Sri Lanka celebrates IORA Day under its Chairmanship at Galle Face Green

Sri Lanka celebrates IORA Day under its Chairmanship at Galle Face Green

The Indian Ocean Rim Association (IORA) Day was commemorated under the aegis of Sri Lanka’s Chairmanship at the Galle Face Green overlooking the Indian Ocean on 10 March 2024.  Sri Lanka is the current chair of IORA which consists of 23 Member States and 12 Dialogue Partners.   IORA celebrates its 27 Anniversary this year.

The IORA Day celebrated under the theme “Ensuring a Sustainable Indian Ocean for Future Generations” was jointly organized by the Ministry of Foreign Affairs, the Ministry of Education and the Sri Lanka Navy.  The theme chosen underscores the importance Sri Lanka places on preserving the Oceans’ health for the benefit of the future generations.

Since this year’s IORA Day was focused on children as the future generation, a series of all - island events with the participation of students from schools in all nine provinces were held.  Prizes were awarded to the students who won places in the Art, Essay and Social Media Competitions organized by the Ministry of Education, Ministry of Technology and the Funday Times newspaper of the Wijeya Group. An Art Exhibition organized by the Ministry of Education showcasing the best 100 artworks of talented students from across Sri Lanka was on display on the grounds of the Galle Face.

700 school children representing all nine provinces participated. Diplomatic missions of IORA member states and Dialogue Partner countries, UN agencies and government line ministries showcased ocean advocacy initiatives carried out by them in 76 stalls.

President Ranil Wickremesinghe graced the event and visited the stalls and interacted with the children alongside Foreign Minister Ali Sabry, State Minister Tharaka Balasuriya, Foreign Secretary Aruni Wijewardane, IORA Secretary General Dr. Salman Al Farisi, heads of diplomatic missions and other dignitaries.

The inauguration of the event in the morning showcased a stunning display of ten parachute jumps by paratroopers of the Tri Forces, an equestrian performance by the Sri Lanka Police and kite festival consisting of 150 kites in the shapes of marine life.

The celebrations culminated with an ocean ride onboard the Sri Lanka Navy’s “Princess of Lanka vessel organized by the Sri Lanka Navy under the theme “Know Your Ocean” for the 700 school children providing them with a good exposure to the Indian Ocean.

The children were presented with gifts made possible by the generosity of many private sector institutions and diplomatic missions.

Ministry of Foreign Affairs

Colombo

12 March 2024

.....................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා සභාපතීත්වය යටතේ IORA දිනය ගාලු මුවදොර පිටියේදී සැමරේ

ශ්‍රී ලංකා සභාපතිත්වය යටතේ ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල සංවිධානයේ IORA දිනය ඉන්දියානු සාගරයට මුහුණලා පිහිටි ගාලු මුවදොර පිටියේදී 2024 මාර්තු 10වැනි දින සමරනු ලැබීය. සාමාජික රටවල් 23කින් සහ සංවාද පාර්ශවකරුවන් 12කින් සමන්විත IORA සංවිධානයේ වත්මන් සභාපති ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන අතර සංවිධානය මෙම වසරේදී සිය 27 වන සංවත්සරය සමරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව “අනාගත පරම්පරාවන් සඳහා තිරසාර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ මෙම IORA දිනය සංවිධානය කරන ලදී. අනාගත පරපුරේ ප්‍රයෝජනය උදෙසා සාගර සෞඛ්‍යය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව ලබා දෙන වැදගත්කම තෝරා ගත් තේමාව මගින් අවධාරණය කෙරේ.

අනාගත පරපුර වන දරුවන් කෙරෙහි මෙවර IORA දිනය අවධානය යොමු කළ බැවින්, පළාත් නවයේම පාසල්වල සිසුන්ගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා ඉසව් මාලාවක් පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ විජය සමූහ ව්‍යාපාරයේ ෆන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සංවිධානය කරන ලද චිත්‍ර, රචනා සහ සමාජ මාධ්‍ය තරඟවලින් ස්ථාන දිනාගත් සිසුන් සඳහා මෙහිදී ත්‍යාග ප්‍රදානය කෙරිණි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂ සිසුන්ගේ හොඳම කලා කෘති 100ක්  ප්‍රදර්ශනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් ගාලු මුවදොර පිටියේදී පවත්වන ලදී.

පළාත් නවයම නියෝජනය කරමින් පාසල් සිසුන් 700ක් මෙම උත්සවයට සහභාගි වූහ. IORA සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, සංවාද පාර්ශවකරුවන් නියෝජනය කරන රටවල්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රජයේ රේඛීය අමාත්‍යාංශ විසින් සිදු කරන ලද සමුද්‍ර ආරක්ෂණ මුලපිරීම් නිරූපනය කෙරෙන කුටි 76ක් එහිදී ප්‍රදර්ශනය කරන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම උත්සවයට සහභාගි වූ  අතර ඔහු විදේශ අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, IORA සංවිධානයේ මහලේකම් ආචාර්ය සල්මන් අල් ෆාරිසි යන මහත්වරුන් මෙන්ම විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ අනෙකුත් ප්‍රභූවරුන් සමඟ ප්‍රදර්ශන කුටි වෙත ගොස් දරුවන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

ත්‍රිවිධ හමුදාවේ පැරෂුට් භටයින් දස දෙනකු විසින් ඉදිරිපත් කරන ලද පැරෂුට් සංදර්ශනයක්, ශ්‍රී ලංකා පොලිසියේ අශ්වාරෝහක සංදර්ශනයක් සහ සාගර ජීවීන්ගේ හැඩැති සරුංගල් 150කින් සමන්විත සරුංගල් සැණකෙළියක් උදෑසන පැවැත්වුණු උත්සවයට ඇතුළත් විය.

ඉන්දියන් සාගරය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් “Know Your Ocean” යන තේමාව යටතේ පාසල් සිසුන් 700දෙනකු සඳහා සංවිධානය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ “Princess of Lanka” නෞකාවේ සාගර සවාරියකින් සැමරුම් උත්සවය අවසන් විය.

පෞද්ගලික අංශයේ ආයතන රැසක සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල පරිත්‍යාගශීලීත්වයෙන් ලබාදුන් තිළිණ මෙහිදී දරුවන්ට ප්‍රදානය කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මාර්තු 12 වැනි දින

Please follow and like us:

Close