Wednesday, January 17, 2018
   
Text Size

Clarification on the Generalized System of Preferences (GSP) Program of the United States of America

The United States’ Generalized System of Preferences (GSP) provides duty-free treatment to goods of 120 designated beneficiary countries and territories[1]. The program was authorized by the Trade Act of 1974 to promote economic growth in the developing countries, and was implemented on January 1, 1976.  The GSP expires periodically, and must be renewed by the US Congress to remain in effect. The 2015 GSP reauthorization (H.R. 1295) will expire on December 31, 2017. The US Congress has not re-authorized its renewal before adjourning for the year 2017. Therefore, the GSP program will expire on December 31, 2017, and all those importing GSP eligible goods to the USA, from Sri Lanka as well as all other beneficiary countries and territories will be subject to non-preferential duties from January 1, 2018.

This is not the first occasion on which the GSP reauthorization by the US Congress has been delayed. However, whenever GSP renewals eventually took effect after similar lapses, on previous occasions, a retroactive clause providing refunds to importers of eligible goods imported during the lapse period, has been incorporated.

The US economy is the largest single destination for Sri Lankan exports, accounting for more than 27.5 per cent of Sri Lanka’s exports. In 2016, out of total export earnings that amounted to USD 10.3 billion, exports to the US were USD 2.8 billion. In the first 10 months of 2017, exports to the US amounted to USD 2.4 billion.

At present, nearly 3,500 different products from Sri Lanka are eligible to access the US market on a duty free basis under this program. The items include selected manufactured items, inputs used in manufacturing jewellery, carpets, selected agricultural and fishery products, and selected types of chemicals, minerals and marble. However, Sri Lanka’s largest single export item to the US, which is garments, is not eligible for benefits under the GSP program.

The GSP alliance countries, including Sri Lanka, are lobbying for the renewal of the GSP program, and remain hopeful that the program will be renewed by the US Congress.

 

 

Ministry of Foreign Affairs
Colombo
29 December 2017

PDF Document
Sinhala PDF Document




[1] https://ustr.gov/sites/default/files/gsp/Beneficiary%20countries%20March%202017.pdf  

* * * 

Sinhala Text

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන පිළිබඳ

කරුණු පැහැදිලි කිරීම

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන යටතේ, නම් කරනු ලැබූ ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ 120 කට තීරු බදු රහිතව එරටට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමිවේ.[1] සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 1974 වෙළෙඳ පනත මගින් මෙම වැඩසටහන බලාත්මක කරනු ලැබූ අතර 1976 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මකවීම ඇරඹිණි. මෙම පොදු වරණීය ක්‍රමය කාලාන්තරව කල් ඉකුත් වන අතර එය ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් එය යළි බලාත්මක කළ යුතු වේ. ඒ අනුව 2015 වසරේදී කරනු ලැබූ බලාත්මක කිරීම (එච්.ආර්. 1295) 2017 දෙසැම්බර් මස 31 වැනිදා කල් ඉකුත් වෙයි. 2017 වසර සඳහා කොංග්‍රස් මණ්ඩලය කල් තැබීමට පෙර එය පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කොට නැත. එබැවින් 2017 දෙසැම්බර් 31 වැනි දින එම වැඩසටහන කල් ඉකුත් වන අතර, එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු සියලුම ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරනු ලබන අදාල භාණ්ඩ 2018 ජනවාරි 01 වැනිදා සිට වරණීය නොවන තීරු බදුවලට යටත් වනු ඇත.    

 

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයෙන් පොදු වරණීය ක්‍රමය යළි බලාත්මක කිරීම පමාවූ පළමුවැනි අවස්ථාව මෙය නොවේ. කෙසේවුවද, මීට පෙර අවස්ථාවන්වලදී, මෙවැනි පමා වීමකින් පසුව වරණීය වැඩසටහන යළි ක්‍රියාත්මක වූ විට, එසේ පමා වූ කාලය තුළ අපනයනය කරනු ලැබූ අදාල භාණ්ඩ වෙනුවෙන් අය කළ තීරුබදු, ආනයනකරුවන්ට නැවත ගෙවීම පිණිස අතීතයට බලපාන ආකාරයේ වගන්තියක් ඊට ඇතුළත් කොට තිබේ. 

 

ශ්‍රී ලංකාවේ තනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අපනයනවලින් සියයට 27.5 කටත් වඩා ප්‍රමාණයක් අපනයනය කෙරෙයි.  2016 දී ශ්‍රී ලංකාව සිය අපනයනවලින් ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 10.3 ක මුළු ආදායමෙන් ඩොලර් බිලියන 2.8 ක් උපයා ගනු ලැබූයේ එක්සත් ජනපදයට කළ අපනයනවලිනි. 2017 වසරේ පළමුවැනි මාස 10 තුළ එක්සත් ජනපදයට කළ අපනයනවල වටිනාකම ඩොලර් බිලියන 2.4 ක් විය. 

 

දැනට, මෙම වැඩසටහන යටතේ භාණ්ඩ වර්ග 3,500 කට ආසන්න සංඛ්‍යාවක් තීරුබදු රහිතව එක්සත් ජනපද වෙළෙඳපොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකිය. තෝරාගත් නිෂ්පාදිත අයිතම, ස්වර්ණාභරණ නිෂ්පාදනයේදී භාවිතා කෙරෙන අමුද්‍රව්‍ය, බුමුතුරුණු, තෝරාගත් කෘෂිකාර්මික සහ මත්ස්‍ය නිෂ්පාදන, සහ තෝරාගත් රසායනික ද්‍රව්‍ය, ඛනිජ ද්‍රව්‍ය හා කිරිගරුඬ පාෂාණ මෙම භාණ්ඩ අතර වෙයි. කෙසේවුවද, ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට යැවෙන විශාලතම තනි අපනයන භාණ්ඩය වන ඇඟලුම් මෙම වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභවලට හිමිකම් නොකියයි.

ශ්‍රී ලංකාවද ඇතුළුව, පොදු වරණීය ක්‍රම වැඩසටහනේ ප්‍රතිලාභ ලබන රටවල් සමූහය, එම වැඩසටහන යළි බලාත්මක කරවා ගැනීම සඳහා ප්‍රයත්න දරන අතර, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එය යළි බලාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් පසුවෙයි. 

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2017 දෙසැම්බර් 29 වැනිදා


missionnews

indday2017

newsfromom2

Human Rights Action Plan

logoHR

Open Government Partnership

OGPicon

Right to Information

ria-image
                               
                 Click Here to Read More...


   fbtwitter-logo youtubeicon instagram sunclouds

     irb

Important Links

            HEweb
pmweb1
news gov.info
travel tourism
business financial
defence immigration

announcements

Gov20151GICnewslk2015SLTPB

AASL

cbsl-2013BOI2015

UNHRC AND HUMAN RIGHTS

UNHRC20151

ONUR

scrm

DOCUMENTS

v2025english

visionbutton-sin        visionbutton-tam

maithri-en-manifesto
S-Button20-1-2015  T-Button20-1-2015

Sri Lanka Missions Overseas

Lakshman Kadirgamar Institute

lkiirss_logob1  b2

b3


Downloads

natanthemsin

natanthemtam

na2

na3

musical-score

BIDTI

BIDTI_logo

NEWS FROM OTHER GOVERNMENT INSTITUTIONS

Bid Notices

Bid-MinRuralEconomy

RFP-Proposal

RDA
Higher_Education__Highways_3

Ministry_of_Health1

Bid_Norice1