Statement by Foreign Minister Dinesh Gunawardena in Parliament on UNHRC Resolution 30/1 on 20 February 2020

Statement by Foreign Minister Dinesh Gunawardena in Parliament on UNHRC Resolution 30/1 on 20 February 2020

Statement by Foreign Minister Dinesh Gunawardena in Parliament on UNHRC Resolution 30/1 on 20 February 2020

  1. In May 2009, following the end of the 30 year-long internal armed conflict with the defeat of the LTTE, a terrorist organization proscribed by 32 countries, the government led by the then President Mahinda Rajapaksa, of which the current President GotabayaRajapaksa was the Secretary to the Ministry of Defence, initiated a sustainable reconciliation process in Sri Lanka to bring about ‘healing and peace building’, taking due cognizance of the ground realities at that time. This incremental process made considerable progress in all aspects of post-conflict restoration of civilian life and in the country’s return to normalcy. The citizens in the Northern Province were able to use their franchise after a lapse of 25 years, in 2013 strengthening democracy. In parallel, several local mechanisms/commissions were established to address the post-conflict issues of concern, including those related to accountability, rule of law and human rights. More importantly, the end of the brutal conflict restored  one of the fundamental human rights - the ‘right to life’ to all Sri Lankans.
  1. Notwithstanding the inclusive and locally designed measures/actions, a group of UNHRC members, failing to recognize the GoSL’s endeavors in defeating terrorism and bringing about stability, humanitarian relief and lasting peace through a carefully balanced reconciliation process, enforced consecutive country-specific resolutions at the UN HRC on Sri Lanka in 2012, 2013 and 2014.

30/1 UNHRC Resolution

  1. The government elected in January 2015 jettisoned the home-grown reconciliation process progressing at the time, and in an unprecedented move in the Human Rights Council, and in contrary to Sri Lanka’s foreign policy stance on country specific resolutions, co-sponsored the UNHRC resolution 30/1 on the situation of the  country . This was done without the approval of the Cabinet of Ministers, the Parliament and the people of Sri Lanka, overruling the reservations expressed by professional diplomats, academia, media and the general public. The then President Maithripala Sirisena also stated that he was not consulted on the matter at that time.
  1. Resolution 30/1 conceded a false narrative of both the circumstances of the 30-year separatist conflict and also the number of causalities. This was done despite an abundance of evidence to the contrary contained in domestic reports such as of the Lessons Learnt and Reconciliation Commisison (LLRC) and the Presidential Commisison of Inquiry into complains of abductions and disappearances (Paranagama Commission) and those produced in the UK Parliament by Lord Naseby, reports of other States, the UN and other international agencies, including the ICRC, as well as exposed diplomatic cables.
  1. It undermined national interest, compromised national security including weakening national intelligence operations and related safeguards, which may be deemed to have contributed to the lapses that resulted in the Easter Sunday attacks. It also placed Sri Lanka under a host of international obligations which could not be delivered on due to constitutional and institutional limitations. Sri Lanka’s co-sponsorship of Resolution 30/1 remains to date a blot on the sovereignty and dignity of the country.

Implementation of Resolution 30/1

  1. The ensuing period (2015-2019) saw little progress being made on the pledges to the HRC by the previous government. The operationalization of resolution 30/1 was extended (roll-over) twice, through Resolution 34/1 in March 2017 and through Resolution 40/1 in March 2019, inorder not to expose the misjudgment and low delivery of the previous Government that co-sponsored it.
  1. Through Resolution 30/1, severe impositions were cast and the Sri Lankan State and particularly its security forces were vilified to appease the extremist sections of the Sri Lankan Tamil diaspora and certain media, INGOs/CSOs with vested interests. It also negatively affectedethnic and religious harmony, already challenged by the ravages of the divisive conflict.
  1. However, during the UNHRC session in March 2019, belatedlythe former Government itselfsought to qualify the parameters of co-sponsorship. It questioned the Resolution 30/1’s characterization of the nature of the conflict and the estimated number of deaths, pushed back on the alleged culpability of the security forces, curtailed the effect of security sector reform demanded and asserted that the Sri Lanka Constitution precludes involvement of foreign judges and prosecutors in the judicial mechanism proposed. Notwithstanding this admission, the former Government continued its co-sponsorship, which fully supported the operationalization of Resolution 30/1.

 

New Mandate given by the people of Sri Lanka

  1. During the November 2019 election, President Gotabaya Rajapaksa received an overwhelming mandate to charter a sustainable path for the country, to follow a non-aligned, neutral foreign policy and to find home-grown solutions to overcome contemporary challenges. Accordingly the government will forge ahead with its agenda as envisaged in the National Policy Framework ‘Vistas of Prosperity and Splendour’, ushering for the country an era of security and development in the interest of all Sri Lankans.

Recommendations for the approval of the Cabinet of Ministers

  1. In view of the foregoing, the approval of the Cabinet of Ministers is sought for the following, in relation to the GOSL’s approach to the upcoming 43rd Session of the Human Rights Council and to undertake diplomatic initiatives necessary to realise this strategy:
  1. To announce Sri Lanka’s decision to withdraw from co-sponsorship of Resolution 40/1 of March 2019 on ‘Promoting reconciliation, accountability and human rights in Sri Lanka’, which also incorporates and builds on preceding Resolutions 30/1 of October 2015 and 34/1 of March 2017.
  2. To continue to work with the UN and its agencies, including the regular human rights mandates/bodies and mechanisms and seek as required, capacity building and technical assistance, in keeping with domestic priorities and policies.
  3. To declare the Government’s commitment to achieve sustainable peace through an inclusive, domestically designed and executed reconciliation and accountability process, including through the appropriate adaptation of existing mechanisms, in line with the Government’s policy framework. This would comprise the appointment of a Commission of Inquiry (COI) headed by a Justice of the Supreme Court, to review the reports of previous Sri Lankan COIs which investigated alleged violations of Human Rights and International Humanitarian Law (IHL), to assess the status of implementation of their recommendations and to propose deliverable measures to implement them keeping in line with the new Government’s policy.
  4. Through due democratic and legal processes, address other outstanding concerns and to introduce institutional reforms where necessary, in a manner consistent with Sri Lanka’s obligations including the 2030 Sustainable Development Agenda (SDGs). Demonstrate in good faith the policies rooted in the Government’s commitment to the people by advancing individual and collective rights and protections under the law, ensuring  justice and reconciliation and addressing the concerns of vulnerable sections of society.
  5. To announce the intention of the GoSL to work towards the closure of the Resolution, in cooperation with the members of the UN.

--------------------------------------------------------------

  1. 2009 මැයි මාසයේදී, රටවල් 32 කින් තහනම් කරනු ලැබූ ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ පරාජයත් සමඟ තිස් වසරක අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් ඉක්බිති, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය, එවක පැවැති යථාර්ථයන් මනා ලෙස හඳුනා ගනිමින් ‘සුවපත්වීම සහ සාමය ගොඩනැංවීම’ උදාකරගනු වස් තිරසර සංහිඳියා ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කළේය. ගැටුමට පසු සිවිල් ජන ජීවිතය යළි ගොඩනැංවීමේත්, රට පෙරළා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමේත් සියලු අංග විෂයෙහි මෙම ක්‍රමික ක්‍රියාදාමය සැලැකියයුතු තරමේ ප්‍රගතියක් අත් කරගත්තේය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්, වසර විසිපහක විරාමයකට පසු 2013 වසරේදී සිය ඡන්ද බලය පාවිච්චි කිරීමට උතුරේ පුරවැසියන්ට හැකි විය. ඊට සමාන්තරව, වගවීම, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ආදියට සම්බන්ධ ඒවාද ඇතුළු පශ්චාත්-ගැටුම් ගැටලු නිරාකරණය කිරීම පිණිස දේශීය යාන්ත්‍රණ/කොමිසම් කිහිපයක් පිහිටුවනු ලැබිණි. ඉතාම වැදගත් දෙය වූයේ, තිරශ්චීන ගැටුමෙහි අවසානය විසින් මූලිකම මානව හිමිකම්වලින් එකක් වූ ‘ජීවත්වීමට ඇති අයිතිය’ සියලු ශ්‍රී ලාංකිකයන් උදෙසා ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීම ය.
  1. සියලු දෙනා අන්තර්ගත, දේශීයව නිර්මාණය කරනු ලැබූ පියවර/ක්‍රියාකාරකම් තිබියදීත්, ත්‍රස්තවාදය පරාජය කොට ඉතා ප්‍රවේසමෙන් තුලිත කරනු ලැබූ සංහිඳියා ක්‍රියාදාමයක් ඔස්සේ ස්ථාවරත්වය, මානුෂීය සහනය හා කල්පවතින සාමය උදාකර ගැනීමට ශ්‍රී ලංකා රජය දැරූ ප්‍රයත්න හඳුනාගැනීමට අසමත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් කණ්ඩායමක් 2012, 2013 හා 2014 යන වසරවලදී පිට පිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය විෂය කරගත් යෝජනා බලයෙන් සම්මත කරගත්තේය.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතය

  1. ඒ වන විට ප්‍රගතිය අත්කර ගනිමින් සිටි දේශීයව නිර්මාණය කරනු ලැබූ සංහිඳියා ක්‍රියාදාමය අතහැර දැමූ 2015 බලයට පත් රජය, මානව හිමිකම් කවුන්සිලයේ පෙර නුවූ විරූ පියවරක් තබමින්ද, රාජ්‍ය විෂය කරගත් යෝජනා සම්මත පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිමය ස්ථාවරයට පටහැණිව යමින්ද, ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් වූ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීය. මෙය කරනු ලැබූයේ අමාත්‍ය මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ හා ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනුමැතියෙන් තොරව, වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන්, ජනමාධ්‍ය හා මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලැබූ විරෝධතා ප්‍රතික්ෂේප කරමිනි. එම කරුණ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී තමන්ගේ මතය විමසනු නොලැබූ බව එවක ජනාධිපති ධූරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාද පැවසීය.
  1. තිස් අවුරුදු බෙදුම්වාදී ගැටුමෙහි තත්ත්වයන් හා ඉන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව යන කරුණු දෙක සම්බන්ධයෙන්ම 30/1 යෝජනා සම්මතය සාවද්‍ය ආඛ්‍යානයක් ඉදිරිපත් කළේය. මෙය කරනු ලැබූයේ, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, පැහැරගෙනයෑම් හා අතුරුදන් කිරීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම (පරණගම කොමිසම) ආදී දේශීය කොමිසම් වාර්තාවලද, නේස්බි සාමිවරයා විසින් එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද වාර්තාවලද, වෙනත් රාජ්‍යවල, එක්සත් ජාතීන්ගේ හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවද ඇතුළු වෙනත් සංවිධානවල වාර්තාවල මෙන්ම හෙළිදරව් කරනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩවලද අන්තර්ගත වූ, එකී යෝජනා සම්මතයේ සඳහන් කරුණුවලට පටහැණි සාක්ෂි ඉතා බහුල වශයෙන් තිබියදීය.
  1. ජාතික අභිලාෂයට හානි පැමිණවූ එය, ජාතික බුද්ධි මෙහෙයුම් හා ඊට අදාල ආරක්ෂණ දුර්වල කිරීමද ඇතුළුව ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීය. පාස්කු ඉරිදා ප්‍රහාරවලට හේතු සාධක වූ ප්‍රමාද දෝෂවලට ඉන් දායකත්වයක් ලැබුණු බව සැලැකිය හැකිය.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය හා ආයතනමය සීමා නිසා ඉටු කළ නොහැකි ජාත්‍යන්තර බැඳීම් රැසකටද එය ශ්‍රී ලංකාව යටත් කළේය. ශ්‍රී ලංකාව 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වීම අද වන තුරුත් රටේ ස්වාධිපත්‍යයට හා අභිමානයට කැළලක්ව පවතියි.

 

30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීම

  1. පසුගිය රජය විසින් මානව හිමිකම් කවුන්සිලයට ලබා දෙන ලද ප්‍රතිඥා ඉටුකිරීමෙහිලා ඊට පසුව උදාවූ කාලය (2015-2019) තුළ දක්නට ලැබුණේ ඉතා සුළු ප්‍රගතියකි. යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය දැක්වූ පසුගිය රජයේ වැරැදි විනිශ්චය සහ ප්‍රතිඵල පෙන්වන්නට අපොහොසත් වීම හෙළිදරව් නොවනු වස්, 2017 මාර්තු මාසයේ 34/1 යෝජනා සම්මතය මඟින්ද, 2019 මාර්තු මාසයේ 40/1 යෝජනා සම්මතය මඟින්ද 30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ කාලය දෙවරක් දීර්ඝ කෙරිණි.
  1. 30/1 යෝජනා සම්මතයෙන් ශ්‍රී ලංකාව මත සුවිසල් බරක් පැටවුණු අතර, ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කොටස්ද, සැඟවුණු අභිලාෂයන්ගෙන් සමන්විත ඇතැම් ජනමාධ්‍ය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන/ සිවිල් සමාජ සංවිධානද සතුටු කරනු පිණිස ශ්‍රී ලංකා රජය සහ විශේෂයෙන්ම එහි ආරක්ෂක හමුදා අපකීර්තියට පමුණුවනු ලැබිණි. බෙදීම් ඇතිකරවනසුළු ගැටුමෙහි විනාශයෙන් දැනටමත් අභියෝගයට ලක්ව තිබෙන වාර්ගික හා ආගමික සමගිය කෙරෙහිද එය අහිතකර බලපෑමක් එල්ල කළේය.
  1. කෙසේවුවද, 2019 මාර්තු මාසයේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පසුගිය රජයම ප්‍රමාද වී සම අනුග්‍රාහකත්වයේ පරාමිතීන් සීමා කිරීමට කටයුතු කළේය. 30/1 යෝජනා සම්මතය ගැටුමෙහි ස්වභාවය විදහා පෙන්වූ ආකාරය හා මියගියේයැයි තක්සේරු කරන ලද සංඛ්‍යාව පිළිබඳව අභියෝග කළ පසුගිය රජය, වරද කළේයැයි ආරක්ෂක හමුදාවලට එරෙහිව නැඟුණු චෝදනාවලට විරුද්ධව ප්‍රතිචාර දැක්වූ අතර, ඉල්ලා සිටිනු ලැබූ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ අවම කිරීමට හා යෝජනා කෙරී ඇති අධිකරණ යාන්ත්‍රණය තුළ විදේශික විනිශ්චයකාරවරුන් හා අභිචෝදකවරුන් යොදාගැනීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වළක්වාලන බව තරයේ ප්‍රකාශ කර සිටියේය. මේ පිළිගැනීම තිබියදී වුව 30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණ සහයෝගය ලබාදුන්  සිය සම අනුග්‍රාහකත්වය පසුගිය රජය විසින් අඛණ්ඩවම පවත්වා ගන්නා ලදී.

  

ශ්‍රී ලංකාවේ ජනතාව දුන් නව ජනවරම

  1. 2019 නොවැම්බර් මාසයේ පැවැති ජනපතිවරණයේදී, දේශය තිරසර මඟක ගෙනයෑමටත්, නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත්, වර්තමාන අභියෝග ජයගැනීම සඳහා දේශීයව නිර්මාණය කරනු ලබන විසැඳුම් සොයාගැනීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අතිප්‍රබල ජනවරමක් ලැබිණි. ඒ අනුව, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හිතසුව පිණිස ආරක්ෂාවේ සහ සංවර්ධනයේ යුගයක් කරා රට කැඳවාගෙන යමින්, ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් අපේක්ෂා කරනු ලැබූ සිය න්‍යාය පත්‍රය සමඟින් රජය ස්ථිරව ඉදිරියට ගමන් කරනු ඇත.

 

අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා නිර්දේශ

  1. උක්ත කරුණු සැලැකිල්ලට ගනිමින්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය කෙරෙහි වූ ශ්‍රී ලංකා රජයෙහි ප්‍රවේශය සම්බන්ධයෙන් පහත දැක්වෙන පියවර ගැනීමටත්, මෙම උපායමාර්ගය සාක්ෂාත් කරගැනීමෙහිලා අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටිනු ලැබේ:
  1. 2015 ඔක්තෝබර් මස අංක 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 යන පූර්වගාමී යෝජනා සම්මත අන්තර්ගත කරගත්තා වූද, ඒවා මත පදනම් වූද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ යන මැයෙන් යුත් 2019 මාර්තු මස අංක 40/1 දරන යෝජනා සම්මතයේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීම.
  2. නිත්‍ය මානව හිමිකම් විධිනියෝග/මණ්ඩල සහ යාන්ත්‍රණ ඇතුළු, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීම හා ඔවුන්ගෙන් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්තිවලට අනුකූලව, අවශ්‍ය පරිද්දෙන්, ශක්නුතා වර්ධන හා තාක්ෂණික සහයෝගය ලබාගැනීම.
  3. රජයේ ප්‍රතිපත්ති රාමුව අනුගමනය කරමින්, දැනට පවත්නා යාන්ත්‍රණ යෝග්‍ය පරිද්දෙන් අනුවර්තනය කරගැනීම ඇතුළු, සියල්ල අන්තර්ගත, දේශීයව නිර්මාණය කරනු ලැබ ක්‍රියාත්මක කෙරෙන සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමයක් ඔස්සේ තිරසර සාමය ළඟා කරගැනීමට රජය තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත්කිරීම. මානව හිමිකම් හා ජාත්‍යන්තර මානූෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලාංකික විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීමටත්, ඒවායෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කොට නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර ක්‍රියාත්මක කරනු පිණිස, ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීම එයට අයත් වේ.
  4. 2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රයද ඇතුළු ශ්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැළපෙන ආකාරයකින්, නිසි ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාම ඔස්සේ, මෙතෙක් නොවිසැඳී ඇති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. නීතිය යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂණ ප්‍රගමනය කිරීමෙන්ද, යුක්තිය හා සංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ සිටින අනතුරට භාජනය විය හැකි කොටස්වල ගැටලුවලට විසැඳුම් ලබාදීමෙන්ද, ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීමෙන් පැනනැඟෙන ප්‍රතිපත්ති සද් චේතනාවෙන් යුතුව ප්‍රදර්ශනය කිරීම.
  5. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගය ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමෙහිලා ශ්‍රී ලංකා රජය තුළ ඇති ආධ්‍යාශය ප්‍රකාශයට පත්කිරීම.

 --------------------------------------

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close
Zoom