Pakistan Foreign Minister Qureshi calls for optimising bilateral economic linkages

Pakistan Foreign Minister Qureshi calls for optimising bilateral economic linkages

DSC_4997

Pakistan Foreign Minister Makhdoom Shah Mehmood Qureshi who arrived in Sri Lanka on a two day visit, called on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry on Monday (02/12) and discussed the growing bilateral relations that could be further diversified and developed in the main sectors.

The visiting Foreign Minister congratulated Minister Gunawardena on his new assignment and stated that Pakistan looks forward with much enthusiasm in working with Sri Lanka and invited the Minister to visit the country in the near future. Minister Qureshi commended the Sri Lankan government of its efforts in eradicating terrorism and defeating the LTTE and thereby restoring peace in the region which was of vital importance.

The Minister emphasized that the two countries having held longstanding trade ties need to reach a higher level of economic cooperation, which at present has not been fully optimised and there is much potential for economic linkages to be strengthened. He highlighted that Sri Lanka is presently not fully utilizing its credit line of USD 200 million with Pakistan and invited Sri Lanka to make use of the opportunity, especially in the animal husbandry area, which would be beneficial for the country. The Minister also informed that both countries must look towards strengthening the Pakistan-Sri Lanka Free Trade Agreement (PSLFTA) which was the first bilateral free trade agreement (FTA) of Pakistan.

He requested the Foreign Ministry to identify potential areas of trade and investment and plan a programme which would introduce the Sri Lankan business sector to visit Pakistan and form linkages with suitable counterparts in Pakistan. He further commended the Sri Lankan government's efforts in strengthening defence cooperation and looked forward to further intelligence sharing to help each other as committed neighbours.

Minister Gunawardena welcomed his Pakistan counterpart and conveyed Sri Lanka’s sincere appreciation for Pakistan’s partnership in multifaceted cooperation including the steadfast support for the country’s development process. The Minister stated that this visit is the first to be made of a Foreign Minister to Sri Lanka following the formation of the Cabinet, after the election of President Gotabaya Rajapaksa. Minister Gunawardena informed his counterpart that Sri Lanka is committed to continuing our partnership in all possible areas of cooperation and looked forward to engaging in the fields of tourism and higher education, in addition to the growing bilateral economic partnership.

Minister Qureshi invited a delegation of Buddhist clergy from Sri Lanka to visit Pakistan and witness the beautiful Buddhist religious sites and travel the country in an effort to invigorate the growing cultural relations.

During the visit, Foreign Minister Qureshi also called on President Gotabaya Rajapaksa and Prime Minister Mahinda Rajapaksa.

The Foreign Minister of Pakistan  was accompanied by Director General of South Asia and SAARC of the Pakistan Foreign Ministry Dr . Muhammad Faisal, Acting High Commissioner of Pakistan Tanvir Ahmad, Defence Attache’ Col. Sajjad Ali and Second Secretary of Pakistan High Commission Ayesha Abubakar Fahad.

Foreign Secretary Ravinatha Aryasinha and senior officials of the Ministry were also present at the meeting.

 

Ministry of Foreign Relations
Colombo
2 December 2019

DSC_5019

????????????????????????????????????

-----------------------------

මාධ්‍ය නිවේ‌දනය

දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ප්‍රශස්ත මට්ටමට ගෙන එන ලෙස පාකිස්ථාන විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා ඉල්ලා සිටී

දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මැතිතුමා දෙසැම්බර් 02 වැනි සඳුදා විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමු වූ අතර, ප්‍රධාන අංශ ඔස්සේ තවදුරටත් විවිධාංගීකරණය හා වර්ධනය කළ හැකි, දැනට වර්ධනය වෙමින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළේය.

මෙරටට පැමිණ සිටින විදේශ අමාත්‍යවරයා, නව විදේශ අමාත්‍යවරයා ලෙස ගුණවර්ධන මැතිතුමා පත්කිරීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනමමින්, ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට පාකිස්ථානය මහත් උනන්දුවෙන් බලා සිටින බව සඳහන් කළ අතර, නුදුරු අනාගතයේ දී එරටට පැමිණෙන ලෙස අමාත්‍යවරයාට ආරාධනා කළේය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයත්, එමගින් ඉතා වැදගත් කටයුත්තක් වූ කලාපයේ සාමය යථා තත්ත්වයට පත් කිරීමත් පිළිබඳව අමාත්‍ය කුරේෂි මැතිතුමා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේය.

දීර්ඝ කාලීන වෙළඳ සබඳතා පවත්වා ඇති අප දෙරට අතර ඉහළ ආර්ථික සහයෝගීතාවයක් කරා එළඹිය යුතු බවත්, එය මේ වන විට පූර්ණ වශයෙන් ප්‍රශස්ත මට්ටමකට පැමිණ නොමැති බවත්, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශාල හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විට ශ්‍රී ලංකාව පාකිස්ථානය සමඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකම් සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට නොගන්නා බව අවධාරණය කළ එතුමා, විශේෂයෙන් මෙරටට ප්‍රයෝජනවත් වන සත්ව පාලන ක්ෂේත්‍රයේ දී එම ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. පාකිස්ථානයේ පළමු ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (FTA) වූ පාකිස්ථාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSLFTA) ශක්තිමත් කිරීම සඳහා දෙරටම අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා දන්වා සිටියේය.

වෙළඳ හා ආයෝජන සම්බන්ධයෙන් වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන, පාකිස්ථානයට පැමිණ, පාකිස්ථානයේ වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ නියැලි පිරිස සමඟ සම්බන්ධතා ඇති කර ගන්නා වැඩපිළිවෙළක් ශ්‍රී ලාංකික ව්‍යාපාරික අංශය වෙත හඳුන්වා දීමට සැලසුම් කරන ලෙස එතුමා විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය අගය කළ එතුමා, කැපවීමෙන් යුතු අසල්වැසියන් ලෙස එකිනෙකාට උපකාර කිරීම සඳහා තවදුරටත් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අපේක්ෂා පළ කළේය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබූ අතර අප රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පාකිස්ථානය ලබා දෙන ස්ථීරසාර සහය ඇතුළුව බහුආංශික සහයෝගිතාවයේ දී පාකිස්ථානය ලබා දෙන හවුල්කාරිත්වය උදෙසා ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනුන අතර ඉන් අනතුරුව විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවේ නියැලුණු පළමු සංචාරය මෙය වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සහයෝගිතාව ඇති කර ගැනීමට ඉඩකඩ පවතින සියලුම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපගේ හවුල්කාරිත්වය දිගින් දිගටම ලබා දීමට ශ්‍රී ලංකාව ඇපකැප වී සිටින බවත් ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කිරීමට අමතරව සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර හා සම්බන්ධ කටයුතුවල නියැලීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා වෙත දන්වා සිටියේය.

සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමේ ප්‍රබෝධමත් කිරීම ප්‍රයත්නයක් වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකට පාකිස්ථානයට පැමිණ එහි සංචාරය කරමින් දැකුම්කළු බෞද්ධ ආගමික ස්ථාන දැක බලා ගන්නා ලෙස කුරේෂි අමාත්‍යවරයා අරාධනා කළේය.

මෙම සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද බැහැදුටුවේය.

පාකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුහම්මඩ් ෆයිසාල්, පාකිස්ථානයේ වැඩ බලන මහ කොමසාරිස් ටැන්වීර් අහ්මඩ්, පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර පරිවාරක නිලධාරි කර්නල් සජ්ජාඩ් අලී සහ දෙවැනි ලේකම් අයේෂා අබුබකර් ෆාහාඩ් යන මහත්ම මහත්මීහු පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ මීට සහභාගී වූහ.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 02 වැනි දින

   ----------------------------

 ஊடக வெளியீடு
 
இருதரப்பு பொருளாதார உறவுகளை மேம்படுத்துமாறு

பாகிஸ்தான் வெளிநாட்டு அமைச்சர் குரேஷி கோரிக்கை

இரண்டு நாள் விஜயமாக இலங்கை வந்துள்ள பாகிஸ்தான் வெளிநாட்டு அமைச்சர் மக்தூம் ஷா மெஹ்மூத் குரேஷி அவர்கள், 02/12/2019 திங்கட் கிழமையன்று, வெளிநாட் டுஅமைச்சர் னேஷ் குணவர்த்தன அவர்களை அமைச்சில் சந்தித்து,பிரதான துறைகளில் மேலும் பல்வகைப்படுத்தக்கூடியதும் மேம்படுத்தக்கூடியதுமான வளர்ந்துவரும் இருதரப்பு உறவுகள் பற்றிக் கலந்துரையாடினார்.

வருகைதந்த வெளிநாட்டமைச்சர், புதிதாகப் பதவியேற்றமைக்காக, அமைச்சர் குணவர்த்தன அவர்களுக்கு  வாழ்த்துக்களைத்  தெரிவித்து,  பாகிஸ்தான்  இலங்கையுடன் ஒன்றிணைந்து  பணிபுரிய  எதிர்பார்த்திருப்பதாகவும், வெகு விரைவில் அமைச்சர் குணவர்த்தன அவர்கள் தமது நாட்டுக்கு விஜயம் செய்யுமாறும் அழைப்பு விடுத்தார். விடுதலைப்புலிகளைத் தோற்கடித்து பயங்கரவாதத்தை ஒழித்தமைக்காகவும், மிகவும் முக்கியமாக பிராந்தியத்தில் அமைதியை நிலை நாட்டியமைக்காகவும் இலங்கை அரசாங்கம் எடுத்த முயற்சிகளை அவர் பாராட்டினார்.

நீண்டகால வர்த்தக உறவுகளைக்கொண்டிருக்கும் இரு நாடுகளும், தற்சமயம் முழுவதுமாக மேம்படுத்தப்படாததும்  பொருளாதார  உறவுக்கான  அதிக சாத்தியங்களைக் கொண்டிருப்பதுமான பொருளாதார கூட்டுறவினை வலுப்படுத்தி, உயர்ந்த நிலைக்கு இட்டுச்  செல்லவேண்டுமென பாகிஸ்தான்  அமைச்சர் வலியுறுத்தினார்.  தற்சமயம் இலங்கை,  பாகிஸ்தானுடனான  தனது  200  மில்லியன் அமெரிக்க டொலர் கடன்வரியை முழுமையாகப் பயன்படுத்தவில்லையென்பதைச் சுட்டிக்காட்டிய  அவர்,  குறிப்பாக  அந்த  வாய்ப்பை நாட்டுக்குப் பயனளிக்கக்கூடிய கால்நடை வளர்ப்புத்துறையில்  பயன்படுத்துமாறு அழைப்பு  விடுத்தார். இரு நாடுகளுக்குமிடையிலான முதலாவது  இருதரப்பு சுயாதீன  வர்த்தக  உடன்படிக்கையான, பாகிஸ்தான் - இலங்கை சுயாதீன வர்த்தக உடன்படிக்கையை இரு நாடுகளும் இணைந்து வலுப்படுத்த வேண்டுமெனத் தான் எதிர்பார்த்திருப்பதாகவும் அமைச்சர் மேலும் அறிவித்தார்.

வர்த்தகம் மற்றும் முதலீடுகளுக்குச் சாத்தியமான துறைகளை இனங்கண்டு, இலங்கை   வணிகத்துறையானது  பாகிஸ்தானுக்குச்  சென்று, அங்கு பொருத்தமான சகவணிகங்களுடன் இணைப்புக்களை ஏற்படுத்துவதற்கான ஒரு நிகழ்ச்சிநிரலைத் திட்டமிடுமாறும் அவ்வமைச்சர் கோரிக்கை  விடுத்தார்.  மேலும் அவர், பாதுகாப்புக்கூட்டுறவினைப் பலப்படுத்துவதில் இலங்கை அரசாங்கத்தின்  முயற்சிகளைப் பாராட்டி,  அர்ப்பணிப்புள்ள அயல் நாட்டவர் என்ற வகையில் பரஸ்பரம் உதவும் நோக்குடன் இருதரப்பினரும் புலனாய்வுகளை மேலும் பகிர்ந்துகொள்ளவேண்டுமெனத் தாம் எதிர்பார்ப்பதாகவும் தெரிவித்தார்.

அமைச்சர் குணவர்த்தன தனது பாகிஸ்தானி சகாவை வரவேற்று, இலங்கையின் அபிவிருத்திச் செயற்பாடுகளுக்கு  உறுதியான  ஆதரவு வழங்குதல் உள்ளிட்ட,  பாகிஸ்தானின் பல்வேறுபட்ட ஒத்துழைப்புக்களுக்காக,  இலங்கையின்  மனமார்ந்த  நன்றிகளைத் தெரிவித்தார்.  இலங்கை  ஜனாதிபதி தேர்தலுக்குப் பின்னதாக உருவாக்கப்பட்ட அமைச்சரவைக்குப் பின்னர்

முதலாவதாக வருகை தந்த வெளிநாட்டமைச்சராக அவர் இருக்கிறார் என்பதாக அமைச்சர் குறிப்பிட்டார்.  அமைச்சர்  குணவர்த்தன அவர்கள், கூட்டுறவுக்கான  அனைத்து சாத்தியமான துறைகளிலும்  தாம்  தொடர்ந்தும்  பங்குகொள்வதற்கு  அர்ப்பணிப்புடன்  இருப்பதாகத் தெரிவித்து,  வளர்ந்துவரும் இருதரப்பு பொருளாதார கூட்டிணைப்பு மட்டுமன்றி, சுற்றுலாத்துறை மற்றும் உயர்  கல்வியிலும்  ஈடுபடுவதற்கு  எதிர்பார்த்திருப்பதாகத் தெரிவித்தார்.

இலங்கையிலிருந்து பௌத்த துறவிகள் குழுவொன்றினை பாகிஸ்தானுக்கு வருமாறு அழைத்த அமைச்சர் குரேஷி,வளர்ந்துவரும்   கலாச்சார  உறவுகளை  ஊக்கமளிக்கும் வண்ணம், தனது நாட்டில்  பயணம் செய்து, அங்கே பௌத்த சமயத்துடன்  தொடர்புள்ள அழகான  இடங்களைக்  கண்டுகளிக்குமாறு கோரினார்.

வெளிநாட்டமைச்சர் குரேஷி அவர்கள், இலங்கைக்கான தனது விஜயத்தின்போது, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச  மற்றும் பிரதமமந்திரி மகிந்த ராஜபக்ச ஆகியோர்களையும் சந்தித்தார்.

பாகிஸ்தான் வெளிநாட்டமைச்சருடன், வெளிநாட்டமைச்சின் தெற்காசியா மற்றும் சார்க் பிரிவின்  பணிப்பாளர் நாயகமான கலாநிதி.  மொஹமட்  ஃபைஸல், பாகிஸ்தான் நடப்பு உயர்ஸ்தானிகர்  தன்வீர் அஹ்மட், பாதுகாப்பு அதிகாரி கேர்ணல் சஜ்ஜாத் அலி மற்றும் பாகிஸ்தான்  உயர்ஸ்தானிகராலயத்தின் இரண்டாம் செயலாளர் அயேஷா அபுபக்கர் ஃபஹட் ஆகியோரும்  உடனிருந்தனர்.

இக்கூட்டத்தில் வெளிநாட்டமைச்சின் செயலாளர் ரவிநாத ஆர்யசின்ஹ மற்றும் அமைச்சின் உயர் அதிகாரிகள் ஆகியோரும் சமூகமளித்திருந்தனர்.

வெளிநாட்டு உறவுகள் அமைச்சு
கொழும்பு
2 டிசம்பர் 2019
Print Friendly, PDF & Email
Please follow and like us:

Close
Zoom