“Ceylon Tea” showcased at FOODEX Japan 2023

“Ceylon Tea” showcased at FOODEX Japan 2023

The Sri Lanka Tea Board, with the assistance of the Sri Lanka Embassy in Japan, showcased "Ceylon Tea" at the 48th International Food and Beverage Exhibition FOODEX 2023 in Tokyo, which is the leading food & beverage trade show in Asia.  The event had over 2,300 food and beverages-related stalls and attracted close to 100,000 visitors this year.

Ambassador E. Rodney M. Perera declared open the Sri Lanka pavilion with invited guests that included President of Stassen Japan Ltd Kaz Kawasaki and eight Ceylon tea exporters, namely, Jafferjee Brothers, Thalawakale Tea Estate PLC , Stassen Exports (Pvt) Ltd, Ranfur Tea Pvt Ltd/Ceythe Japan Ltd ,  Tea House Pvt Ltd, Origin Tea Exports (Pvt) Ltd, Master Tea and Spices Pvt Ltd and Ceylon Artisanal Tea Association.  The attractive Sri Lanka Tea Board pavilion showcased a variety of tea products that is now getting more exposure in the Japanese market.

All exhibitors had the opportunity to make interactive presentations of their products while engaging in numerous business meetings with the large number of visitors to the Sri Lanka pavilion. The exhibitors were extremely satisfied with the 600+ firm inquiries received from prospective buyers, retailers, supermarkets, department stores, and distributors during the four days of the exhibition.

Embassy of Sri Lanka

Tokyo

16 March 2023

....................

මාධ්‍ය නිවේදනය

ෆුඩෙක්ස් ජපෑන් 2023 ප්‍රදර්ශනයේ දී ‘ලංකා තේ’ ප්‍රදර්ශනය කෙරේ

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහය ලබා ගත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ටෝකියෝ හි පැවති 48 වැනි ෆුඩෙක්ස් 2023- ජාත්‍යන්තර ආහාර පාන ප්‍රදර්ශනය අතරතුර ‘ලංකා තේ’ ප්‍රදර්ශනය කළේ ය. මෙය ආසියාවේ ප්‍රමුඛතම ආහාර පාන වෙළඳ ප්‍රදර්ශනය වේ. ආහාර පාන ආශ්‍රිත ප්‍රදර්ශන කුටි 2,300කට අධික ප්‍රමාණයක් මෙහි සකස් කර තිබූ අතර නරඹන්නන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මෙවර ඊට ආකර්ෂණය විය.

තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා ආරාධිත අමුත්තන් සමඟින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කළේ ය. ස්ටැසන් ජපෑන් සමාගමේ සභාපති කාස් කවසාකි මහතා සහ ලංකා තේ අපනයනය කරන සමාගම් 8ක් වන ජැෆර්ජී බ්‍රදර්ස්, සීමාසහිත තලවකැලේ තේ වතු සමාගම, ස්ටැසන් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, රන්ෆූර් සමාගම, සීතේ සමාගම, ටී හවුස් පුද්ගලික සමාගම, සීමාසහිත ඔරිජින් ටී ඒක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම, සීමාසහිත මාස්ටර් ටී ඇන්ඩ් ස්පයිසස් පුද්ගලික සමාගම සහ සිලෝන් ආර්ටිසනල් ටී සංගමය යන සමාගම් නියෝජනය කරමින් ආරාධිත අමුත්තෝ ඊට සහභගී වූහ. ජපාන වෙළඳපොළ තුළ ව්‍යාප්ත වෙමින් පවතින විවිධ තේ නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ආකර්ෂණීය කුටියේ දී විදහා දැක්විණි.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට පැමිණි විශාල අමුත්තන් සංඛ්‍යාවක් සමඟ ව්‍යාපාරික රැස්වීම් රැසක නිරත වීමේ අවස්ථාව සහ තම නිෂ්පාදන පිළිබඳ අන්තර්ක්‍රියාකාරී ඉදිරිපත් සිදු කිරීමේ අවස්ථාව ද සියලුම ප්‍රදර්කයන්ට මෙහිදී හිමි විය. දින හතරක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශනය අතරතුර අනාගත ගැනුම්කරුවන්, සිල්ලර වෙළෙන්දන්, සුපිරි වෙළඳසැල්, වෙළඳ ගබඩා සහ බෙදාහරින්නන් යොමු කළ 600කට අධික විමසීම් හේතුවෙන් ප්‍රදර්ශකයන් ඉමහත් තෘප්තියට පැමිණිය හ.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2023 මාර්තු 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close