International Bazaar & Cultural Extravaganza 2024

International Bazaar & Cultural Extravaganza 2024

 

The International Bazaar & Cultural Extravaganza 2024, held at the Good Market, Race Course, Colombo 07, offered a truly international experience on Saturday, 07 December 2024 celebrating diverse cultures, cuisine, and crafts. The event, themed around sustainability, captivated attendees with its vibrant activities and country booth presentations.

This second edition of the annual event was inaugurated by Minister of Foreign Affairs, Foreign Employment, and Tourism Vijitha Herath in the presence of the Deputy Minister of Industries, Chathuranga Abeysinghe, and Ministry Secretary, Aruni Ranaraja.

Organized by the Ministry in collaboration with the Sri Lanka Foreign Service Association (SLFSA) and the Diplomatic Corps, the event presented an array of activities, including international cuisine and Craft Fair, Country Parade, cultural performances, singalong session, raffle draw, and a dedicated Kids’ Corner. The Minister, along with the Deputy Minister of Industries, senior officials, and SLFSA office bearers, visited each stall to engage the participants and attendees.

The evening segment was elevated by the presence of Prime Minister Dr. Harini Amarasuriya, who graced the Fashion Show which highlighted sustainability and ethical fashion. Four Sri Lankan designers—Buddhi Batiks, Kelly Felder, Selyn, and Osu Wasthra—showcased their collections. Members of the Diplomatic Corps, including High Commissioners and Ambassadors, modeled sustainable and ethical designs, adding a unique charm to the event.

The Cultural Show further enriched the program, offering a vibrant celebration of global cultures. Traditional and modern music, dance, and performances from Asia, Africa, the Americas, Europe, and Australia provided a tapestry of cultural diversity.

The International Bazaar & Cultural Extravaganza 2024 was conducted with the dual objectives of promoting cultural exchange and raising funds for charity. It will remain a platform for foreign missions based in Colombo to showcase and share their rich heritage through music, art, fashion, and culinary delights while fostering community engagement.

Proceeds from the event will be donated to the M.H. Omar Liver Care Facility at the Colombo North Center for Liver Diseases in Ragama, Sri Lanka.

The Ministry of Foreign Affairs, Foreign Employment, and Tourism extends its gratitude to its organizing partners—the SLFSA and Good Market—as well as the Chief of Defense Staff and the Tri-Services Commanders for their support. The Ministry also appreciates the participation of Diplomatic Missions, event sponsors, and the general public who contributed to the success of this event.

 

Ministry of Foreign Affairs, Foreign Employment, and Tourism
Colombo
 

08 December 2024

 

---------------------------------

මාධ්‍ය නිවේදනය

  ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය - 2024

 

2024 දෙසැම්බර් සත්වැනි සෙනසුරාදා දින ගුඩ් මාර්කට්, තුරඟ තරඟ පිටිය,  කොළඹ 07 යන ස්ථානයේදී පැවැති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය - 2024,  විවිධ සංස්කෘතීන්, ආහාර පිසීම් සහ අත්කම් පිළිබඳ සැබෑ ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දීමට සමත් විය. තිරසාරත්වය තේමා කර ගත් මෙම වැඩසටහන, විචිත්‍රවත් ක්‍රියාකාරකම් සහ එක් එක් රටවලට අදාළ කුටි ඉදිරිපත් කිරීම් මගින් සහභාගිවන්නන් ආකර්ෂණය කර ගත්තේය.

දෙවැනි වරට පවත්වන ලද මෙම වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මියගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමය හා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ මෙම උත්සවයේදී, ජාත්‍යන්තර ආහාර හා අත්කම් ප්‍රදර්ශනය, එක් එක් රට නියෝජනය කෙරුනු පෙළපාලිය, සංස්කෘතික ඉදිරිපත් කිරීම්, ගීත ගායන වට, දිනුම් ඇදීම් ඇතුළු ක්‍රියාකාරකම් රාශියක් ඉදිරිපත් කරනු ලැබූ අතර ළමුන් සඳහා විශේෂයෙන් වෙන්වූ අවකාශයක්ද එහි විය.

අමාත්‍යවරයා, කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරී සංගමයේ නිලධාරී මණ්ඩලය සෑම ප්‍රදර්ශන කුටියක්ම නරඹමින් පැමිණ සිටි අය සමඟ සම්බන්ධ වූහ.

තිරසාර බව සහ සදාචාරාත්මක විලාසිතා ඉස්මතු කරන ලද විලාසිතා දැක්මට සහභාගී වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ පැමිණීමෙන් සන්ධ්‍යා සමය විචිත්‍රවත් විය. බුද්ධි බතික්ස්, කෙලී ෆෙල්ඩර්, සෙලින් සහ ඔසු වස්ත්‍ර යන ශ්‍රී ලාංකේය මෝස්තර නිර්මාණ ශිල්පීහු සිව්දෙනා ඔවුන්ගේ විලාසිතා එකතුව ප්‍රදර්ශනය කළහ. මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු තිරසාර හා සදාචාරාත්මක විලාසිතා දැක්මට සහභාගී වෙමින් මෙම උත්සවයට සුවිශේෂී චමත්කාරයක් එක් කළහ.

සංස්කෘතික සංදර්ශනය, ගෝලීය සංස්කෘතීන් පිළිබඳ විචිත්‍රවත් සැමරුමක් ඉදිරිපත් කරමින් වැඩසටහන තවදුරටත් සුන්දර කළේය. මෙහිදී ආසියාව, අප්‍රිකාව, ඇමරිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාවේ සම්ප්‍රදායික හා නවීන සංගීතය, නැටුම් සහ ප්‍රසංග සංස්කෘතික විවිධත්වය පිළිඹිබු කරන ලදී.

ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සහ සංස්කෘතික සංදර්ශනය - 2024, සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සහ පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම යන අරමුණු ද්විත්වය පදනම් කොට ගෙන  පවත්වනු ලැබිණි. ප්‍රජා සහභාගීත්වය පෝෂණය කරමින් සංගීතය, කලාව, විලාසිතා සහ සූපශාස්ත්‍ර රසවින්දනය තුළින් ඒ ඒ රටවල සාර උරුමය ප්‍රදර්ශනය කිරීමට සහ බෙදා ගැනීමට කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල සඳහා එය වේදිකාවක් ලෙස පවතිනු ඇත.

මෙම උත්සවය මගින් රැස්වන අරමුදල් ශ්‍රී ලංකාවේ රාගම පිහිටි, උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ එම්.එච්. ඕමාර් අක්මා සත්කාර පහසුකම වෙත පරිත්‍යාග කෙරේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාශය,  එහි සංවිධාන හවුල්කරුවන් වන විදේශ සේවා නිලධාරී සංගමය සහ ගුඩ් මාර්කට් වෙත මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරයි. මෙම උත්සවයේ සාර්ථකත්වය සඳහා දායක වූ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, උත්සව අනුග්‍රාහකයින් සහ මහජනතාවගේ සහභාගීත්වයද අමාත්‍යාංශය බෙහෙවින් අගය කරයි.

 

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 දෙසැම්බර් 08 වැනි දින

 

 

 

 

Please follow and like us:

Close