Celebration of Christmas by the Embassy of Sri Lanka Washington DC on 23 December 2021

Celebration of Christmas by the Embassy of Sri Lanka Washington DC on 23 December 2021

Embassy Christmas Carols and Celebration emphasizes messages of unity, joy and happiness to humanity.

The Embassy of Sri Lanka organized a virtual Christmas Celebrations on 23 December 2021 with the participation of diplomats, staff and their families at the chancery premises.

On the occasion commemorating the birth of Jesus Christ, members of the Hope Community Church, Arlington, and Calvary Church, New York virtually joined the programme in keeping with Covid-19 guidelines. The event, which recognized and celebrated Sri Lanka’s multi-religious, multi-cultural and multi-ethnic diversity, brought everyone together in a truly festive setting. Christian prayers and bible readings, carols, in all three languages Sinhala, Tamil and English, the traditional Christmas tree and gifts added to the seasonal atmosphere.

The programme began with a prayer by Rev. Dilantha Arachchilage from the Hope Community Church. Sister Grace Christopher read from the Holy Bible and blessed all those who joined the event.

In his remarks, Ambassador Mahinda Samarasinghe welcomed those in attendance as well as those connected virtually and appreciated their commitment and support in conducting the Christmas celebrations during the pandemic.

Ambassador Samarasinghe stressed the importance of Christmas in terms of reaching to others with love and friendship which also transcends religious boundaries. In this context, Ambassador Smarasinghe mentioned that Sri Lanka is a multi-cultural, multi-religious and multi-linguistic society and the protection and nurturing of that diversity will lead to national unity.

The members of the choir who were the Embassy’s staffer’s children sang a variety of Christmas carols which included both Sri Lankan and international songs which were well received by the audience. A special item was Ms. Hephzibah Srithas from New York Calvary Church singing a song in Tamil. Diplomatic staff, Embassy personnel and family members also participated.

Embassy of Sri Lanka

Washington D.C.

28  December,  2021

.............................................

මාධ්‍ය නිවේදනය

2021 දෙසැම්බර් මස 23 වන දින වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පවත්වනු ලැබූ නත්තල් සැමරුම් උත්සවය

 තානාපති කාර්යාලය මඟින් පවත්වනු ලැබූ කැරොල් ගීත සහ නත්තල් සැමරුම මානව වර්ගයාගේ එකමුතුකම, සතුට සහ ප්‍රීතිය පිළිබඳ පණිවුඩය ඉස්මතු කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 දෙසැම්බර් මස 23 වන දින චාන්සරි පරිශ්‍රයේ දී රාජ්‍ය තාන්ත්‍රිකයින්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අතථ්‍ය නත්තල් සැමරුම් උත්සවයක් සංවිධානය කරන ලදි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ආර්ලිංටන් හි පිහිටි හෝප් ප්‍රජා දේවස්ථානයේ සහ නිව්යෝර්ක් හි කැල්වරි දේවස්ථානයේ සාමාජිකයින් කොවිඩ්-19 මාර්ගෝපදේශයන්ට අනුකූලව අතත්‍ය මාර්ගයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ විය. ශ්‍රී ලංකාවේ බහු-ආගමික, බහු-සංස්කෘතික සහ බහු-වාර්ගික විවිධත්වය හඳුනාගනිමින් මෙම අවස්ථාව සමරනු ලැබූ අතර සැවොම ඊට උත්සවාකාරයේ පසුබිමක් එක් කළහ. කිතුණු යාඥාවන් සහ බයිබල් කියවීම්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කෙරෙන කැරොල් ගීත, සාම්ප්‍රදායික නත්තල් ගස සහ තෑගිබෝග මෙම උත්සවශ්‍රීයෙන් පිරි වාතාවරණයට එක් විය.

ඩිලන්ත ආරච්චිලගේ පියතුමා විසින් හෝප් ප්‍රජා දේවස්ථානයේ සිට සිදු කරනු ලැබූ යාඥාවකින් වැඩසටහන ආරම්භ වූ අතර ග්‍රේස් ක්‍රිස්ටෝපර් කන්‍යා සොයුරිය ශුද්ධ වූ බයිබලය කියවා මෙම අවස්ථාවට එක් වූ සැමට ආශිර්වාද කළාය.

ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් නත්තල් සැමරුම් උත්සවය සඳහා සපැමිණි අය මෙන්ම අතත්‍ය මාර්ගයෙන් සම්බන්ධ වූවන් සියලලන් ම පිළිගත් අතර වසංගත සමයේ මෙවැනි නත්තල් සැමරුමක් පැවැත්වීම සඳහා ඔවුන් විසින් දක්වනු ලැබූ කැපවීම සහ සහයෝගය අගය කළේය.

ආගමික වශයෙන් පවතින සීමාවන් ඉක්මවා යමින් ආදරය සහ මිත්‍රත්වය ඔස්සේ මිනිසුන් වෙත ළඟාවීම සඳහා වන නත්තල සැමරීමේ වැදගත්කම තානාපති සමරසිංහ මැතිතුමා මෙහි දී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව බහුසංස්කෘතික, බහු ආගමික සහ බහු භාෂක සමාජයක් බවත් එම විවිධත්වය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම ජාතික සමගියට හේතු වන බවත් සමරසිංහ මැතිතුමා මෙම අවස්ථාවේ දී සඳහන් කළේය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරු දැරියන්ගෙන් සමන්විත නත්තල් ගීතිකා කණ්ඩායම  ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර ගීත ඇතුළුව නත්තල් කැරොල් ගීත ගණනාවක් ගායනා කළ අතර එය ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ප්‍රසාදයට ලක් විය. නිව්යෝර්ක්හි පිහිටි කැල්වරි දේවස්ථානයේ සිට සම්බන්ධ වූ හෙප්සිබා ස්‍රීතාස් මෙනෙවිය විසින් දමිළ භාෂාවෙන් ගීත ගායනයක් ඉදිරිපත් කිරීම මෙම උත්සවයේ සුවිශේෂී අංගයක් විය. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය, තානාපති කාර්යාල නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂිංටන්

2021 දෙසැම්බර් 28 වැනි දින

...............................................

ஊடக வெளியீடு

 2021 டிசம்பர் 23ஆந் திகதி வொஷிங்டன் டி.சியில் உள்ள இலங்கைத் தூதரகத்தால் கிறிஸ்மஸ் கொண்டாட்டம்

தூதரகத்தின் கிறிஸ்மஸ் கரோல்கள் மற்றும் கொண்டாட்டமானது மனிதகுலத்திற்கு ஒற்றுமை, மகிழ்ச்சி மற்றும் இன்பத்திற்கான  செய்திகளை வலியுறுத்துகின்றது.

இராஜதந்திரிகள், ஊழியர்கள் மற்றும் அவர்களது குடும்பத்தினரின் பங்கேற்புடன் இலங்கைத் தூதரகம் சான்சரி வளாகத்தில்  மெய்நிகர் கிறிஸ்மஸ் கொண்டாட்டங்களை 2021 டிசம்பர் 23ஆந் திகதி ஏற்பாடு செய்தது.

இயேசு கிறிஸ்துவின் பிறப்பை நினைவுகூரும் நிகழ்வில், ஹோப் சனசமூக தேவாலயம், ஆர்லிங்டன் மற்றும் நியூயோர்க்கின்  கல்வாரி  தேவாலயத்தின் உறுப்பினர்கள் கோவிட்-19 வழிகாட்டுதல்களுக்கு இணங்க மெய்நிகர் ரீதியாக இந்த நிகழ்வில் இணைந்திருந்தனர். இலங்கையின் பல மத, பல கலாச்சார மற்றும் பல இன வேறுபாடுகளை அங்கீகரித்துக் கொண்டாடப்பட்ட இந்த நிகழ்வு, அனைவரையும் ஒரு உண்மையான பண்டிகை அமைப்பில் ஒன்றிணைத்தது. கிறிஸ்தவப் பிரார்த்தனைகள் மற்றும் பைபிள் வாசிப்புக்கள், சிங்களம், தமிழ் மற்றும் ஆங்கிலம் ஆகிய மூன்று மொழிகளிலுமான கரோல்கள், பாரம்பரிய கிறிஸ்மஸ் மரம் மற்றும் பரிசுகள் பருவகால சூழ்நிலையில் சேர்க்கப்பட்டிருந்தது.

ஹோப் சனசமூக தேவாலயத்தில் இருந்து வணக்கத்திற்குரிய டிலந்த ஆராச்சிலாகே அவர்களின் பிரார்த்தனையுடன் நிகழ்ச்சி  ஆரம்பமானது. நிகழ்ச்சியில் கலந்து கொண்ட அனைவரையும் சகோதரி கிரேஸ் கிறிஸ்டோபர் பரிசுத்த வேதாகமத்தை வாசித்து ஆசீர்வதித்தார்.

தூதுவர் மகிந்த சமரசிங்க தனது கருத்துக்களில், வருகை தந்திருந்தவர்களையும், மெய்நிகர் ரீதியாக இணைந்திருந்தவர்களையும்  வரவேற்றதுடன், தொற்றுநோயின் போது கிறிஸ்மஸ் கொண்டாட்டங்களை நடாத்துவதிலான அவர்களது அர்ப்பணிப்பு மற்றும் ஆதரவைப் பாராட்டினார்.

தூதுவர் சமரசிங்க, மத எல்லைகளுக்கு அப்பாற்பட்ட அன்பு மற்றும் நட்புடன் மற்றவர்களை சென்றடையும் வகையில் நத்தார் பண்டிகையின் முக்கியத்துவத்தை வலியுறுத்தினார். இந்தநிலையில், இலங்கை பல்லின கலாச்சாரம், பல மதங்கள் மற்றும் பல மொழிகள் கொண்ட சமூகம் எனவும், அந்த பன்முகத்தன்மையை பாதுகாத்து பேணி வளர்ப்பதே தேசிய ஒற்றுமைக்கு வழிவகுக்கும் எனவும் தூதுவர்  சமரசிங்க குறிப்பிட்டார்.

இலங்கை மற்றும் சர்வதேசப் பாடல்களை உள்ளடக்கிய பல்வேறு கிறிஸ்மஸ் பாடல்களை தூதரக ஊழியர்களின் பிள்ளைகளைக்  கொண்ட பாடகர் குழுவினர் இசைத்ததுடன், அவை பார்வையாளர்களிடையே நல்ல வரவேற்பைப் பெற்றன. நியூயோர்க் கல்வாரி தேவாலயத்தைச் சேர்ந்த திருமதி ஹெப்சிபா ஸ்ரீதாஸ் தமிழில் ஒரு பாடலைப் பாடியமை விஷேட அம்சமாகும். இராஜதந்திர ஊழியர்கள், தூதரக அதிகாரிகள் மற்றும் குடும்ப உறுப்பினர்களும் இதில் கலந்து கொண்டனர்.

இலங்கைத் தூதரகம்,

வொஷிங்டன் டிசி.

2021 டிசம்பர் 28

Please follow and like us:

Close