පිලිපීනයේ තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

පිලිපීනයේ තානාපතිවරයා ශ්‍රී ලංකාවට අක්තපත්‍ර ප්‍රදානය කරයි

පිලිපීන ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාවය සහිතව,  ශ්‍රී ලංකාව සඳහා  ඩකා නුවර සිටින පිලිපීන ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ලියෝ ටිටෝ අවුසන්, ජූනියර් මැතිතුමා පත් කර ඇත.   එතුමා  2023 නොවැම්බර් 05 දින පෙ.ව. 10.30 ට මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී  ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 නොවැම්බර් 05

Please follow and like us:

Close