Statement of Lord Naseby at the Debate on the Queen’s Speech at the House of Lords, 19 May 2021

Statement of Lord Naseby at the Debate on the Queen’s Speech at the House of Lords, 19 May 2021

My Lords, I welcome the gracious Speech. My comments will be on global Britain, specifically the Indo-Pacific tilt. My own background is that I have lived and worked in India, Pakistan and Sri Lanka, and I know the rest of ASEAN quite well. I will specifically address Sri Lanka, and I declare an interest as joint chair of the all-party group.

Today in Sri Lanka, there is huge tension over the UNHCR’s report on alleged war crimes by the Sri Lankan armed forces, and the UK in its role as chair of the Core Group—the USA having pulled out, as it sees no point in it. The war of 2009 was not some minor insurrection, so judgment must be made on the basis of the law of armed conflict, known as the international humanitarian law. It was a war between a democratically elected Government and probably the world’s most evil terrorists, who killed two presidents, Ministers, civilians in their thousands and the most moderate Tamil leaders. It was a war partially conducted from Camden in London, at the Tamil Tigers’ international HQ, led by Anton Balasingham—a UK citizen. Millions were raised illegally here on the ground in this country. His wife, Adele, was fighting in Sri Lanka and was closely involved in recruiting over 5,000 child soldiers, as stated by UNICEF. This is a war crime by any yardstick.

Charges by the UN start with the Darusman report, from three human rights lawyers who never visited Sri Lanka. Worse still, they claimed that at least 40,000 civilians were killed. But all the sources of evidence are to be hidden for 20 years. Is this robust evidence? Why the secrecy?

The second UN report, from OISL, is largely based on the first, Darusman. I spent three years looking at all the sources, which I have listed in my book, Sri Lanka: Paradise Lost; Paradise Regained. I have given a copy to my noble friend; I do not know whether he has received it, because he has not yet told me. The claim is of Tamil genocide, but my firm conclusion is that there were a maximum of 6,000 to 7,000 deaths. My evidence is verified—there was no genocide. My evidence comes from sources such as US Ambassador Blake, the UN in-country team, the census done after the war by the Tamils, University Teachers for Human Rights, the UK’s own expert military attaché in the field and many others, all of whom confirm the figure of 6,000 to 7,000. But just recently, Her Majesty’s Government stated in a letter sent to me from the MoD on 25 March, and in another from the FCO, that “despatches written by Lieutenant Colonel Gash

… reported on isolated information … from a number of different sources … without offering any independent verification of this information. As such, they cannot be considered an evidenced-based assessment”.

One wonders why in heaven the dispatches I have—48 pages of what has been produced—are so heavily redacted if they are so useless. In my judgment, that redaction should be removed forthwith.

It is wonderful—not only is our military attaché cast aside and my evidence seemingly cast aside but it goes on. I say to my noble friend: read the Paranagama commission report, which had some of the UK’s finest human rights lawyers as advisers—namely Sir Desmond de Silva, Sir Geoffrey Nice and others. Their eminent view on Darusman was that it was of no value to a court seeking to establish the truth because the reports are based on anonymous sources. There are others on top of this; there is the US military attaché. All report that the Sri Lankan army behaved appropriately under the leadership of General Shavendra Silva. OISL’s view on the camp of 200,000 was that it was a quasi concentration camp. How so, when the Red Cross was there from day one? Additionally, the Tamil MPs who visited it said a huge thank you to the Sri Lankan Government for the way the Tamils were looked after.

I turn briefly to the way forward. Truth and reconciliation are a huge challenge, but the most reverend Primate the Archbishop of Canterbury visited in 2019 and said that Sri Lanka was making real progress. Our colleague, the noble Baroness, Lady Stroud, says from the Legatum Institute that Sri Lanka has done extremely well over the last decade. I urge the Minister to work with Sri Lanka on implementing the recommendations of the Lessons Learnt and Reconciliation Commission and the Paranagama report to establish a truth and reconciliation committee. If the UK chooses to dictate, then let me be clear: there is a clear risk to our Indo-Pacific strategy on Sri Lanka. It will be forced back to rely on China, thereby threatening the sea lanes and the dissident Tamils setting up an independent state. Is this really a way to say thank you to a country whose people helped us in two world wars and whose Government accepted and helped our Government over the Falklands vote in the United Nations?

.......................................

2021 මැයි 19 වැනි දින සාමි මණ්ඩලයේ දී පැවති, මහරැජිනගේ කථාව පිළිබඳ විවාදයේ දී නේස්බි සාමිවරයා කළ ප්‍රකාශය

මාගේ සාමිවරුනි, මෙම කරුණාවන්ත කථාව මම සාදරයෙන් පිළිගනිමි. මගේ අදහස් දැක්වීම ගෝලීය බ්‍රිතාන්‍යය, විශේෂයෙන් ඉන්දු-පැසිෆික් කලාපය කෙරෙහි පවතින නැඹුරුව පිළිබඳවය. මගේම පසුබිම නම්, මම ඉන්දියාවේ, පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ජීවත් වී වැඩ කර ඇති අතර, ආසියාන් හි සෙසු ප්‍රදේශ ද මම හොඳින් දනිමි. මම විශේෂයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව කථා කරන්නෙමි, සර්ව පාක්ෂික කණ්ඩායමේ ඒකාබද්ධ සභාපතිවරයා ලෙස මම ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නෙමි.

අද ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලදැයි කියනු ලබන යුද අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව හා ප්‍රධාන කණ්ඩායමේ මුලසුන දරන රට ලෙස එක්සත් රාජධානිය සිය කාර්යභාරය ඉටු කිරීම සම්බන්ධයෙන් විශාල ආතතියක් පවතින අතර, මෙහි කිසිදු අර්ථයක් ඇතැයි එක්සත් ජනපදය නොදකින හෙයින් ඔවුන් මෙයින් ඉවත් වී ඇත. 2009 දී පැවති යුද්ධය සුළු කැරැල්ලක් පමණක් නොවූ හෙයින්, ජාත්‍යන්තර මානුෂීය නීතිය ලෙස හැඳින්වෙන සන්නද්ධ ගැටුම් නීතියේ පදනම මත එය විනිශ්චය කළ යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රජයක් සහ, ජනාධිපතිවරුන් දෙදෙනෙකු, ඇමතිවරුන්, දහස් ගණනින් සිවිල් වැසියන් සහ වඩාත් මධ්‍යස්ථ දෙමළ නායකයින් ඝාතනය කළ, බොහෝ විට ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් අතර සිදු වූ යුද්ධයක් විය. එය එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ඇන්ටන් බාලසිංහම්ගේ නායකත්වයෙන් යුත් අර්ධ වශයෙන් ලන්ඩනයේ කැම්ඩන් හි දෙමළ කොටින්ගේ ජාත්‍යන්තර මූලස්ථානයේ සිට මෙහෙයවන ලද යුද්ධයකි. නීතිවිරෝධී ලෙස මිලියන ගණනක් මුදල් මේ රටේ භූමියේ දී රැස් කරන ලදී. ඔහුගේ බිරිඳ ඇඩෙල් ශ්‍රී ලංකාවේ සටන් කරමින් සිටි අතර, යුනිසෙෆ් ප්‍රකාශ කළ පරිදි ළමා සොල්දාදුවන් 5,000 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා සමීපව සම්බන්ධ විය. ඕනෑම මිනුම් දණ්ඩකට අනුව, මෙය යුද අපරාධයකි.

එක්සත් ජාතීන්ගේ චෝදනා, කිසි විටෙකත් ශ්‍රී ලංකාවට නොගිය මානව හිමිකම් නීතිඥයින් තිදෙනෙකු විසින් සකස් කරන ලද දරුස්මන් වාර්තාවෙන් ආරම්භ වෙයි. ඊටත් වඩා නරක දෙය වන්නේ, අවම වශයෙන් සිවිල් වැසියන් 40,000 ක් මිය ගිය බව ඔවුන් කියා සිටීමයි. නමුත් සියලු සාක්ෂි ප්‍රභවයන් වසර 20 ක් තිස්සේ සඟවා තැබිය යුතු විය. මේවා ශක්තිමත් සාක්ෂි ද? මෙම රහස්‍යභාවය කුමක් නිසා ද?

එක්සත් ජාතීන්ගේ දෙවැනි වාර්තාව වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන වාර්තාව (OISL) බොහෝ දුරට පදනම් වී ඇත්තේ පළමුවැන්න වන දරුස්මන් වාර්තාව මත ය. මගේ කෘතිය වන ‘ශ්‍රී ලංකාව: නැති වූ පාරාදීසය; නැවත ලබාගත් පාරාදීසය’ (Sri Lanka: Paradise Lost; Paradise Regained) හි ලැයිස්තුගත කර ඇති සියලු සාක්ෂි මූලාශ්‍ර නිරීක්ෂණය කරමින් මම වසර තුනක් ගත කළෙමි. මම මගේ උදාර මිතුරා වෙත එහි පිටපතක් ලබා දුන් නමුත්, ඔහු මෙතෙක් මට පවසා නොමැති බැවින් ඔහුට එය ලැබී ඇත්දැයි මම නොදනිමි. මෙම ප්‍රකාශය දෙමළ ජන සංහාරයක් සම්බන්ධයෙන් වන නමුත්, මගේ ස්ථිර නිගමනය වන්නේ උපරිම වශයෙන් 6,000 සිට 7,000 දක්වා මරණ සිදුවී තිබිය හැකි බවයි. මගේ සාක්ෂි සත්‍යාපනය කොට ඇත - එහි ජන සංහාරයක් සිදු වී නොමැත. මගේ සාක්ෂි ලැබෙන්නේ එක්සත් ජනපද තානාපති බ්ලේක් මැතිතුමා, එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර කණ්ඩායම, යුද්ධයෙන් පසුව දෙමළ ජනයා විසින් කරන ලද සංගණනය, මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මෙම ක්ෂේත්‍රයේ එක්සත් රාජධානියේම විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියෙක් සහ තවත් බොහෝ අය වෙතින් වන අතර, ඒ සැවොම 6,000 සිට 7,000 දක්වා සංඛ්‍යාව තහවුරු කරති. නමුත් මෑතකදී, මහ රැජිණගේ රාජ්‍යය විසින් මාර්තු 25 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ සිට මා වෙත එවන ලද ලිපියක සහ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය (FCO) වෙතින් ලද තවත් ලිපියක “ලුතිනන් කර්නල් ගාෂ් විසින් ලියන ලද ලිපි ...

... මෙම තොරතුරු ස්වාධීනව සත්‍යාපනය නොකකරන ලද … විවිධ ප්‍රභවයන් ගණනාවකින් ලද … හුදකලා තොරතුරු පිළිබඳ වාර්තාය. එබැවින්, ඒවා සාක්ෂි පදනම් කරගත් තක්සේරුවක් ලෙස සැලකිය නොහැකිය.” යයි සඳහන් කොට ඇත.

ස්වර්ගයේ නාමයෙන්, මා විසින් යවන ලද -සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලද කරුණු අඩංගු පිටු 48 ක්- එතරම් නිෂ්ඵල නම්, ඒවා දැඩි ලෙස නැවත සංස්කරණය කරනු ලබන්නේ මන්දැයි යමෙකුට කල්පනා කළ හැකිය. මාගේ විනිශ්චයට අනුව, එම නැවත සංස්කරණ වහාම ඉවත් කළ යුතුය.

අපගේ විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියා පසෙකට දමා, පෙනී යන අන්දමට මගේ සාක්ෂි ද පසෙකට දමා, එය දිගටම කරගෙන යාම පුදුම සහගතය. එක්සත් රාජධානියේ හොඳම මානව හිමිකම් නීතීඥවරුන් කිහිප දෙනෙකු - එනම් ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහ තවත් අය උපදේශකයින් ලෙස සිටි, පරණගම කොමිෂන් වාර්තාව කියවන ලෙස මම මගේ උදාර මිතුරාට කියමි. දරුස්මාන් වාර්තාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රබල මතය වූයේ, එම වාර්තා පදනම් වී ඇත්තේ නිර්නාමික මූලාශ්‍ර මත වන බැවින්, සත්‍යය තහවුරු කිරීමට උත්සාහ දරන උසාවියකට එහි වටිනාකමක් නොමැති බවයි. එක්සත් ජනපද විශේෂඥ හමුදා කාර්ය භාර නිලධාරියා ද ඇතුළුව, මේ මතය දරන තවත් අය සිටිති. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා හමුදාව නිසි ලෙස හැසිරුණු බවට සියලු දෙනාම වාර්තා කරති. 200,000 ක කඳවුර පිළිබඳ OISL වාර්තාවේ අදහස වූයේ එය අර්ධ ‘ගාල්කිරීමේ කඳවුරක්’ බවයි. පළමු දින සිටම රතු කුරුස හමුදාව එහි සිටිය දී මෙසේ වන්නේ කෙසේද? මීට අමතරව, එහි ගිය දෙමළ මන්ත්‍රීවරු, දෙමළ ජාතිකයන් රැකබලා ගත් ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් ස්තූතිය ප්‍රකාශ කළහ.

මම කෙටියෙන් ඉදිරි මාවත දෙසට හැරෙමි. සත්‍යය හා සංහිඳියාව විශාල අභියෝගයක් වන නමුත්, 2019 දී එහි සංචාරයක නිරත වූ අති උතුම් කැන්ටබරිහි අග්‍රරාජගුරු ප්‍රසාදීන් වහන්සේ, ශ්‍රී ලංකාව සැබෑ ප්‍රගතියක් ලබා ඇති බව පැවසූහ. ලෙගටම් ආයතනයේ අපගේ මිතුරු බැරන්වරිය වන උදාර ස්ට්‍රෝඩ් මැතිනිය පවසන්නේ පසුගිය දශකය තුළ දී ශ්‍රී ලංකාව අතිශයින්ම සාර්ථක වී ඇති බවයි. සත්‍ය හා ප්‍රතිසන්ධාන කමිටුවක් පිහිටුවීම සඳහා, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ සහ පරණගම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන ලෙස මම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමි. එක්සත් රාජධානිය විසින් නියෝග පැනවීමට තෝරා ගන්නේ නම්, මා පැහැදිලිව යමක් සඳහන් යුතුය: ශ්‍රී ලංකාව පිළිබඳ අපගේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය සඳහා පැහැදිලි අවදානමක් පවතී. එමඟින් ශ්‍රී ලංකාවට නැවත චීනය මත යැපීම සඳහා බල කෙරෙනු ඇති අතර, එමඟින් මුහුදු මංතීරු කෙරෙහි තර්ජන එල්ලවීම සහ විසංවාදී දෙමළ ජනතාව විසින් ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීම සිදුවනු ඇත. මෙය සැබවින්ම, ලෝක යුද්ධ දෙකක දී අපට උදව් කළ ජනතාවක් සිටින සහ එක්සත් ජාතීන්ගේ ෆෝක්ලන්ඩ්ස් ඡන්ද විමසීමේ දී අපේ රජය පිළිගෙන අපේ රජයට උදව් කළ රටකට ‘ස්තූතියි’ කීම සඳහා සුදුසු පිළිවෙතක් වන්නේ ද?

   ........................................................

பிரபுக்கள் சபையில் 2021 மே 19ஆந் திகதி நடைபெற்ற மகாராணியின் உரை மீதான கலந்துரையாடலில் நேஸ்பி பிரபுவின் அறிக்கை

என் பிரபுக்களே, மேன்மையான உரையை நான் வரவேற்கின்றேன். குறிப்பாக இந்தோ - பசுபிக் சார்பாக, எனது கருத்துக்கள் உலகளாவிய பிரித்தானியா மீதானதாக அமையும். எனது சொந்தப் பின்னணியின் அடிப்படையில், நான் இந்தியா, பாகிஸ்தான் மற்றும் இலங்கையில் வாழ்ந்து பணியாற்றியுள்ளதுடன், ஆசியானின் ஏனைய பகுதிகள் குறித்தும் நன்கு அறிவேன். நான் குறிப்பாக இலங்கை தொடர்பில் உரையாற்றும் அதே வேளையில், அனைத்து தரப்பினரினதும் குழுவின் கூட்டுத் தலைவர் என்ற வகையில் ஆர்வமொன்றை பிரகடனப்படுத்துகின்றேன்.

இலங்கை ஆயுதப் படைகளால் போர்க்குற்றங்கள் நடைபெற்றதாகக் குறிப்பிடும் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவையின் அறிக்கையால் இன்று இலங்கையில் பெரும் பதற்றம் நிலவுவதுடன், மையக் குழுமத்தின் தலைவர் என்ற வகையில் ஐக்கிய இராச்சியம் தனது வகிபாகத்தை இந்த விடயத்தில் கொண்டிருக்கின்ற அதே வேளையில், இந்த விடயத்தில் எந்த அர்த்தமும் இல்லை என்ற வகையில் அமெரிக்கா இதிலிருந்து வெளியேறியுள்ளது. 2009 யுத்தமானது சில சிறிய கிளர்ச்சிகளின் விளைவானது அல்ல, எனவே சர்வதேச மனிதாபிமானச் சட்டம் என அழைக்கப்படும் ஆயுத மோதலின் சட்டத்தின் அடிப்படையில் தீர்ப்பு வழங்கப்படல் வேண்டும். இது ஜனநாயக ரீதியாக தேர்ந்தெடுக்கப்பட்ட அரசாங்கமொன்றிற்கும், இரண்டு ஜனாதிபதிகள், அமைச்சர்கள், ஆயிரக்கணக்கான பொதுமக்கள் மற்றும் மிகவும் மிதமான தமிழ்த் தலைவர்களைக் கொலை செய்த உலகின் மிக மோசமான பயங்கரவாதிகளுக்கும் இடையிலான ஒரு போராக இருந்தது. இது லண்டனில் உள்ள கேம்டனில் இருந்து, தமிழ் விடுதலைப் புலிகளின் சர்வதேச தலைமையகத்தில், இங்கிலாந்தின் பிரஜையான அன்டன் பாலசிங்கத்தின் தலைமையில் நடாத்தப்பட்ட ஒரு போராகும். இந்த நாட்டில் மில்லியன் கணக்கானவர்கள் சட்டவிரோதமாக வளர்க்கப்பப்பட்டனர். அவரது மனைவி அடீல் இலங்கையில் போரிட்டுக் கொண்டிருந்ததுடன், யுனிசெஃப் குறிப்பிட்டது போல 5,000 க்கும் மேற்பட்ட சிறுவர் படையினரை நியமிப்பதில் நெருக்கமாக ஈடுபட்டார். எந்தவொரு அளவுகோலின் அடிப்படையிலும் இது ஒரு போர்க்குற்றமாகும்.

இலங்கைக்கு ஒருபோதும் விஜயம் செய்யாத மூன்று மனித உரிமை வழக்கறிஞர்களினால் தயாரிக்கப்பட்ட தருஸ்மன் அறிக்கையுடன் ஐ.நா.வின் குற்றச்சாட்டுக்கள் தொடங்குகின்றன. இன்னும் மோசமான விடயம் என்னவென்றால், குறைந்தது 40,000 பொதுமக்கள் கொல்லப்பட்டனர் என அவர்கள் குறிப்பிட்டனர். ஆனால் அனைத்து ஆதாரங்களும் 20 ஆண்டுகளாக மறைக்கப்பட்டுள்ளன. இது வலுவான சான்றா? ஏன் ரகசியமாக உள்ளது?

இலங்கை தொடர்பான ஐக்கிய நாடுகள் மனித உரிமைகள் உயர் ஸ்தானிகர் அலுவலகத்தின் விசாரணைகளிலிருந்தான இரண்டாவது ஐ.நா. அறிக்கை பெரும்பாலும் முதல் அறிக்கையான தருஸ்மனை அடிப்படையாகக் கொண்டது. இலங்கை: இழக்கப்பட்ட சொர்க்கம்: மீளப் பெறப்பட்ட சொர்க்கம் என்ற எனது புத்தகத்தில் பட்டியலிட்டுள்ள அனைத்து ஆதாரங்களையும் கண்காணிப்பதற்காக நான் மூன்று ஆண்டுகளைக் கழித்தேன். எனது உன்னதமான நண்பருக்கு அதன் ஒரு பிரதியைக் கொடுத்துள்ளேன், ஆனால் அவர் இதுவரை என்னிடம் அது குறித்து குறிப்பிடவில்லை ஆதலால், அவருக்கு அது கிடைக்கப்பெற்றதா என்பது எனக்குத் தெரியாது. தமிழ் இனப்படுகொலைக்கு கோரல்கள் மேற்கொள்ளப்படுகின்றன, ஆனால் எனது உறுதியான முடிவு என்னவென்றால் அதிகபட்சம் 6,000 முதல் 7,000 வரையான இறப்புக்களே சம்பவித்துள்ளன. எனது சான்றுகள் சரிபார்க்கப்பட்டுள்ளதுடன், இனப்படுகொலை எதுவும் இடம்பெறவில்லை. 6,000 முதல் 7,000 வரையான மரணங்களே சம்பவித்திருப்பதாக அமெரிக்கத் தூதுவர் பிளேக், ஐ.நா. உள்நாட்டுக் குழு, தமிழர்களால் போருக்குப் பின்னர் மேற்கொள்ளப்பட்ட சனத்தொகைக் கணக்கெடுப்பு, மனித உரிமைகளுக்கான பல்கலைக்கழக ஆசிரியர்கள், இங்கிலாந்தின் சொந்த இராணுவத் தொடர்பு நிபுணர் மற்றும் பலர் உறுதிப்படுத்திய வகையிலேயே எனது சான்றுகள் அமைகின்றன. ஆனால் சமீபத்தில், மார்ச் 25 ஆந் திகதி பாதுகாப்பு அமைச்சிலிருந்து எனக்கு அனுப்பி வைக்கப்பட்ட கடிதத்திலும், வெளியுறவு, பொதுநலவாய மற்றும் மேம்பாட்டு அலுவலகத்திலிருந்து அனுப்பி வைக்கப்பட்ட இன்னொரு கடிதத்திலும், 'லெப்டினன்ட் கேணல் காஷ் எழுதிய விடயங்கள்,

..... தகவல்களின் எந்தவொரு சுயாதீனமான சரிபார்ப்பையும் வழங்காமல் .... தனிப்பட்ட தகவல்களின் அடிப்படையில் .... பல்வேறு மூலங்களிலிருந்து வழங்கப்பட்டுள்ளதால், அவற்றை ஒரு சான்று அடிப்படையிலான மதிப்பீடாகக் கருத முடியாது' என மகாராணியாரின் அரசாங்கம் குறிப்பிட்டது.

ஒரு ஆச்சரியம் என்னவென்றால், நான் அனுப்பிய 48 பக்கங்களையுடைய அறிக்கை மிகவும் பயனற்றது என்றால் ஏன் அவை திருத்தியமைக்கப்படுகின்றன. எனது தீர்ப்பில், அந்த மறுசீரமைப்பு உடனடியாக அகற்றப்படல் வேண்டும்.

எமது இராணுவ இணைப்பாளர்கள் மற்றும் எனது சான்றுகளை மட்டுமல்லாமல், ஒதுக்கி வைப்பது தொடர்கின்றது என்பது மிகவும் அற்புதமாகும். எனது உன்னதமான நண்பர்களிடம் நான் குறிப்பிடுவது என்னவென்றால், ஐக்கிய இராச்சியத்தின் மிகச்சிறந்த மனித உரிமை வழக்கறிஞர்களான சேர் டெஸ்மண்ட் டி சில்வா, சேர் ஜெஃப்ரி நைஸ் மற்றும் பலரை ஆலோசகர்களாகக் கொண்ட பரணகம ஆணைக்குழுவின் அறிக்கையைப் படியுங்கள். தருஸ்மனைப் பற்றிய அவர்களின் சிறந்த பார்வை என்னவென்றால், அறிக்கைகள் அநாமதேய ஆதாரங்களை அடிப்படையாகக் கொண்டவையாதலால், உண்மையை நிலைநாட்ட முற்படும் நீதிமன்றத்திற்கு எந்த மதிப்பும் இல்லை. இதற்கு மேல் ஏனையவர்களும் இருக்கின்றனர் - அமெரிக்க இராணுவ இணைப்பும் உள்ளது. ஜெனரல் சவேந்திர சில்வாவின் தலைமையில் இலங்கை இராணுவம் சரியான முறையில் நடந்து கொண்டதாக அனைத்து அறிக்கைகளும் தெரிவிக்கின்றன. 200,000 பேரையுடைய முகாமில் இலங்கை தொடர்பான ஐக்கிய நாடுகள் மனித உரிமைகள் உயர் ஸ்தானிகர் அலுவலகத்தின் விசாரணையின் பார்வை என்னவென்றால், இது ஒரு அரை வதை முகாமாகும். முதலாவது நாள் முதல் செஞ்சிலுவைச் சங்கம் இருந்தபோது எப்படி அது சாத்தியம்? மேலும், அதைப் பார்வையிடச் சென்ற தமிழ்ப் பாராளுமன்ற உறுப்பினர்கள், தமிழர்களைக் கவனித்த விதத்திற்காக இலங்கை அரசாங்கத்திற்கு நன்றியைத் தெரிவித்தனர்.

முன்னோக்கிச் செல்லுகையில் நான் சுருக்கமாகக் குறிப்பிடுகின்றேன். சத்தியமும் நல்லிணக்கமும் ஒரு பெரிய சவாலாகும், ஆனால் 2019 இல் விஜயம் செய்த மிகவும் மரியாதைக்குரிய பிரைமேட் கென்டர்பரி பேராயர், இலங்கை உண்மையாக முன்னேற்றம் அடைந்து வருவதாகக் குறிப்பிட்டார். கடந்த பத்தாண்டுகளில் இலங்கை மிகச் சிறப்பாக செயற்பட்டுள்ளதாக எமது சகாவான பரோனஸ், ஸ்ட்ரூட் அம்மையார், லெகாட்டம் நிறுவகத்தில் இருந்து குறிப்பிட்டுள்ளார். உண்மை மற்றும் நல்லிணக்கக் குழுவொன்றை நிறுவுவதற்காக, கற்றுக்கொண்ட பாடங்கள் மற்றும் நல்லிணக்க ஆணைக்குழு மற்றும் பரணகம அறிக்கை ஆகியவற்றின் பரிந்துரைகளை நடைமுறைப்படுத்துவதில் இலங்கையுடன் இணைந்து பணியாற்றுமாறு அமைச்சரை நான் கேட்டுக்கொள்கின்றேன். இங்கிலாந்து ஆணையிடுவதற்குத் தெரிவு செய்தால், இலங்கை குறித்த எமது இந்தோ - பசுபிக் மூலோபாயத்திற்கு தெளிவான ஆபத்து உள்ளது என்பதை நான் தெளிவாகக் குறிப்பிட விரும்புகின்றேன். இதனால் சீனாவை நம்புவதற்கு மீண்டும் கட்டாயப்படுத்தப்படும் அதே வேளை, இதன் மூலம் கடல் பாதைகள் அச்சுறுத்தலுக்கு உட்படுத்தப்படும் என்பதுடன், அதிருப்தி அடைந்த தமிழர்கள் ஒரு சுதந்திர அரசை அமைப்பார்கள். இரண்டு உலகப் போர்களில் எமக்கு உதவிய மக்களையுடைய மற்றும் ஐக்கிய நாடுகள் சபையில் போல்க்லேண்ட்ஸ் வாக்கெடுப்பு தொடர்பாக எமது அரசாங்கத்தை ஏற்றுக்கொண்டு உதவிய ஒரு நாட்டிற்கு நன்றி சொல்வதற்கு இது உண்மையில் ஒரு சிறந்த வழியாகுமா?

Print Friendly, PDF & Email
Please follow and like us:

Close
Zoom