President Ranil Wickremesinghe concludes successful visit to Japan

President Ranil Wickremesinghe concludes successful visit to Japan

President Ranil Wickremesinghe concluded a three-day visit to Japan, where he addressed the 28th Nikkei Future of Asia Conference held in Tokyo. The prestigious Forum was organized by Nikkei Inc, with the participation of a number of high-level dignitaries, including President of Laos Thongloun Sisoulith, Prime Minister of Japan Fumio Kishida, Deputy Prime Minister of Singapore Lawrence Wong, Deputy Prime Minister of Vietnam Tran Luu Quang, Deputy Prime Minister of Thailand Don Pramudwinai and the former Prime Minister of Malaysia Mahathir Mohammed.

During the visit, President Wickremesinghe held fruitful bilateral discussions with Japan’s Prime Minister Fumio Kishida, Minister of Finance Suzuki Shunichi, Minister of Foreign Affairs Hayashi Yoshimasa and Minister for Digital Transformation Taro Kono during which further consolidation of bilateral political as well as economic cooperation between the two countries were discussed at length. The President appreciated the unwavering support the Government of Japan had extended to Sri Lanka in the recent debt restructuring process. President Wickremesinghe briefed the Japanese dignitaries on the steady progress made by Sri Lanka towards economic recovery and requested the continued support and goodwill of Japan in overcoming the current challenges of the country.

On the sidelines of the main program, the President engaged in bilateral discussions with the visiting Deputy Prime Ministers of Vietnam and Singapore as well as with three former Prime Ministers of Japan Yasuo Fukuda, Taro Aso and Yoshihide Suga.

The President also met the officials of the Japan-Sri Lanka Parliamentarian Friendship League, which is engaged in strengthening relations between the two countries, while promoting mutually beneficial economic ties.

A special Business Forum was organized by the Embassy of Sri Lanka in Tokyo, in collaboration with the Japan External Trade Organization (JETRO) and Japan-Sri Lanka Business Cooperation Council (JSLBCC) during the visit, which enabled President Wickremesinghe to engage with the Business Community in Japan. Further discussions were held by the President with the Sri Lanka Business Council in Japan, to identify ways of enhancing trade and investment between Sri Lanka and Japan.

President Ranil Wickremesinghe had several media interactions while in Tokyo, which included media interviews with Nikkei and the Japan Broadcasting Corporation, NHK.

The President also made this visit an opportunity to meet Madam Akie Abe, the spouse of late Prime Minister of Japan Shinzo Abe, to express the profound gratitude of the people of Sri Lanka, for the friendship and cooperation extended by the former Prime Minister to Sri Lanka.

Ministry of Foreign Affairs

Colombo

29 May 2023

........................................................

මාධ්‍ය නිවේදනය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය ජපාන සංචාරය සාර්ථකව නිම කරයි

 ටෝකියෝ නුවර පැවති 28 වැනි Nikkei Future of Asia සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය තෙදින ජපාන සංචාරය නිම කළේ ය. ලාඕසයේ ජනාධිපති තොන්ග්ලුඔන් සිසුලිත් මැතිතුමා, ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මැතිතුමා, වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ට්‍රාන් ලූ ක්වාන්ග් මැතිතුමා, තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සහ මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් Nikkei සංස්ථාව විසින් මෙම සුවිශේෂී සංසදය සංවිධානය කරන ලදී.

ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා මෙම සංචාරය අතරතුර ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ අමාත්‍ය ටාරෝ කෝනෝ මැතිතුමා සමඟ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය. මෙහිදී දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදී. මෑතක දී ක්‍රියාත්මක කළ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ලබාදුන් නොමද සහය ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්විය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව ජපානයේ සම්භාවනීය අමුත්තන් දැනුම්වත් කළ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා, මෙරට වත්මන් අභියෝග ජය ගැනීම සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය සහ හිතෛශීභාවය පළ කරන ලෙස ඉල්ලා සිටියේ ය.

ප්‍රධාන වැඩසටහනට සමගාමීව, ජනාධිපතිවරයා වියට්නාමයේ සහ සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් මෙන්ම ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු වන යසුඕ ෆුකුඩා, ටරෝ අසෝ සහ යොෂිහිඩේ සුගා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

 ජනාධිපතිවරයා මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කරන අතරතුර දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමේ කර්තව්‍යයේ නිරතව සිටින ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගයේ නිලධාරීන් ද හමුවිය.

ජපාන විදේශ වෙළඳ සංවිධානය (JETRO) සහ ජපාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කවුන්සිලය (JSLBCC) සමඟ එක්ව ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම සංචාරය අතරතුර සංවිධානය කළ විශේෂ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපතිවරයාට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාව හමු වීමේ අවස්ථාව උදාවිය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර වෙළඳාම සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ ක්‍රම හඳුනාගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ ද ජනාධිපතිවරයා විසින් වැඩිදුර සාකච්ඡා පවත්වන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටෝකියෝ නුවර රැඳී සිටිය දී මාධ්‍ය අන්තර්ක්‍රියා කිහිපයක් ද පැවැත් වූ අතර එයට Nikkei සහ Japan Broadcasting Corporation, NHK සමඟ පැවැත්වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡා ඊට ඇතුළත් විය.

දිවංගත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා ශ්‍රී ලංකාව වෙත පළ කළ මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ගේ කෘතඥතාව පළ කිරීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර අබේ මැතිතුමාගේ භාර්යාව වන අකී අබේ මැතිනිය ද හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 29 වැනි දින

........................................................

ஊடக வெளியீடு

 ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க ஜப்பானுக்கான விஜயத்தை வெற்றிகரமாக நிறைவு

ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க ஜப்பானுக்கான மூன்று நாள் விஜயத்தை நிறைவு செய்து கொண்டு, டோக்கியோவில் நடைபெற்ற ஆசியாவின் 28வது நிக்கி எதிர்கால மாநாட்டில் உரையாற்றினார். லாவோஸ் ஜனாதிபதி டோங்லோன் சிசோலித், ஜப்பான் பிரதமர் ஃபுமியோ கிஷிடா, சிங்கப்பூர் துணைப் பிரதமர் லோரன்ஸ் வோங், வியட்நாமின் துணைப் பிரதமர் டிரான் லூ குவாங், தாய்லாந்தின் துணைப் பிரதமர் டொன் பிரமுத்வினாய் மற்றும் மலேசியாவின் முன்னாள் பிரதமர் மகாதீர் முகமது உள்ளடங்கலாக பல உயர்மட்ட பிரமுகர்களின் பங்கேற்புடன் பெறுமதிமிக்க கருத்துக்களம் நிக்கி இன்க். ஆல் ஏற்பாடு செய்யப்பட்டது.

இந்த விஜயத்தின் போது, ஜனாதிபதி விக்கிரமசிங்க ஜப்பான் பிரதமர் ஃபுமியோ கிஷிடா, நிதியமைச்சர் சுசுகி சுனிச்சி, வெளியுறவு அமைச்சர் ஹயாஷி யோஷிமாசா மற்றும் டிஜிட்டல் மாற்றம் அமைச்சர் டாரோ கோனோ ஆகியோருடன் பயனுள்ள இருதரப்புக் கலந்துரையாடல்களில் ஈடுபட்டதுடன், இதன் போது இரு நாடுகளுக்கும் இடையிலான இருதரப்பு அரசியல் மற்றும் பொருளாதார ஒத்துழைப்பை மேலும் பலப்படுத்துவது குறித்து கவனம் செலுத்தப்பட்டது. அண்மைய கடன் மறுசீரமைப்பு செயற்பாட்டில் ஜப்பான் அரசாங்கம் இலங்கைக்கு வழங்கிய அசைக்க முடியாத ஆதரவை ஜனாதிபதி பாராட்டினார். பொருளாதார மீட்சியை நோக்கிய இலங்கையின் நிலையான முன்னேற்றம் குறித்து ஜப்பானிய பிரமுகர்களுக்கு விளக்கமளித்த ஜனாதிபதி விக்கிரமசிங்க, நாட்டின் தற்போதைய சவால்களை வெற்றிகொள்வதற்கு ஜப்பானின் தொடர்ச்சியான ஆதரவையும் நல்லெண்ணத்தையும் கோரினார்.

பிரதான நிகழ்ச்சியின் பக்க அம்சமாக, விஜயம் செய்த வியட்நாம் மற்றும் சிங்கப்பூர் பிரதிப் பிரதமர்கள் மற்றும் ஜப்பானின் மூன்று முன்னாள் பிரதமர்களான யசுவோ ஃபுகுடா, டாரோ அசோ மற்றும் யோஷிஹிடே சுகா ஆகியோருடன் ஜனாதிபதி இருதரப்புக் கலந்துரையாடல்களில் ஈடுபட்டார்.

பரஸ்பரம் நன்மை பயக்கும் பொருளாதார உறவுகளை ஊக்குவிக்கும் அதே வேளையில், இரு நாடுகளுக்கும் இடையிலான உறவுகளை வலுப்படுத்துவதில் ஈடுபட்டுள்ள ஜப்பான்-இலங்கை நாடாளுமன்ற நட்புறவு கழகத்தின் அதிகாரிகளையும் ஜனாதிபதி சந்தித்தார்.

இந்த விஜயத்தின் போது டோக்கியோவில் உள்ள இலங்கைத் தூதரகத்தினால் ஜப்பான் வெளிநாட்டு வர்த்தக அமைப்பு மற்றும் ஜப்பான்-இலங்கை வர்த்தக ஒத்துழைப்பு பேரவை இணைந்து விஷேட வர்த்தக மாநாடு ஒன்று ஏற்பாடு செய்யப்பட்டிருந்ததுடன், இது ஜப்பானில் வர்த்தக சமூகத்துடன் ஜனாதிபதி விக்கிரமசிங்க தொடர்பு கொள்வதற்கு உதவியது. இலங்கைக்கும் ஜப்பானுக்கும் இடையிலான வர்த்தகம் மற்றும் முதலீட்டை மேம்படுத்துவதற்கான வழிகளை அடையாளம் காண்பது தொடர்பாக, ஜப்பானில் உள்ள இலங்கை வர்த்தக சபையுடன் ஜனாதிபதி மேலும் கலந்துரையாடினார்.

நிக்கேய் மற்றும் ஜப்பான் ஒலிபரப்புக் கூட்டுத்தாபனம், என்.எச்.கே. உடனான ஊடக நேர்காணல்கள் உள்ளடங்கலாக ஜனாதிபதி ரணில் விக்கிரமசிங்க டோக்கியோவில் பல ஊடக சந்திப்புக்களில் கலந்து கொண்டார்.

முன்னாள் பிரதமர் இலங்கைக்கு வழங்கிய நட்புறவிற்கும் ஒத்துழைப்புக்கும் இலங்கை மக்களின் ஆழ்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்ளும் வகையில், ஜப்பானின் மறைந்த பிரதமர் ஷின்சோ அபேயின் துணைவியார் அகீ அபே அம்மையாரை சந்திப்பதற்கான வாய்ப்பாகவும் ஜனாதிபதி இந்த விஜயத்தை மேற்கொண்டார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2023 மே 29

Please follow and like us:

Close