Saudi Minister of Economy and Planning meets with Foreign Minister Ali Sabry

Saudi Minister of Economy and Planning meets with Foreign Minister Ali Sabry

Minister of Economy and Planning of the Kingdom of Saudi Arabia Faisal bin Alibrahim undertook an official visit to Sri Lanka from 26-27 November 2023.

During the visit, the Saudi Minister met with Foreign Minister Ali Sabry where both sides discussed the formulation of an Economic Roadmap between Saudi Arabia and Sri Lanka that would encompass cooperation in a wide range of sectors including  trade & investment, power & energy, tourism, cultural interaction, digital transformation and employment opportunities, particularly in the construction sector. The Saudi Minister announced that their National Carrier Saudi Arabian Airlines would recommence flights to Sri Lanka very soon, which will contribute to capturing a sizable market of affluent Saudi travelers to Sri Lanka. The Minister of Power and Energy Kanchana Wijesekera, State Minister of Finance Shehan Semasinghe, Foreign Affairs State Minister Tharaka Balasuriya and senior officials of the Ministry of Foreign Affairs were also present.

The visit adds to a series of recent Ministerial engagements undertaken by both countries contributing to the enhancement of bilateral economic cooperation between Sri Lanka and Saudi Arabia.

Ministry of Foreign Affairs

Colombo

29 November 2023

.......................................

මාධ්‍ය නිවේදනය

සෞදි ආර්ථික හා සැලසුම් අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ ආර්ථික හා සැලසුම් අමාත්‍ය ෆයිසාල් බින් අලිබ්‍රහිම් මහතා 2023 නොවැම්බර් 26 සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේ දී, වෙළඳාම සහ ආයෝජන, බලය සහ බලශක්තිය, සංචාරක ක්ෂේත්‍රය, සංස්කෘතික අන්තර්ක්‍රියා, ඩිජිටල් පරිවර්තනය සහ විශේෂයෙන් ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව ඇතුලත් වන පරිදි සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සැලැස්මක් සැකසීම පිළිබඳව සෞදි අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ද්වීපාර්ශවීය වශයෙන් සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව වෙත ධනවත් සෞදි සංචාරකයින් පැමිණීමේ සංචාරක වෙළඳපොළක් ඇති කිරීම සඳහා සෞදි අමාත්‍යවරයා, ඔවුන්ගේ ජාතික ගුවන් සේවය වන සෞදි අරාබියානු ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත නැවත ගුවන් ගමන් ඉතා ඉක්මනින් ආරම්භ කරන බව නිවේදනය කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ආරම්භ කරනු ලැබූ මෑතකාලීන අමාත්‍ය කටයුතු මාලාවක එක් පියවරක් ලෙස මෙම සංචාරය ක්‍රියා කරනු ලබයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

29 නොවැම්බර් 2023

Please follow and like us:

Close