Sri Lanka and India discuss ways to promote Bilateral Cultural Relations through the iconic figures of Theri Sanghamitta and Sita of Ramayana

Sri Lanka and India discuss ways to promote Bilateral Cultural Relations through the iconic figures of Theri Sanghamitta and Sita of Ramayana

Sri Lanka and India discussed ways in which the two countries could further enhance bilateral cultural relations when Sri Lanka's High Commissioner to India Milinda Moragoda met with Minister of State for External Affairs & Culture of India Smt. Meenakashi Lekhi on Sunday (19).

The discussion focused on enhancing cultural relations between the two neighboring nations, particularly through the promotion of Theri Sanghamitta and Sita of Ramayana – two iconic historical figures who played unique roles in the relations between India and Sri Lanka.

Both dignitaries noted that Theri Sanghamitta and Sita of Ramayana were two extraordinary figures who have contributed immensely to Indo-Lanka relations, and agreed to explore ways and means to promote modern bilateral cultural ties revolving around them.

Collaboration possibilities between Sri Lanka and the National Museum of New Delhi and the National Gallery of Modern Art were also discussed at this meeting. High Commissioner Moragoda invited State Minister Meenakashi Lekhi to visit Sri Lanka as well.

High Commissioner Moragoda also shared a copy of his policy document, the "Integrated Country Strategy for Sri Lanka Diplomatic Missions in India 2021/2023", which includes a detailed road map for bilateral cultural cooperation, with the State Minister of India, alongside a copy of the Hindi version of the booklet "The History of the Mahabodhi Temple in Bodh Gaya", published by the Anagarika Dharmapala Trust.

High Commission of Sri Lanka

New Delhi

22 December 2021

..............................

මාධ්‍ය නිවේදනය

 

සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ සීතා යන ප්‍රතිමූර්තිමත් චරිත තුළින් ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරිය වන මීනාක්ෂි ලේඛි මැතිණිය සමඟ දෙසැම්බර් මස 19 වන ඉරිදා දින පැවති හමුවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සංස්කෘතික කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වන ක්‍රමෝපායන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති සබඳතාවන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ප්‍රතිමූර්තිමත් ඓතිහාසික චරිත ද්විත්වයක් වන සංඝමිත්තා තෙරණියසහ රාමායනයේ සීතා කුමරිය ප්‍රවර්ධනය කිරීම තුළින් අසල්වැසි ජාතීන් දෙක අතර සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සංඝමිත්තා තෙරණිය සහ රාමායනයේ  සීතායනු ඉන්දු-ලංකා සබඳතාවලට ඉමහත් දායකත්වයක් ලබාදුන් අසාමාන්‍ය කාන්තා චරිත ද්විත්වයක් වන බවත් ඔවුන් ආශ්‍රයෙන් ව්‍යාප්ත වන  නවීන ද්විපාර්ශ්වික සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි ගවේෂණය කිරීමට එකඟ වූ බවත් මෙහි දී දෙපාර්ශවය විසින් ම සඳහන් කරනු ලැබිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දීය ජාතික කෞතුකාගාරය මෙන් ම නූතන කලාව පිළිබඳ ජාතික කලාගාරය අතර සහයෝගීතාව පවත්වා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙම හමුව අතරතුර දී සාකච්ඡා කෙරිණි. මීට අමතර ව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මීනාක්ෂි ලේඛි මැතිණියට ආරාධනා කළේය.

මෙම අවස්ථාවේ දී මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් ද්විපාර්ශ්වික සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව සවිස්තරාත්මක මාර්ග සිතියමක් ඇතුළත්  "ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023" නම් වූ සිය මාර්ගෝපදේශයේ පිටපතක් අනගාරික ධර්මපාල අරමුදල මඟින් ප්‍රකාශයට පත් කරන ලද "බුද්ධගයාවේ මහාබෝධි විහාරයේ ඉතිහාසය" නම් ග්‍රන්ථයේ හින්දි පිටපතක් සමඟින් ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරිය වෙත ලබා දෙන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 දෙසැම්බර් 22  වැනි දින

......................................

ஊடக வெளியீடு

 

தேரி சங்கமித்தா மற்றும் ராமாயண சீதையின் சின்ன உருவங்களின் மூலம் இருதரப்பு கலாச்சார உறவுகளை மேம்படுத்துவதற்கான வழிகள் குறித்து இலங்கையும் இந்தியாவும் கலந்துரையாடல்

இந்திய வெளிவிவகார மற்றும் கலாசார இராஜாங்க அமைச்சர் ஸ்ரீமதி மீனகாஷி லேகியை ஞாயிற்றுக்கிழமை (19) சந்தித்த இந்தியாவுக்கான இலங்கை உயர்ஸ்தானிகர் மிலிந்த மொரகொட, இரு நாடுகளுக்கும் இடையிலான இருதரப்பு கலாச்சார உறவுகளை மேலும் மேம்படுத்துவது குறித்து கலந்துரையாடினர்.

இந்தியாவிற்கும் இலங்கைக்கும் இடையிலான உறவுகளில் தனித்துவமான பாத்திரங்களை ஆற்றிய இரண்டு வரலாற்று நபர்களான தேரி சங்கமித்தா மற்றும் ராமாயண சீதை ஆகியோரின் சின்னங்களை மேம்படுத்துவதன் மூலம் இரு அண்டை நாடுகளுக்கிடையிலான கலாச்சார உறவுகளை மேம்படுத்துவது குறித்து இந்தக் கலந்துரையாடலின் போது கவனம் செலுத்தப்பட்டது.

தேரி சங்கமித்தா மற்றும் ராமாயண சீதை ஆகியோர் இந்திய - இலங்கை உறவுகளுக்கு மகத்தான பங்களிப்பை ஆற்றிய இரண்டு அதிவிஷேடமான நபர்களாவர் எனக் குறிப்பிட்ட இரு தரப்பினரும், அவர்கள் இருவரையும் சுற்றியதாக சுழலும் நவீன இருதரப்பு கலாச்சார உறவுகளை மேம்படுத்துவதற்கான வழிகள் மற்றும் வழிமுறைகளை ஆராய்வதற்கு ஒப்புக்கொண்டனர்.

இலங்கை மற்றும் புது தில்லி தேசிய அருங்காட்சியகம் மற்றும் நவீன கலைக்கான தேசிய காட்சியகம் ஆகியவற்றுக்கு இடையேயான ஒத்துழைப்புக்கான சாத்தியங்கள் குறித்தும் இந்த சந்திப்பின் போது கலந்துரையாடப்பட்டது. இலங்கைக்கு விஜயம் செய்யுமாறு இராஜாங்க அமைச்சர் மீனகாஷி லேகிக்கு உயர்ஸ்தானிகர் மொரகொட அழைப்பு விடுத்தார்.

அனகாரிக தர்மபால அறக்கட்டளையால் வெளியிடப்பட்ட 'புத்த காயாவில் உள்ள மகாபோதி விகாரையின் வரலாறு' என்ற சிறு புத்தகத்தின் ஹிந்திப் பதிப்பின் பிரதியுடன், 'இந்தியாவிலுள்ள இலங்கையின் இராஜதந்திரத் தூதரகங்களுக்கான இலங்கையின் ஒருங்கிணைந்த மூலோபாயம் 2021/2023' என்ற தனது கொள்கை ஆவணத்தின் பிரதியை இந்திய இராஜாங்க அமைச்சருடன் உயர்ஸ்தானிகர் மொரகொட பகிர்ந்து கொண்டார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

புது தில்லி

2021 டிசம்பர் 22

Please follow and like us:

Close