Foreign Minister Summons the Canadian High Commissioner on the alleged genocide claims by the Canadian Prime Minister

Foreign Minister Summons the Canadian High Commissioner on the alleged genocide claims by the Canadian Prime Minister

Foreign Minister Ali Sabry summoned the Canadian High Commissioner Eric Walsh to the Ministry of Foreign Affairs on 19 May 2023, and condemned and rejected outright the statement issued by the Canadian Prime Minister Justin Trudeau on 18 May 2023.

Minister Sabry stated that the politically motivated statement was divisive and was issued for domestic political consumption in Canada. Sri Lanka vehemently rejects this unsubstantiated allegation of ‘genocide’ relating to the country’s almost 3 decades of terrorist conflict perpetuated by the LTTE.  He observed that the inaccurate and provocative allegations in the statement will lead to polarizing Sri Lankans at this particular juncture when the Government is working towards economic stability, peace and reconciliation for all.

He emphasized that arbitrary and erroneous use of ‘genocide’ on Sri Lanka is driven by a small section of the politically motivated anti-Sri Lanka elements in the Diaspora with a separatist agenda.

As a long-standing bilateral partner, Sri Lanka would urge the co-operation of the Canadian Government and encourage a mutually supportive relationship between the two countries, whilst constructively engaging the community of Sri Lankan heritage in Canada to work towards realizing our common objectives of inclusive development and sustainable peace.

Ministry of Foreign Affairs

Colombo

20 May 2023

..............................................

මාධ්‍ය නිවේදනය

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ජන සංහාරය පිළිබඳව සිදු කළ චෝදනා සම්බන්ධව විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා කැනේඩියානු මහ කොමසාරිස්වරයා කැඳවයි 

2023 මැයි 19 වැනි දින කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැතිතුමා 2023 මැයි 18 වැනි දින නිකුත් කළ ප්‍රකාශය මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කළේ ය.

දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත්, එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. එල්ටීටීඊ සංවිධානය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙහෙයවූ ත්‍රස්තවාදී යුද ගැටුම මධ්‍යයේ සිදු වූවා යැයි කියන ‘ජන සංහාරය’ පිළිබඳ ඉදිරිපත්ව ඇති මෙම පදනම් විරහිත චෝදනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකා රජය ආර්ථික ස්ථාවරත්වය, සාමය සහ ප්‍රතිසන්ධානය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින මෙම සුවිශේෂී අවස්ථාවේ දී, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ මෙම ප්‍රකාශයේ ඇති සාවද්‍ය සහ පදනම් විරහිත චෝදනා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ධ්‍රැවීකරණයට ලක් විය හැකි බවද එතුමා මෙහිදී සඳහන් කළේ ය.

මෙම ‘ජන සංහාරය’ ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද්දක් බවට පළ වන අත්තනෝමතික හා සාවද්‍ය චෝදනා මෙහෙයවනු ලබන්නේ, ඩයස්පෝරාවේ සිටින බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත සහ දේශපාලනික වශයෙන් පොළඹවන ලද  ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවද එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

කැනඩාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවකු වන ශ්‍රී ලංකාව, කැනේඩියානු රජයේ සහයෝගය මෙරටට ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, අන්තර්ග්‍රහණීය සංවර්ධනය සහ තිරසාර සාමය පිළිබඳ අපගේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීමේ දී, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රජාව ඒ සඳහා ඵලදායි ලෙස සම්බන්ධ කර ගන්නා අතරතුර, දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන ආකාරයේ  සබඳතා පවත්වන ලෙස කැනඩාව දිරිමත් කරයි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 20 වැනි දින

..............................................

ஊடக வெளியீடு 

கனேடிய பிரதமர் வெளியிட்ட இனப்படுகொலை தொடர்பான குற்றச்சாட்டுக்கள் குறித்து கலந்துரையாடுவதற்காக வெளிநாட்டு  அலுவல்கள் அமைச்சர் கனேடிய உயர்ஸ்தானிகருக்கு அழைப்பு

கனேடிய உயர்ஸ்தானிகர் எரிக் வோல்ஷை இன்று, 2023 மே 19ஆந் திகதி வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் சந்தித்த வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி  சப்ரி, 2023 மே 18ஆந் திகதி கனேடிய பிரதமர் ஜஸ்டின் ட்ரூடோ வெளியிட்ட அறிக்கையை கண்டித்து நிராகரித்தார்.

அரசியல் உள்நோக்கம் கொண்ட இந்த அறிக்கை பிரிவினையை ஏற்படுத்துவதாகவும், கனடாவில் உள்நாட்டு அரசியல் நுகர்வுக்காக வெளியிடப்பட்டதாகவும் அமைச்சர் சப்ரி தெரிவித்தார். தமிழீழ விடுதலைப் புலிகளால் கிட்டத்தட்ட 3 தசாப்த காலமாக நாட்டில் நீடித்து வந்த பயங்கரவாத மோதல்கள் தொடர்பான 'இனப்படுகொலை' என்ற இந்த ஆதாரமற்ற குற்றச்சாட்டை இலங்கை கடுமையாக நிராகரிக்கின்றது. பொருளாதார ஸ்திரத்தன்மை, சமாதானம் மற்றும் அனைவருக்குமான நல்லிணக்கத்தை நோக்கி அரசாங்கம் செயற்பட்டு வரும் இந்த குறிப்பிட்ட தருணத்தில், அறிக்கையில் உள்ள தவறான மற்றும் ஆத்திரமூட்டும் குற்றச்சாட்டுக்கள் இலங்கையர்களை துருவமுனைப்புக்கு  உட்படுத்துவதற்கு வழிவகுக்கும் என அவர் குறிப்பிட்டார்.

இலங்கை மீதான 'இனப்படுகொலை' என்ற பதத்தின் தன்னிச்சையான மற்றும் பிழையான பாவனையானது, பிரிவினைவாத நிகழ்ச்சி  நிரலைக் கொண்ட புலம்பெயர் நாடுகளில் உள்ள இலங்கைக்கு எதிரான அரசியல் ரீதியாக தூண்டப்பட்ட ஒரு சிறிய பிரிவினரால் இயக்கப்படுவதாக அவர் வலியுறுத்தினார்.

நீண்டகால இருதரப்பு பங்காளியாக, கனேடிய அரசாங்கத்தின் ஒத்துழைப்பை இலங்கை வலியுறுத்துவதோடு, இரு நாடுகளுக்கும்  இடையிலான பரஸ்பர ஆதரவான உறவை ஊக்குவிக்கும் அதே வேளையில் கனடாவில் உள்ள இலங்கையின் பாரம்பரிய சமூகத்தை உள்ளடக்கிய அபிவிருத்தி மற்றும் நிலையான சமாதானம் ஆகிய எமது பொதுவான நோக்கங்களை நனவாக்குவதற்கு ஆக்கபூர்வமாக ஈடுபடும்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு,

2023 மே 20

Print Friendly, PDF & Email
Please follow and like us:

Close