Statement to the media by H.E. the President of Sri Lanka during the State Visit to India, 16 December 2024

Statement to the media by H.E. the President of Sri Lanka during the State Visit to India, 16 December 2024

 

 

His Excellency Prime Minister Narendra Modi

Honourable Ministers

Excellencies

Ladies and Gentlemen

Friends from the media

 

Ayubowan, Vanakkam, Namaste, Good Afternoon.

It is indeed a pleasure to be in New Delhi on my first overseas visit after assuming office as the President of Sri Lanka.

I am thankful to Her Excellency President Shrimati Droupadi Murmu and His Excellency Prime Minister Shri Narendra Modi for the invitation extended to me and the warm welcome and hospitality. The deep-rooted civilizational ties and the strong bilateral cooperation between our two countries have been elevated during this visit.

My visit occurs at an important juncture in the political scenario of both our nations where our peoples have explicitly spoken through the democratically established electoral systems and given us the mandate to steer our countries along the path of sustainable development, social empowerment and prosperity.

The Parliament of Sri Lanka now has the highest number of representatives ever elected under a single mandate. This overwhelming support that the National People’s Power under my leadership received from the people is a watershed moment in the history of Sri Lanka. For the first time in Sri Lanka’s history, the public mandate expressed during the recently concluded Presidential and Parliamentary Elections, has laid the seeds for a political transformation enabling the formation of a new political culture in our country. People from all the Provinces - North, South, East, and West—representing diverse communities and various walks of life contributed to this mandate.

As a leader entrusted with such an important responsibility by my people, I clearly understand that the essence of democracy lies in the coexistence of diverse political views and groups.

India has always been an integral part of the growth and development of Sri Lanka throughout history, from sharing the precepts of the Dhamma to being a partner in our developmental progress.

My visit to India today demonstrates these close and friendly ties that we have been enjoying since time immemorial.

Just a while ago, Prime Minister Modi and I along with our respective delegations concluded our bilateral deliberations. We carried out a comprehensive review of the present status of our relations and exchanged views on the ways and means to further strengthen our cooperation in areas of mutual interest in the future.

I thanked Prime Minister Modi and the Government of India for the unwavering support extended to Sri Lanka, especially during the unprecedented economic crisis the country underwent in 2022 and for strongly supporting Sri Lanka’s debt restructuring process.

Prime Minister Modi assured India’s full commitment for the sustained economic growth of Sri Lanka in keeping with the special place Sri Lanka occupies in India’s foreign policy framework.

Prime Minister Modi and I acknowledged the importance of intensifying political engagements at various levels, including through cooperation between the parliamentary institutions of the two countries.

We also discussed trade and investment cooperation between the two countries and investments in key sectors.

We also exchanged views on cooperation in the fields of defence and security, power and energy, training and capacity building, education, agriculture and social security.

I acknowledged India’s success in digitization in governance, service delivery and social welfare. Prime Minister Modi assured me of India’s support in establishing similar digital public infrastructure systems in Sri Lanka.

The cultural affinities between our two countries provide a solid foundation for our relationship. With a view to furthering these links for enhanced people to people contacts, our discussions focused on the cooperation in the tourism sector.

In the regional and multilateral domain, I appreciated India’s leading role as a voice in the Global South. Prime Minister Modi conveyed India’s full support to Sri Lanka’s chairmanship in the IORA. I requested India’s continued support to Sri Lanka’s interest in becoming a member of the BRICS.

I also requested for Prime Minister Modi’s intervention in convening early bilateral technical discussions pertaining to Sri Lanka’s claim to the United Nations Commission on the Limits of the Continental Shelf (UNCLCS) for the establishment of the outer limits of the continental shelf beyond Exclusive Economic Zone.

While welcoming the recent conclusion of the Sixth Joint Working Group on Fisheries, we also discussed on the need for a cooperative approach in addressing the fisheries issue for a sustainable solution. Recognizing the irreparable ecological damage caused by bottom trawling which is a banned practice in both countries, I requested that measures be taken to stop this practice and curb IUU fishing. I am also pleased to have witnessed today the exchange of bilateral instruments concluded during the visit, pertaining to the areas of training and capacity-building and avoidance of double taxation.

I also invited Honourable Prime Minister Modi to visit Sri Lanka at a mutually convenient date.

I assured the Indian leader that Sri Lanka will not permit its territory to be used in any manner inimical to the security of India as well as towards regional stability.

I wish to conclude by reiterating that Sri Lanka attaches great importance to the continuous development and deepening of cooperation with India, which I have no doubt would be further consolidated in the years to come.

Thank You.

-----------------------------------

 

අතිගරු ජනාධිපතිතුමා ඉන්දියාවේ යෙදෙන රාජ්‍ය සංචාරය අතරතුරදී මාධ්‍ය වෙත කරනු ලබන ප්‍රකාශය
2024 දෙසැම්බර් 16

 

අතිගරු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,

ගරු අමාත්‍යවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි

ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි

 

ආයුබෝවන්,වනක්කම්, නමස්තේ

 

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳව මා සැබැවින්ම සතුටට පත්වනවා.

මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි ශ්‍රීමති ද්‍රෞපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.

මාගේ මෙම සංචාරය සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූවිරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා. උතුර, දකුණ, නැඟෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලුම පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.

මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.

ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.

අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.

මීට මඳ වේලාවකට පෙර, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමඟ අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්තා.

ශ්‍රී ලංකාවට ලබා දුන් නොසැලෙන සහය වෙනුවෙන්, විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නුවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළ කළා.

ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුනා.

දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා.

ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, විදුලිබල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්‍යතා වර්ධනය,  අධ්‍යාපනය,  කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගත්තා.

පාලනය, සේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වුවා.

අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්, අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා.

සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.

මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසැඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මඟින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීතිවිරෝධී, වාර්තා නොකරනලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.

පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කර ගනු ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

අන්‍යොන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා.

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.

එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමඟ ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා.

ස්තුතියි.

---------------------------

 

 

Please follow and like us:

Close