Ambassador Sanjiv Gunasekara calls on Parliamentary Vice - Minister for Foreign Affairs of Japan, Honda Taro

Ambassador Sanjiv Gunasekara calls on Parliamentary Vice – Minister for Foreign Affairs of Japan, Honda Taro

Ambassador Sanjiv Gunasekara called on Parliamentary Vice - Minister for Foreign Affairs of Japan, Honda Taro on 02 June 2022 and held wide-ranging ranging discussions on Sri Lanka’s current economic situation and matters related to Sri Lanka and Japan bilateral relations.

Vice Minister recalled the strong bonds of friendship between the people of the two countries and appreciated the contribution made by the Ambassador during his tenure particularly in building bridges between people, promotion of investments and trade relations and promoting health diplomacy with special reference to the donation of COVID-19 vaccines by the Government of Japan to the people of Sri Lanka.

The Ambassador briefed the Vice Minister on the ongoing economic situation in Sri Lanka and sought support from the Government to mitigate the challenges of the crisis.  He also thanked the Government of Japan for the donation of USD three Mn worth of humanitarian assistance for food and essential medicines for the people of Sri Lanka and invited Japan and other donors to play a more meaningful role in assisting Sri Lanka in its hour of need. Vice Minister Taro in response mentioned that Japan is closely monitoring the situation and was saddened by the impact of this economic crisis on the ordinary people and suggested to accelerate the dialogue with IMF, leading towards a transparent and comparable restructuring of debt.

He added that they find the situation in Sri Lanka politically and economically critical and hoped that the Government under the leadership of new Prime Minister Ranil Wickramasinghe would bring a lasting solution to gradually improve the economic situation. Ambassador Gunasekara informed the Vice Minister of the latest developments in Sri Lanka including the measures taken to mitigate the crisis and the commitment of the Government to overcome this crisis with the support of international partners.

The Ambassador, referring to the commemoration of 70 years of the establishment of Diplomatic Relations between Sri Lanka and Japan, expressed satisfaction that during his tenure he has done utmost to support the economy of Sri Lanka through Japanese involvement and hoped that at this critical juncture, Japan would act as a catalyst to assist Sri Lanka bilaterally and through its allies to bring about economic stability.

Embassy of Sri Lanka

Tokyo

09  June, 2022

 .......................................................

මාධ්‍ය නිවේදනය

 තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ

පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා හමුවෙයි

 2022 ජූනි 02 වැනි දින ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා මැතිතුමා හමු වූ තානාපති සන්ජිව් ගුණසේකර මැතිතුමා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හා ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළේ ය.

දෙරටේ ජනතාව අතර පවතින මිත්‍රත්වයේ ශක්තිමත් බැඳීම් පිළිබඳව සිහිපත් කළ උපඅමාත්‍යවරයා, ජනතාව අතර සබඳතා ගොඩනැගීම, ආයෝජන සහ වෙළඳ සබදතා ප්‍රවර්ධනය කිරීම සහ ජපාන රජය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සිදු කළ කොවිඩ්-19 එන්නත් පරිත්‍යාගය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීම යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා සිය ධුර කාලයේ දී ලබා දුන් දායකත්වය ඇගයුමට ලක් කළේ ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව උපඅමාත්‍යවරයා දැනුවත්කළ තානාපතිවරයා, මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එල්ල වන අභියෝග අවම කිරීම සඳහා ජපාන රජයේ සහයෝගය ඉල්ලා සිටියේ ය. ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් වටිනා මානුෂීය ආධාර තොගයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ජපාන රජය වෙත සිය ස්තුතිය පළකළ එතුමා, මෙම අසීරු මොහොතේ දී ශ්‍රී ලංකාවට සහය වීමේදී වඩාත් අර්ථවත් කාර්යභාරයක් ඉටුකරන ලෙස ජපානයට සහ අනෙකුත් පරිත්‍යාගශීලීන්ට ඇරයුම් කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ උපඅමාත්‍ය ටාරෝ මැතිතුමා, ජපානය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනබවත්, මෙම ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාවට එල්ල කරන බලපෑම පිළිබඳව කණගාටුවන බවත් සඳහන් කළ අතර, විනිවිදභාවයකින් යුක්ත වූත්, සංසන්දනාත්මක බවින් යුක්ත වූත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා යොමුවෙමින් ජාත්‍යන්තර මූල්‍ය  අරමුදල සමඟ පවත්නා සංවාදය වේගවත් කරන ලෙස යෝජනා කළේය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් තීරණාත්මකබව ඔවුන් හඳුනාගෙන ඇති බවත්, ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව  යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය ස්ථීර විසඳුමක් ගෙනඑනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය. මෙම අර්බුදය සමනය කිරීම සඳහා ගෙනඇති ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය ඇතිව මෙම අර්බුදය ජයගැනීම සඳහා රජය තුළ ඇති කැපවීම ඇතුළුව ශ්‍රී ලංකාවේ නවතම ප්‍රගතිය පිළිබඳව තානාපති ගුණසේකර මැතිතුමා උපඅමාත්‍යවරයා දැනුම්වත් කළේ ය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිතකොට වසර 70 ක් සපිරීම පිළිබඳව සිහිපත්කළ තානාපතිවරයා, තමධුර කාලය තුළ ජපානයේ මැදිහත්වීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් උපරිම සහයෝගයක් ලබාදීමට හැකි වීම සම්බන්ධයෙන් සිය සතුට පළකළ අතර මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී  ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීම සඳහා ජපානය සිය මිත්‍ර රටවල් හරහා මෙන්ම ද්විපාර්ශ්වික අයුරින් ද කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සහන් කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 ජූනි 09 වැනි දින

........................................................

ஊடக வெளியீடு

 

ஜப்பானின் பாராளுமன்ற துணை வெளிவிவகார அமைச்சர் ஹோண்டா டாரோவுடன் தூதுவர் சஞ்சீவ் குணசேகர சந்திப்பு

தூதுவர் சஞ்சீவ் குணசேகர 2022 ஜூன் 02ஆந் திகதி ஜப்பானின் பாராளுமன்ற துணை வெளிவிவகார அமைச்சர் ஹோண்டா டாரோவை சந்தித்தார். மேலும் இலங்கையின் தற்போதைய பொருளாதார நிலைமை மற்றும் இலங்கை மற்றும் ஜப்பான் இருதரப்பு உறவுகள் தொடர்பான விடயங்கள் தொடர்பிலும் கலந்துரையாடினார்.

இரு நாட்டு மக்களுக்கும் இடையே உள்ள வலுவான நட்புறவை நினைவுகூர்ந்த துணை அமைச்சர், தூதுவர் தனது பதவிக்காலத்தில் குறிப்பாக மக்களுக்கு இடையே பிணைப்பை ஏற்படுத்துதல், முதலீடுகள் மற்றும் வர்த்தக உறவுகளை மேம்படுத்துதல், ஜப்பான் அரசாங்கத்தால் இலங்கை மக்களுக்கு கொவிட்-19 தடுப்பூசிகளை நன்கொடையாக வழங்கியமை தொடர்பான விசேட குறிப்புடன் சுகாதார இராஜதந்திரத்தை ஊக்குவித்தல் ஆகியவற்றில் ஆற்றிய பங்களிப்பைப் பாராட்டினார்.

இலங்கையின் தற்போதைய பொருளாதார நிலைமை குறித்து துணை அமைச்சருக்கு விளக்கமளித்த தூதுவர், இலங்கை மக்கள் மீதான இந்த நெருக்கடியின் சவால்களைத் தணிக்க அரசாங்கத்தின் ஆதரவைக் கோரினார். இலங்கை மக்களுக்கான உணவுகள் மற்றும் அத்தியாவசிய மருந்துகளுக்காக 3 மில்லியன் அமெரிக்க டொலர்கள் பெறுமதியான மனிதாபிமான உதவிகளை ஜப்பான் அரசாங்கம் நன்கொடையாக வழங்கியமைக்கு நன்றி தெரிவித்ததோடு, இலங்கையின் தேவைப்படும் நேரத்தில் உதவுவதற்கு ஜப்பான் மற்றும் ஏனைய நன்கொடையாளர்களுக்கு மேலும் அர்த்தமுள்ள பங்களிப்பை வழங்குமாறு அழைப்பு விடுத்தார். ஜப்பான் நிலைமையை உன்னிப்பாகக் கண்காணித்து வருவதாகவும், இந்த பொருளாதார நெருக்கடியால் சாதாரண மக்கள் மீது ஏற்பட்டுள்ள பாதிப்பால் வருத்தப்படுவதாகவும், சர்வதேச நாணய நிதியத்துடனான உரையாடலை விரைவுபடுத்துமாறும், கடனை வெளிப்படையான மற்றும் ஒப்பிடக்கூடிய மறுகட்டமைப்பை நோக்கிச் செல்லுமாறும் துணை அமைச்சர் டாரோ அறிவுறுத்தினார்.

இலங்கையில் அரசியல் மற்றும் பொருளாதார ரீதியில் நெருக்கடியான நிலைமை காணப்படுவதாகவும், பொருளாதார நிலைமையை படிப்படியாக மேம்படுத்த புதிய பிரதமர் ரணில் விக்கிரமசிங்கவின் தலைமையிலான அரசாங்கம் நிலையான தீர்வைக் கொண்டுவரும் என நம்புவதாகவும் அவர் மேலும் தெரிவித்தார். இலங்கையில் ஏற்பட்டுள்ள நெருக்கடியைத் தணிக்க எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகள் மற்றும் சர்வதேச பங்காளிகளின் ஆதரவுடன் இந்த நெருக்கடியைச் சமாளிப்பதற்கான அரசாங்கத்தின் அர்ப்பணிப்பு உட்பட இலங்கையின் சமீபத்திய முன்னேற்றங்கள் குறித்து துணை அமைச்சருக்குத் தூதுவர் குணசேகர தெரிவித்தார்.

இலங்கைக்கும் ஜப்பானுக்கும் இடையிலான இராஜதந்திர உறவுகள் ஸ்தாபிக்கப்பட்டு 70 வருடங்கள் நிறைவடைந்ததைக் குறிப்பிட்ட தூதுவர், தனது பதவிக்காலத்தில் ஜப்பானிய பங்களிப்பின் ஊடாக இலங்கையின் பொருளாதாரத்திற்கு சிறந்த ஆதரவை வழங்கியுள்ளதாகவும், இந்த இக்கட்டான தருணத்தில், பொருளாதார ஸ்திரத்தன்மையை ஏற்படுத்துவதற்கு இலங்கைக்கு இருதரப்பு மற்றும் அதன் நட்பு நாடுகள் மூலம் உதவுவதற்கு ஒரு ஊக்கியாக ஜப்பான் செயற்படும் என நம்புவதாகவும் தெரிவித்தார்.

இலங்கைத் தூதரகம்,

டோக்கியோ

2022 ஜூன் 09

Please follow and like us:

Close