Foreign Minister Prof G. L. Peiris calls on the Speaker of the House of Commons

Foreign Minister Prof G. L. Peiris calls on the Speaker of the House of Commons

Foreign Minister Prof. G.L. Peiris called on the Speaker of the House of Commons Sir Lindsay Hoyle on 26 October, 2021.

Minister Prof. Peiris recalling that the Sri Lankan Parliament came into being almost as an exact replica of the Westminster Parliament, stated that Sri Lanka is keen on strengthening of the bonds between the two legislatures. He added that Sri Lanka is considering reforms to its legislative institutions and there is a great deal of discussion on reviving the bicameral legislature that existed prior to 1972. He stated about one-third of the members of the Sri Lankan Parliament are dynamic and energetic MPs below the age of 35.

Minister Prof. Peiris emphasised the need for the strengthening of the committees and more responsibilities being assigned to them. Referring to cooperation in the context of the Commonwealth, he stated that the Commonwealth celebrates diversity and does useful work. Minister Prof. Peiris extended an invitation to Sir Lindsay Hoyle to visit Sri Lanka at a mutually convenient time.

Sir Lindsay agreed that strengthening and empowering of the committees of the Parliament paves the way for proper scrutiny of the work of the Government. As regards the second chamber in a legislature, he opined that the supremacy of the chamber of the elected representatives is important, and the second chamber should not be superfluous. He agreed that the Commonwealth is a family and is about helping each other. Sir Lindsay accepted the invitation to visit Sri Lanka as soon as it is physically possible.

Foreign Ministry

Colombo

28 October, 2021

....................................................

මාධ්‍ය නිවේදනය

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 ඔක්තෝබර් 26 වැනි දින මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බිහි වූයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ අනුරුවක් පරිදි බව සිහිපත් කළ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, දෙරටේ ව්‍යවස්ථාදායක සභා දෙක අතර පවත්නා බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව උනන්දු වන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව සිය ව්‍යවස්ථාදායක ආයතනවල ප්‍රතිසංස්කරණ පිළිබඳව සලකා බලන බවත්, 1972 වර්ෂයට පෙර පැවති ද්විමණ්ඩල ව්‍යවස්ථාදායකය නැවත පණ ගැන්වීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන  බවත් එතුමා පැවසී ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක පමණ පිරිසක් වයස අවුරුදු 35ට අඩු, ක්‍රියාශීලි බවින් යුත් මන්ත්‍රීවරු වන බව ද එතුමා පැවසී ය.

කාරක සභා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සහ ඒවාට වැඩි වගකීම් පැවරීමේ අවශ්‍යතාව අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා අවධාරණය කළේ ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය සන්දර්භය තුළ පවත්නා සහයෝගිතාව පිළිබඳව සඳහන් කළ එතුමා, පොදුරාජ්‍ය මණ්ඩලය විවිධත්වය අගයන බවත් ඵලදායී වැඩවල නිරත වන බවත් ප්‍රකාශ කළේ ය. අන්‍යෝන්‍ය වශයෙන් පහසු වේලාවක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමාට ආරාධනා කළේ ය.

පාර්ලිමේන්තුවේ කාරක සභා ශක්තිමත් කිරීම සහ බලගැන්වීම තුළින් රජයේ වැඩ කටයුතු නිසි ලෙස පරීක්ෂා කිරීම සඳහා මග පාදන බව ශ්‍රීමත් ලින්ඩ්සේ මැතිතුමා එකඟ විය. ව්‍යවස්ථාදායක සභාවක දෙවන සභා ගර්භය ගත් කල, තේරී පත් වූ නියෝජිතයන්ගේ මණ්ඩලයේ උත්තරීතරභාවය වැදගත් වන බවත්, දෙවන සභා ගර්භය පමණ නොඉක්මවිය යුතු බවත් එතුමාගේ මතය විය. පොදුරාජ්‍ය මණ්ඩලය යනු එකම පවුලක් බවත් එය එකිනෙකාට උපකාර කිරීම සඳහා වන සංවිධානයක් බවට ද එතුමා එකඟ විය. පුද්ගලික වශයෙන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස කරන ලද ආරාධනය ශ්‍රීමත් ලින්ඩ්සේ මැතිතුමා පිළිගත්තේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 ඔක්තෝබර් 28 වැනි දින

.....................................................

ஊடக வெளியீடு

 

பொதுமக்கள் அவையின் சபாநாயகருடன் வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல்பீரிஸ் சந்திப்பு

பொதுமக்கள் அவையின் சபாநாயகர் சேர் லிண்ட்சே ஹொய்ல் அவர்களை வெளிநாட்டு அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் 2021 ஒக்டோபர் 26ஆந் திகதி சந்தித்தார்.

வெஸ்ட்மினிஸ்டர் பாராளுமன்றத்தின் பிரதியமைப்பாக இலங்கைப் பாராளுமன்றம் உருவானமையை நினைவுகூர்ந்த அமைச்சர் பேராசிரியர் பீரிஸ், இரண்டு சட்டவாக்க சபைகளுக்கும் இடையிலான பிணைப்புக்களை வலுப்படுத்துவதில் இலங்கை ஆர்வமாக இருப்பதாகத் தெரிவித்தார். தனது சட்டவாக்க நிறுவனங்களில் சீர்திருத்தங்களை மேற்கொள்வது குறித்து இலங்கை பரிசீலனை செய்து வருவதாகவும், 1972ஆம் ஆண்டுக்கு முன்னர் இருந்த இரு அவை கொண்ட சட்டவாக்க முறைமையை மீள நிறுவுதல் தொடர்பில் கலந்துரையாடல்கள் இடம்பெற்று வருவதாகவும் அவர் மேலும் தெரிவித்தார். இலங்கை நாடாளுமன்ற உறுப்பினர்களில் மூன்றில் ஒரு பகுதியினர் 35 வயதிற்குட்பட்ட ஆற்றல் மிகுந்த, சுறுசுறுப்பான நாடாளுமன்ற உறுப்பினர்களாவர் என அவர் மேலும் குறிப்பிட்டார்.

குழுக்களை வலுப்படுத்துதல் மற்றும் அவற்றிற்கு அதிகமான பொறுப்புக்கள் வழங்கப்பட வேண்டியதன் அவசியத்தை அமைச்சர் பேராசிரியர் பீரிஸ் வலியுறுத்தினார். பொதுநலவாய சூழலிலான ஒத்துழைப்பு குறித்து குறிப்பிடுகையில், பொதுநலவாயம் பன்முகத்தன்மையைக் கொண்டாடுவதாகவும், பயனுள்ள பணிகளை மேற்கொண்டு வருவதாகவும் குறிப்பிட்டார். பரஸ்பரம் வசதியான நேரத்தில் இலங்கைக்கு விஜயம் செய்யுமாறு அமைச்சர் பேராசிரியர் பீரிஸ் சேர் லிண்ட்சே ஹொய்ல் அவர்களுக்கு அழைப்பு விடுத்தார்.

பாராளுமன்றக் குழுக்களை வலுப்படுத்துவதும், அவற்றிற்கு அதிகாரமளிப்பதும் அரசாங்கத்தின் பணிகளை முறையாக மேற்கொள்வதற்கு வழி வகுக்கும் என சேர் லிண்ட்சே ஒப்புக்கொண்டார். ஒரு சட்டமன்றத்தின் இரண்டாவது அவையைப் பொறுத்தவரை, தேர்ந்தெடுக்கப்பட்ட பிரதிநிதிகளின் அவையின் மேலாதிக்கம் முக்கியமானது என்றும், இரண்டாவது அவை மிகையானதாக இருக்கக்கூடாது என்றும் அவர் கருத்துத் தெரிவித்தார். பொதுநலவாயம் என்பது ஒரு குடும்பம் என்றும், அது ஒருவருக்கு ஒருவர் உதவிகளை நல்குவதாகவும் என்றும் அவர் ஒப்புக்கொண்டார். பௌதீக ரீதியில் சாத்தியமானவரை விரைவில் இலங்கைக்கு நேரில் விஜயம் செய்வதற்கான அழைப்பை சேர் லின்ட்சே ஏற்றுக்கொண்டார்.

வெளிநாட்டு அமைச்சு,

கொழும்பு

2021 அக்டோபர் 28

Print Friendly, PDF & Email
Please follow and like us:

Close