Republic of Korea donates USD 300,000 worth Anti COVID-19 Test Kits to mark the 43rd Anniversary of Diplomatic Relations

Republic of Korea donates USD 300,000 worth Anti COVID-19 Test Kits to mark the 43rd Anniversary of Diplomatic Relations

The Ambassador of the Republic of Korea, Woonjin Jeong at a ceremony held in the Foreign Ministry on 08 December 2020, handed over a donation of USD 300,000 worth Real-Time PCR Test Kits to Foreign Minister Dinesh Gunawardena in commemoration of the 43rd anniversary of establishing diplomatic relations between Sri Lanka and the Republic of Korea.

Addressing the handing over ceremony, Foreign Minister Gunawardena thanked the Republic of Korea for the generous contribution towards the COVID-19 containment efforts of the Government of Sri Lanka and highlighted that the traditional friendship between the two countries has flourished over time into a multifaceted partnership with economic cooperation as a key pillar. Acknowledging the exponential growth achieved by the Republic of Korea in the past decades, Foreign Minister Gunawardena sought the Republic of Korea’s expertise and support towards the development of rural economies and livelihoods in Sri Lanka with a special focus on the areas of aviation, shipping, health, agriculture, science & technology.

Ambassador Woonjin Jeong in his remarks stated that under the “Stay Strong” campaign, Korea and Sri Lanka have strengthened anti-COVID collaboration with each other. While expressing satisfaction at the ongoing development partnership between Sri Lanka and South Korea, the Ambassador invited Korean investors to explore more opportunities in Sri Lanka in key sectors including LNG, renewable energy, infrastructure and digital economy and more Korean tourists to come to Sri Lanka once the COVID-19 related travel restrictions are lifted.

State Minister of Regional Co-operation Tharaka Balasuriya, Foreign Secretary Admiral Prof. Jayanath Colombage, senior officials of the Foreign Ministry and the Embassy of Republic of Korea in Colombo were present at the event.

Sri Lanka and the Republic of Korea established diplomatic relations on 14 November 1977.

 

Foreign Ministry
Colombo

08 December 2020

.............................................

Speech by Hon. Dinesh Gunawardena, Foreign Minister of Sri Lanka, at the  Ceremonial handing over of PCR kits donated by the Republic of Korea to mark the  43rd Anniversary of the Establishment of Diplomatic Relations between Sri Lanka and the Republic of Korea.

 

Hon. Tharaka Balasooriya, State Minister for Regional Co-operation,
H.E. Woonjin Jeong, Ambassador of the Republic of Korea and other members of the Diplomatic Corp,
Foreign Secretary Admiral Prof. Jayanath Colombage
Distinguished Guests, Ladies, and Gentlemen

 

Ayubowan ! Annyeonghaseyo

It is indeed a great pleasure for me to host this event at the Foreign Ministry to mark the 43rd anniversary of the establishment of diplomatic relations between Sri Lanka and the Republic of Korea.  

Our two countries have been very close culturally for centuries and are joined by the common thread of Buddhism. Following the establishment of formal diplomatic relations in 1977, based on the bedrock of our traditional links, trust, and mutual understanding, Sri Lanka and the Republic of Korea have been maintaining a cordial and healthy bilateral relationship in all spheres over the last 43 years.    

Sri Lanka conveys its warm greetings and highest respect to His Excellency Moon Jae In, President of the Republic of Korea, and to the Government and the people of Korea.

The Republic of Korea is one of our leading development partners. The Official Development Assistance provided through the Economic Development Cooperation Fund (EDCF) and the Korea International Cooperation Agency (KOICA) has immensely contributed towards the socio-economic development of Sri Lanka particularly in the areas which include infrastructure, transport, employment, vocational training, irrigation, and waste disposal.

In view of the expertise of the Republic of Korea in multiple sectors, we anticipate to further expand our relations in other areas which include aviation, shipping, health, agriculture, and science & technology. Also, we believe enhancing parliamentary and provincial level cooperation will further promote people to people exchange between the two countries.

In the last three to four decades, we all have witnessed extraordinary changes in the Republic of Korea. This incomparable economic growth in the Republic of Korea has no doubt brought immense benefits to the people in the world and has invariably created new synergies for the growth of the Asian economies.

Under The National Policy Framework of President Gotabaya Rajapaksa, the ‘Vistas of Prosperity and Splendor’ Sri Lanka has now embarked on a new chapter of social and economic development.  We intend to transform our import dependent economy to an export oriented economy, with greater emphasis on livelihood development of people across the country.

Ladies and Gentlemen,

I am also particularly pleased to note that the Republic of Korea has been able to successfully control the COVID - 19 outbreak. We all saw how Republic of Korea rapidly controlled transmission by implementing stringent measures with the help of modern technology.   

The Government and the people of the Republic of Korea have stood by us and helped us through some of our most difficult times. Our valued relationship has been proven again by the donation of USD 300,000 PCR test kits to Sri Lanka. The equipment indeed is helping to increase the prevailing testing capacity in our country to control the pandemic, which is a vital part in the 10 pillar strategic plan of the Government that has been put in place to control the pandemic.

I take this opportunity, once again to thank the friendly people of the Republic of Korea, for this in-kind contribution to support COVID-19 response efforts in my country. Your Excellency, this goodwill gesture will undoubtedly be remembered and valued forever by the people of Sri Lanka.

Ladies and Gentlemen,

In conclusion, while acknowledging and thanking the government and the people of the Republic of Korea for their constant support and generosity, we look forward to strengthening the partnership between our two nations further, and we hope that the Republic of Korea will walk with us closely in this challenging yet rewarding journey of nation building.

Thank you!

--------------------------------

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව ආනයනික ආර්ථිකයෙන් අපනයන ආර්ථිකයට යොමු වෙමින් ඉන්නවා

ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලකාව ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු රජයෙන් කොවිඩ්-19 පීසිආර් පරික්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරිම නිමිත්තෙන් ඉකුත් (8) දා විදේශ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති චාම් උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය. ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂයක් පමණ වටිනා මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා අතින් සිදුවිය. අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම උත්සවය විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීමට හැකි වීම මට මහත් සතුටකි. අප දෙරට සංස්කෘතික වශයෙන් ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සමීපව කටයුතු කරන  අතර, බුදු දහමේ පොදු හුයෙන් අපි බැඳී සිටිමු. විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වූ අපගේ සාම්ප්‍රදායික සබඳතා 1977 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය පසුගිය වසර 43 තිස්සේ සෑම අංශයකින්ම සුහදශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටියි.

ශ්‍රී ලංකාවට ලබා දෙන මෙවැනි සහයෝගයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව, කොරියාවේ ජනාධිපති අතිගරු මූන් ජේ ඉන් මැතිතුමාට, එහි රජයට සහ කොරියානු ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් හා ඉහළම ගෞරවය පුද කරනවා.

කොරියානු ජනරජය, අපගේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවෙකි. ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා යටිතල පහසුකම්, ප්‍රවාහන, රැකියා, වෘත්තීය පුහුණුව, වාරිමාර්ග හා අපද්‍රව්‍ය බැහැර කිරීම යනාදී අංශවලට ලබා දී ඇති සුවිශේෂි සහය මෙහිදි කෘතවේදීව් සිහිපත් කරනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ  සමාජ-ආර්ථික සංවර්ධනයට පිටුවහලක් ලැබී තිබෙනවා.

බහුවිධ අංශ පිළිබඳ කොරියානු ජනරජයේ විශේෂඥතාව සැලකිල්ලට ගනිමින්, ගුවන් සේවා, නැව්ගත කිරීම, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්‍ෂණය යනාදී වෙනත් ක්ෂේත්‍රයන්හි අපගේ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපි අපේක්ෂා කරමු. එසේම, පාර්ලිමේන්තු හා පළාත් මට්ටමේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම තුළින් දෙරට අතර පුද්ගලාන්තර හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

පසුගිය දශක තුන හතර තුළ දී අප සැවොම කොරියානු ජනරජයේ අසාමාන්‍ය වෙනස්වීම් දැක ඇත්තෙමු. කොරියානු ජනරජයේ මෙම අසමසම ආර්ථික වර්ධනය ලෝකයේ ජනතාවට ඉමහත් ප්‍රතිලාභ ගෙන දෙන බවට සහ ආසියානු ආර්ථිකයන්ගේ වර්ධනය සඳහා නිරන්තරයෙන් නව සහජීවනයක් ඇති කර තිබෙන බව නිසැකය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ, ශ්‍රී ලංකාව දැන් සමාජ හා ආර්ථික සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට කොරියානු ජනරජයට හැකිවීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. නවීන තාක්‍ෂණයේ ආධාරයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් කොරියානු ජනරජය රෝග සම්ප්‍රේෂණය වේගයෙන් පාලනය කළ අන්දම අපි කවුරුත් දුටුවෙමු.

කොරියානු ජනරජය සහ කොරියානු ජනරජයේ ජනතාව අප වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ඉතා දුෂ්කර කාලවල දී අපට සහය ලබා දී ඇත. ඇමරිකානු ඩොලර් 300,000 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමෙන් අපගේ වටිනා සබඳතාවය නැවතත් සනාථ කරනු ලැබ තිබේ. මෙම වසංගතය පාලනය කිරීම පිණිස සකස් කර ඇති රජයේ වැදගත් අංග 10 කින් යුත් උපායමාර්ගික සැලැස්මේ එක් අංගයක් වන, අපේ රටේ පවතින පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙම උපකරණ සැබවින්ම උපකාරී වනු ඇත.

අවසාන වශයෙන්, කොරියානු ජනරජයේ නිරන්තර සහයෝගය සහ පරිත්‍යාගශීලීභාවය පිළිබඳව එම රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වන අතරම, අපගේ ජාතීන් දෙක අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරන අතර, ජාතිය ගොඩනැඟීමේ මෙම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක ගමනේ දී, කොරියානු ජනරජය අප සමඟ සමීපව ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් මහතා සඳහන් කෙළේ තමන්ට ශ්‍රී ලංකාවේ තානාපති ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටු වන බවය. වැඩිදුර අදහස් දක්වමින්, "කොරියාවේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ බොහෝ ආයෝජන අවස්ථා තිබෙනවා. එල්එන්ජි බලාගාර ඉදිකීරිම, යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම, ආර්ථික සංවර්ධනයට අදාල තාක්ෂණික ව්‍යාපෘති ඇති කිරිම වැනි ක්ෂේත්‍ර බොහොමයක ආයෝජන අවස්ථා තිබෙනවා. ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්න කොරියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට එන්න කියල මම ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව හා කොරියාව අතර ඉකුත් වසර 43ක සබඳතා ඉතා පුළුල්ව පවත්වා ගෙන තිබෙනවා. ඇතැම් වසරවල ශ්‍රී ලංකාවේ වැඩිම ආයෝජන සිදු කර තිබෙන්නේ කොරියානු ජනරජයයි. ඉදිරියටත් අපේ සහයෝගිතාව වර්ධනය කරන්නට අපි දෙපාර්ශ්වයම කටයුතු කරන බවද තානාපතිවරයා කීවේය.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ යන මහතවරැ සමඟ දෙපාර්ශ්වය නියෝජනය කරමින් නිලධාරින්ද සහභාගි වී සිටියහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 08 වැනි දින

.............................................

 

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 43  සංවත්සරය නිමිත්තෙන් කොරියානු ජනරජය විසින් පරිත්‍යාග කරන ලද පීසීආර් කට්ටල චාරිත්‍රානුකූලව භාරදීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පැවැත්වූ කථාව

 

කලාපීය සහයෝගීතා අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි,
කොරියානු ජනරජයේ තානාපති වුන්ජින් ජියොන්ග් මැතිතුමා සහ
රාජ්‍යතාන්ත්‍රික බලකායේ අනෙකුත් සාමාජිකවරුනි,
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාණෙනි,
සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි.

ආයුබෝවන්! අන්යොන්ග්හසෙයො!

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 43 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙම උත්සවය විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම මට මහත් සතුටකි.

අප දෙරට සංස්කෘතික වශයෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඉතා සමීපව පැවතී ඇති අතර, බුදු දහමේ පොදු හුයෙන් අපි බැඳී සිටිමු. විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය මත පදනම් වූ අපගේ සාම්ප්‍රදායික සබඳතා තුළින් 1977 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය පසුගිය වසර 43 තිස්සේ සෑම අංශයකින්ම සුහද හා මනා ද්විපාර්ශ්වික සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් සිටියි.

ශ්‍රී ලංකාව, කොරියාවේ ජනාධිපති අතිගරු මූන් ජේ ඉන් මැතිතුමාට, එහි රජයට සහ කොරියානු ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් හා ඉහළම ගෞරවය පුද කරන්නීය.

කොරියානු ජනරජය, අපගේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවෙකි. ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA) හරහා සපයනු ලබන නිල සංවර්ධන සහාය විශේෂයෙන් යටිතල පහසුකම්, ප්‍රවාහන, රැකියා, වෘත්තීය පුහුණුව, වාරිමාර්ග හා අපද්‍රව්‍ය බැහැර කිරීම යනාදී අංශ ඇතුළු ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත.

බහු විධ අංශ පිළිබඳ කොරියානු ජනරජයේ විශේෂඥතාව සැලකිල්ලට ගනිමින්, ගුවන් සේවා, නැව්ගත කිරීම, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්‍ෂණය යනාදී වෙනත් ක්ෂේත්‍රයන්හි අපගේ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට අපි අපේක්ෂා කරමු. එසේම, පාර්ලිමේන්තු හා පළාත් මට්ටමේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම තුළින් දෙරට අතර පුද්ගලාන්තර හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

පසුගිය දශක තුන හතර තුළ දී අප සැවොම කොරියානු ජනරජයේ අසාමාන්‍ය වෙනස්වීම් දැක ඇත්තෙමු. කොරියානු ජනරජයේ මෙම අසමසම ආර්ථික වර්ධනය ලෝකයේ ජනතාවට ඉමහත් ප්‍රතිලාභ ගෙන දෙන බවට සහ ආසියානු ආර්ථිකයන්ගේ වර්ධනය සඳහා නිරන්තරයෙන්නව සහජීවනයක් ඇති කර තිබෙන බව නිසැකය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව යටතේ, ශ්‍රී ලංකාව දැන් සමාජ හා ආර්ථික සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ. රට පුරා සිටින ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, අපගේ ආනයන මත යැපෙන ආර්ථිකය, අපනයන කෙරෙහි නැඹුරු ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට අපි අදහස් කරමු.

නෝනාවරුනි මහත්වරුනි,

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට කොරියානු ජනරජයට හැකිවීම ගැන මම විශේෂයෙන් සතුටු වෙමි. නවීන තාක්‍ෂණයේ ආධාරයෙන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් කොරියානු ජනරජය රෝග සම්ප්‍රේෂණය වේගයෙන් පාලනය කළ අන්දම අපි කවුරුත් දුටුවෙමු.

රජය සහ කොරියානු ජනරජයේ ජනතාව අප වෙනුවෙන් පෙනී සිටිමින් අපගේ ඉතා දුෂ්කර කාලවල දී අපට සහය ලබා දී ඇත. ඇමරිකානු ඩොලර් 300,000 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමෙන් අපගේ වටිනා සබඳතාවය නැවතත් සනාථ කරනු ලැබ තිබේ. මෙම වසංගතය පාලනය කිරීම පිණිස සකස් කර ඇති රජයේ වැදගත් අංග 10 කින් යුත් උපාය මාර්ගික සැලැස්මේ වැදගත් අංගයක් වන, අපේ රටේ පවතින පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙම උපකරණ සැබවින්ම උපකාරී වනු ඇත.

කොරියානු ජනරජයේ මිත්‍රශීලී ජනතාවට යළිත් වරක් ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. තානාපතිතුමනි, මෙම සුහද හැඟීම් පිළිබිඹු කිරීම නිසැකවම ශ්‍රී ලංකා ජනතාව විසින් සිහිපත් කරනු ඇත.

නෝනාවරුනි මහත්වරුනි,

අවසාන වශයෙන්, කොරියානු ජනරජයේ නිරන්තර සහයෝගය සහ පරිත්‍යාගශීලීභාවය පිළිබඳව එම රජයට සහ ජනතාවට ස්තූතිවන්ත වන අතරම, අපගේ ජාතීන් දෙක අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරන අතර, ජාතිය ගොඩ නැඟීමේ මෙම අභියෝගාත්මක නමුත් ප්‍රතිලාභදායක ගමනේ දී, කොරියානු ජනරජය අප සමඟ සමීපව ගමන් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ස්තුතියි!

--------------------------------

ஊடக வெளியீடு

 இராஜதந்திர உறவுகளின் 43வது ஆண்டு நிறைவைக் குறிக்கும் வகையில், 300,000 அமெரிக்க டொலர் பெறுமதியான கோவிட்-19 எதிர்ப்பு பரிசோதனைக் கருவித்தொகுதி கொரியக் குடியரசினால் அன்பளிப்பு

 

2020 டிசம்பர் 08ஆந் திகதியாகிய இன்று வெளிநாட்டு அமைச்சில் நடைபெற்ற நிகழ்வின் போது, இலங்கைக்கும் கொரியக் குடியரசிற்கும் இடையே இராஜதந்திர உறவுகள் நிறுவப்பட்ட 43வது ஆண்டு நிறைவை முன்னிட்டு 300,000 அமெரிக்க டொலர் பெறுமதியான ரியல் டைம் பி.சி.ஆர். பரிசோதனைக் கருவித்தொகுதிகளை வெளிநாட்டு அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களிடம் கொரியக் குடியரசின் தூதுவர் வூன்ஜின் ஜியோங் நன்கொடையாகக் கையளித்தார்.

நன்கொடைகளைக் கையளிக்கும் இந்த நிகழ்வில் உரையாற்றிய வெளிநாட்டு அமைச்சர் குணவர்தன, இலங்கை அரசாங்கத்தின் கோவிட்-19 கட்டுப்பாட்டு முயற்சிகளுக்கு தாராளமாக பங்களித்தமைக்காக கொரியக் குடியரசிற்கு தனது நன்றிகளைத் தெரிவித்ததோடு, இரு நாடுகளுக்கும் இடையிலான பாரம்பரிய நட்பானது, முக்கியமானதொரு தூணாக பொருளாதார ஒத்துழைப்புதுடன் காலப்போக்கில் பன்முகக் கூட்டாண்மைடன் அபிவிருத்தியடைந்துள்ளது என்பதை எடுத்துரைத்தார். கடந்த தசாப்தங்களில் கொரியக் குடியரசு அடைந்த அதிவேக அபிவிருத்தியை ஒப்புக் கொண்ட வெளிநாட்டு அமைச்சர் குணவர்தன, விமானப் போக்குவரத்து, கப்பல் போக்குவரத்து, சுகாதாரம், விவசாயம், விஞ்ஞானம் மற்றும் தொழில்நுட்பம் ஆகிய துறைகளில் சிறப்பான கவனம் செலுத்தும் வகையிலான கொரியக் குடியரசின் நிபுணத்துவத்தையும், மற்றும் இலங்கையில் கிராமப்புறப் பொருளாதாரங்கள் மற்றும் வாழ்வாதாரங்களை மேம்படுத்துவதற்கான ஆதரவுகளையும் கோரினார்.

'வலுவாக இருப்போம்' பிரச்சாரத்தின் கீழ், கொரியாவும் இலங்கையும் ஒருவருக்கொருவர் கோவிட் எதிர்ப்பு ஒத்துழைப்பை வலுப்படுத்தியுள்ளன என தூதுவர் வூன்ஜின் ஜியோங் தனது கருத்துக்களில் தெரிவித்தார். இலங்கை மற்றும் தென் கொரியாவிற்கு இடையே நடைபெற்று வரும் அபிவிருத்திக் கூட்டாண்மை குறித்து திருப்தி தெரிவித்த அதே வேளையில், திரவமாக்கப்பட்ட இயற்கை வாயு, புதுப்பிக்கத்தக்க எரிசக்தி, உட்கட்டமைப்பு மற்றும் டிஜிட்டல் பொருளாதாரம் உள்ளிட்ட முக்கிய துறைகளில் இலங்கையில் காணப்படும் அதிகமான வாய்ப்புக்களை கோவிட்-19 சார்ந்த பயணக் கட்டுப்பாடுகள் நீக்கப்பட்டவுடன் ஆராய்வதற்காக கொரிய முதலீட்டாளர்களுக்கு தூதுவர் அழைப்பு விடுத்தார்.

பிராந்திய ஒத்துழைப்புக்கான இராஜாங்க அமைச்சர் தாரக்க பாலசூரிய, வெளியுறவுச் செயலாளர் அட்மிரல் பேராசிரியர் ஜயநாத் கொலம்பகே, வெளிநாட்டு அமைச்சு மற்றும் கொழும்பிலுள்ள கொரியக் குடியரசின் தூதரகம் ஆகியவற்றின் சிரேஷ்ட அதிகாரிகள் ஆகியோர் இந் நிகழ்வின் போது கலந்து கொண்டனர்.

இலங்கை மற்றும் கொரியக் குடியரசு ஆகியன 1977 நவம்பர் 14ஆந் திகதி இராஜதந்திர உறவுகளை ஸ்தாபித்தன.

 

வெளிநாட்டு அமைச்சு
கொழும்பு

2020 டிசம்பர் 08

.............................................

 

இலங்கைக்கும் கொரிய குடியரசிற்கும் இடையில் இராஜதந்திர உறவுகள் நிறுவப்பட்ட 43 ஆவது ஆண்டு நிறைவினைக் குறிக்கும் வண்ணம், கொரிய குடியரசினால் இலங்கைக்கு பி.சி.ஆர் உபகரணங்களை  நன்கொடையாக வழங்கும் நிகழ்வில் இலங்கை வெளிநாட்டமைச்சர் கௌரவ தினேஷ் குணவர்த்தன அவர்கள் நிகழ்த்திய உரை

 

பிராந்திய கூட்டுறவிற்கான இராஜாங்க அமைச்சர் கௌரவ தாரக பாலசூரிய அவர்களே,

கொரிய குடியரசு தூதுவர் கௌரவ வூஞ்ஜின் ஜியொங்க் மற்றும் இராஜதந்திர படையைச் சேர்ந்த உறுப்பினர்களே

செயலாளர் ஜயநாத் கொலம்பகே அவர்களே

கௌரவ விருந்தினர்களே, கனவாட்டிகளே, கனவான்களே

வணக்கம்!

ஆயுபோவன்!

அனியொன்கசேயோ!

இலங்கைக்கும் கொரிய குடியரசிற்கும் இடையிலான இராஜதந்திர உறவுகள் நிறுவப்பட்ட 43 ஆவது ஆண்டு நிறைவு நிகழ்வினை வெளிநாட்டமைச்சு ஏற்று நடாத்துவதில் நான் மிகவும் மகிழ்ச்சியடைகிறேன்.

கலாச்சார ரீதியில் எமது இரு நாடுகளும் பல நூற்றாண்டுகளாக மிக நெருங்கிய உறவுகளைக் கொண்டுள்ளதுடன், பௌத்தம் என்ற ஒரு பொதுக்கருத்தினாலும் இணைக்கப்பட்டுள்ளன. எமது பாரம்பரிய இணைப்புகளான நம்பிக்கை மற்றும் பரஸ்பர புரிந்துணர்வு ஆகியவற்றின் அடிப்படையில் 1977 இல் முறையான இராஜதந்திர உறவுகள் நிறுவப்பட்டதைத் தொடர்ந்து, கடந்த 43 வருடங்களாக இலங்கையும் கொரிய குடியரசும் மரியாதையானதும் ஆரோக்கியமானதுமான இருதரப்பு உறவினைப் பேணி வந்துள்ளன.

கொரிய ஜனாதிபதி, மேதகு மூன் ஜே இன் அவர்களுக்கும் கொரிய அரசாங்கத்திற்கும் அந்நாட்டு மக்களுக்கும் இலங்கை தனது இனிய வாழ்த்துக்களையும் உயர்ந்த மரியாதையையும் தெரிவிக்கின்றது.

கொரிய குடியரசு எமது முன்னணி அபிவிருத்தி பங்காளியாகும். பொருளாதார அபிவிருத்திக் கூட்டுறவு நிதியம் மற்றும் கொரியா சர்வதேச கூட்டுறவு முகவரமைப்பு ஆகியவற்றினால் வழங்கப்படும் உத்தியோகபூர்வ அபிவிருத்தி உதவியானது, இலங்கையின் சமூக பொருளாதார அபிவிருத்திக்கு, குறிப்பாக உட்கட்டமைப்பு, போக்குவரத்து, வேலைவாய்ப்பு, தொழிற்பயிற்சி, நீர்ப்பாசனம், கழிவகற்றல் போன்ற துறைகளில் பெரும் பங்களிப்பினைச் செய்துள்ளது.

பல்துறைகளில் கொரிய குடியரசின் நிபுணத்துவத்தினைக் கருத்தில்கொண்டு, விமானசேவை, கப்பல்சேவை, சுகாதாரம், விவசாயம், விஞ்ஞானம் மற்றும் தொழில்நுட்பம் ஆகிய பிற துறைகளிலும் எமது உறவுகளை மேலும் விரிவாக்குவதற்கு நாம் எதிர்பார்த்துள்ளோம். அத்துடன், இரு நாடுகளதும் பாராளுமன்ற மற்றும் மாகாண மட்டத்திலான கூட்டுறவினை விரிவாக்குவதன் மூலம், மக்களுடன் மக்களுக்கான பரிமாற்றத்தினையும் ஊக்கப்படுத்தமுடியுமென நாம் நம்புகின்றோம்.

கடந்த மூன்று நான்கு தசாப்தங்களாக கொரிய குடியரசில் ஏற்பட்டுவரும் அதி சிறந்த மாற்றங்களை நாம் பார்த்துவருகின்றோம்.  கொரிய குடியரசின் ஒப்புயர்வற்ற இந்த பொருளாதார வளர்ச்சியானது, உலகிற்கு மிகச்சிறப்பான நன்மைகளைக் கொண்டுவந்துள்ளதுடன் ஆசிய பொருளாதாரத்தின் வளர்ச்சிக்கான புதிய குழுமுயற்சிகளையும் உருவாக்கியுள்ளது என்பதில் எவ்வித சந்தேகமுமில்லை.

‘செழிப்பு மற்றும் மேன்மையின் காட்சி’ என்ற ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்களின் தேசிய கொள்கைக் கட்டமைப்பின் கீழ், இலங்கை இப்போது சமூக பொருளாதார அபிவிருத்தி என்ற ஒரு புதிய அத்தியாயத்தை ஆரம்பித்துள்ளது. நாடெங்கிலுமுள்ள மக்களின் வாழ்வாதார மேம்பாட்டிற்கு அதிக முக்கியத்துவமளித்து, இறக்குமதி சார்ந்த பொருளாதாரத்தினை ஏற்றுமதியை மையமாகக் கொண்ட பொருளாதாரமாக மாற்றுவதற்கு நாம் உத்தேசித்துள்ளோம்.

கனவாட்டிகளே கனவான்களே,

கொரிய குடியரசு கொவிட்-19 நோய்ப்பரவலை வெற்றிகரமாக கட்டுப்படுத்தியதை அறிந்து நான் குறிப்பாக மகிழ்ச்சியடைகிறேன். கொரிய குடியரசு, நவீன தொழில்நுட்பத்தின் உதவியுடன்,  கடுமையான நடவடிக்கைகளைச் செயன்முறைப்படுத்துவதன் மூலம் இந்நோய்ப்பரவலை விரைவாக கட்டுப்படுத்தியதை நாம் பார்த்தோம்.

எமது மிகக்கடினமான தருணங்களில் கொரிய குடியரசின் அரசாங்கமும் அதன் மக்களும் எமக்கு உதவியாக எமக்குப் பக்கபலமாக நின்றன. 300,000 அமெரிக்க டொலர்கள் பெறுமதியான பி.சி.ஆர் உபகரணங்களை இலங்கைக்கு நன்கொடையாக வழங்கியமை மூலமாக, எமது மதிப்புமிக்க உறவு மீண்டுமொரு தடவை நிரூபிக்கப்பட்டுள்ளது. எமது நாட்டில் நோய்ப்பரவலைக் கட்டுப்படுத்துவதற்காக அரசாங்கம் அமைத்த 10 திட்டங்களின் முக்கிய அங்கமாகவுள்ள, தற்போதுள்ள பரிசோதனையின் இயலளவு இந்த உபகரணங்களால் மேம்படுத்தப்படும்.

இச்சந்தர்ப்பத்தில், எனது நாட்டில் கொவிட்-19 பதில்வினை முயற்சிகளுக்காகத் தமது கனிவான பங்களிப்பினை வழங்கியமைக்காக நான் மீண்டுமொருமுறை கொரிய குடியரசின் நட்புறவுடனுள்ள மக்களுக்கு நன்றிகூறிக்கொள்கிறேன். மேதகையோரே, இந்த நல்லெண்ண குறிப்புணர்த்தலானது சந்தேகமின்றி இலங்கை மக்களால் என்றென்றும் நினைவுகூரப்பட்டு, போற்றப்படும்.

கனவாட்டிகளே கனவான்களே,

முடிவாக, கொரிய குடியரசின் அரசாங்கத்திற்கும் அந்நாட்டு மக்களுக்கும் நன்றிகளைத் தெரிவித்து, அவர்களின் தொடர்ந்த உதவிகளையும் தாராளத்தையும் ஏற்றுக்கொள்ளும் அதேநேரம், எமது இரு நாடுகளுக்கும் இடையிலான கூட்டுப்பங்குடைமையை மேலும் வலுப்படுத்துவதை நாம் எதிர்நோக்கியுள்ளதுடன்,  சவாலானதும் வெகுமதியளிப்பதுமான தேசத்தைக் கட்டியெழுப்பும் எமது பயணத்தில் கொரிய குடியரசு எம்முடன் இணைந்து பயணிக்குமெனவும் நம்புகிறோம்.

நன்றி!

Please follow and like us:

Close