டயஸும் இடம்பெற்றார். அவுஸ்திரேலிய சந்தையில் இலங்கை பட்டிக்ஸை ஊக்குவிப்பது தொடர்பாக கலந்துரையாடுவதற்காக துணைத் தூதுவர் கபில பொன்சேகாவை வடிவமைப்பாளர் பின்னர் சந்தித்தார்.

துணைத் தூதரகம், அமைப்பாளர்கள் மற்றும் ஊடகங்களில் அதிக பின்தொடர்பவர்களைக் கொண்ட மொடல்களால் இந்த புகைப்படங்கள் சமூக ஊடகங்களில் பரவலாகப் பரப்பப்பட்டன. அவுஸ்திரேலியாவில் உள்ள இலங்கை மற்றும் தெற்காசிய சமூக ஊடகங்கள் மூலமாகவும் அவை பரப்பப்பட்டன.

மெல்பேர்ன் ஒரு பன்முகக் கலாச்சார நகரமாக இருப்பதால், இலங்கையின் கலாச்சார அடையாளத்தையும் அதன் தனித்துவமான தயாரிப்புக்களான இலங்கை பட்டிக்களையும் காட்சிப்படுத்த சிறந்த இடங்களில் ஒன்றாகும். ஒரு பெரிய இலங்கை மற்றும் தெற்காசிய சமூகங்களின் தாயகமான மெல்பேர்ன், இலங்கை பட்டிக்களுக்கான ஒரு முக்கிய சந்தையாக மாறுவதற்கான சாத்தியக்கூறுகளைக் கொண்டுள்ளது.

மெல்பேர்னில் உள்ள இலங்கையின் துணைத் தூதரகத்தின் துணைத் தூதுவர் டயானா பெரேரா, இலங்கைக்கான தலைவர் குழுவின் மிமி லியோனார்ட், போட்டியின் பணிப்பாளரும்  அவுஸ்திரேலியா இலங்கை வர்த்தக சபையின் தலைவருமான டில்கி பெரேரா மற்றும் இலங்கைக்கான குழுவின் நிறைவேற்று உறுப்பினர் சவிந்தி பெரேரா சைனுதீன் ஆகியோர் நிகழ்வை ஒருங்கிணைத்தனர்.

 

இலங்கையின் துணைத் தூதரகம்,

மெல்பேர்ன்

2022 மார்ச் 09

Please follow and like us:

Close