Eight (8) Sri Lankans trafficked to Myanmar rescued following continuous efforts by the Government of Sri Lanka

Eight (8) Sri Lankans trafficked to Myanmar rescued following continuous efforts by the Government of Sri Lanka

Following continuous efforts made by the Government of Sri Lanka, eight (8) Sri Lankans out of the 56 trapped in cybercrime centres in Myawaddy area in Myanmar have been rescued by the Myanmar government authorities and are currently in the Myawaddy Central Police Station. The Embassy of Sri Lanka in Myanmar is currently working on the early repatriation of the rescued Sri Lankans. As per information made available by the Embassy of Sri Lanka in Myanmar, the 56 Sri Lankans who have been trafficked are being held in four separate locations in the Myawaddy area and the rescued eight Sri Lankans were in one of these locations in an area that could be accessed by the Myanmar government.

The rescue operation undertaken by the Myanmar government follows intensified diplomatic engagements including a communication from President Ranil Wickremesinghe addressed to the Prime Minister of Myanmar Senior General Min Aung Hlaing requesting for early intervention and support to rescue and safely repatriate the trapped nationals, which was conveyed via diplomatic channels to the Ministry of Foreign Affairs of Myanmar on 22 February 2024.

In January 2024, Foreign Minister M.U.M. Ali Sabry took this issue up with the Deputy Prime Minister and Union Minister of Foreign Affairs of Myanmar Than Swe, requesting urgent intervention to rescue Sri Lankan nationals highlighting the seriousness of the situation of the Sri Lankan victims who have been enslaved in cybercriminal activities and urging that early action be taken to rescue all the affected individuals.

The Ministry of Foreign Affairs, in coordination with the Embassy of Sri Lanka in Myanmar continues to make every effort to rescue and repatriate all Sri Lankan nationals, who have become victims of human trafficking and are trapped in Myanmar, in close collaboration with the Myanmar government authorities.

Ministry of Foreign Affairs

Colombo 

 04 March 2024

...........................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ ප්‍රයත්නවලින් මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරුවූ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු (8) මුදා ගැනෙයි

ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අඛණ්ඩ ප්‍රයත්නවලින් පසුව, මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 56 දෙනාගෙන් අට දෙනකු (8) මියන්මාර රජයේ බලධාරීන් විසින් මුදවා ගනු ලැබ ඇති අතර ඔවුහු දැනට මියවඩි මධ්‍යම පොලිස් ස්ථානයේ සිටිති.

මුදාගත් පිරිස කඩිනමින් ආපසු සියරට පිටත් කරවා හැරීම සඳහා මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට කටයුතු කරමින් සිටියි. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබා දී ඇති තොරතුරු අනුව මිනිස් ජාවාරමට ගොදුරුවූ මෙම ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මියවඩි ප්‍රදේශයේ ස්ථාන සතරක රඳවා ගෙන සිටින අතර මුදාගත් අට දෙනා මියන්මාර රජයට ප්‍රවේශ විය හැකි ප්‍රදේශයක පිහිටි මින් එක් ස්ථානයක රඳවාගෙන තිබී ඇත.

දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස මියන්මාර රජය විසින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමටත් ආරක්ෂිතව ආපසු සියරට ගෙන්වා ගැනීමටත් අවශ්‍ය කඩිනම් මැදිහත්වීම සහ සහයෝගය දක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මියන්මාරයේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අන්ග් හිලැයින්ග් මහතාගෙන් කරන ලද ඉල්ලීමද මීට ඇතුළත් ය. එම ඉල්ලීම 2024 පෙබරවාරි 22 වැනි දින මියන්මාරයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දී තිබේ.

සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල වහල්භාවයට පත්ව සිටින ලාංකික වින්දිතයන්ගේ තත්ත්වයෙහි බරපතල බව හුවා දක්වමින්, 2024 ජනවාරි මාසයේදී විදේශ අමාත්‍ය එම්.යූ.එම්.අලි සබ්රි මහතා මියන්මාරයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය තාන් ස්වේ මහතාගෙන් මෙම ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්, මිනිස් ජාවාරමට ගොදුරු වූ සහ මියන්මාරයේ සිරවී සිටින සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් බේරා ගැනීමට සහ නැවත සියරට ගෙන්වා ගැනීමට මියන්මාර රජයේ බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් ගත හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 04 වැනි දින

Please follow and like us:

Close