Sri Lanka stresses importance of relations with Japan

Sri Lanka stresses importance of relations with Japan

Minister of Foreign Affairs Prof. G.L. Peiris met the Vice Minister for Foreign Affairs of Japan, the Minister for Foreign and Commonwealth Affairs of the UK and the Ambassadors/ Permanent Representatives of the United States, Canada, India and France, on the sidelines of the 50th session of the Human Rights Council.

During the bilateral meeting with Miyake Shingo, Parliamentary Vice Minister for Foreign Affairs of Japan, the Foreign Minister referred to the longstanding and mutually supportive friendship between the two countries and observed that the relationship with Japan is vital for Sri Lanka. He noted that, over the decades, Japan has been a close partner of Sri Lanka, and expressed appreciation for the assistance provided, particularly in the areas of skills development, computer technology, the construction of the Sri Jayawardenepura Hospital, assistance to the Rupavahini Corporation, the significant assistance provided recently for medical and pharmaceutical items, as well as Japan’s supportive stance on Sri Lanka. He also recalled the support extended by Sri Lanka to Japan at the San Francisco Conference at the conclusion of World War II. Sri Lanka wished to expand cooperation with Japan in the areas of digitalization, carbon credit, and ocean related activities including coast conservation, fisheries and global warming. Reference was also made to exploring cooperation in areas coming under the purview of the World Trade Organisation.

The Parliamentary Vice Minister for Foreign Affairs of Japan noted that Japan, too, wished to deepen and strengthen cooperation with Sri Lanka in international fora. He added that Sri Lanka and Japan were marking the 70th anniversary of diplomatic relations between the two countries, and expressed the hope that long before the 100 year celebration, the relations between the two countries would be elevated to an even higher level. He expressed interest in furthering cooperation with Sri Lanka in the areas mentioned.

At the meeting with the Ambassador / Permanent Representative of the USA to the Human Rights Council, Ms. Michele Taylor, the Foreign Minister explained the issues faced by Sri Lanka, and the socio-economic situation in the country.

Meeting Lord Ahmed of Wimbledon, Minister for South Asia, North Africa, the United Nations and the Commonwealth at the Foreign, Commonwealth & Development Office, the Foreign Minister discussed the upcoming Commonwealth Summit to be held in Kigali, Rwanda. The Foreign Minister observed that Sri Lanka considered the Commonwealth as an institution that can do much good in the present context. He also briefed Lord Ahmed on the situation in the country.

The Foreign Minister also had bilateral meetings with Ambassador Indra Mani Pandey, Permanent Representative of India, Ambassador Jérôme Bonnafont, Permanent Representative of France and Ambassador Leslie E. Norton, Permanent Representative of Canada.

Ministry of Foreign Affairs

Colombo

16 June, 2022

...................................................

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා සබඳතාවල වැදගත්කම අවධාරණය කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරයට සමගාමීව ජපානයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා, එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල තානාපතිවරුන් / නිත්‍ය නියෝජිතයන් හමුවිය.

ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය මියාකේ ශින්ගෝ මැතිතුමා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී, දෙරට අතර පවතින දිගුකාලීන අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ජපානය සමඟ පවත්නා සබඳතාව ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බව සඳහන් කළේ ය. දශක ගණනාවක් මුළුල්ලේ ජපානය ශ්‍රී ලංකාවේ සමීප හවුල්කරුවෙකු ලෙස කටයුතු කොට ඇති බව සඳහන් කළ එතුමා, විශේෂයෙන් නිපුණතා සංවර්ධනය, පරිගණක තාක්ෂණය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිකිරීම, රූපවාහිනී සංස්ථාවට ලබා දුන් සහය, වෛද්‍ය උපකරණ සහ ඖෂධ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජපානය මෑතක දී ලබා දුන් සුවිශේෂී සහය මෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය විදහා දක්වන සහයෝගීශීලී ස්ථාවරය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේ ය. දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ දී සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේ දී ශ්‍රී ලංකාව ජපානයට ලබා දුන් සහයෝගය ද එතුමා සිහිපත් කළේ ය. ඩිජිටල්කරණය, කාබන් බලපත්‍රය, වෙරළ සංරක්ෂණය, ධීවර කර්මාන්තය සහ ගෝලීය උණුසුම ඇතුළු සාගර ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජපානය සමඟ පවත්නා සහයෝගීතාව පුළුල් කිරීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ලෝක වෙළඳ සංවිධානයේ විෂය පථයට අයත් ක්ෂේත්‍ර ආශ්‍රිත සහයෝගීතාව ගවේෂණය කිරීම පිළිබඳව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙහිදී සිය අදහස් පළ කළ ජපාන විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍යවරයා, ජපානය ද ජාත්‍යන්තර සංසද හමුවේ ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් සපිරෙන බවත්, සියවස සැමරීමට පෙර දෙරට අතර පවත්නා සබඳතා තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එතුමා වැඩිදුරටත් පැවසී ය. සඳහන් කරන ලද ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ පවත්නා සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇති කැමැත්ත ද එතුමා මෙහිදී පළ කළේ ය.

විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති / නිත්‍ය නියෝජිත මිචෙල් ටේලර් මහත්මිය සමඟ පැවැත්වූ හමුවේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලු සහ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය.

විදේශීය, පොදු රාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ දී  දකුණු ආසියාව, උතුරු අප්‍රිකාව, එක්සත් ජාතීන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍ය විම්බල්ඩන් හි අහමඩ් සාමිවරයා හමු වූ විදේශ අමාත්‍යවරයා, රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව පිළිබඳව සාකච්ඡා කළේ ය. වත්මන් පසුබිම තුළ බොහෝ යහපත් දේ කළ හැකි ආයතනයක් ලෙස ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සලකන බව විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, එතුමා මෙරට වත්මන් තත්ත්වය පිළිබඳව ද අහමඩ් සාමිවරයා දැනුම්වත් කළේ ය.

විදේශ අමාත්‍යවරයා ඉන්දීය නිත්‍ය නියෝජිත හා තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මැතිතුමා, ප්‍රංශයේ නිත්‍ය නියෝජිත හා තානාපති ජෙරොම් බොනෆොන්ට් මැතිතුමා සහ කැනඩාවේ නිත්‍ය නියෝජිත හා තානාපති ලෙස්ලි ඊ. නෝර්ටන් මැතිතුමා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජුනි 16 වැනි දින

...............................................

ஊடக வெளியீடு

 ஜப்பானுடனான உறவுகளின் முக்கியத்துவத்தை இலங்கை வலியுறுத்தல்

மனித உரிமைகள் பேரவையின் 50வது அமர்வின் பக்க அம்சமாக, வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் பேராசிரியர் ஜி.எல். பீரிஸ், ஜப்பானின் வெளிவிவகார பிரதி அமைச்சர், பிரித்தானிய வெளிவிவகார மற்றும் பொதுநலவாய  விவகார அமைச்சர் மற்றும் ஐக்கிய அமெரிக்கா, கனடா, இந்தியா மற்றும் பிரான்ஸ் ஆகிய நாடுகளின் தூதுவர்கள் ஃ நிரந்தரப் பிரதிநிதிகளை சந்தித்தார்.

ஜப்பானின் வெளிவிவகாரங்களுக்கான பாராளுமன்ற துணை அமைச்சர் மியாகே ஷிங்கோவுடனான இருதரப்பு  சந்திப்பின் போது, இரு நாடுகளுக்கும் இடையிலான நீண்டகால மற்றும் பரஸ்பரம் ஆதரவான நட்புறவைக் குறிப்பிட்ட வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், ஜப்பானுடனான உறவு இலங்கைக்கு இன்றியமையாதது என்பதை சுட்டிக்காட்டினார். பல தசாப்தங்களாக, ஜப்பான் இலங்கையின் நெருங்கிய பங்காளியாக இருந்து வருவதாகவும், குறிப்பாக திறன் அபிவிருத்தி, கணினித் தொழில்நுட்பம், ஸ்ரீ ஜயவர்தனபுர வைத்தியசாலையின் நிர்மாணம், ரூபவாஹினி கூட்டுத்தாபனத்திற்கான உதவிகள், மருத்துவம் மற்றும் மருந்துப் பொருட்களுக்கு அண்மையில் வழங்கப்பட்ட குறிப்பிடத்தக்க உதவிகள், அத்துடன் இலங்கைக்கான ஜப்பானின் ஆதரவான நிலைப்பாடு போன்றவற்றில் நல்கப்பட்ட ஆதரரவுகளுக்கு பாராட்டுக்களைத் தெரிவித்தார். இரண்டாம் உலகப் போரின் முடிவில் சான்பிரான்சிஸ்கோ மாநாட்டில் ஜப்பானுக்கு இலங்கை வழங்கிய ஆதரவையும் அவர் நினைவு கூர்ந்தார். டிஜிட்டல் மயமாக்கல், கார்பன் கடன் மற்றும் கடலோரப் பாதுகாப்பு, மீன்பிடி மற்றும் புவி வெப்பமடைதல் உள்ளிட்ட கடல் தொடர்பான நடவடிக்கைகளில் ஜப்பானுடனான ஒத்துழைப்பை விரிவுபடுத்த இலங்கை விரும்புவதாக அவர் சுட்டிக்காட்டினார். உலக வர்த்தக அமைப்பின் கீழ் வரும் பகுதிகளில் ஒத்துழைப்பை ஆராய்வது குறித்தும் இதன்போது கலந்துரையாடப்பட்டது.

சர்வதேச அரங்குகளில் இலங்கையுடனான ஒத்துழைப்பை ஆழப்படுத்தி, பலப்படுத்துவதற்கு ஜப்பானும் விரும்புவதாக ஜப்பானின் வெளிவிவகாரங்களுக்கான பாராளுமன்ற பிரதி அமைச்சர் குறிப்பிட்டார். இரு நாடுகளுக்கும் இடையிலான இராஜதந்திர உறவுகளின் 70வது ஆண்டு நிறைவை இலங்கையும், ஜப்பானும் கொண்டாடுவதாகவும், 100 ஆண்டு கொண்டாட்டத்திற்கு நீண்ட காலத்திற்கு முன்பே, இரு நாடுகளுக்கும் இடையிலான உறவுகள் இன்னும் உயர் மட்டத்திற்கு உயர்த்தப்படும் என்றும் அவர் நம்பிக்கை தெரிவித்தார். குறிப்பிடப்பட்டுள்ள துறைகளில் இலங்கையுடனான ஒத்துழைப்பை மேலும் அதிகரிப்பதற்கு அவர் விருப்பம் தெரிவித்தார்.

மனித உரிமைகள் பேரவைக்கான அமெரிக்காவின் தூதுவர்ஃநிரந்தரப் பிரதிநிதி திருமதி மிஷேல் டெய்லருடன் இடம்பெற்ற சந்திப்பில், வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், இலங்கை எதிர்கொள்ளும் பிரச்சினைகள் மற்றும் நாட்டின் சமூகப் பொருளாதார நிலைமைகள் குறித்து விளக்கமளித்தார்.

தெற்காசியா, வட ஆபிரிக்கா, ஐக்கிய நாடுகள் மற்றும் பொதுநலவாய அமைச்சர் விம்பிள்டன் பிரபு அஹமத் அவர்களை, வெளியுறவு, பொதுநலவாய மற்றும் அபிவிருத்தி அலுவலகத்தில் சந்தித்த வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், ருவாண்டாவின் கிகாலியில் நடைபெறவுள்ள பொதுநலவாய உச்சி மாநாடு குறித்து கலந்துரையாடினார். தற்போதைய சூழலில் பல நன்மைகளை செய்யக்கூடிய ஒரு நிறுவனமாக பொதுநலவாய அமைப்பை இலங்கை கருதுவதாக வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் குறிப்பிட்டார். நாட்டின் நிலைமை குறித்தும் அவர் அஹமத் பிரபுவிடம் விளக்கினார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சர், இந்தியாவின் நிரந்தரப் பிரதிநிதி தூதுவர் இந்திராமணி பாண்டே, பிரான்ஸின் நிரந்தரப் பிரதிநிதி தூதுவர் ஜெரோம் பொன்னபோன்ட் மற்றும் கனடாவின் நிரந்தரப் பிரதிநிதி தூதுவர் லெஸ்லி இ. நார்டன் ஆகியோரையும் சந்தித்து இருதரப்பு சந்திப்புகளை மேற்கொண்டார்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 ஜூன் 16

Print Friendly, PDF & Email
Please follow and like us:

Close