Media Briefing by Spokesperson: 22 July 2015

Media Briefing by Spokesperson: 22 July 2015

22JulyBriefing

sunclouds Audio at SoundCloud 

2000px-Youtube_icon.svg Videos of Media Briefing at Ministry YouTube site. (Seperate Videos below)

Remarks to Media in SINHALA 

Remarks to Media in ENGLISH 

Question & Answer  [We apologize that the initial portion of the audio may be difficult to hear, due to some audio interference while the session was being recorded.] 

Full Transcript below

Remarks in Sinhala 

මිත්‍රවරුණි, අපට ගිය සතියේ බදාදා නියමිත පරිදි මාධ්‍ය හමුව පැවැත්වීමට නොහැකි වුණා. ඒ ගැන අපි කණගාටු වෙනවා. අපි හැකි තරම් උත්සාහ කරනවා මෙම අමාත්‍යාංශය විසින් කරනු ලබන මාධ්‍ය හමුවීම් බදාදා දිනවලට පමණක් සීමා කරන්න. අපි හිතනවා එසේ යම්කිසි නිශ්චිත දිනයකට සීමා කිරීම ඔබට පහසුවෙනවා ඇති කියලා නමුත් එසේ කිරීමේ සමහර අවස්ථාවලදී ඇතිවෙන කාර්ය බහුල තත්ත්වයන් හේතුවෙන් ගිය සතියේ සිදුවූ ආකාරයට මාධ්‍ය හමුවීම් කල් දැමීමටත් සිදුවෙනවා.

එසේවුවත්, අපි සතිය තුළදී හැකිතාක් අප වෙත විද්‍යුත් තැපැල් මගින් එහෙම නැත්නම් දුරකථන මාර්ගයෙන් යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නත්, තොරතුරු ලබාදෙන්නත්, ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද සෑම උත්සාහයක්ම දරන්න අපි සූදානමින් ඉන්නවා. බව දැනුම් දෙන්න කැමතියි.

 

⋆⋆⋆⋆

මිත්‍රවරුණි, ජූනි මස 24 වන දා සහ ජූලි මස 8 වන දා පැවැත්වූ මාධ්‍ය හමුවීම්වල දී අපි අළුතින් තානාපති ධූර සඳහා පත් කරන ලද පුද්ගලයින් 14 දෙනෙක් පිළිබඳව තොරතුරු ඔබට ලබාදුන්නා.

ඊට අමතරව, අද, තව තානාපති ධූර 5 ක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්න සූදානම්.

 

මෙම තොරතුරු, ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, ප්‍රංශය, කුවේට් සහ සහ සීෂෙල්ස් යන රටවලට අදාළයි.

ඇෆ්ගනිස්තානයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එල්.ටී.නජිමුදීන් මහතා පත්කර තිබෙනවා.

එතුමා 1981 වසරේ සිට අපරාධ නඩු සම්බන්ධයෙන් ක්‍රියාකරන නීතිඥයෙක් ලෙස කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව (Zainabiya) සෙයිනබියා කාන්තා අරාබි විද්‍යාලයේ උප සභාපති ලෙසත්, පොළොන්නරුවේ සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික උන්නතිය පිළිබඳව අවධානය යොමු කරන ප්‍රජා සංගමයේ නීති උපදේශක ලෙසත් මොහු ක්‍රියා කරනවා.

බංග්ලාදේශයේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වශයෙන් යසෝජා ගුණසේකර මෙනෙවිය පත් කර තිබෙනවා.

එතුමිය 1996 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරිනියක්. දැනට එතුමිය චීනයේ ගොංඡෞ නගරයේ කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරනවා. එතුමිය මීට පෙර ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලත් නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ද සේවය කරලා තිබෙනවා.

ප්‍රංශයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති වශයෙන් තිලක් රණවිරාජා මහතා පත් කර තිබෙනවා.

එතුමා වසර 42 ක් පමණ දීර්ඝ කාලයක් විවිධ ධූරවල යෙදෙමින් රාජ්‍ය සේවයේ යෙදුණු නිලධාරියෙක්. එතුමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වශයෙන් අමාත්‍යාංශ රාශියක ලේකම්ධූරයේ ක්‍රියාකරලා තිබෙනවා. මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම් ලෙස කටයුතු කර තිබෙන මෙතුමා, 2004වසරේ සුනාමි ව්‍යසනයෙන් පසුව අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ කොමසාරිස් ජනරාල් වශයෙන් ද ක්‍රියා කළා. වර්තමානයේ එතුමා ශ්‍රී ලංකා පරිසර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙසත්, ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙසත් ක්‍රියා කරනවා.

කුවේට් රාජ්‍යයේ මීළඟ ශ්‍රී ලංකා තානාපති ලෙස කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා පත්කර තිබෙනවා.

එතුමා 1996 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු නිලධාරියෙක්. මීට පෙර එතුමා පිලිපීනයේ, නෙදර්ලන්තයේ සහ ඊජිප්තුවේ තානාපති කාර්යාලවල සේවය කර තිබෙන අතර දැනට එතුමා චීනයේ චෙංඩු නගරයේ කොන්සල් ලෙස සේවය කරනවා.

සීෂෙල්ස්හි ඊළඟ මහ කොමසාරිස් ලෙස ටිකිරි හේරත් ගුණතිලක මහතා පත්කර තිබෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයෙන් එම්.එස්.සී (MSc) උපාධියක් හොබවන එතුමා වර්තමානයේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ක්‍රියා කරනවා.

මම දැන් ප්‍රකාශ කළ පත්වීම් පහටම පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබිලා තිබෙනවා.

එමනිසා මෙම තනතුරුවලට පත්කර තිබෙන පුද්ගලයින්ට වහාම එම තනතුරුවල කටයුතු කර ගැනීමට හැකියාව තිබෙනවා.

විශේෂයෙන්ම මෙම සති අන්තයේ සමහර පුවත්පත්වල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ලෙස පත්කරඇතැයි කියන පුද්ගලයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබුණා.

නමුත් අපි කිහිප වතාවක් මෙම මාධ්‍ය හමුවීම්වල දී කියා සිටි පරිදි, ශ්‍රී ලංකා රජය මෙම පත්වීම්සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ 1961 වසරේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව වියනා සම්මුතියටඅනුකූලවයි.

මෙම සම්මුතියේ 4(1) වගන්තියට අනුව රජයක් විසින් ප්‍රකාශයට පත්කළ හැකිවන්නේ මෙම පත්වීම් පිළිගන්නා රාජ්‍යයන් විසින් ඔවුන්ගේ අනුමැතිය ප්‍රකාශයට පත්කළ පසුවයි.

-          එමනිසා සමහර පත්වීම් පිළිබඳව එම අදාළ රාජ්‍යයන්හි එකඟතාවය තවමත් ප්‍රකාශයට පත්කරලා නැත්නම් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට රජයට හෝ රාජ්‍ය ආයතනයකට නොහැකියි.

II

 

ඊළඟට ජූලි මස 8 වන දින පැවැත්වූ මාධ්‍ය හමුවේ දී නැඟූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන්න අපි කටයුතු කරලා තිබෙනවා.

-          ඒ තමයි යුරෝපා සංගමය විසින් ලංකාවෙන් අපනයන කරන ධීවර නිෂ්පාදන සම්බන්ධයෙන් පනවන ලද තහනම පිළිබඳව යථා තත්ත්වයට අදාළ වන තොරතුරු.

-          ඔබ දන්නා පරිදි, යුරෝපා සංගමයේ රටවල්වලට ශ්‍රී ලංකාවෙන් ධීවර නිෂ්පාදන අපනයනය ජනවාරි මස 14 වන දින සිට තහනම් වුණා.

-          මෙයට ප්‍රධාන වූ හේතුව වූයේ ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා අධික්ෂණ පාලනය සහ නිරීක්ෂණය යන අංශවලට අදාළ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අසාර්ථකවීම.

-          මෙම තහනම පැනවූ දින සිට, තහනමට හේතු වූ කරුණු සොයා බලා ඒ පිළිබඳව කරුණු නිවැරදි කිරීමට පියවර කිහිපයක් අදාළ අංශවලින් අරගෙන තිබෙනවා.

-          මෙම පියවර නිරීක්ෂණය, පාලනය, අධීක්ෂණය සහ පරිපාලනමය සහ නෛතික ක්ෂේත්‍රයන්ට සම්බන්ධයි.

-          මෙම පියවර සම්බන්ධයෙන් යථා තත්ත්වය පිළිබඳ තොරතුරු මම දැන් ඔබට කියන්නම්:-

පළමුවෙන්ම, අධීක්ෂණ අනුකූලතා සහ නිරීක්ෂණ යන අංශ වෙත අවධානය යොමු කරමු.

(1)මහ මුහුදේ යාත්‍රා කරන ධීවර යාත්‍රා 488 ක් මේ වන විට වෙසල් මොනිටරින් සිස්ටම් (Vessel Monitoring System) එහෙම නැත්නම් වී.එම්.එස්. (VMS) ට්‍රාන්ස්පොන්ඩර්ස් සවි කරලා තිබෙනවා. මේ වන විට තව යාත්‍රා 1006 ක ට්‍රාන්ස්පොන්ඩර් සවිකිරීමට ඉතිරිවි තිබෙනවා.

(2)දෙවනුව, මේ සම්බන්ධව නිරීක්ෂණ වැඩසටහනක් ද දැන් වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. මේ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරීන් විසිදෙනෙක් යොදවා තිබෙනවා.

(3)මේ වන විට මේ සම්බන්ධයෙන් මිටර 24 කට වඩා ඉහළ යාත්‍රාවලට අදාළව නියමු සංචාර 3 ක් ද සම්පූර්ණ කරලා තිබෙන බවට තොරතුරු අප වෙත ලබා දී තිබෙනවා.

(4)මීළඟට, බලයලත් සහ ක්‍රියාකාරී යාත්‍රා හඳුනාගැනීම සම්බන්ධව අදාළ අනුකූලතා සම්පූර්ණ කිරීමට පියවර අරගෙන තිබෙනවා.

-          මෙහිදී මහ මුහුදේ ධීවර කටයුතු කිරීමට අදාළ,
බලපත්‍රවලට අදාළ රෙජිස්ටරයක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ජාතික යාත්‍රා ලියාපදිංචි කිරීමේ ඒකකය විසින් පවත්වාගෙන යනවා.

-          මෙම රෙජිස්ටරය නැත්නම් ලේඛණය නිතරම තත්කාලීන තොරතුරු දැක්වීම අවශ්‍යවන නිසා අදාළ තොරතුරු නිරන්තරයෙන්ම අළුත් කරමින් පවත්වාගෙන යන අතර ඉන්දියන් ඕෂන් ටියුනා කොමිසමට (Indian Ocean Tuna Commission)  මේ තොරතුරු ලබාදෙමින් පවතිනවා.

-          මෙම තොරතුරු ඉන්දීය සාගර ටියුනා කොමිසමට (Indian Ocean Tuna Commission)  අවසාන වශයෙන් ලබාදී තිබෙන්නේ මේ වසරේ  මැයි මස 29 වනදා.

-          මේ වන විට මැයි මස 31 වන දා වෙනකොට බලයලත් යාත්‍රා සංඛ්‍යාව වශයෙන් යාත්‍රා1389 ක් සඳහන් වී තිබෙනවා.

(5)(International Call Signs ) නැත්නම් ජාත්‍යන්තර ඇමතුම් සංඥාවන්ට අදාළ වන කරුණු:-

-           සියළුම යාත්‍රාවන්ට නිවැරදි ජාත්‍යන්තර ඇමතුම් සංඥා තිබීම අනිවාර්ය වනවා.

-           මේ සම්බන්ධයෙන් අදාළ අයදුම්පත් සියල්ල විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ වන විට ඇමතුම් සංඥා 631 ක් දැන් වෙනකොට නිකුත් කර තිබෙනවා. ඉතිරි යාත්‍රාවලට අදාළ සංඥා ලබාදීමට කටයුතු කරගෙන යනවා.

(6) තවත් කරුණක් තමයි, ධීවර ආම්පන්න සලකුණු කිරීම පිළිබඳව රෙගුලාසිවලට අදාළ කරුණු සම්පූර්ණ කිරීම

මේ කරුණුත් රෙගුලාසි සම්පූර්ණ කරලා තිබෙනවා :-

-           මෙම රෙගුලාසි නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින්

අනුමත කරලා 2015 මාර්තු මස 3 වන දා නො.1904/10 ගැසට් පත්‍රයෙන් ක්‍රියාත්මක කරලා තිබෙනවා.

-           මෙම රෙගුලාසිවලට අනුකුලව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් යාත්‍රා පරීක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ධීවර පරීක්ෂකවරුන්ටත්, වෙරළ ආරක්ෂක නිලධාරීන්ටත්, නාවික හමුදාවටත් උපදෙස් ලබා දී තිබෙනවා.

-           එමෙන්ම ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දිගින් දිගටම මෙම රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාකිරීමේ වැදගත්කම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වාගෙන යනු ලබනවා.

මේ වන විට ධීවරයින් 2000කට වැඩි ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පුහුණුවීමේ කටයුතු සම්පූර්ණ කරලා තිබෙනවා.

(7)ලඝු සටහන් පොත් පවත්වාගෙන යෑම තවත් අවශ්‍යතාවයක් ලෙස සඳහන් කර තිබෙනවා.

-          මේ සම්බන්ධයෙන් මහ මුහුදේ ධීවර කටයුතුවල නිරතවෙන සෑම ධීවර යාත්‍රාවකටම මේ වන විට අවශ්‍ය කරන ලඝු සටහන් පොත් ලබාදීලා තිබෙනවා.

(8)නිතර නීතිරීති උල්ලංඝනය කරන්නන් සම්බන්ධව තොරතුරු සටහන් කිරීම තවත් කාරණයක්. මේ පිළිබඳව රෙජිස්ටරයක් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන අතර මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් අධීක්ෂණ කටයුතු නිසි ආකාරයට දැන් කරගෙන යනු ලබනවා.

(9)ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා මගින් වෙනත් ධජයකට අදාළ මුහුදු ප්‍රදේශවල නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධව ද අවධානය යොමුකරනු ලැබුවා. මේ පිළිබඳව තත්කාලීන තොරතුරු අඩංගු වාර්තාවක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනවා. මේ හා සම්බන්ධව පවත්වාගෙන යනු ලබන ලඝු සටහනේ නීති උල්ලංඝණය කරන සියළු ධීවර යාත්‍රා සම්බන්ධව තොරතුරු අඩංගු වෙනවා.

-           මේ වන විට වෙනත් ධජයකට අදාළ මුහුදු ප්‍රදේශවල නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. මේ පිළිබඳව බෝට්ටු හිමිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මේ වන විට ක්‍රියාකර තිබෙනවා. මොවුන් බ්‍රිටිෂ් ඉන්ඩියන් ඕවර්සීස් ටෙරිටරි (British Indian Overseas Territory)  කියන ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමට අදාළව කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හරහා නීතිමය පියවර ගැනීම ආරම්භ කරලා තිබෙනවා.

(10)      ධීවර පරීක්ෂකයන් සඳහා වූ  පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කරලා තිබෙනවා.

-           මේ යටතේ ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ, නාවික හමුදාවේ, වෙරළ ආරක්ෂක සේවයේ, ඒ වගේම වරාය කළමනාකාර නිලධාරීන් යන සියළු අදාළ අංශවල නිලධාරීන්ට මහ මුහුදේ ධීවර කටයුතුවලට අදාළ වන කළමනාකාර ක්‍රියාවන් සහ පරීක්ෂණ කටයුතු සම්බන්ධව පුහුණුවීම් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වලා තිබෙනවා.

-           මිට අදාළ පුහුණුවීම් වැඩසටහන් මැයි මස 22 සිට 24 යන දිනවල කලාවැව පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වලා තිබෙනවා. එහිදී නිලධාරීන් 146 ක් පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙලා තිබෙනවා.

(11)      තවද, ට්‍රාන්ස්පොන්ඩර් හරහා ලැබෙන දත්ත අධීක්ෂණය සහ විශ්ලේෂණය කිරීම සඳහා ධීවර අධීක්ෂණ මධ්‍යස්ථානයක් ද මේ වන විට පිහිටුවලා තිබෙනවා. (මාලිගාවත්තේ)

-           මේ ලබා දුන් තොරතුරු නිරීක්ෂණ, අධීක්ෂණ සහ පාලනය යන අංශවලට අදාළ වෙන අතර, මේ සමඟම නීතිමය සහ පරිපිලාන ව්‍යුහයට අදාළ අංශ කෙරෙහිත් අවධානය යොමු කරලා තිබෙනවා.

  • මේ සම්බන්ධවත් පියවර කිහිපයක් මේ වන විටත් අරගෙන තිබෙනවා.

(12)      නීති විරෝධී, වාර්තා නොවන සහ අක්‍රමවත් ධීවර කටයුතු මර්ධනය කිරීමට ගනු ලබන පියවර ආශ්‍රයෙන් සැකසූ ජාතික සැලැස්මක් යුරෝපා කොමිසමේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳව ක්‍රියාකරන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත දැනටමත් ඉදිරිපත් කරලා තිබෙනවා.

(13)      යුරෝපා සංගමයේ තහනම ඉවත් කර ගැනීමට ජනවාරි මාසයේ සිට ගනු ලැබූ පියවර අන්තර්ගත ප්‍රගති වාර්තාවක් ද, සමුද්‍ර සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට ලබා දීලා තිබෙනවා.

(14)      මේ වගේම පර්ස් සෙයිනර් යාත්‍රා 8 ක්  ඒ කියන්නේ මේ  මෙම යාත්‍රා මීටර් 24 කට අධික දිගකින් යුතු යාත්‍රා, මෙවැනි යාත්‍රා 8 ක් ලාංකික ධජය යටතේ ධීවර කටයුතුවල යෙදෙමින් තිබුණා. මෙම යාත්‍රා, පෙබරවාරි මස 12 වන දින සිට යාත්‍රා නොකිරීමට තීරණය කරලා තිබෙනවා. එම යාත්‍රාවලට අදාළ බලපත්‍ර අවලංගු කර තිබෙනවා. මෙම යාත්‍රාවල තිබුණු ප්‍රශ්නය තමයි ඒ යාත්‍රා භාවිතා කරන නෙට් වර්ග වලින් මුහුදු කැස්බෑවන්, මෝරු වැනි විශේෂිත ධීවර වර්ග ඒ කියන්නේ  ඉලක්ක නොවන ධීවර වර්ගවලට හානියක් පැමිණෙන බව.

  • යුරෝපා කොමිසමේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, තාක්ෂණික ඇගයීම් කණ්ඩායමක් ඔක්තෝම්බර් මාසයේ ලංකාවට එවීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියන අතර මොවුන් දැනට ශ්‍රී ලංකාව විසින් තහනම ඉවත් කරගැනීමට අදාළව මෙතෙක් ගෙන ඇති පියවර සහ ඉදිරියේ දී ගැනීමට සැලසුම් කරන පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

-          ඔබ දන්නා පරිදි, මෙම ක්‍රියාදාමයන් සම්බන්ධව කටයුතු කරන්නේ මේ අමාත්‍යාංශය නෙවෙයි. මෙම විෂය අදාළ වන්නේ ධීවර කටයුතු අමාත්‍යාංශයට.

-          නමුත් යුරෝපා සංගමටයට අදාළ වන කටයුතු මේකට අදාළ නිසා සහ අපනයන ක්ෂේත්‍රයටසම්බන්ධ කාරණා ඇතුළත් වන නිසා මේ අමාත්‍යාංශයේ ආර්ථික අංශයේ නිලධාරීන් සහඅනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒ වගේම ඇමතිතුමාත් මේ සම්බන්ධව නිරතුරුවම කරුණු සලකා බලමින් ක්‍රියා කරනවා.

-          අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම තහනම පැනවීමෙන් නැතිවූ ආදායම දල වශයෙන් මේ වන විටඇමරිකානු ඩොලර් මිලියන 75 ක් පමණ වෙනවා.

⋆⋆⋆⋆

අදට ලබාදීමට තිබෙන තොරතුරු එපමණයි. මෙම කාරණා පිළිබඳ තොරතුරු මම දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම්.

Remarks in English

Good afternoon friends.

First, I want to apologise for the cancellation of the media briefing which was to be held last Wednesday.

As much as possible, we try to confine our briefings to Wednesdays and avoid scheduling briefings on other days of the week as we assume that adhering to a specific day of the week would be convenient to you.

However, by trying to do this, at times we are faced with scheduling difficulties as a result of various other official engagements and commitments that arise which are beyond our control.

 

I

 

Friends, during the last two briefings held on the 24th of June and thereafter on the 8th of July, we informed you that agrément has been received for 14 of the 33 nominees for Heads of Mission posts.

Today, we have information on a further 5 appointments that have received the concurrence of the respective receiving States and I will read them out to you: (In Alphabetical order of name of country).

  • Mr. A. L. T. Najeemudeen has been appointed as the next Ambassador of Sri Lanka to Afghanistan.

An Attorney-at-Law, Mr.  Najeemudeen has been practising as a Criminal Counsel since 1981. He is also the Vice President of the Zainabiya Ladies Arabic College and the Legal Advisor for the Association for Regaining Community in Polonnaruwa which focuses on social, cultural and educational upliftment in the area.

  • Ms. Yasoja Gunasekera has been appointed as the next High Commissioner of Sri Lanka toBangladesh.

Ms. Yasoja Gunasekera is a member of the Sri Lanka Foreign Service batch of 1996. Her last assignment was as Consul General of Sri Lanka in Guangzhou. She has also served in Sri Lanka’s Missions in India, New York and Washington DC.

  • Mr. Tilak Ranaviraja has been appointed as the next Ambassador of Sri Lanka to France.

As a member of the Sri Lanka Administrative Service, Mr. Ranaviraja has served in several capacities for over 42 years. He has served as Secretary to several ministries including Public Security, Law & Order, Mass Media & Communication, Health as well as Power & Energy. Mr. Ranaviraja was also the Commissioner General of Essential Services in the aftermath of the 2004 tsunami. At present he is the CEO of the Environment Forum of Sri Lanka and functions as a Senior Advisor to the President.

  • Mr. Kandeepan Balasubramaniam has been appointed as the next Ambassador of Sri Lanka to the State of Kuwait.

Mr. Kandeepan is a member of the Sri Lanka Foreign Service batch of 1996. Apart from serving in different capacities in the Ministry, he has served overseas in Sri Lanka’s Missions in the Philippines, the Netherlands and in Egypt. He is currently Consul in the Sri Lanka Consulate in Chengdu.

  • Mr. Tikiri Herath Gunathilake has been appointed as the next High Commissioner of Sri Lanka to the Seychelles. 

A holder of a MSc from the University of Kelaniya, Mr. Gunathilake currently functions as a Head of Department and Senior Lecturer.

The appointments that I just announced have been cleared by the Parliamentary Committee on High Posts as well, which allows the respective Heads of Mission-designate to take up their posts shortly.

Now, the Ministry has seen media reports containing the names of a series of Ambassadors-designate, especially over this past weekend.

As I explained to you at several previous media briefings as well, the Government is required to comply with  the Vienna Convention on Diplomatic Relations of 1961 with regard to announcements relating to Heads of Mission appointments.

As per Article 4(1) of the Convention, such announcements can only be made once the receiving State has granted agrément or acceptance to the sending country’s nominee. This prevents us from commenting on any appointments which are currently awaiting the concurrence of respective receiving States.

II

 

I will now move on to the next issue.

At the briefing that was held on the 8th of July, there were questions raised regarding the status of the EU ban on the export of fishery products from Sri Lanka.

As you know, the ban on the export of fishery products from Sri Lanka to the EU countries came into effect on the 14th of January 2015. The main reason for the ban related to failures to comply with monitoring control and surveillance standards of fishing vessels.

Since the imposition of the ban, several steps have been taken to address the shortcomings that led to the ban. These steps relate to the spheres of compliance, monitoring control and surveillance, as well as legal and administrative aspects.

I will provide you details of some of the steps that have been taken, and the position as at date:

In the area of Compliance in Monitoring, Control and Surveillance,

Ø488 Vessel Monitoring System (VMS) transponders have been fitted on to high seas fishing vessels.  I believe that transponders are required to be fitted onto 1006 remaining vessels as at date.

ØAn observer program has been established with the deployment of 20 trained observers since 2014 and 03 pilot trips have also been undertaken in connection with vessels above 24 metres.

ØIn the area of identification of authorized and active vessels:

A Register of High Seas Fishing licenses is maintained at the National Vessel Registry Unit of the Department of Fisheries and Aquatic Resources (DFAR) and this register is regularly updated and forwarded to the Indian Ocean Tuna Commission (IOTC).

The most recent submission to IOTC was on the 29th of May 2015, and the number of authorized vessels stands at 1389 as of 31st May 2015.

ØAnother area of concern relates to international Call Signs:

It is mandatory that all vessels need to have correct international call signs. Applications for all high sea vessels have been forwarded to the Telecommunication Regulatory Commission (TRC). As at date, only 631 call signs have been issued.

Steps are currently underway to address this issue.

ØIn the area of Gear Marking Regulations:

The fishing gear marking regulations has been approved by the Legal Draftsman’s Department and gazetted as Regulation No. 1904/10 of 3rd March 2015 which is now in force.

The fishing inspectors, officers from the Coast Guard and Navy have been instructed to inspect vessels for compliance of this requirement, and the Department of Fisheries and Aquatic Resources has been educating fishermen on the importance of gear marking regulations through awareness programs which are continuing.  Up to now, over 2000 fishermen have undergone awareness training.

ØOn the requirement for log books:

Log Books have been provided now to all high seas going vessels.

ØMaintaining a list of frequent violators is another requirement.

A register is being maintained by the Department of Fisheries and Aquatic Resources and this is being stringently monitored.  Regarding violations in waters of other flag states by Sri Lankan boats, the approval of the Attorney General’s Department has been obtained to prosecute 4 of the 9 boat owners (44%), who were found guilty of conducting illegal fishing in the British Indian Overseas Territory (BIOT) and the proceedings have begun in the Magistrate’s Court of Kalutara.

ØTraining and awareness programs of Fishery Inspectors:

All related field officers of the Department of Fisheries and Aquatic Resources, the Navy, Coast Guard and Harbour Managers have undergone training on high seas fishing management activities including inspection procedures.

Programs have been held from the 22nd to the 24th of May 2015 at the Kalawewa Training Centre and 146 officers have participated at these training sessions.

ØA Fisheries Monitoring Centre has been set up to monitor and analyse the data received from the transponders.

The areas that I provided information on now relates to compliance in monitoring, control and surveillance. There are also areas related to the legal and administrative framework that require attention.

Several steps have also been taken in this regard.

-A National Plan of Action to counter Illegal, Unreported and Unregulated (IUU) fishing has been submitted to the office of the Director General for Maritime Affairs and Fisheries of the European Commission.

-Progress reports have also been sent to the office of the Director General for Maritime Affairs and Fisheries outlining the steps that have been taken towards revocation of the formal listing of Sri Lanka as a non-cooperating third country under the EU-IUU regulations.

Action has also been taken to delist the 8 purse seiner (large) vessels that were flying the Sri Lankan flag. This had been done on the 12th of February 2015. In future, no Purse seiners (vessels over 24 m in length) will be authorized to fish in the High Seas. The reason for this is that the fishing methods used by these vessels leads to destruction of non-targeted fish species such as sharks and sea turtles as a result of the large walls of netting that are used. 

The office of the Director General for Maritime Affairs and Fisheries in Brussels has expressed interest in sending a technical evaluation mission to Sri Lanka in October to discuss the results of steps taken by Sri Lanka and future steps required to be taken to lift the ban.

The actual dates of the visit and the details are currently being discussed.

A final decision in this regard will be taken by the Ministry of Fisheries and Aquatic Resources which handles this subject.

According to the information that we have obtained, the estimated loss of revenue since the ban was imposed is approximately US$ 75mn. 

Thank you. I will now take any questions that you may have.

Question and Answer

Q:         Ranga from Reuters. You were talking from the loss from EU access- for fishing exports, 75 million is it? From when?

A:         From the date of ban was imposed- from what we have been told.

Q:         What is… how many years?

A:         This year. In January, yes.

Q:        Ramakrishnan, the Hindu. What is a response of your Ministry to the reported observations of former Defence Secretary Mr. Gotabaya Rajapaksa on the Colombo Port City Project. In which in a seminar last week, he has said that he wondered how the present government is facing such pressures from the Indian Government. So, does the Ministry have anything to say on this?

A:        I have only seen media reports of what the former Defence Secretary has said and I don’t think it is our place to comment on his statements. He no longer holds office either, so I don’t think it would be appropriate for us to engage in commenting on his remarks.

Q:         But, is it true that India is pushing Sri Lanka to suspend the China Port City ?

A:         No. It is not true.

Q:       Sulochana from Ceylon Today newspaper. What is the status of Indian fishing issue with Sri Lanka?  With regards to the fishing problems which we face mainly with the Southern part of the India.  What is the latest about that? They were holding some discussions and then it failed.

A:        No, I think on the 31st of May we issued official statement regarding  what happened at the discussions that were held between the fisheries  associations of South India and Sri Lanka and what resulted or what was the outcome of those talks and that stands.  No further consultations have been held between the two Fisheries Associations and no further consultations have been held between the two governments either as at date on the issue.

But, of course, both sides remains seized of the matter, there is constant exchange of information and so on, and I am sure we will have further consultations perhaps once we have a new government.

Q:       Ranga from Reuters again. Any update about Udayanga Weeratunga’s investigations?

A:      There are several investigations. One is the investigation on the issue of having handed over weapons to Ukrainian Nationals. On that issue, we don’t have any further information.  The last information that we provided to you was the update that we had several weeks ago. Nothing has changed since then. The Ukrainian Government has informed us that they are conducting an investigation and that they will share that information with us. So, we still await that information.

Then, there’s the investigation being conducted by the FCID.  And we currently don’t have any information on that, except the  fact, that the FCID has obtained a warrant to examine his heavy baggage container which is at the Colombo Port and from the information that we have it is likely that the container would be opened this week, for examination.

Q:         A lot of propaganda work for the former President who is contesting. And isn’t still are you unable to find why he is doing it and where he is?

A:       You brought to our notice, I think about two weeks ago, that he had posted some information of a tourist promotional brochures that he had held.  We checked on that material and we discovered that that particular roadshow had actually taken place in 2013 in July and although these photographs was posted quite recently this year. I think it was on the  10th July, it I’m not mistaken.  So that is where stands as far as the roadshow is concerned. As far as propaganda in support  of the former President is concerned, that something  that you have to pose to him.

Q:       Ranga again from Reuters again. What’s your comment about the first Sri Lankan SIS member died in Syria? What’s Government’s stand on it? Do you have any idea how many Sri Lankans are engaging in SIS activities? What’s the threat that Sri Lanka is facing with that?

A:       Well, Ranga this is an issue that Sri Lankan security and intelligence services have been seized of, for quite some time now, and they are seized of the matters as I said. There are discussions that take place, exchange of intelligence information, sharing of intelligence information and so on.  It is a continuing process, and as of now, they do not want to share information in public, for obvious reasons, specially, because investigations could be hampered as a result of talking about these things in public. So as a result, they don’t want to.  But, the relevant authorities are seized of the matters, and the relevant political authorities have also been briefed and I am told that they are briefed regularly as well on all these areas in the Security Council, as well.

Q:       How serious is this matter?

A:       That is not a question for me to answer, but perhaps at the appropriate time, they might be able to release information to the public domain.

Q:       Not audible.

A:       I think the media spokesperson of the Police had made a statement in this regard. Yesterday or the day before.

ප්‍රශ්නය:     අයි.ටී.එන්.එකෙන් තිලක්. ධීවර, යුරෝපා සංගමය මඟින් යොදවා ඇති ධීවර තහනම, නිෂ්පාදන අපනයනය සඳහා, තව කොපමණ කාලයකින්..... යයි ද මේක ඉවත් කරගැනීමට?

පිළිතුර:       මම දැන් ඔබට ලබා දුන් තොරතුරු අනුව, අපි ජනවාරි මාසයේ තහනම ක්‍රියාත්මක වුනුදවසේ ඉඳලා ... පියවර කිහිපයක් අරගෙන තිබෙනවා. ඒ වගේම අපි ගන්න පියවරසම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කරලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ යුරෝපාසංගමයේ .... කණ්ඩායමක් ලංකාවට පැමිණෙන්න ඒ ගොල්ලො අදහස් කරනවා කියලාඅපිට දැනුම් දීලා තියෙනවා. මේ දින සම්බන්ධයෙන් ධීවර කටයුතු අමාත්‍යාංශය දැන්සාකච්ඡා පවත්වාගෙන යනවා, ඒ යුරෝපා සංගමයේ කණ්ඩායමත් සමඟ. ඒ කණ්ඩායමලංකාවට පැමිණිවිට, මං හිතන්නේ අපිට අධ්‍යයනයක් කරන්න පුළුවන් වෙයි තව කොච්චරකාලයක් යයි ද කියලා නමුත් මම හිතනවා දැනට අපි අරගෙන තියෙන පියවරසම්බන්ධයෙන්, මට ලැබිලා තියෙන තොරතුරු අනුව යුරෝපා සංගමයේ නිලධාරීන්සෑහීමකට පත්වෙලා තියෙනවා. නමුත් තවත් කරන්න තියෙන කටයුතු හුඟක් තියෙනවා. අරමම කිව්ව විදියට යාත්‍රා සම්බන්ධයෙන් ට්‍රාන්ස්පොන්ඩර්ස් සවිකිරීම සම්බන්ධයෙන්. ඒවගේම නීතිමය ක්‍රියාමාර්ග, පරිපාලන ක්‍රියාමාර්ග රාශියක් තාම ගන්න තිබෙනවා. නමුත්.... හරියටම මං හිතන්නෙ ඔක්තෝබර් මාසයේ මේ නිලධාරි කණ්ඩායම ලංකාවට පැමිණිලාසාකච්ඡා කෙරුවට පස්සේ අධ්‍යයනයක් කරන්න පුළුවන් වේවි තව කොච්චර කාලයක් යයිද  කියලා.

Q:      Russell, from TNL Radio. The Navy Commander recently stated that the territorial waters will be expanded by some 140 nautical miles by 2025. Any major changes on the foreign policy in this regard? Any comments?

A:       No. As far as I am aware, there is a team which is studying this, and we are supposed to make certain submissions to the United Nations and so on. With regard to the expansion of the maritime zone- this is not something that I can answer at this particular point in time.

Q:        Ramakrishnan, again. Last night, your Ministry issued a statement on this nuclear deal that was worked out. How does Sri Lanka stand to gain from this development?

A:        Well… as you know the oil imports from Iran were hampered as a result and our tea exports as well. So as of now, it is difficult to make a clear assessment of how much we would benefit in terms of rupees, cents and dollars. But I am sure, in the coming months, we will be able to probably make an assessment. There are discussions that are already taking place between the US Authorities and Sri Lankan Authorities and so on. So probably, in the coming months, we will be able to make an assessment.

Q:        Iran has been a major source of supply of oil to Sri Lanka…?

A:        Yes, also … they have also been a buyer of Sri Lanka tea.

If there are no other questions, we will wind up for today.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close