​Bangladesh donates medical supplies to Sri Lanka

​Bangladesh donates medical supplies to Sri Lanka

The Government of Bangladesh has donated medical supplies to the people of Sri Lanka at the request of the Sri Lankan Government at a simple ceremony held at the State Guest House Padma in Dhaka on 5 May​,​ 2022. The urgent medical supplies provided are valued at BDT 200 million which is equivalent to USD 2.32 million.

The donation was handed over to the High Commissioner of Sri Lanka in Dhaka Professor Sudharshan Seneviratne by the Government of Bangladesh in the presence of the Foreign Minister of Bangladesh Dr A​.​ K​. ​Abdul Momen, Health Minister Zahid Maleque and the President of the Bangladesh Association of Pharmaceutical Industries (BAPI) Nazmul Hassan, MP.

Also present at the ceremony were the Foreign Secretary of Bangladesh Ambassador Masud Bin Momen, Director General of Health Prof Dr Abul Bashar, Director General of Drugs Major General Md Mahbubur Rahman, officials of the Bangladesh Foreign Ministry and officials of the High Commission of Sri Lanka in Bangladesh. The medical supplies will be transported by SriLankan Airlines which operates daily flights in the Dhaka-Colombo sector.

The goodwill gesture is significant of the long standing bilateral relations, as Sri Lanka and Bangladesh commemorate the 50th anniversary of diplomatic relations this year.

High Commission of Sri Lanka

Dhaka

5 May, 2022

................................................

මාධ්‍ය නිවේදනය

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රජය යොමු කළ ඉල්ලීමකට අනුව, 2022 මැයි 05 වැනි දින ඩකා නුවර පිහිටි පද්මා රාජ්‍ය සංචාරක මන්දිරයේ පැවති චාම් උත්සවයක දී බංග්ලාදේශ රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙලෙස පරිත්‍යාග කරන ලද වෛද්‍ය සැපයුම් තොගය බංග්ලාදේශ ටකා 200 ක වටිනාකමින් යුක්ත වන අතර, එය ඇ. ඩො. මි. 2.32 කට සමාන වේ.

බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය සහිඩ් මලේක් මැතිතුමා සහ බංග්ලාදේශ ඖෂධ කර්මාන්ත සංගමයේ (BAPI)  සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී  නස්මුල් හසන් මැතිතුමා ඉදිරියේ බංග්ලාදේශ රජය විසින් ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මැතිතුමා වෙත මෙම පරිත්‍යාගය භාර දෙන ලදී.

බංග්ලාදේශයේ විදේශ ලේකම් මසුඩ් බින් මොමන් මහතා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අබුල් බෂාර් මහතා, ඖෂධ පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් මොහොමඩ් මහබුබර් රහ්මාන් මහතා, බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. මෙම වෛද්‍ය සැපයුම් තොගය ඩකා-කොළඹ දක්වා දෛනිකව ක්‍රියාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ප්‍රවාහනය කරනු ලැබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 50 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරන බැවින්, මෙම කර්තව්‍ය දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ඩකා

2022 මැයි 05 වැනි දින

​....................................................​

 ஊடக வெளியீடு

  பங்களாதேஷ் இலங்கைக்கு மருத்துவப் பொருட்களை நன்கொடை

2022 மே 05ஆந் திகதி டாக்காவில் உள்ள அரச விருந்தினர் மாளிகை பத்மாவில் எளிமையான முறையில் நடைபெற்ற விழாவில், இலங்கை அரசின் வேண்டுகோளின் பேரில் பங்களாதேஷ் அரசாங்கம் இலங்கை மக்களுக்கு மருத்துவப் பொருட்களை நன்கொடையாக வழங்கியது. வழங்கப்பட்ட அவசர மருத்துவப் பொருட்கள் 2.32 மில்லியன் அமெரிக்க டொலர்களுக்குச் சமமான பங்களாதேஷ் டக்கா 200 மில்லியன் பெறுமதியானவையாகும்.

பங்களாதேஷின் வெளிவிவகார அமைச்சர் கலாநிதி ஏ.கே. அப்துல் மொமன், சுகாதார அமைச்சர் ஸாஹிட் மாலேக் மற்றும் பங்களாதேஷ் மருந்துத் தொழில் சங்கத்தின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் நஸ்முல் ஹசன் ஆகியோரின் முன்னிலையில் பங்களாதேஷ் அரசாங்கத்தினால் டாக்காவில் உள்ள இலங்கை உயர்ஸ்தானிகர் பேராசிரியர் சுதர்சன் செனவிரத்னவிடம் இந்த நன்கொடை கையளிக்கப்பட்டது.

பங்களாதேஷின் வெளிவிவகாரச் செயலாளர் மசூத் பின் மொமென், சுகாதாரப் பணிப்பாளர் நாயகம் பேராசிரியர் கலாநிதி. அபுல் பஷார், மருந்துப் பிரிவின் பணிப்பாளர் நாயகம் மேஜர் ஜெனரல் எம்.டி. மஹ்புபுர் ரஹ்மான், பங்களாதேஷ் வெளிவிவகார அமைச்சின் அதிகாரிகள் மற்றும் பங்களாதேஷில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலய அதிகாரிகளும் இவ் வைபவத்தில் கலந்துகொண்டனர். டாக்கா - கொழும்பு பிரிவில் நாளாந்தம் விமானங்களை இயக்கும் ஸ்ரீலங்கன் எயார்லைன்ஸ் மூலம் மருத்துவப் பொருட்கள் கொண்டு செல்லப்படும்.

இலங்கை மற்றும் பங்களாதேஷ் இராஜதந்திர உறவுகளின் 50வது ஆண்டு நிறைவு இந்த ஆண்டு நினைவுகூரப்படுகின்றமையினால், நீண்டகால இருதரப்பு உறவுகளில் இந்த நல்லெண்ண சைகை குறிப்பிடத்தக்க ஒன்றாகும்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்

டாக்கா

2022 மே 05​

Print Friendly, PDF & Email
Please follow and like us:

Close