EU GSP+ Monitoring Mission to visit Sri Lanka from 28 April-07 May 2025

EU GSP+ Monitoring Mission to visit Sri Lanka from 28 April-07 May 2025

A team of senior European Union (EU) officials will undertake a visit to Sri Lanka from 28 April – 07 May 2025 to review Sri Lanka’s progress in implementing the 27 international conventions under the Generalized Scheme of Preferences Plus (GSP+) trade preferences program of the EU. The EU is Sri Lanka’s second largest export destination with exports of USD 3 billion in 2024.

The 27 conventions, which have been ratified by Sri Lanka, cover areas of Human Rights, Labour rights, Environment protection and Climate Change, and Good Governance. The implementation of the conventions is monitored periodically with missions and reports.

The Mission will meet government officials, relevant institutions, politicians, civil society, business associations, trade unions and will also make field visits.

The last GSP+ Monitoring Mission took place in Colombo.

Ministry of Foreign Affairs, Foreign Employment and Tourism

Colombo

 26 April 2025

.......................

මාධ්‍ය නිවේදනය

2025 අප්‍රේල් 28 සිට මැයි 07 වැනි දින දක්වා යුරෝපා සංගමයේ GSP+ අධීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

යුරෝපා සංගමයේ සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය (GSP+) නැමැති වෙළෙඳ මනාප වැඩසටහන යටතේ ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් 2025 අප්‍රේල් 28 සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයනයක් සහිත වූ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය වේ.

ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති සම්මුතීන් 27, මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස සහ යහපාලනය යන ක්ෂේත්‍ර ආවරණය කරයි. සම්මුතීන් ක්‍රියාත්මක කිරීම මෙහෙයුම් සහ වාර්තා මගින් වරින් වර නිරීක්ෂණය කරනු ලැබේ.

මෙම මෙහෙයුම් කණ්ඩායම රජයේ නිලධාරීන්, අදාළ ආයතන, දේශපාලනඥයින්, සිවිල් සමාජය, ව්‍යාපාරික සංගම්, වෘත්තීය සමිති හමුවනු ඇති අතර ක්ෂේත්‍ර චාරිකාද සිදු කරනු ඇත.

මින් පෙර පැවැති GSP+ අධීක්ෂණ මෙහෙයුම කොළඹදී පැවැත්විණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 අප්‍රේල් 26 වැනි දින

Please follow and like us:

Close