High Commissioner Milinda Moragoda meets Tamil Nadu Parliamentarian Kanimozhi Karunanidhi

High Commissioner Milinda Moragoda meets Tamil Nadu Parliamentarian Kanimozhi Karunanidhi

 

Further strengthening the engagement with the State of Tamil Nadu and as a follow-up to the meeting with its Chief Minister in early June, Sri Lanka's High Commissioner to India Milinda Moragoda met with Lok Sabha MP for Thoothukkudi constituency, Kanimozhi Karunanidhi on 4 August 2022 in New Delhi.

Parliamentarian Kanimozhi Karunanidhi, who was in New Delhi to attend the monsoon session of Parliament, is the daughter of the former Chief Minister of Tamil Nadu M. Karunanidhi and sister of the present Chief Minister M.K. Stalin.

The Lok Sabha MP extended a warm welcome to High Commissioner Moragoda. During the very cordial discussion that followed, the High Commissioner thanked the people of Tamil Nadu for the humanitarian assistance that they have been extending to Sri Lanka to help manage the current economic situation.

The High Commissioner and the Parliamentarian exchanged views on the very close ethnic, religious and cultural affinities between the State of Tamil Nadu and Sri Lanka and discussed ways and means to further strengthen them.

High Commissioner Moragoda also presented a copy of the Tamil translation of the book containing his parliamentary speeches to MP Kanimozhi. The High Commissioner recalled how he had presented a copy of the same book to her father, the late M. Karunanidhi, former Chief Minister of Tamil Nadu, in 2006.

A senior member of the Dravida Munnetra Kazhagam (DMK) and a poet, Kanimozhi Karunanidhi functions as the chief of the party’s wing for art, literature and rationalism. She had worked as a journalist before entering politics.

High Commissioner Moragoda was accompanied by Deputy High Commissioner Niluka Kadurugamuwa and Minister Counsellor of the High Commission of Sri Lanka in New Delhi Gamini Sarath Godakanda.

High Commission of Sri Lanka

New Delhi

08 August, 2022

........................

මාධ්‍ය නිවේදනය

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය හමුවෙයි

තමිල්නාඩු ප්‍රාන්තය සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ජූනි මස මුල තමිල්නාඩුවේ මහ ඇමති සමඟ පැවැත්වූ සාකච්ඡාවේ පසු විපරමක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු 4 වැනි දින නවදිල්ලි නුවර දී තූත්තුකුඩි මැතිවරණ කොට්ඨාශයේ ලෝක් සභා පාර්ල්මේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය හමුවිය. පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරයට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය, තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධිගේ දියණිය වන අතර වත්මන් මහ ඇමැති එම්.කේ. ස්ටාලින් මැතිතුමාගේ නැගණිය ද වේ.

ලෝක් සභා මන්ත්‍රීවරිය විසින් මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.  ඉන් අනතුරුව පැවති ඉතා සුහද සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා තමිල්නාඩු ජනතාව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන මානුෂීය උපකාර පිළිබඳව සිය ස්තුතිය පුද කළේ ය.

තමිල්නාඩු ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඉතා සමීප ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික බැඳීම් පිළිබඳව සිය අදහස් හුවමාරු කරගත් මහ කොමසාරිස්වරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය, එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළහ.

සිය පාර්ලිමේන්තු දේශන ඇතුළත් ග්‍රන්ථයේ දමිළ පරිවර්තනයේ පිටපතක් ද මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි මැතිනිය වෙත පිළිගන්වන ලදි. කනිමොලි මැතිනියගේ පියා වන තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති, දිවංගත එම්. කරුණානිධි මැතිතුමාට ද එම කෘතියේ පිටපතක් 2006 වසරේ දී තමන් විසින් පිරිනමන ලද අයුරු මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේ ය.

ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් (DMK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් මෙන්ම කිවිඳියක් ද වන කනිමොලි කරුණානිධි මැතිනිය, මෙම පක්ෂයේ කලාව, සාහිත්‍යය සහ තාර්කිකත්වය පිළිබඳ අංශයේ ප්‍රධානීතුමිය ලෙස සේවය කරයි. එතුමිය දේශපාලනයට පිවිසීමට පෙර මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කොට ඇත.

නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා සහ නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද මහතා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 අගෝස්තු 08 වැනි දින

......................................

 ஊடக வெளியீடு

 உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட தமிழக நாடாளுமன்ற உறுப்பினர் கனிமொழி கருணாநிதியுடன் சந்திப்பு

தமிழ்நாடு மாநிலத்துடனான ஈடுபாட்டை மேலும் வலுப்படுத்தும் வகையிலும், ஜூன் மாத தொடக்கத்தில் அதன் முதலமைச்சருடனான சந்திப்பின் தொடர்ச்சியாகவும், இந்தியாவிற்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட, தூத்துக்குடி தொகுதி மக்களவை நாடாளுமன்ற உறுப்பினர்  கனிமொழி கருணாநிதியை 2022 ஆகஸ்ட் 04ஆந் திகதி புது தில்லியில் வைத்து சந்தித்தார்.

நாடாளுமன்ற கூட்டத்தொடரில் பங்கேற்பதற்காக டெல்லி வந்திருந்த நாடாளுமன்ற உறுப்பினர்  கனிமொழி கருணாநிதி, தமிழக முன்னாள் முதல்வர் மு. கருணாநிதியின் மகளும், தற்போதைய முதல்வர் மு.க. ஸ்டாலினின் சகோதரியும் ஆவார்.

மக்களவை நாடாளுமன்ற உறுப்பினர் உயர்ஸ்தானிகர் மொரகொடவை அன்புடன் வரவேற்றார்.  அதனைத் தொடர்ந்து இடம்பெற்ற மிகவும் சுமுகமான கலந்துரையாடலின் போது, தற்போதைய பொருளாதார நிலைமையை நிர்வகிப்பதற்கு உதவுவதற்காக இலங்கைக்கு வழங்கி வரும் மனிதாபிமான உதவிகளுக்கு உயர்ஸ்தானிகர் தமிழ்நாட்டு மக்களுக்கு நன்றி தெரிவித்தார்.

தமிழ்நாடு மற்றும் இலங்கைக்கு இடையிலான மிக நெருக்கமான இன, மத மற்றும் கலாச்சாரத் தொடர்புகள் குறித்து கருத்துக்களை உயர்ஸ்தானிகரும் பாராளுமன்ற உறுப்பினரும் பரிமாறிக்கொண்டதுடன், அவற்றை மேலும் வலுப்படுத்துவதற்கான வழிகள் மற்றும் வழிமுறைகள் குறித்தும்  கலந்துரையாடினர்.

உயர்ஸ்தானிகர் மொரகொட தனது நாடாளுமன்ற உரைகள் அடங்கிய புத்தகத்தின் தமிழ் மொழிபெயர்ப்பின் பிரதியையும் நாடாளுமன்ற உறுப்பினர் கனிமொழியிடம் வழங்கினார். 2006ஆம் ஆண்டு அதே புத்தகத்தின் பிரதியை அவரது தந்தை மறைந்த முன்னாள் தமிழக  முதல்வர் மு. கருணாநிதிக்கு வழங்கியதை உயர்ஸ்தானிகர் நினைவு கூர்ந்தார்.

திராவிட முன்னேற்றக் கழகத்தின் (திமுக) மூத்த உறுப்பினரும் கவிஞருமான கனிமொழி கருணாநிதி கட்சியின் கலை, இலக்கியம் மற்றும் பகுத்தறிவுப் பிரிவின் தலைவராக செயற்படுகின்றார்.  இவர் அரசியலுக்கு வருவதற்கு முன்பு பத்திரிகையாளராகப் பணியாற்றினார்.

உயர்ஸ்தானிகர் மொரகொட, பிரதி உயர்ஸ்தானிகர் நிலூக கதுருகமுவ மற்றும் புது தில்லியில்  உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயத்தின் அமைச்சர் ஆலோசகர் காமினி சரத் கொடகந்த ஆகியோரும் இணைந்திருந்தனர்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

புது தில்லி

2022 ஆகஸ்ட் 08

Please follow and like us:

Close