Engagement between the Swedish Riksdag and the Parliament of Sri Lanka to be invigorated

Engagement between the Swedish Riksdag and the Parliament of Sri Lanka to be invigorated

 

Swedish Speaker Andreas Norlén received Sri Lanka’s Foreign Minister Ali Sabry on 15 May at the Riksdag in Stockholm during which it was agreed to invigorate the engagement between the Legislatures of the two countries.

Reflecting the values of democracy, rule of law, constitutional governance, the open economic framework nurtured in the two countries for several decades, it was agreed that these shared values  are excellent  foundations to make the interaction between the two countries more robust in all spheres including the important economic pillar. The Minister articulated the opportunity Sri Lanka presents for Swedish business in IT, tourism, investment, renewable energy, clean technology and manufacturing particularly as a viable destination including for supply chain stability.

Highlighting the value of closer Parliamentary interaction, the two sides agreed to actively elevate the partnership between the national Legislatures with focused engagement between respective members in areas of mutual interest, as well as exchange of high level visits. The bilateral relationship which reaches the significant milestone of 75 years could also be suitably commemorated in 2024, they concurred.

Foreign Minister Ali Sabry briefed the Swedish Speaker on the significant efforts being made in Sri Lanka’s forward economic  trajectory  and appreciated the Swedish support in particular and that of the Paris Club in this process. He also briefed the Speaker on the progress made in reconciliation in the country. They shared perspectives on cooperation between the regions of Europe and Asia Pacific. The Minister led Sri Lanka’s delegation to EU-Indo Pacific Ministerial Forum in Stockholm.

Associated with Speaker Andreas Norlén was Secretary General of the Riksdag Ingvar Mattson, Ambassador Andreas von Uexkull-Deputy Head of the Asia Division, and Swedish officials. Associated with Foreign Minister Ali Sabry were Sri Lanka’s Ambassador to Sweden Dharshana M. Perera, Director General of Economic Affairs Chandana Weerasena and the accompanying Sri Lanka delegation.

Ministry of Foreign Affairs

Colombo

18 May 2023

....................................................

මාධ්‍ය නිවේදනය

 ස්වීඩනයේ පාර්ලිමේන්තුව (රික්ස්ඩැග්) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවත්නා සබඳතා පුබුදුවාළීම

ස්වීඩන කථානායක ඇන්ඩ්‍රියාස් නෝර්ලෙන් මැතිතුමා  2023 මැයි 15 වැනි දින, ස්ටොක්හෝම් හි පිහිටි පාර්ලිමේන්තුවේ දී,  ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමු විය. දෙපාර්ශ්වය එහිදී දෙරටේ ව්‍යවස්ථාදායකය හා සබැඳි නිරතවීම් පුබුදුවාළීම සඳහා එකඟත්වය පළ කළ හ.

දශක කිහිපයක් මුළුල්ලේ  දෙරට අතර පෝෂණය වූ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පාලනය, විවෘත ආර්ථික රාමුව පිළිබඳව සිහිපත් කළ දෙපාර්ශ්වය, මෙම හවුල් වටිනාකම් හරහා ඉහළ වැදගත්කමක් සහිත ආර්ථික අංශය, දෙරට අතර අන්තර් ක්‍රියාකාරිත්වය ඇතුළු සියලුම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීමට විශිෂ්ට පදනමක් නිර්මාණය වන බව පිළිගත් හ. තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, තාක්‍ෂණ සහ නිෂ්පාදන ක්‍ෂේත්‍රයට අදාළව ස්වීඩනයේ ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකාව පිරිනමන අවස්ථාවන් පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා,  විශේෂයෙන් සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය සහිත ශක්‍යතාවලින් පිරිපුන් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තු අතර සමීප අන්තර් ක්‍රියාකාරිත්වය පැවැත්වීමේ වටිනාකම ඉස්මතු කළ දෙපාර්ශ්වය, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවලට අදාළ සාමාජිකයින් අතර සබඳතා පවත්වන අතරතුර ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගනිමින් ජාතික ව්‍යවස්ථාදායකයන් අතර හවුල්කාරිත්වය ක්‍රියාකාරීව ඉහළ නැංවීම සඳහා සිය එකඟත්වය පළ කළ හ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට වසර 75 ක් සපිරීමේ සංවත්සරය 2024 වසරේ දී සැමරිය හැකි බවද දෙපාර්ශ්වය මෙහිදී සිහිපත් කළ හ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදරි ගමන් මග සම්බන්ධයෙන් දරන ලද සුවිශේෂී ප්‍රයත්නයන් පිළිබඳව ස්වීඩන් කථානායකවරයා දැනුම්වත් කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, විශේෂයෙන් මෙම ක්‍රියාවලියේ දී ස්වීඩනය සහ පැරිස් සමාජය ලබා දුන් සහයෝගය අගය කළේ ය. මෙරට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද එතුමා කථානායකවරයා දැනුම්වත් කළේ ය. යුරෝපයේ සහ ආසියා පැසිෆික් කලාප අතර සහයෝගීතාව පිළිබඳ අදහස් ද ඔවුහු මෙහිදී හුවමාරු කරගත් හ. අමාත්‍යවරයා ස්ටොක්හෝම් හි පැවති යුරෝපා සංගම්- ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ ය.

ස්වීඩන පාර්ලිමේන්තුවේ මහලේකම් ඉන්ග්වාර් මැට්සන් මහතා, ආසියා අංශයේ නියෝජ්‍ය ප්‍රධානී තානාපති  ඇන්ඩ්‍රියාස් වොන් උඑක්ස්කුල් මහතා සහ ස්වීඩනයේ නිලධාරීහු පිරිසක් කථානායක ඇන්ඩ්‍රියාස් නෝර්ලෙන් මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූ අතර,  ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මැතිතුමා, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් චන්දන වීරසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 18 වැනි දින

..........................................

 

Please follow and like us:

Close